fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මෛත්‍රී  රනිල්ව එළවා දමා මහින්දට අගමැතිකම දුන් දින 52 ට අදට වසර  02

වසර 2ක් ago
in දේශපාලන
448 5
0
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ දේශපාලන ඉතිහාසයට එක් කළු පැල්ලමක් ශේෂ කළ කුප්‍රකට දින 52 ආණ්ඩුව හෙවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ධුරයෙන් පහ කොට එවකට විපක්ෂ මන්ත්‍රිවරයකු වූ මහින්ද රාජපක්ෂ  අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කර ගැනීම සිදුවී අදට වසර දෙකක් පිරෙයි.

2018 වසරේ ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ ඒ සිදුවීමේ විශේෂත්වය වන්නේ මෛත්‍රීපාල සිරිසේන   ජනාධිපති ධුරය වෙත ගෙන ගිය එක්සත් ජාතික පෙරමුණු කඳවුරේ අගමැති පහකොට 2015 වසරේ තම දැවැන්ත ම ප්‍රතිවාදියා වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනන්ත විවේචනවලට ලක් වූ මහින්ද රාජපක්ෂම තම අගමැති ලෙස පත් කොට රජයේ ව්‍යවස්ථාදායකයේ මුල් පුටුව ඔහුට පිරිනැමීමය.

ඒ සිදුවීමත් සමග නව අමාත්‍ය මණ්ඩලයක්ද පත් කර ගැනුණු අතර එම කාලය තුළ මෙරට දේශපාන යාන්ත්‍රණය, පාර්ලිමේන්තුව තුළ මෙන්ම අධිකරණය තුළ සිදුවූ ක්‍රියාදාමය ඓතිහාසික  සිද්ධි අධ්‍යයනයක් බවට පත් කොට ඇත. කෙසේ වුවද මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස එකී ආණ්ඩුවට තිබුනේ  දින 52ක ආයුෂයකි.  ඉන් පසුව   රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස යළි වැඩ භාර ගත්තේය.

ඔක්තෝබර් 26 වැනිදා සිකුරාදා දිනයක් වූ අතර මහින්ද රාජපක්ෂ   අගමැතිවරයා වශයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන් අතර ඊට මඳ වෙලාවකට පසු පොදුජන පෙරමුණයට සම්බන්ධ වෘත්තීය සංගම් නියෝජිතයන් හරහා   මුලින්ම කළේ රාජ්‍ය මාධ්‍ය ආයතන බලහත්කාරයෙන් අල්ලා ගැනීමය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර පැවැති විවිධ මතභේදාත්මක විරසකයන් හරහා මෙම තත්ත්ව නිර්මාණය වූ අතර ඔක්තෝබර් 27 වැනිදා පාර්ලිමේන්තු සැසිවාර කල් තැබූ අතර ප්‍රකාශ වුයේ නොවැම්බර් 16 වැනිදා යළි සැසිවාර පැවත්වෙන බවය.

එයින් පසුව ඔක්තෝබර් මස 29 වැනි සඳුදා අගමැති මහින්ද රාජපක්ෂ  යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් ද පත් කර ගැනිණි.

නව අගමැතිවරයකු පත් කොට අගාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ද ඉවත් කොට නව අගමැති ලේකම්වරයකු පත් කර ගත්තද එතෙක් අගමැතිව කටයුතු කළ රනිල් වික්‍රසිංහ අරලිය ගහ මන්දිරයේ දිගටම රැඳී සිටියේ මෙම ඉවත් කිරීම නීති විරෝධි බව පවසමිනි. එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ ද අරලිය ගහ මන්දිරය තුළමය.

ඒ අනුව ඔක්තෝබර් මස 29 වැනිදා එක්සත් ජාතික පෙරමුණේ, ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 125 දෙනකු පාර්ලිමේන්තුව සභාවාර කල් තැබීම නීති විරෝධි  බව පවසමින් ඊට එරෙහිව යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාට ලිපියක් භාර දුන්නේය. මේ ලිපිය පදනම් කරගෙන යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒ සඳහා ව්‍යවස්ථාවෙන් බලය හිමි ජනාධිපතිවරයාට කථානායක ලිපියකින් දැනුම් දුන්නේය.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් 14 වැනිදා යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝගයක් නිකුත් කළේය. එය සිදුවන්නේ නොවැම්බර් මස 04 වනිදාය. ඊට පෙර නොවැම්බර් 02 වැනිදා මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත ලබා දීමට කටයුතු කළේය.

මෙම සිදුවීම් දෙක මැද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   ගත් තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් වූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමය. මේ සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් වන්නේ නොවැම්බර් 09 වැනිදාය. එසේ වුවද නියමිත පරිදි නොවැම්බර් 14 වැදා පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා පියවර ගත්තේය.

නොවැම්බර් මස 14 වැනදා ඒ අනුව පාර්ලිටමේතුව රැස්වූ අතර එහිදී මන්ත්‍රි බිමල් රත්නායක මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේය. එය කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද අතර ජනාධිතිවරයා කීවේ තමන් එය නොපිළිගන්නා බවය.

නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ අතර අගමැතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කළේය. එම කථාව අවසානයේ විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්ද විමසීමට කටයුතු යෙදුණද එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් තුළ කථානායක කරු ජයසූරියද දැඩි අසීරූතාවන්ට ලක්විය.

එදින පාර්ලිමේන්තුව කල් තැබුණු අතර යළි පාර්ලිමේන්තුව කැඳවුණේ ඊට පසුදිනය. එනම් නොවැම්බර් මස 16 වැනිදාය. එදිනද පාර්ලිමේනතුව තුළ දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර කථානායක පුටුවේ අරුන්දික ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරයා වාඩ වී එය අත්පත් කර ගැනීමත් ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා කථානායකවරයාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමත් දැඩි සේ කතා බහට ලක් වූ සිදුවීමක් විය.

කෙසේ වුවද දැඩි කලබල කාරී තත්ත්වය මැද පොලිස් ආරක්ෂාව යටතේ  කථානායකවරයා සභාවට පැමිණි අතර හඬ විමසීමේ ඡන්දයකින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව මන්ත්‍රිවරුන් 112දෙනකුගේ සහයෙන් සම්ත කර ගැනිණි.

එයින් පසුව නොවැම්බර් මාසයේ 29 වැනිදා අගමැතිවරයා සහ අගමැති කාර්යාලයේ ප්‍රතිපාදන කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්ත කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පාර්ශ්වවලට හැකියාවක් ලැබිණ. එයට පක්ෂව මන්ත්‍රීවරුන් 123 දෙනකුගේ සහය ලැබිණි.

මෙම යෝජනා සම්මත වූ දිනයේදීම සිදු වූ තවත් වැදගත් කරුණක් වන්නේ ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පවතින ව්‍යවස්ථා  අර්බුදය සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමය. මෙම සාකච්ඡාවලින් පසුව දෙසැම්බර් මස 12 වැනිදා රනිල් වික්‍රමසිංහ   අග්‍රමාත්‍ය ලෙස පත් කරන ලෙපස ඔහු කෙරෙහි විශ්වාසය පළ කරමින් ගෙන ආ යෝජනාව මන්ත්‍රිවරුන් 117 දෙනකුගේ ඡන්දයෙන් සම්මත වූ අතර පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව වර්ජනය කළහ. මෙම සිදුවීමෙන් පසුව දෙසැම්බර් මස 16 වැනිදා යළි අග්‍රාමාතක්‍ය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් යළි පත් කරන ලදී.

පාර්ලිමේන්තුවේ සිදුවූ මෙම ක්‍රියාදාමයට සමගාමීව දේශපාලන පක්ෂ සහ විවිධ  සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර එහිදීද තීරණය වූයේ ඔක්තෝබර් මස 28 වැනිදා සිට දියත් වූ මෙම ක්‍රියාදාමය ව්‍යවස්ථා විරෝධී බව සහ එය යළි යථා තත්ත්වයට පත් කළ යුතු බවය.

 

 

Join @lankasara on Telegram Channel
Tags: විශේෂ
Previous Post

දිවුලපිටියේ කොවිඩ් රෝහලේ ආසාදිතයන් 15ක් රෝහලින් පැන ගම් වදින බව කියමින් යකා නටයි..

Next Post

‘දිවයිනට’ එරෙහිව සාෆිගේ පරීක්ෂණය අවසන්

Related Posts

රට දැවැන්ත අර්බුදයකට නොදා චීන නැව ගැන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි…

අගෝස්තු 8, 2022

ගෝලීය අරගලවලට ශ්‍රි ලංකාව වේදිකාවක් වීමේ අවදානමෙන් ගැලවෙමු

ජූලි 28, 2022
Champika-Ranawaka

රට බංකලොත් කළ චෞරයින් එළියේ තබා අගරලයේ තරුණයින් දඩයම මොනතරම් සදාචාරාත්මක ද?

ජූලි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…
  • කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි
  • ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි
  • තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ජනප්‍රිය පුවත්

  • ඉතිහාසයේ සටහනක් පමණක් තබා ගෝල්ෆේස් අරගලකරුවෝ අරගල භූමිය අත්හරිති!

    241 shares
    Share 96 Tweet 60
  • සර්ව පාක්ෂික ඇමති මණ්ඩලය පත්කර ගැනීම අවුලෙන් අවුලට.. ඇමති ධුර 30ට 50ක් ඉදිරිපත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

    224 shares
    Share 90 Tweet 56
  • පොහොට්ටුවෙන් වෙන් වූ වසන්ත යාපාට සහ තිලක් රාජපක්ෂට මරණීය තර්ජන! කතා නායක නියමයෙන් පරීක්ෂණයක්….

    173 shares
    Share 69 Tweet 43
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    208 shares
    Share 83 Tweet 52
  • ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

    208 shares
    Share 83 Tweet 52

Highlights

ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි

තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට අර්ජුණ රණතුංග පත්වේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

by editor
අගෝස්තු 10, 2022
0

කොටහේන කෝටිපති උන්ඩියල් ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ල...

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

by editor
අගෝස්තු 10, 2022
0

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist