බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“මේ ඡන්දේ දින්නත් අපි දිනුම් – පැරදුණත් අපි දිනුම්”

ගාල්ල එජාප අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

by Lanka Sara Editor
ජූලි 11, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

මෙවර මැතිවරණයේ ඩීල් දේශපාලනය පිළිබඳව දැඩි කතා බහට ලක්ව ඇත. ඩීල් දේශපාලනය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මග පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග අප කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- කොරෝනා වෛරසය නිසා මෙ‘ වන විට රට දැඩි ආර්ථික හා සමාජ ප්‍රශ්න රැසකට මුහුණ පා සිටිනවා. මේ තත්ත්වයන් හමුවේ අද පවත්වන මේ මැතිවරණය ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට තිබෙන ලෝකයේ හොදම රට බව මා නොබියව ප්‍රකාශ කරනවා. මේ දූපතට ඇතුලු වන ස්ථාන දෙකක් වන ගුවන් තොටුපල හා වරාය නිශ්චිත කාලයේදි වසා දැමුවා නම් මෙරටට කොරෝනා වෛරසය ඇතුලු වන්නේ නැහැ. නමුත් බල ලෝභි දේශපාලනය නිසා කොරෝනා වෛරසය ඇතුල් වුණා.

ප්‍රශ්නය:- ඒ කොහොමද?
පිළිතුර:- කොරෝනා වෛරසය චිනයේ වුහාන් ප්‍රාන්තයේ සිට අනිකුත් රටවලට ව්‍යාප්ත වෙමින් තිබුනත් මෙරට පාලකයින් එය සැලකිල්ලට ගත්තේ නැහැ. වෛරසය මෙරටට ඇතුල් වන තෙක් ඔවුන් බලා සිටියා. එලෙස ඔවුන් කටයුතු කලේ කෙසේ හෝ තම බලය තහවුරු කර ගැනිම සදහා මැතිවරණය පැවැත්විමටයි. නාමයෝජනා භාර දිමට සති කිහිපයකට පෙර මෙරටට කොරෝනා වෛරසය ඇතුල් වුනත් නාම යෝජනා භාර ගැනිම කල් දැමිමට ආණ්ඩුව ක්‍රියා කලේ නැහැ. නමුත් නාම යෝජනා දිනයට පසු දින රටේ ඇඳිරි නිතිය පනවා රට ලොක් ඩවුන් කිරිමට කටයුතු කළා. නාම යොජනා දිනය එනතෙක් බලා නොසිට ඒ පියවර ඊට පෙර ගත්තා නම් රට මෙවැනි තත්ත්වයකට පත්වන්නේ නැහැ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ප්‍රශ්නය :- කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී මැතිවරණයට මුහුණ දිම සදහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්නායක ඇතුලත් ගැසට් පත්‍රය තවමත් ප්‍රකාශයට පත්කොට නැහැ. මේ නිර්නායක ප්‍රමාද විම සමබන්ධව එක්සත් ජාතික පක්ෂය දරන ස්ථාවරය කුමක්ද ?

පිළිතර :-සෞඛ්‍ය නිර්නායක තවමත් නිකුත් කර නැත්තේ දේශපාලඥයින් ගෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට බලපෑම් එල්ල විම නිසා බව මා මාධ්‍යයෙන් දුටුවා. ඇත්ත වශයෙන්ම ඒ නිර්නායක එක්ක දේශපාලනය කරන්න බැහැ. දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නැතුව එම නිර්නායක සකස් කර තිබෙන බව පැහැදලියි. ඒ නිසා මගේ පෞද්ගලික ස්ථාවරය වන්නේ මෙවැනි නිර්නායක එනවට වඩා ඒවා එන්නේ නැති එක හොදයි.

ප්‍රශ්නය :- ඔබ පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරින් භාරව සිටි ස්වදේශ කටයුතු ඇමතිවරයායි. වත්මන් ආණ්ඩුව චෝදනා කරන්නේ යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයින්ට කිසිදු සෙතක් සැලසුණේ නැති බවයි.

පිළිතුර :- 2015 අපේ ආණ්ඩුව බලයට පත්වන විට රට අභියෝග රැසකට මුහුණපා සිටියා සමස්ථ ආර්ථිකය කඩා වැටි රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනිකරණයට ලක්ව තිබුණා. ඉන් රට මුදවා ගැනිමට අපට හැකි වුනා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107% කින් අප වැඩි කලා. 2015 දී කමකරුවකුගේ වැටුප රු.11730 යි. 2020 දි එය රු. 24250. කළමනාකරණ සේවයේ වැටුප 2015 දි 13990 යි. එය 2020 දි 28940 යි.

