බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මෛත්‍රී  රනිල්ව එළවා දමා මහින්දට අගමැතිකම දුන් දින 52 ට අදට වසර  02

by editor
ඔක්තෝබර් 26, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ දේශපාලන ඉතිහාසයට එක් කළු පැල්ලමක් ශේෂ කළ කුප්‍රකට දින 52 ආණ්ඩුව හෙවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ධුරයෙන් පහ කොට එවකට විපක්ෂ මන්ත්‍රිවරයකු වූ මහින්ද රාජපක්ෂ  අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කර ගැනීම සිදුවී අදට වසර දෙකක් පිරෙයි.

2018 වසරේ ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ ඒ සිදුවීමේ විශේෂත්වය වන්නේ මෛත්‍රීපාල සිරිසේන   ජනාධිපති ධුරය වෙත ගෙන ගිය එක්සත් ජාතික පෙරමුණු කඳවුරේ අගමැති පහකොට 2015 වසරේ තම දැවැන්ත ම ප්‍රතිවාදියා වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනන්ත විවේචනවලට ලක් වූ මහින්ද රාජපක්ෂම තම අගමැති ලෙස පත් කොට රජයේ ව්‍යවස්ථාදායකයේ මුල් පුටුව ඔහුට පිරිනැමීමය.

ඒ සිදුවීමත් සමග නව අමාත්‍ය මණ්ඩලයක්ද පත් කර ගැනුණු අතර එම කාලය තුළ මෙරට දේශපාන යාන්ත්‍රණය, පාර්ලිමේන්තුව තුළ මෙන්ම අධිකරණය තුළ සිදුවූ ක්‍රියාදාමය ඓතිහාසික  සිද්ධි අධ්‍යයනයක් බවට පත් කොට ඇත. කෙසේ වුවද මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස එකී ආණ්ඩුවට තිබුනේ  දින 52ක ආයුෂයකි.  ඉන් පසුව   රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස යළි වැඩ භාර ගත්තේය.

ඔක්තෝබර් 26 වැනිදා සිකුරාදා දිනයක් වූ අතර මහින්ද රාජපක්ෂ   අගමැතිවරයා වශයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන් අතර ඊට මඳ වෙලාවකට පසු පොදුජන පෙරමුණයට සම්බන්ධ වෘත්තීය සංගම් නියෝජිතයන් හරහා   මුලින්ම කළේ රාජ්‍ය මාධ්‍ය ආයතන බලහත්කාරයෙන් අල්ලා ගැනීමය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර පැවැති විවිධ මතභේදාත්මක විරසකයන් හරහා මෙම තත්ත්ව නිර්මාණය වූ අතර ඔක්තෝබර් 27 වැනිදා පාර්ලිමේන්තු සැසිවාර කල් තැබූ අතර ප්‍රකාශ වුයේ නොවැම්බර් 16 වැනිදා යළි සැසිවාර පැවත්වෙන බවය.

එයින් පසුව ඔක්තෝබර් මස 29 වැනි සඳුදා අගමැති මහින්ද රාජපක්ෂ  යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් ද පත් කර ගැනිණි.

නව අගමැතිවරයකු පත් කොට අගාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ද ඉවත් කොට නව අගමැති ලේකම්වරයකු පත් කර ගත්තද එතෙක් අගමැතිව කටයුතු කළ රනිල් වික්‍රසිංහ අරලිය ගහ මන්දිරයේ දිගටම රැඳී සිටියේ මෙම ඉවත් කිරීම නීති විරෝධි බව පවසමිනි. එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ ද අරලිය ගහ මන්දිරය තුළමය.

ඒ අනුව ඔක්තෝබර් මස 29 වැනිදා එක්සත් ජාතික පෙරමුණේ, ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 125 දෙනකු පාර්ලිමේන්තුව සභාවාර කල් තැබීම නීති විරෝධි  බව පවසමින් ඊට එරෙහිව යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාට ලිපියක් භාර දුන්නේය. මේ ලිපිය පදනම් කරගෙන යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒ සඳහා ව්‍යවස්ථාවෙන් බලය හිමි ජනාධිපතිවරයාට කථානායක ලිපියකින් දැනුම් දුන්නේය.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් 14 වැනිදා යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝගයක් නිකුත් කළේය. එය සිදුවන්නේ නොවැම්බර් මස 04 වනිදාය. ඊට පෙර නොවැම්බර් 02 වැනිදා මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත ලබා දීමට කටයුතු කළේය.

මෙම සිදුවීම් දෙක මැද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   ගත් තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් වූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමය. මේ සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් වන්නේ නොවැම්බර් 09 වැනිදාය. එසේ වුවද නියමිත පරිදි නොවැම්බර් 14 වැදා පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා පියවර ගත්තේය.

නොවැම්බර් මස 14 වැනදා ඒ අනුව පාර්ලිටමේතුව රැස්වූ අතර එහිදී මන්ත්‍රි බිමල් රත්නායක මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේය. එය කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද අතර ජනාධිතිවරයා කීවේ තමන් එය නොපිළිගන්නා බවය.

නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ අතර අගමැතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කළේය. එම කථාව අවසානයේ විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්ද විමසීමට කටයුතු යෙදුණද එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් තුළ කථානායක කරු ජයසූරියද දැඩි අසීරූතාවන්ට ලක්විය.

එදින පාර්ලිමේන්තුව කල් තැබුණු අතර යළි පාර්ලිමේන්තුව කැඳවුණේ ඊට පසුදිනය. එනම් නොවැම්බර් මස 16 වැනිදාය. එදිනද පාර්ලිමේනතුව තුළ දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර කථානායක පුටුවේ අරුන්දික ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරයා වාඩ වී එය අත්පත් කර ගැනීමත් ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා කථානායකවරයාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමත් දැඩි සේ කතා බහට ලක් වූ සිදුවීමක් විය.

කෙසේ වුවද දැඩි කලබල කාරී තත්ත්වය මැද පොලිස් ආරක්ෂාව යටතේ  කථානායකවරයා සභාවට පැමිණි අතර හඬ විමසීමේ ඡන්දයකින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව මන්ත්‍රිවරුන් 112දෙනකුගේ සහයෙන් සම්ත කර ගැනිණි.

එයින් පසුව නොවැම්බර් මාසයේ 29 වැනිදා අගමැතිවරයා සහ අගමැති කාර්යාලයේ ප්‍රතිපාදන කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්ත කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පාර්ශ්වවලට හැකියාවක් ලැබිණ. එයට පක්ෂව මන්ත්‍රීවරුන් 123 දෙනකුගේ සහය ලැබිණි.

මෙම යෝජනා සම්මත වූ දිනයේදීම සිදු වූ තවත් වැදගත් කරුණක් වන්නේ ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පවතින ව්‍යවස්ථා  අර්බුදය සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමය. මෙම සාකච්ඡාවලින් පසුව දෙසැම්බර් මස 12 වැනිදා රනිල් වික්‍රමසිංහ   අග්‍රමාත්‍ය ලෙස පත් කරන ලෙපස ඔහු කෙරෙහි විශ්වාසය පළ කරමින් ගෙන ආ යෝජනාව මන්ත්‍රිවරුන් 117 දෙනකුගේ ඡන්දයෙන් සම්මත වූ අතර පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව වර්ජනය කළහ. මෙම සිදුවීමෙන් පසුව දෙසැම්බර් මස 16 වැනිදා යළි අග්‍රාමාතක්‍ය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් යළි පත් කරන ලදී.

පාර්ලිමේන්තුවේ සිදුවූ මෙම ක්‍රියාදාමයට සමගාමීව දේශපාලන පක්ෂ සහ විවිධ  සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර එහිදීද තීරණය වූයේ ඔක්තෝබර් මස 28 වැනිදා සිට දියත් වූ මෙම ක්‍රියාදාමය ව්‍යවස්ථා විරෝධී බව සහ එය යළි යථා තත්ත්වයට පත් කළ යුතු බවය.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

දිවුලපිටියේ කොවිඩ් රෝහලේ ආසාදිතයන් 15ක් රෝහලින් පැන ගම් වදින බව කියමින් යකා නටයි..

Next Post

‘දිවයිනට’ එරෙහිව සාෆිගේ පරීක්ෂණය අවසන්

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.