බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වය නම් මා කළ යුත්තේ කුමක් ද?. ජනපති හාර්වඩ්  විශ්වවිද්‍යාල පර්යේක්ෂකයන්ගෙන් අසයි…

by editor
මාර්තු 26, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව සහ සමස්ත ක්‍රමයම තර්ජනයට ලක්ව තිබූ අවස්ථාවක පුද්ගලයින්   දෙදෙනෙක්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බවත්  රජයේ කාර්යාල, අගමැති කාර්යාලය අත්පත් කරගෙන පාර්ලිමේන්තුවට දෙසට යමින් සිටින පිරිසක් හඳුවන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යාන්තර සමාජ පර්යේක්ෂයන්ගෙන් විමසයි.

ජනාධිපතිවරය  මේ විමසීම කරන්නේ   පසුගිය 24 දා  හාවඩ් විශ්වවිද්‍යාලයේ  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ   මධ්‍යස්ථානය   විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට    සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

හාවඩ් විශ්වවිද්‍යාලයේ , ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ   මධ්‍යස්ථානයෙහි   මහාචාර්ය තරුන් ඛන්නා සහ මහාචාර්ය අසිම් කව්ජාට විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සංවාදයට එක් වූයේය.

 එහිදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේක්ෂකයින්  ඇසූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා විසින් ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

 ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදනය  9%කින් අඩු වුණා. බොහෝ නිරීක්ෂකයන් පවසන්නේ ඒය නැවත 6%කින් අඩු වනු ඇති බවය. පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය අඩු වුනේ නැහැ. මෙවැනි පසුබිමක ශ්‍රී ලාංකිකයන් ඔබේ භාරකාරත්වය විශ්වාස කළ යුත්තේ ඇයි?

පිළිතුර

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය තවදුරටත් අවශ්‍ය බව මා දිගින් දිගටම කියා සිටියා. මම 2020 දී ඒවකට ජනාධිපතිවරයාට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා කිව්වා. එමෙන්ම 2021 දී කඩිනමින් IMF වෙත යන්න කියලා ප්‍රකාශ කළා. නමුත් එහෙම වුණේ නැහැ.

ආර්ථිකයේ සෘණ වර්ධනයක් තිබු 2002 වසරේ මම අගමැති ලෙස කටයුතු කරමින් එය ධන වර්ධනයක් සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කළා. 2015 දී අපි නැවත බලයට එන විට අපට ආර්ථික ප්‍රශ්න තිබුණා. නමුත් 2016 සිට 2018 දක්වා වන විට  ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා.

මෙම වැඩපිළිවෙළ අපි  අඛණ්ඩව පවත්වාගෙන ගියා නම් මෙම ආර්ථික ප්‍රශ්නයට මුහුණදීමට සිදු වන්නේ නැහැ. එබැවින් මෙම ආර්ථික ප්‍රශ්නය විසඳිය හැකි එකම කෙනා ලෙස ජනතාව මා පිළිබඳ විශ්වාසය තැබුවා.  අනෙක් කාරණය තමයි රට වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමට තිබෙනව බව මම සිතුවා. ඒ නිසයි මම මේ වගකීම භාරගත්තේ.

රට භාර ගැනීමට මට ආරාධනා කිරීමට පෙර එවකට සිටි ජනාධිපතිවරයා විපක්ෂයට එම ආරාධනාව සිදු කළා. නමුත් විපක්ෂය එම කාර්යය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. කවුරුත් ඉදිරිපත් නොවු අවස්ථාවක එම අභියෝගය භාරගත් මම ප්‍රතිඵල පෙන්වා ඇති බවැන් ජනතාව මා සමඟ කටයුතු කරයි කියලා විශ්වාස කරනවා.

ප්‍රශ්නය –

IMF සමග කටයුතු කරන  රටවලට බොහෝ දුෂ්කර තත්ත්වයන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. උදාහරණයක් ලෙස රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම කිරීම සළකා බැලුවොත් ජනතාවට පීඩාවක් නොවන ලෙස ඔබ එය හසුරා ගන්නේ කෙසේ ද කියා මම දැන ගැනීමට කැමතියි.

පිළිතුර

රාජ්‍ය ව්‍යවසාය ප්‍රශ්නයක්. ඒවා කාර්යක්ෂම නැහැ. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය සහ අපේ ගුවන් සේවා වැනි ඇතැම් ආයතනවලට සහනාධාර ලබා දීමට අප වැය කළ මුදල අදාළ කාලය තුළ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට  වැය කළ මුළු මුදලට වඩා වැඩියි.

රාජ්‍යය තවදුරටත් රාජ්‍ය ව්‍යවසායන් සඳහා සහනාධාර නොදෙන ප්‍රතිපත්තියකට අපි යොමුව තිබෙනවා වගේම  රජය ව්‍යාපාරයෙන් ඉවත් විය යුතු බව අපගේ ස්ථාවරයයි. ව්‍යාපාර සිදු කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශය දිරි ගන්වනවා.

ප්‍රශ්නය

ඔබ සදහන් කරන විශාල සමාජ ආරක්ෂණ වැඩසටහන් මොනවාද? එමගින් දුප්පතුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේද? මේ වන විට යම් යම් ගැටලු ප්‍රකාශ කරන අය ඒවා පිළිගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට හැඟීමක් තිබෙනවාද?

පිළිතුර

අද අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28කට සහල් කිලෝග්‍රෑම් 20 බැගින් රජය නොමිලේ ලබා දෙනවා. සමාජ ආරක්ෂණ ජාලය ප්‍රතිව්‍යහුගත කරමින් තිබෙනවා.

මොකද සමාජ ආරක්ෂණ ජාලයෙන්  ප්‍රතිලාභ ලැබිය යුතු පිරිසෙන් 30- 40% කට වරප්‍රසාද හිමි නොවන බව අපට පෙනී ගියා. ඔවුන් සමාජ ආරක්ෂණ ජාලයට ඇතුළත් නොවුනද අනිවාර්යයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු කණ්ඩායමක්. ඒ වගේම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදලින් නිසි ප්‍රතිඵල ලැබෙන බව සහතික කළ යුතුයි.

අපි සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වියදම් කරන සෑම රුපියලකම උපරිම ප්‍රතිලාභය අප සතු බව සහතික කළ යුතුයි. මෙම කරුණු කෙරෙහි මේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙනවා. මූල්‍ය දුෂ්කරතාවලට ලක්ව ඇති ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන සැලසිය හැකි ආකාරය පිළිබඳ බැංකු සමග සාකච්ඡා කරන අතර රැකියා අහිමි වූ පිරිසට නැවත රැකියා ලබා දීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

අප මුහුණ දී සිටින මෙම දුෂ්කර කාලසීමාවේ එය පහසු කාර්යයක් නොවන බව මම පිළිගන්නවා. එක වේලක් මගහරින පවුල් අද රටේ සිටින බව අප අමතක නොකළ යුතුයි.

ඩොලරය සඳහා විනිමය අනුපාතිකය එක රැයකින් 185 සිට 385 දක්වා ඉහළ යාම හමුවේ අපි සියලු දෙනාට දැඩි දුෂ්කරතාවට මුහුණදීමට සිදු වුණා. විශේෂයෙන්ම අඩු ආදායම් ලබන ජනතාව විශාල දුෂ්කරතාවකට මුහුණ දුන්නා. එම ජනතාව ආරක්ෂා කරන බවට අපි සහතික වෙනවා.

ප්‍රශ්නය

සිවිල් යුද්ධයේදී විශාල මානව හිමිකම් කඩකිරීම්, මහා පරිමාණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා එල්ල වුණා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත චෝදනා හෝ නිසි ක්‍රියාවලියකින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීමට යොදාගෙන තිබෙනවා. ආණ්ඩු බොහෝ විට විරෝධතාකරුවන් අපකීර්තියට පත් කරනවා. විරෝධතාකරුවන්ගේ ක්‍රියාපිළිවෙත පිළිබඳව ඔබ රජය කටයුතු කරන්නෙ කොහොම ද?

පිළිතුර

යුද්ධය අවසන් වූ පසු, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් යන මහත්වරුන් අතර යම්  එකඟතාවයකට පැමිණ තිබුණා.  ඒ වගේම ඒ ඉල්ලීම් ඉටු කරන්න මම කැපවෙලා ඉන්නවා. මම දැනටමත් දෙමළ ජනතාව සමඟ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මම දෙමළ ජනතාව සමඟ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි නිසා මැතිවරණ පරාජයට පත් වුණා. දැන් මම දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කර ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටිනවා. ඒ නිසා මේ කිසිම අවස්ථාවක එල්ල වී තිබෙන චෝදනා මට අදාළ වන්නෙ නැහැ.

මම ජනාධිපති වූ දිනට පසු දින විරෝධතාකරුවන්ට පහර දුන්නා කියා චෝදනා කරනවා. නමුත්  ඇතැම් උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ ගත්තා. ඒ අවස්ථාවේදී තමයි පොලිසිය මැදිහත් වුණේ. අනතුරුව මගේ නිවස පවා ගිනිබත් කළා. විරෝධතාකරුවන් විසින් මගේ ගෙදර තිබු  පොත් 3000 ක් පමණ පුළුස්සා දැම්මා.

මම සාමකාමී විරෝධතා ගැන විශ්වාස කරන කෙනෙක්. අගමැතිවරයා  ලෙස මම සාපරාධී අපකීර්තිය නැති කරන පනතක් ගෙනාවා. සාපරාධී අපහාස නීතිය නැති දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි. මම තොරතුරු දැනගැනීමේ අයිතිය පනත ගෙනාවා.

මම තුන් වතාවක් මානව හිමිකම් කොමිෂන් සභා ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවා. දැන් මම මොකටද මේවා නවත්වන්නෙ. මම තමයි අයිතිවාසිකම් ලබා දීලා තියෙන්නේ.

පාර්ලිමේන්තුව සහ සමස්ත ක්‍රමයම තර්ජනයට ලක්ව තිබූ යුගයක් එදා තිබුණේ. ඒ වෙලාවේදී තමයි හමුදාව මැදිහත් වුණේ. ඉතින් ඒ වෙලාවේ ඔවුන් දෙන්නෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තා.

රජයේ කාර්යාල, අගමැති කාර්යාලය අත්පත් කරගෙන පාර්ලිමේන්තුවට දෙසට යනකොට ඔබ එය හඳුන්වන්නේ කුමක් කියාද? නමුත් මම එය නිරාකරණය කළා. මොකද අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න. ඒ සමගම විරෝධතාත් සාමකාමී විය යුතුයි.

මම ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හමුවෙනවා. මට සැඟවීමට යමක් ඇත්නම්, මම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හමුවන්නේ ඇයි?

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, සාමකාමී විරෝධතාවයේ අයිතිවාසිකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ නියමිත ක්‍රියාවලියකින් තොරව රඳවාගෙන සිටින අය නිදහස් කිරීමට ඔබ ගන්නා ස්ථිර පියවර මොනවාද?

පිළිතුර

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය හැමෝටම තිබෙනවා. සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වයයි නම් එතැන ගැටලුවක් තිබෙනවා. ඉතින් ඔවුන් පැමිණ රජය සහ පොලිසිය සමඟ ගැටී ඔවුන් කිසිසේත් සාමකාමී නොවන්නේ නම් ඔබට කුමක් කළ හැකිද? මට ඔබට පැවසිය හැකි වූයේ එපමණයි. රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් හැර අනික් අය නිදහස් කර තිබෙනවා.

රැඳවුම් කාලය දීර්ඝ කිරීමට මාස තුනක කාලය අවසන් වීමට පෙර, රටේ දේවල් සාමකාමී බැවින් ඔවුන් නිදහස් කළා. අනිවාර්යයෙන්ම මම ජනාධිපති වශයෙන් රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැහැ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපරාධයක් කිරීම සඳහා යමින් සිටි සැකකරුවන් 04ක් ආයුධත් සමග කොටුවෙයි!

Next Post

ඊයේ රාත්‍රියේ හඬා වැටෙමින් ඉන්ටග්‍රෑම් සමාජ ජාලය වෙත සජීවීව පැමිණ සිය දිවි නසා ගත් ඉන්දීය නිළිය…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.