fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රටේ වියවුල යට කළ ම්ලේච්ඡ ඝාතනය !

මාස 7ක් ago
in දේශපාලන
445 5
0
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය

රට තිබුණේ ලොකු වියවුලකය.

ගෑස් ලිප් පුපුරා යමින් තිබුණේය. ඒ වෙනුවෙන් කමිටු පත් වුණේය. ගෑස් සංයුතිය සම්බන්ධව ලිට්‍රෝ ගෑස් සමාගම කළ බොරුව අතේ පත්තුවන විට ඔවුන් කීවේ ප්‍රතීතන අනුමැතිය නැති රජයේ වාර්තාව පිළිගත නොහැකි බවය. ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය හදිසියේ තීරණය කළේය.

ඒ අතර රටේම විදුලිබලය බිඳවැටුණේය. ඒ වනවිට විදුලිබල මණ්ඩලයේ විශාල අර්බුදයක් සභාපතිවරයා විසින්ම නිර්මාණය කර තිබුණේය. අතිරේක සාමාන්‍යාධිකාරී ජානක අලුත්ගෙදරගේ සේවය අත්හිටුවා තිබුණි.   අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරතව සිටි වෘත්තීය විදුලි ඉංජිනේරුවරු  එහි දෙවන අදියරට ගමන් කළහ.

ඒ අතරේ පසුගිය 03 දා රටේම විදුලිය එක්වර බිඳවැටුණේය. කොත්මලේ සිට  බියගම දක්වා කෙරෙන සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ බිඳවැටීම සමගම නොරොච්චෝල ලක්විජය බලාගාරයේ  වැඩ කරමින් තිබූ විදුලි ජනන දෙකම අක්‍රීය වුණේය. ඒ  විදුලි ජනන තුනෙන් එක් විදුලි ජනනයක් තිබුණේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පද්ධතියෙන් ඉවත් කරගෙනය.

මේ සමස්ථ බිඳවැටීම යථාවත් කිරීම දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක් වූයේය. එහෙත්  අකුරට වැඩකරමින් සිටි විදුලි ඉංජිනේරුවෝ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අමතක කර පද්ධතිය යථාවත් කර බලැගන්වීමට වැඩ කළේය.

මේ වකවානුව තුළ ජල සැපයුම බිඳවැටුණේය. ජල පවිත්‍රාගාර අක්‍රීය වුනේය. සියලුම කාර්යාලවල වැඩ කටයුතු ඇණහිටියේය.  සවස 2.30  පමණ සිට එකිනෙක උපපොල බලගැන්විනි. මේ වනවිටත් විදුලි සැපයුම කපා දමමිනි.

මේ සියලු බිඳවැටීම් ගැටලු මධ්‍යයේ දේශපානය ද උණුසුම් වූයේය. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි සැලසුම් සකස් කීරීමට රුවන් වජිර රංගේ අකිල ඇතුළු පිරිසක් අඟහරුවාදා එකතු වූහ.  ජාතික යොවුන් පෙරමුණ බලගැන්වීම ඇතුළු දේශපාලන සැලසුම අතර අබුඩාබිහි දී පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීමට රනිල් වික්‍රමසිංහට කළ ආරාධනාව පිලිඳව ද කතා කෙරිනි. ජාත්‍යාන්තරය තවමත් පිලිගන්නා රනිල්ගේ නායකත්වය පිළිබඳව එජාප නායකයෝ කතා කළහ.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන ඉන්දියානු  සාගර සමුළුව  ඊයේ   (04) සහ අද  (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්විනි. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළේය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහත් සහභාගී වූ  මේ සමුළුවේදී ජනපති හා ජීඑල් හැකිතාක් දුරට මගහැර සිටීම දේශපාලන සැලසුම්වලට වැදගත් බව ඔවුන්ගේ අදහස විය. හේතුව රනිල් – ගෝඨාභය  එක් වී ජාතික ආණ්ඩුවක් හැදීම සම්බන්ධව විදේශ තානාපති කාර්යාලයක මැදිහත්වීමෙන්  කෙරෙන සාකච්ඡාවක් ගැන සමාජ මාධ්‍යය හරහා සිදුවුණු ප්‍රචාරණය ය.  සාගර සමුලුව අතර දී රනිල් – ගෝඨාභය විශේෂයෙන්  හමුවී තිබුණේ නැත.

පසුගිය 30 වෙනිදා ඉන්දියාව බලා ගිය බැසිල් රාජපක්ෂ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවීමට සැලසුම් කර තිබුණේ පසුගිය 02 දාය.

කෙසේවුවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ වන විට ඉන්දියානු සංචාරයට පැමිණ සිටි රුසියානු අග්‍රාමාත්‍යවරයාගේ හමුවීම් ඇතුළු කලින් යොදාගත් කටයුතු රැසකට කාලය ලබාදීමට සූදානමින් සිටියද ඔහුට බැසිල් රාජපක්ෂ   වෙනුවෙන් කාලයක් ලබා දීමට හැකියාවක් නොමැති වූ බව වාර්තා විය. බැසිල් ඉන්දීය මුදල් ඇමති සමග දෙවරක් සාකච්ඡා කර ලංකාවට ආවේය.

පසුගිය සඳුදා  ජවිපේ මධ්‍යම කාරක සභාව රැස් වී තිබිණි. ගමින් ගමට වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම එහි අරමුණ වූයේය.  ජතික ජනබලවේගයේ ප්‍රතිසංවිධානය මෙන්ම ජනතා සභා පිහිටුවීමේ වැඩසටහන ගැන  ද සංවාදයට ලක්විනි.

සමගි ජනබලවේගයේ  කළමනාකරණ කමිටුව පසුගිය සඳුදා රැස්විය. ලබන 07 දා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කිරීමට එහිදී තීන්දු කෙරනි.

මේ අතර. රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා ඇරඹිනි.

මේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02 දා බ්‍රහස්පතින්දා  රැස් වූ  ශ්‍රී ලංකා නිදහස්පක්ෂය පසුගිය වකවානුව පුරාම දැල්වූ මහා ආන්දෝලනය හකුලාගෙන අයවැයට පක්ෂව චන්දය දී ආණ්ඩුවේ රැඳී සිටීමට තීරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තුව යළිත් ඇවිලිනි. ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදය පැවැත්වුනේ පසුගිය 03 දාය. විවාදය අරඹමින්   සරත් ෆොන්සේකා කළ දීර්ඝ කතාවෙන් අනතුරුව සරත් වීරසේකර  සරත් ෆොන්සේකා හා පැටලුනේය. ඒ පොලිස් අත්අංඩංගුවේ දී  ඝාතනය වන සැක කරුවන් ගැන සිය කතාවේ දී සරත් ෆොන්සේකා මතුකළ කරුණක් මුල් කරගෙනය.  සරත් වීරසේකර සරත් ෆොන්සේකාට තමුසේ නිවටයෙක් යැයි ප්‍රකාශ කළේය. සරත් ෆොන්සේකා කීවේ නිවට ඔය සරත් දමේ සරත් ද කියා ජනතාවගෙන් අසා දැනගන්නා ලෙසය.

එදිනම අනුර පාර්ලිමේන්තුවේ තවත් හෙලිදරව්වක් කළේය. ඒ ඤාණක්කාගේ හෝටල් හැදීමට යොදවා ඇති හමුදා සෙබලුන් ගැනය. තමන්ගේ යාතිකා කරන කට්ටටඬි ගැහැණියකගේ හෝටල් හදන්නට මේ ගෞරවනීය මිනිසුන් යොදවන්නේ කුමණ සාදාචාරාත්මක පදනමක් මත දැයි ප්‍රශ්න කළ ඔහු දේශපාලනික හා පුද්ගලික ව්‍යාපෘති සඳහා  හමුදා සොල්දාදුවන් නොයොදවන ලෙස ඉල්ලා සිටියේය.

මේ සතියේ පාර්ලිමේන්තුව නිමා වූයේ ඊයේ (04)  විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරමිනි.  පෙරේදා (03) හවස ඇරඹී  දින දෙකක් තිස්සේ මනුෂ නානායක්කාර මුල් වී ඇදී ගිය අර්බුදය ගුටි කෙළියක් නොවී කෙළවර නොවූයේ අනූනවයෙනි.  මනුෂ නානායක්කාර  ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන  විජේසේකරට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සටන් ප්‍රනාන්දුට එල්ලකළ චෝදනාව දුර දිග ගියේ කාංචන විජේසේකර සිදුකළ වංචාවක් පිළිබඳව ප්‍රකාශ කිරීමෙනි.

මේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බව කී කාංචන මේ අවස්ථාවේ සිටියේ දැඩි කෝපයෙනි. දිවා අහාරය සඳහා පාර්ලිමේන්තු කටයුතු නැවැත්වූ අවස්ථාවේ විපක්ෂයේ ලොබියට පැමිණීමට උත්සාහ කළ ජොන්සටන් ප්‍රනාන්දු,  ලොහාන් රත්වත්තෙ සමග කාංචන විජේසේකර  ඇතුළු මන්ත්‍රීවරු විස්සකට අධික කණ්ඩායමක් මනුෂට පහර දීමට සූදානම් වූ බව කියැවිනි.

ඒ හේතුවෙන්  විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජනබලවේග මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

මේ සියලු විරෝධයන්, පීඩාවන් එක පැහැර මැකී ගොස් රටේ අවධානය මුලුමනින්ම වෙනස් කළ සිදුවීමක් පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයේ  සියල්කොට් හි රාජ්කො කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන්නේ මේ අතරය.

ඒ එහි කළමණාකාර අධ්‍යක්ෂවරයා වූ ප්‍රියන්ත කුමාර සළුවඩන අමානුෂික ඝාතනය කිරීමය. මේ ඝාතනය මුලු ලෝකයම කම්පනයට පත් කළේය. පහර දී මරා මග දිගේ ඇදගෙන ගොස් පුලුස්සා මරා දමන ආකාරය වීඩියෝ පටි හරහා ලෝකයම දැක්කේය.

මේ ම්ලේච්ඡකම පිළිබඳව පිළිකුල හා විරෝධය පකිස්ථානයේ ජන සමාජය තුළින්ම මතු වූයේය. පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මේ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධව දැඩි කම්පනයෙනි. ඔහු ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ජනාධිපතිවරයාව අමතමින් යුක්තිය හා සාධාරණය වෙනුවෙන් කැපවන බව දන්වා සිටී.

පකිස්ථාන විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි දුකරථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අමතා පකිස්ථාන රජයේ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම අපරාධය සිදුකළ අයට උපරිම දඬුවම් ලබා දෙන බවට ඔහු සහතික වී ඇත. පකිස්ථාන රජය මේ ඝාතනය සඳහා වන්දි ගෙවීමට සූදානම් බව දන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ශෝකය පල කෙරිනි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්  සහතික වූ අයුරින්ම මෙම සිද්ධිය සම්බන්ධව පියවර ගනු ඇතැයි විශ්වාසකරන අතර එරට රැඳීසිටින අනෙකුත් සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියේ පකිස්තානයේදී ප්‍රියන්ත ට අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා මාරාන්තික ප්‍රහාරය දැකීමෙන් තමන් කම්පා වූ බව කීවේය.   ඔහුගේ බිරිඳ සහ පවුලේ අය වෙත සංවේගය පළ කරන අතරම අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවනු ඇතැයි ශ්‍රී ලාංකික ජනතාව විශ්වාසයෙන් පසුවන බවද අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්   යුක්තිය පිළිබඳ ලබාදුන් පොරොන්දුව ගරු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

දැන් රටේ ජනතාවට තමන් පෙළන මහා ගැටලුව මොහොතකට අමතක වී ඇත. ඔවුන් දුටු ම්ලේඡත්වය ඒ තරම් බිහිසුණුය. මේ තත්වයෙන් මිදෙන්නට ඔවුන්ට තව දින කීපයක් ගතවනු ඇත.

 

Join @lankasara on Telegram Channel
Previous Post

සජබය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක්

Next Post

ඩුබායි යන්න ගිය ජැකලින්ට මුම්බායි ගුවන් තොටේදී කරදරයක්

Related Posts

අද මන්ත්‍රි වෙන්න හිටි ධම්මික පෙරේරා තීරණය වෙනස් කරයි!

ජූනි 21, 2022

කාල රාමුවකට යටත්ව විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනවා… අගමැති කියයි!

මැයි 29, 2022

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

මැයි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist