බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රටේ වියවුල යට කළ ම්ලේච්ඡ ඝාතනය !

by editor
දෙසැම්බර් 5, 2021 - Updated on දෙසැම්බර් 6, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය

රට තිබුණේ ලොකු වියවුලකය.

ගෑස් ලිප් පුපුරා යමින් තිබුණේය. ඒ වෙනුවෙන් කමිටු පත් වුණේය. ගෑස් සංයුතිය සම්බන්ධව ලිට්‍රෝ ගෑස් සමාගම කළ බොරුව අතේ පත්තුවන විට ඔවුන් කීවේ ප්‍රතීතන අනුමැතිය නැති රජයේ වාර්තාව පිළිගත නොහැකි බවය. ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය හදිසියේ තීරණය කළේය.

ඒ අතර රටේම විදුලිබලය බිඳවැටුණේය. ඒ වනවිට විදුලිබල මණ්ඩලයේ විශාල අර්බුදයක් සභාපතිවරයා විසින්ම නිර්මාණය කර තිබුණේය. අතිරේක සාමාන්‍යාධිකාරී ජානක අලුත්ගෙදරගේ සේවය අත්හිටුවා තිබුණි.   අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරතව සිටි වෘත්තීය විදුලි ඉංජිනේරුවරු  එහි දෙවන අදියරට ගමන් කළහ.

ඒ අතරේ පසුගිය 03 දා රටේම විදුලිය එක්වර බිඳවැටුණේය. කොත්මලේ සිට  බියගම දක්වා කෙරෙන සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ බිඳවැටීම සමගම නොරොච්චෝල ලක්විජය බලාගාරයේ  වැඩ කරමින් තිබූ විදුලි ජනන දෙකම අක්‍රීය වුණේය. ඒ  විදුලි ජනන තුනෙන් එක් විදුලි ජනනයක් තිබුණේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පද්ධතියෙන් ඉවත් කරගෙනය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ සමස්ථ බිඳවැටීම යථාවත් කිරීම දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක් වූයේය. එහෙත්  අකුරට වැඩකරමින් සිටි විදුලි ඉංජිනේරුවෝ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අමතක කර පද්ධතිය යථාවත් කර බලැගන්වීමට වැඩ කළේය.

මේ වකවානුව තුළ ජල සැපයුම බිඳවැටුණේය. ජල පවිත්‍රාගාර අක්‍රීය වුනේය. සියලුම කාර්යාලවල වැඩ කටයුතු ඇණහිටියේය.  සවස 2.30  පමණ සිට එකිනෙක උපපොල බලගැන්විනි. මේ වනවිටත් විදුලි සැපයුම කපා දමමිනි.

මේ සියලු බිඳවැටීම් ගැටලු මධ්‍යයේ දේශපානය ද උණුසුම් වූයේය. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි සැලසුම් සකස් කීරීමට රුවන් වජිර රංගේ අකිල ඇතුළු පිරිසක් අඟහරුවාදා එකතු වූහ.  ජාතික යොවුන් පෙරමුණ බලගැන්වීම ඇතුළු දේශපාලන සැලසුම අතර අබුඩාබිහි දී පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීමට රනිල් වික්‍රමසිංහට කළ ආරාධනාව පිලිඳව ද කතා කෙරිනි. ජාත්‍යාන්තරය තවමත් පිලිගන්නා රනිල්ගේ නායකත්වය පිළිබඳව එජාප නායකයෝ කතා කළහ.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන ඉන්දියානු  සාගර සමුළුව  ඊයේ   (04) සහ අද  (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්විනි. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළේය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහත් සහභාගී වූ  මේ සමුළුවේදී ජනපති හා ජීඑල් හැකිතාක් දුරට මගහැර සිටීම දේශපාලන සැලසුම්වලට වැදගත් බව ඔවුන්ගේ අදහස විය. හේතුව රනිල් – ගෝඨාභය  එක් වී ජාතික ආණ්ඩුවක් හැදීම සම්බන්ධව විදේශ තානාපති කාර්යාලයක මැදිහත්වීමෙන්  කෙරෙන සාකච්ඡාවක් ගැන සමාජ මාධ්‍යය හරහා සිදුවුණු ප්‍රචාරණය ය.  සාගර සමුලුව අතර දී රනිල් – ගෝඨාභය විශේෂයෙන්  හමුවී තිබුණේ නැත.

පසුගිය 30 වෙනිදා ඉන්දියාව බලා ගිය බැසිල් රාජපක්ෂ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවීමට සැලසුම් කර තිබුණේ පසුගිය 02 දාය.

කෙසේවුවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ වන විට ඉන්දියානු සංචාරයට පැමිණ සිටි රුසියානු අග්‍රාමාත්‍යවරයාගේ හමුවීම් ඇතුළු කලින් යොදාගත් කටයුතු රැසකට කාලය ලබාදීමට සූදානමින් සිටියද ඔහුට බැසිල් රාජපක්ෂ   වෙනුවෙන් කාලයක් ලබා දීමට හැකියාවක් නොමැති වූ බව වාර්තා විය. බැසිල් ඉන්දීය මුදල් ඇමති සමග දෙවරක් සාකච්ඡා කර ලංකාවට ආවේය.

පසුගිය සඳුදා  ජවිපේ මධ්‍යම කාරක සභාව රැස් වී තිබිණි. ගමින් ගමට වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම එහි අරමුණ වූයේය.  ජතික ජනබලවේගයේ ප්‍රතිසංවිධානය මෙන්ම ජනතා සභා පිහිටුවීමේ වැඩසටහන ගැන  ද සංවාදයට ලක්විනි.

සමගි ජනබලවේගයේ  කළමනාකරණ කමිටුව පසුගිය සඳුදා රැස්විය. ලබන 07 දා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කිරීමට එහිදී තීන්දු කෙරනි.

මේ අතර. රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා ඇරඹිනි.

මේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02 දා බ්‍රහස්පතින්දා  රැස් වූ  ශ්‍රී ලංකා නිදහස්පක්ෂය පසුගිය වකවානුව පුරාම දැල්වූ මහා ආන්දෝලනය හකුලාගෙන අයවැයට පක්ෂව චන්දය දී ආණ්ඩුවේ රැඳී සිටීමට තීරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තුව යළිත් ඇවිලිනි. ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදය පැවැත්වුනේ පසුගිය 03 දාය. විවාදය අරඹමින්   සරත් ෆොන්සේකා කළ දීර්ඝ කතාවෙන් අනතුරුව සරත් වීරසේකර  සරත් ෆොන්සේකා හා පැටලුනේය. ඒ පොලිස් අත්අංඩංගුවේ දී  ඝාතනය වන සැක කරුවන් ගැන සිය කතාවේ දී සරත් ෆොන්සේකා මතුකළ කරුණක් මුල් කරගෙනය.  සරත් වීරසේකර සරත් ෆොන්සේකාට තමුසේ නිවටයෙක් යැයි ප්‍රකාශ කළේය. සරත් ෆොන්සේකා කීවේ නිවට ඔය සරත් දමේ සරත් ද කියා ජනතාවගෙන් අසා දැනගන්නා ලෙසය.

එදිනම අනුර පාර්ලිමේන්තුවේ තවත් හෙලිදරව්වක් කළේය. ඒ ඤාණක්කාගේ හෝටල් හැදීමට යොදවා ඇති හමුදා සෙබලුන් ගැනය. තමන්ගේ යාතිකා කරන කට්ටටඬි ගැහැණියකගේ හෝටල් හදන්නට මේ ගෞරවනීය මිනිසුන් යොදවන්නේ කුමණ සාදාචාරාත්මක පදනමක් මත දැයි ප්‍රශ්න කළ ඔහු දේශපාලනික හා පුද්ගලික ව්‍යාපෘති සඳහා  හමුදා සොල්දාදුවන් නොයොදවන ලෙස ඉල්ලා සිටියේය.

මේ සතියේ පාර්ලිමේන්තුව නිමා වූයේ ඊයේ (04)  විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරමිනි.  පෙරේදා (03) හවස ඇරඹී  දින දෙකක් තිස්සේ මනුෂ නානායක්කාර මුල් වී ඇදී ගිය අර්බුදය ගුටි කෙළියක් නොවී කෙළවර නොවූයේ අනූනවයෙනි.  මනුෂ නානායක්කාර  ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන  විජේසේකරට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සටන් ප්‍රනාන්දුට එල්ලකළ චෝදනාව දුර දිග ගියේ කාංචන විජේසේකර සිදුකළ වංචාවක් පිළිබඳව ප්‍රකාශ කිරීමෙනි.

මේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බව කී කාංචන මේ අවස්ථාවේ සිටියේ දැඩි කෝපයෙනි. දිවා අහාරය සඳහා පාර්ලිමේන්තු කටයුතු නැවැත්වූ අවස්ථාවේ විපක්ෂයේ ලොබියට පැමිණීමට උත්සාහ කළ ජොන්සටන් ප්‍රනාන්දු,  ලොහාන් රත්වත්තෙ සමග කාංචන විජේසේකර  ඇතුළු මන්ත්‍රීවරු විස්සකට අධික කණ්ඩායමක් මනුෂට පහර දීමට සූදානම් වූ බව කියැවිනි.

ඒ හේතුවෙන්  විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජනබලවේග මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

මේ සියලු විරෝධයන්, පීඩාවන් එක පැහැර මැකී ගොස් රටේ අවධානය මුලුමනින්ම වෙනස් කළ සිදුවීමක් පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයේ  සියල්කොට් හි රාජ්කො කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන්නේ මේ අතරය.

ඒ එහි කළමණාකාර අධ්‍යක්ෂවරයා වූ ප්‍රියන්ත කුමාර සළුවඩන අමානුෂික ඝාතනය කිරීමය. මේ ඝාතනය මුලු ලෝකයම කම්පනයට පත් කළේය. පහර දී මරා මග දිගේ ඇදගෙන ගොස් පුලුස්සා මරා දමන ආකාරය වීඩියෝ පටි හරහා ලෝකයම දැක්කේය.

මේ ම්ලේච්ඡකම පිළිබඳව පිළිකුල හා විරෝධය පකිස්ථානයේ ජන සමාජය තුළින්ම මතු වූයේය. පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මේ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධව දැඩි කම්පනයෙනි. ඔහු ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ජනාධිපතිවරයාව අමතමින් යුක්තිය හා සාධාරණය වෙනුවෙන් කැපවන බව දන්වා සිටී.

පකිස්ථාන විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි දුකරථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අමතා පකිස්ථාන රජයේ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම අපරාධය සිදුකළ අයට උපරිම දඬුවම් ලබා දෙන බවට ඔහු සහතික වී ඇත. පකිස්ථාන රජය මේ ඝාතනය සඳහා වන්දි ගෙවීමට සූදානම් බව දන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ශෝකය පල කෙරිනි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්  සහතික වූ අයුරින්ම මෙම සිද්ධිය සම්බන්ධව පියවර ගනු ඇතැයි විශ්වාසකරන අතර එරට රැඳීසිටින අනෙකුත් සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියේ පකිස්තානයේදී ප්‍රියන්ත ට අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා මාරාන්තික ප්‍රහාරය දැකීමෙන් තමන් කම්පා වූ බව කීවේය.   ඔහුගේ බිරිඳ සහ පවුලේ අය වෙත සංවේගය පළ කරන අතරම අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවනු ඇතැයි ශ්‍රී ලාංකික ජනතාව විශ්වාසයෙන් පසුවන බවද අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්   යුක්තිය පිළිබඳ ලබාදුන් පොරොන්දුව ගරු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

දැන් රටේ ජනතාවට තමන් පෙළන මහා ගැටලුව මොහොතකට අමතක වී ඇත. ඔවුන් දුටු ම්ලේඡත්වය ඒ තරම් බිහිසුණුය. මේ තත්වයෙන් මිදෙන්නට ඔවුන්ට තව දින කීපයක් ගතවනු ඇත.

 

Share69Tweet43
Previous Post

සජබය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක්

Next Post

ඩුබායි යන්න ගිය ජැකලින්ට මුම්බායි ගුවන් තොටේදී කරදරයක්

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.