සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රාජපක්ෂ පවුල මාස 30කින් රටක් බංකොලොත් කළ හැටි – ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය කියයි

by editor
අප්‍රේල් 28, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය නිල වශයෙන් ප්‍රකාශ කිරීම ලෝකය හදුන්වන්නේ රට බංකොලොත් භාවයට පත් වීමක් ලෙසිනි. ආණ්ඩුව මේ තත්ත්වයට පත්වීමේ වරද කාගේ පිට හෝ පටවන්නට හෝ කොවිඩ් වසංගතය පිට පටවන්නට උත්සාහ කළත් එය වර්තමාන ආණ්ඩුවේ වැරදි තීරණ හේතුවෙන් සිදුවූවක් බව මුළු ලෝකයම අද පිළිගන්නා කරුණකි. මේ තත්ත්වයට පසුබිම් වූ ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රජපක්ෂ ප්‍රමුඛ පවුලේ මූලික පාලනය ශ්‍රි ලංකාව බංකොලොත් භාවයට පත් කිරීම පිළිබඳව දීර්ඝ ලිපියක් ඊයේ බ්ලූම්බර්ග් වෙබ අඩවිය පළ කළේය. ලෝකයේ ආරථික විශ්ලේශකයන්. මූල්‍ය ප්‍රතිපත්ති තීරකයන් සේම ආයෝජකයන්ද නිතර පරිශීලනය කරන ව්‍යපාර වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් පළ කළ මේ විශේෂාංගය මේ වනවිට ලෝකයේම අවධානයට ලක්ව ඇත. මෙහි පළ වන්නේ එහි සංක්ෂිප්ත සිංහල අනුවාදයකි.

  • මෙහෙම ගියොත් රට බංකොළෙත් වෙයි කියල මංගල සමරවීර මුලින්ම කිව්වා !

  •  රජයේ වැරදි තීරණ නිසා සිදුවූ දෙයක් බව නාමල් රාජපක්ෂත් පිළි අරන් !

  •  රාජපක්ෂ පවුල ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ භූමිකාවකට සම කරයි

ශ්‍රී ලංකාව මේවන විට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටි ඊට බලයේ සිටින රාජපක්ෂ රෙජිමය සෘජුව වගකිව යුතු අතර ඒහිදී ඔවුන් ශ්‍රී ලංකව මෙම තත්ත්වයට ඇද දැමූ හැටි සොයා බලමු.

ජනාධිපතිවරණයට පෙරම 2019දී ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ තමන් බලයට පත්වූ පසු විශාල බදු සහනයක් ලබා දී ජනතාවට සහන සලසන බවය. එය සිය මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කර ලබා දුන් පොරොන්දුවක් බව පැහැදිලිය.

ගෝඨාභය රාජපක්ෂගේ මෙම පොරොන්දුව වූයේ එකතු කළ අගය මත එනම් වැට් බද්ද සියය 15 සිට සියයට 8 දක්වා පහත දැමීමයි. ඒහිදී එවකට මුදල් ඇමති ව සිටි මංගල සමරවිර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පවසා සිටියේ එම තීරණය ඉතාම භයානක එකක් බවයි. ඔහු එහිදී ඉතා සරලව මේ පිළිබඳ පැහැදිලි කර දුන්නේය. සමරවීර පවසා සිටියේ ශ්‍රී ලංකාව වෙනත් ඕනෑම රටකට වඩා සාපේක්ෂ වශයෙන් බදු අඩු ආදායමක් රැස් කරගන්නා රටක් බවත් මෙරට මුහුණ දෙණ අධික ණය බර කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම අත්‍යාවශ්‍ය බවත්ය.

“මෙම යෝජනා මෙලෙස ක්‍රියාත්මක කළහොත් මුළු රටම බංකොලොත් වනවා පමණක් නොවෙයි මුළු රටම තවත් වෙනිසියුලාවක් හෝ තවත් ග්‍රීසියක් බවට පත්වෙනවා”යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී අනතුරු ඇඟවීය.
ඇයි ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන්නේ ?.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ගෝඨාභය රාජපක්ෂ 2019 වසර අවසානයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමත් සමඟම ආසියාවේ බලවත්ම පවුල් පාලනයක් ඇති කිරීමට පියවර ගත්තේය. එහිදී ඔහු සිය පළමු කැබිනට් රැස්වීමේදී පොරොන්දු වු බදු කපා හැරීමට පියවර ගත්තේය. ඉන්පසු ඔහු සිය සොයුරා වූ මහින්ද රාජපක්ෂගේ වසර 10 ක කාලය තුළ පැවති බලතලද ඉක්මවා යමින් ජනාධිපති බලතල වර්ධනය කරගැනීමට පියවර ගත්තේය.

එහිදී මානව හිතවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙනුවට ජනගහනයේ 75%ක් වූ සිංහල බෞද්ධයන් අතර ජාතිවාදය වර්ධනය කරමින් සිය පවුල් පාලනය ගෙනයාමට රාජපක්ෂ පවුල මෙහිදී පියවර ගැනිණි.

එහෙත් මින් පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ මෙන් සිය බලය පවත්වාගෙන යාමට රාජපක්ෂ පවුලට නොහැකි විය. ඊට හේතුවුයේ රටපුරා අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ වූ අතර එම ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් රටපුරා නිර්මාණය වීමය.

ඒ අනුව ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් මෙන්ම පැය 13ක විදුලි කැපීම් සිදුවූ අතර අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය පවා හිඟ වීමක් දක්වා වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ජනාධිපති ලේකම් කාර්යලය ඉදිරිපස කඳවුරු බැද ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන තත්ත්වයක් නිර්මාණය විය.

රටපුරා නැගෙන දරුණු විරෝධතා

Protestරට පුරා රාජපක්ෂ පාලනය විරුද්ධව විරෝධතා පැවැත්වෙන පසුබිමක රාජපක්ෂ පවුල විසින් එය පාලනය කිරීමේ දැඩි උත්සාහ නිරතව සිටී. ඒ අනුව ඔවුන් විසින් මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වෙත යොමුව තිබේ.

එමගින් ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඉන්ධන ඇතුළු දෑ සපයමින් තත්ත්වය පාලනයද දැඩි උත්සාහයක් දරමින් සිටී. මෙහීදී ඔවුන් විසින් ණය ආපසු ගෙවීමද නවතා දැමීමට පියවර ගනු ලැබීය.
එපමණක්ද නොව, 2019 මැතිවරණයෙන් පසු ඔවුන් විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් ආපසු හැරවීමටද රාජපක්ෂවරුන්ටද සිදුවී ඇත.

එහිදී ජනතා විරෝධතා මැද මුදල් අමාත්‍යධුර දැරූ බැසිල් රාජපක්ෂ ඉවත් කර එම තනතුරට පත් කළ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා අගය එකතු කළ බද්ද එනම් වැට් බදු ඉහළ දැමිය යුතු බවය.
මේ අතර විපක්ෂය විසින් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වීමත් සමඟම රාජපක්ෂවරු ජනාධිපති බලතල ආපසු හැරවීමට ඉදිරිපත් වී ඇත. පසුගිය වසර 20න් 12ක්ම ශ්‍රී ලංකාවේ ප්‍රබල තනතුරු හොබවා ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ය. මෙහි එක්තරා ආකාරයක ඒකාධිපතිත්වයක් ලෙසද පෙන්වා දි හැකි බවද විචාරකයෝ පෙන්වාදෙති. එහිදි ඔවුන් ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ චරිත වලටද සමාන කර ඇත.

පසුගියදා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ජනාධිපතිගේ බෑණනුවන් වන නාමල් රාජපක්ෂ කියා සිටියේ පසුගිය පාලනයෙන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය වර්ථමාන රජයටද මුහුණ දීමට සිදුවූ බවයි.
එහෙත් වර්තමාන ආණ්ඩුව වැරදි ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගෙන ඇති අතරම අධික ලෙස බදු කප්පාදු කිරීම් ඉක්මනින් ආපසු හැරවීමට අපොහොසත් ව ඇත..

මෙම ප්‍රතිපත්තිමය වැරදි හේතුවෙන් රජයට විශාල ලෙස ආදායම අහිමි වීම සිදුවූ බවත් දේශීය ආයෝජකයින්ගෙන් අපේක්ෂිත ආයෝජනය නොලැබීමද මෙම තත්ත්වයට හේතුවී ඇති බව නාමල් රාජපක්ෂද පිළිගෙන තිබේ.
රජය වඩාත් විනිවිදභාවයෙන් යුක්ත විය යුතුව තිබූ බවත් අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කාලය ගත කළ යුතුව තිබුණ බවද නාමල් රාජපක්ෂ පැවසීය.

“වර්තමාන තත්ත්වය තනිකරම සැපයුම් දාමයේ බිඳවැටීම සහ පාලනය මත පදනම් වී ඇත,” ඔහු තවදුරටත් පැවසීය. “ජනාධිපතිවරයාට ස්ථිරව තීන්දු තීරණ ගෙන රට පාලනය කළ යුතුයි. රාජපක්ෂ ප්‍රමුඛ රජයට දොස් පැවරීම ගැන මම මහජනතාවට දොස් නොකියමි” ලෙසද ඔහු සඳහන කළේය.

මෙම වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමටත් පෙර සිට මෙරට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටියේය. එහිදී මීට පෙර රාජපක්ෂ පවුල් පාලනය විසින් විශාල වශයෙන් චීනයෙන් ණය ලබා ගැනීම් කර තිබිණි.
එම ණය මුදල් යොදවා හම්බන්තොට වරාය මෙන්ම පෝට් සිටි වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි. එමගින් මෙරට තුළ සිංගප්පූරුවට සමාන ආර්ථිකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවටද රාජපක්ෂ පවුල් දිගින් දිගටම පවසමින් කටයුතු කරන අයුරු දැකගැනීමට= හැකිවිය.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිවල සාර්ථක බව පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම 2010 සහ 2020 අතර කාලයේදී මෙරට විදේශ ණය දෙගුණයකට වඩා වැඩි විය.

ආර්ථික අර්බුදය උත්සන්න වීම

රාජපක්ෂ පාලනයේ මුල් කාලයේ පටන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතයත් සමඟ ගැටලු වර්ධනය විය. එහිදී සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් සම්පූර්ණයෙන්ම පාහේ නැවතුණු අතර විදෙස් ගත් ශ්‍රමිකයින් විසින් එවන ලද ප්‍රේෂණ ප්‍රමාණයද අඩුවිය. මේත් සමඟම ණය ශ්‍රේණිගත සමාගම් විසින් ශ්‍රී ලංකාව පහත හෙළීමද සිදුවිය.
මේ අතර රජය විසින් මුදල් මුද්‍රණය කිරීමට ඉහළ දැමීම සිදුවිය. එහිදී 2019ත් 2021ත් අතර කාලයේදී මුදල් මුද්‍රණය සියයට 42කන් ඉහළ ගොස් ඇති අතර එයත් සමඟ ආසියාවේ වේගවත්ම උද්ධමනය බවට පත්වීමට එය හේතුවිය.
මෙම තත්ත්වය තවත් දරුණු අතට පත්වුයේ රජය විසින් රසායනික පොහොර ආනායනය තහනම් කිරීමත් සමඟයි. එහිදී වස විසෙන් තොර වගාවක් කෙරෙහි අවදානය යොමු කරන බවක් පෙන්නුවද එය සත්‍ය වශයෙන්ම ඩොලර් ඉතිරි කරගැනීමේ උත්සාහයක් ලෙසද ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.

මේ අතර ආණ්ඩුවේ පොහොර තහනම ආණ්ඩුව තුළ ම මතභේදයක් ඇති කිරීමට තුඩු දුන් කාරණයක් බව නාමල් රාජපක්ෂද පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙම පොහොර තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රයටම බලපෑ අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් පමණ කඩාකප්පල් වීමටත් ශ්‍රම බලකයෙන් තුනනේ එකකට මෙමගින් විශාල බලපෑමක් එල්ලවිය.
මෙමගින් සිය වගාවන්ට හානි වූ ගොවීන්ට විශාල වන්දි ගෙවීමටත් සහල් ආනයනය කිරීමටත් සිදුවිය. එසේම මෙරට ප්‍රධානතම විදේශ විනිමය ඉපයීම් මාර්ගයක් වූ තේ අපනයන ආදායම ද මෙමගින් පහත ගියේය. මේත් සමඟ ගොවීන් විශාල වශයෙන් විරෝධතා සිදුකල අතර අවසානයේදී රජයට මෙම තහනම් හකුලා ගැනීමට සිදුවිය.

මේ අතර ඇඩ්වොකාටා හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ, “බොහෝ විශේෂඥයින් ඉදිරිපත් වී මෙය ආහාර සුරක්ෂිතතාවයට බලපාන විනාශකාරී ප්‍රතිපත්තියක් කියලයි නමුත් අවාසනාවකට, රජය එහි තීරණයේම එළැඹ සිටියා.”යනුවෙනි.

තත්ත්වයත් සමඟ දැඩි පීඩාවකට පත් ජනතාවට සිය මූලික අවශ්‍යතා පවා ඉටුකරගැනීමට හැකියාව නොලැබුණු අතර එම තත්ත්වය දරා ගැනීමට නොහැකිව ජනතාව අවසානයේ ජනාධිපතිවරයාට ගෙදර යන මෙන් සිටි නිවස ඉදිරිපිට විරෝධා කරන තත්ත්වයකට පත්විය.
අවසානයේ මෙම විරෝධතා ජනාධිපති ලේකම් කාර්යලයට ඉදිරිපිටට පැමිණි අතර මේවන විට අඛණ්ඩව සති දෙකකට අධික කාලයක් මෙම විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යන්නෙ නෑ කියන අගමැතිට යන්න කියන ජනපතිගේ නිල දැන්වීම අද …

Next Post

අනූෂා සොනාලි දිවි සැරියෙන් සමුගනී!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.