ගුරු සේවයේ 13410යි. එය 2020 දි 27740 යි. වෛද්‍ය වෘත්තියේ 2015 දි 25575 ක් වූ වැටුප 2020 දි 52955 ක් දක්වා වැඩි කිරිමට අප පියවර ගත්තා.

2018 දි පත්කරන ලද රනුග්ගේ කමිටු වාර්තා වලට අනුව සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් පරිවර්තථනය සිදුකොට වැටුප් වැඩි කිරිමට අප කටයුතු කළා. ආණ්ඩුව මාරුවිමත් සමග එම කටයුතු ඇන සිටියා. වත්මන් ආණ්ඩුව අප වැඩි කළ වැටුප් හා දීමනා කපා හැරියා. අපේ ආණ්ඩුවක් යටතේ රනුග්ගේ වාර්තාව ක්‍රියාවට නංවා මේ ආණ්ඩුව අහෝසිකල සියලුම වැටුප් හා දීමනා රාජ්‍ය සේවකයින්ට අප ලබා දෙනවා.

ප්‍රශ්නය :- වත්මන් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට ලබාදුන් සහන කප්පාදු කළ බවට හිටපු අගමැතිතුමා චෝදනා කර තිබෙනවා. මොනවාද ඒ කප්පාදු කළ සහන?

පිළිතුර :- 2020 ජනවාරි සිට ක්‍රියාවට නැංවිමට තිබු රනුග්ගේ කොමිසමේ වැටුප් වැඩි වීමි නතර කලා. එය වැඩිවුනා නම් අවම වශයෙන් 3000ටත් උපරිම වශයෙන් 23000 ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩිවෙනවා.

එමෙන්ම විධායක ශ්‍රේණිවලට ලබාදිමට තිබූ රු.15000 සිට රු. 50000 දක්වා, වාහන දිමනාව අත්හිටෙව්වා. පසුගිය අප්‍රේල් මාසයේ බැංකු සේවකයින්ට ලබාදීමට තිබූ බෝනස් නතර කළා. සුව විරුවන් ලෙස බෞතිස්මකළ සෞඛ්‍ය සේවාවේ අතිකාල හා නිවාඩු දිමනා කප්පාදු කලා. රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් බලහත්කාරයෙන් කපාගැනිම් සිදුකලා. 2020 උත්සව අත්තිකාරම් මුදල වන රු. 10000 ක මුදල කපා හැරියා. විශ්‍රාමිකයින්ට 2016 ගෙවු විෂමතාවයේ ඉතිරි 60% 2020 ජනවාරියේ කපාහැරියා.

ප්‍රශ්නය :- අගෝස්තු 05 වැනිද පැවැත්වෙන මැතිවරණයෙන් එ.ජා.ප. යට ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇතැයි ඔබ තුල විශ්වාසයක් තිබෙනවාද?

පිළිතුර :- ජයග්‍රහණය කළත්, පරාජයට පත්වුනත් මැතිවරණයට අපි හැමෝම මුහුණදිය යුතුයි. හැබැයි හොදින් මතක තබාගත යුතු කාරණාවක් තිබෙනවා දින්නත් ආණ්ඩුව හදන්න පුළුවන් පැරදුනත් ආණ්ඩුව හදන්න පුළුවන්. අපිට එහෙම අතිතයක් තිබෙනවා.

ප්‍රශ්නය :- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ සමග එක්ව ආණ්ඩුව හැදිමේ සූදානමක් තිබෙන බව නේද ඔය කියන්නේ?

පිළිතුර :- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග හෝ අගමැති මහින්ද රාජපක්ෂ සමග හෝ ආණ්ඩු සෑදිමට අපට කිසිදු අවශ්‍යතාවයක් නැති බව පැහැදිලිව කිව යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් අගමැතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය බලසම්පන්න කර තිබෙනවා. එසේ නම් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළයුතුයි.

කෙසේවෙතත් අපි ඉතා කෙටි කාලයක් තුල ආණ්ඩුවක් හදනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඒ ප්‍රජාතන්ත්‍රවාදි වැඩ පිළිවෙල දෙස ඉතා ඉවසීමෙන් බලාසිටින ලෙසයි.

ප්‍රශ්නය :- නමුත් ආණ්ඩුවක් හදන්න නම් පවතින ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත යුතුයි. මේ ඡන්දයේ දී ඒ ඉලක්කය කරා යෑමට හැකිවෙයි කියා ඔබතුමාට විශ්වාසයක් තියෙනවාද?

පිළිතුර :-ආණ්ඩුවක් හදන්න බහුතරයක් අවශ්‍ය නෑ. ඒකයි මම කියන්නේ මේ මැතිවරණය දින්නත් අපි දිනුම්, පැදුනත් අපි දිනුම් ඔබට මතක ඇති 2015 ජනවාරි 08 අපි ආණ්ඩුව හැදුවේ පරාජයට පත්වෙලයි. ඉතින් මේ ගැන විමසිල්ලෙන් බලන් ඉන්න.

ප්‍රශ්නය :- 2015 ජනාධිපති ඔබේ කඳවුරේ.නමුත් මෙවර ජනාධිපති ඔබේ ප්‍රතිවාදි කඳවුරේ. ඉතින් ආණ්ඩුව හදන්නේ කොහොමද?

පිළිතුර :- ඒ ජනාධිපති අපේ පැත්තේ සිටි නිසා නොවෙයි එහෙම වුනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි ජාතික ආණ්ඩුව කියන වචනය ලියපු නිසයි. එහිදි බහුතරය කියන වචනය අදාල වන්නේ නැහැ. සුළුතරයකට ආණ්ඩුව පිහිටුවිය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන රාජ්‍ය සේවකයින්ට දේශපාලන බලපෑම් හෝ වෙනත් කිසිදු බලපෑමකට යටත් නොවි සේවය කළ හැකි පිසයක් අප නිර්මානය කලා. අපේ ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩ කළ තවත් කිසිදු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ බලයට පත්වි නැහැ.

ප්‍රශ්නය :-එහෙමනම් පසුගිය ජනාධිපතිවරනයේදි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කරවිමට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය නොලැබුණේ ඇයි?

පිළිතුර :- ඒ සදහා අප ඉදිරිපත් කළ අපේක්ෂකයාද බලපෑ බව කිව යුතුයි. සියලු පාර්ශවයන්ගේ විශ්වාසය දිනාගත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිපත් කිරිමට අපට හැකිවුනේ නම් රාජ්‍ය සේවකයින්ගේ උපරීම සහයෝගය අපට ලබාගැනිමට හැකිව තිබුණා.

ප්‍රශ්නය :- ඔබතුමා ඩීල් දේශපාලනයේ නිරත වන බවට බරපතල චෝදනාවක් තිබෙනවා

පිළිතුර :- මගේ කිසිම ඩීල් එකක් නැහැ. මගේ ඩීල් එක තියෙන්නේ ජනතාව සමග පමණයි.

ප්‍රශ්නය :-ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සහ ඔබ අතර සබඳතාවයක්, මිතුදමක් පැවතුනාද?

පිලිතුර :- ඔව්. එයා සහ මා අතර හිතවත්කමක් තිබුණා.

ප්‍රශ්නය :- ඔබ ඔහුගෙන් මුදල් ලබාගැනිමේ තවත් ඩීල් එකක් ගෙන ගිය බවට චෝදනා එල්ලවී තිබෙනවා. ඇත්තටම එහෙම දෙයක් වුනාද?

පිලිතුර :- මම ඉහතදි කී දේම තමා කියන්න තියෙන්නේ කිසිම කෙනෙක් සමග ඩීල් එකක් මට නැහැ. ජනතාව සමග පමණයි ඒ ඩීල් තියෙන්නේ. ඔබේ චෝදනාව ගැන විභාගයක් පැවැත්වෙනවා. බලමු කුමක්ද වෙන්නේ කියා.

ප්‍රශ්නය :-ලබන 06 වෙනිදා සිරිකොතේ බලය අල්ලන බවට සජිත් පාර්ශවය ප්‍රකාශ කර තිබෙනවා. එහෙම වුනොත් කුමක්ද වෙන්නේ?

පිළිතුර :-මම හිතන්නේ ඕවා හීනෙන් කියන කථා. දවල් හීන සැබැ වෙන්නේ නැහැ.

Share84Tweet43
Previous Post

කන්දකාඩු කොවිඩ් සම්බන්ධයක් නිසා රාජාංගනය මෙහෙයුමක්

Next Post

“මෙවර පොහොට්ටුවෙන් ‘බූරුවන් සහ අශ්වයන්’ දෙගොල්ලම ඉදිරිපත් කරලා තියෙනවා”

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.