fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පරණ අපරාධකරුවන්ගෙන් අලුත් පාර්ලිමේන්තුවත් පුරවන්න එපා

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරයි.

වසර 2ක් ago
in දේශපාලන
433 4
0
Share on FacebookShare on Twitter

පැවති පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණ බැවින් මේ මහ මැතිවරණයෙන් පසු රැස්වන අලුත් පාර්ලිමේන්තුවට අපරාධකරුවන් එවීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අනාගත පාර්ලිමේන්තුව හා රටේ වත්මන් තත්වය පිළිබඳව කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කිසිදු දැනුමක් අවබෝධයක්, හැකියාවක් නැති කුඩු කාරයින්, ගංජාකාරයින්, එතනෝල් කාරයින්, ස්ත්‍රී දූෂකයින්, වැනි අපරාධ කරුවන් නැවත වරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා එවීමෙන් ජනතා අපේක්ෂාවන් කිසිවක් අලුත් පාර්ලිමේන්තුවෙන් ද ඉටු නොවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ පාලන සමයන්හි චෝදනා ලැබූ කිසිවෙක් මේ මැතිවරණයේ දී ඉවත්කර නැති බවත් මෙවර ඒ සියලු දෙනාටම නාම යෝජනා ලැබී ඇති බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණු නායකයා නැවත එවැනි අය පත්කර ගනිමින් රට විනාශයකට ඇද දමනවාද, එසේත් නොමැති නම් උගත්, බුද්ධිමත්, පිරිසිදු කණ්ඩායමක් අලුත් පාර්ලිමේන්තුවට පත්කරගෙන වැටී ඇති රට ගොඩ නගනවාද යන්න මෙරට ජනතාව තීරණය කළ යුතු බවය.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ පැවති විශ්වාසය අද වනවිට මුලුමනින්ම බිඳවැටී තිබෙන බව ජනතා ක්‍රියාකාරකම් වලින් සනාථ වන බවත්, එය කොතෙක්  ද කියනවා නම් රටේ යම් ව්‍යසනයක් සිදු වුවහොත් ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට  සිදු විය යුතු බවට ප්‍රාර්ථනා කරන මනෝභාවයක් වෙත ජනතාව ඇද දමා ඇති බවත් ඔහු පැවසීය.

අලුත් පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක අයගෙන් පිරවීම යුගයේ අවශ්‍යතාවය වී තිබෙන අතර මෙතෙක් පාර්ලිමේන්තුට පැමිණි පුද්ගලයන් අති බහුතරයක මේ ප්‍රතිපත්ති ගරුක ස්වරූපය නොමැති වීම නිසා රට මේ ඛේදනීය තත්වයට පත් වී ඇති බවත් අනුර කුමාර දිසානායක පෙන්වාදුන්නේය. අලුත් පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක, රටට වැඩදායි අයගෙන් පිරවිමට නම් මේ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය ශක්තිමත් කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

“ පහුගිය තීරණාත්මක ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේ දී අපි දැක්කා මුදට විකිණෙමින් හතර අතට පනින මන්ත්‍රීවරු. එය හරියට කොටස් වෙළෙඳපල වැනි තත්වයක්. අද වනවිට අශිෂ්ඨත්වයේ කේන්ද්‍රය බවට පත් වී ඇති පාර්ලිමේන්තුව ශිෂ්ඨත්වයේ  කේන්ද්‍රය බවට  පත් කළ යුතුයි. එසේ කිරීමට නම් පැවති පාර්ලිමේන්තුවේ සිටි හොර තක්කඩි අපරාධකරුවන් එවීමෙන් වැලකී සිටීමේ වගකීම ජනතාවට තියනවා. “

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

Next Post

ලීසිං මැරයෝ ත්‍රී රොද රථ සංගම් සභාපතිව පහර දී මරා දමති

Related Posts

අද මන්ත්‍රි වෙන්න හිටි ධම්මික පෙරේරා තීරණය වෙනස් කරයි!

ජූනි 21, 2022

කාල රාමුවකට යටත්ව විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනවා… අගමැති කියයි!

මැයි 29, 2022

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

මැයි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist