බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

දේශපාලකයන්ගේ  දිග පළල කියා දුන්නු තිස්ස කුට්ටිගේ වම්බටු!

by editor
නොවැම්බර් 28, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය

සතිය ආරම්භ වන්නේ රිවස් කළ ගැසට් එකක් සම්බන්ධ කතාවෙනි. රසායනික පොහොර තහනම ඉවත් වූයේය.  පසු ගිය 24 දා සිට පුද්ගලික අංශයට යළි පොහොර ගෙන්වීමට ඉඩකඩ සැලසිනි.

මේ සම්බන්ධව මූලික සාකච්ඡාවක් පසුගිය 22 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම රැස්වීම

මෙම රැස්වීම පුරාම ජනාධිපතිවරයාගේ දැඩි ස්වරය රැව් දුන්නේය. රජයේ කාබනික ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ඔහු පැවසුවේය. ඒ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා රසායනික ශාඛ පෝෂක ගෙන්වීමට තමන්ට සහ  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට කැබිනට් මණ්ඩලයේ බලතල යටතේ ඇති ඉඩකඩ පිළිබඳ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධව ජනාධිපතිවරයා සිටියේ බෙහෙවින්ම කිපීය. වයඹ විශ්විද්‍යාලයේ උප කුලපතිකමත් අතහැර කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්කම තෝරාගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ එදා ජීවිතයේ හොඳම කතාව අහගත්තේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

රජයේ ප්‍රතිපත්තියේ නැති රසායනික පොහොර ඒජන්තයන් තමන්ට අවශ්‍ය නැති බවත් තවත්  රසායනික පොහොර ගැන කතා කළහොත් ලේකම්වරයාව පන්නා දමන බවත් ජනාධිපතිවරයා කීවේය. රාජ්‍ය ප්‍රතිපත්තිය වූ කාබනික හරිත වගා ප්‍රතිපත්තියට එකඟ නොවන සියලුම නිලධාරීන් පලවා හරින බවත් ඔහු ප්‍රකාශ කළේය. ජනධිපතිවරයා පැවසුවේ ගොවීන් විදී බැස උද්ඝෝෂණය කරන්නේ තමන් හඳුන්වා දුන් කාබනික ප්‍රතිපත්තිය නිලධාරීන් විසින් සාධනීය ලෙස ජනතාව අතරට ගෙන නොගිය නිසා බවය.

“ මහාලොකු විද්‍යාඥයො එනවා උපදෙස් දෙන්න. හොයලා බලනකොට ඒ අය පොහොර සමාගම්වල  අධ්‍යක්ෂවරු. “  ජනාධිපතිවරයා සිටියේ එවැනි ස්ථාවරයකය.

මේ අතර තම සමාගම් සතුව පවතින පොහොර පිළිබඳව සංඛ්‍යාලේඛන නිසිලෙස ඉදිරිපත් කර ගැනීමට නොහැකි වූ රාජ්‍ය පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනා අදාළ සංඛ්‍යාලේඛන රැගෙන එන තෙක් රැස්වීමෙන්  පලවා හැරීමට  ජනාධිපතිවරයා කටයුතු කළේය.

රැස්වීම අවසන් වූයේ  කාබනික පොහොර සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බව ජනාධිපතිගේ අවධාරණයත් සමගය.  නමුත් රසායනික පොහොර පුද්ගලික අංශයට ගෙන්වීමට ඉඩ කඩ සලසා දෙන බව ඔහු කීවේය.  සියලුම සහනාධාර ලැබෙන්නේ කාබනික ගොවිතැන තෝරාගත් ගොවීන් සඳහා පමණක් බව එහිදී යළිත් අවධාරණය විය.

හවස්වන විට තවත් ගැසට් එකක් රිවස්

රැස්වීම ඉවර වී හවස නිවෙස් බලා යන විට තවත් අපූරු වැඩක්  සිදු වූයේය.  උග්‍ර විෂ සේ නම් කර ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක සඳහා පනවා තිබු තහනම ඉවත්  කරමින් පලිබෝධ නාශය රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ. සුමිත්ට   ගැසට් පත්‍රය නිකුත්  කර තිබිණි.

ඒ මොහොතේ සිට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද පරළ විය. එදින රාත්‍රියේම ඔහු මාධ්‍ය අමතා පැවසුවේ  පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර ගෙන මේ ගැසට්ටුව අවලංගු කරන බවය.  කී ලෙසම පසුදා (23) ආචාර්ය ජේ.ඒ සුමිත්ව තනතුරින් ඉවත් කළ ඇමතිවරයා මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළේය. පාර්ලිමේන්තුවේ දී ආචාර්ය සුමිත් ගේ පලු ඇරියේය.  ගැසට් ගැසීම හා රිවස් කිරීම ගැන සමාජ මාධ්‍යවල රස කතා මැවිනි.

ඒ අතර මේ රටේ මජර දේශපාලනය ජීවිතවල අන්තරය මවා ඇති ආකාරය පෙන්වන බිහිසුණු ඛේදවාචකයක් වාර්තා විය. 23 දා උදෑසන කින්නියා ත්‍රීකුණමලය කලපුවේ  කුරුඤ්ඤංකේනි හි දී පාලම් පාරුවකින් ගමන් කරමින් සිටි අසරණයින් පිරිසක් කළපුවේ ගිලී මලහ. ඒ අතර උදෑසන පාසල් යෑමට පිටත් වී සිටි දරුපැටව් තිදෙනෙක්, තුන් හැවිරිදි පෙරපාසල් දරුවෙක් වූයේය. දෙදෙනෙක්  දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා යොමුවිය.  මේ කලපුව හරහා පාලමක් ඉදි කර ඇත්තේ 1977 වර්ෂයේය. පාලම     අබලන්වීම  නිසා වර්ෂ 2015 සිට ගමනා ගමනය නැවතිනි. රජයන් දෙකක් අවස්ථා දෙකක දී පාලම හැදීම ආරම්භ කර පසුව මගහැරියේය.

මීට වසරකට පෙර මේ කලපුව හරහා එතෙරවන්නට  පාලම් පාරුවක් කින්නියා නගර සභාවෙන් දැම්මේය.  පෙරළී ගියේ මේ පාලම් පාරුවය. වටහාගත නොහැකි දෛවීය ප්‍රකාශනය වන්නේ ඊට පසු දා එනම් 24 දා   ශ්‍රී ලංකාවේ පලමු වතාවට අධි තාක්ෂණික කේබල් මත ඉදිවුණු කැලණි පාළමේ කල්‍යාණි රන් පිවිසුම ජනපති ගෝඨාභය  සහ අගමැති මහින්ද විසින් විවෘත වීමට නියමිතව තිබීමය.

 කල්‍යාණි රන් පිවිසුම

ජනපති අගමැති අතින් විවෘතවූ රන් පිවිසුම

කල්‍යාණිපුර රන් පිවිසුම 24 දා හවස 6.30ට ජනපති සහ අගැමැති අතින් විවෘත වූයේය. මනරම් විදුලි බුබුලින් හාත්පස සැරසී තිබිණි.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස  සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. එහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදීය. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුත් මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉඟුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4ක් වන ආකාරයෙන් විහිදුනේය.

මේ අධිතාක්ෂණික පාලමේ කල්‍යාණිපුර රන් පිවිසුමට වඩා මිනිසුන්ගේ අවධානයට යොමුවූයේ  එදින ජනපතිවරයා කළ කතාවය.  “ඕනෙ ඒක ද?. ඒකනම් දෙන්නම්…“ යැයි වියලි  සිනහවක් සමගින් කළ ඒ සමස්ථ කතාවේ  අවධානයට ලක්වූ සාරාංශය වූයේ   පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොටසය. නෛතික ක්‍රියාවලිය  පවත්වාගෙන යෑම ප්‍රමාද නම් මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වැරදිකරුවන් කර ඇති හිටපු අගමැතිවරයා හා ජනාධිපතිවරයාගේත් හිටපු අමාත්‍ය මණ්ඩලයේත් ප්‍රජා අයිතිය අහෝසිකර නැවත මෙවැනි දේ මේ රටට නොකිරීම සඳහා කටයුතු කළ හැකි බවත් යමක් ඉල්ලන විට කල්පනා කර බලා ඉල්ලන ලෙසත් ජනාධිපති කීවේය.

එතැන් සිට මෛත්‍රීපාල සිරිසේනට පාස්කු  ප්‍රහාරය සම්බන්ධව දඬුවම් කළ යුතු බව පොහොට්ටුවේ ඇමතිවරු පාර්ලිමේන්තුව තුළත් පිටතත් කියනු දක්නට ලැබිණි. රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ 26 දා උදේ ඒ කතාව පාර්ලිමේන්තුවේ කියනවිට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යක්කලදී මාධ්‍ය අමතා  පාස්කු  ප්‍රහාරයට  චූදිත මෛත්‍රීපාල සිරිසේනට දිය යුතු දඬුවම ගැන කීවේය.

එළවළු මිල අඩු කරන්නත් ජනපති ලේකම් පී.බී ට  

අගමැති මහින්ද සහ ඇමතිවරු කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.  ඒ ඉහළ යමින් ඇති බඩු මිල පාලනය කිරීමට ගත හැකි පියවර සොයා බැලීමටය.

සාකච්ඡාවේ දී ලෝක වෙලෙඳපලේ බඩු මිල ඉහළ යෑම  නිසා මිල ඉහළගොස් ඇති ආකාරයත් සතොස හරහා ජනතාවට උපරිම සහන සලසන ආකාරයත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන දීර්ඝ ලෙස විස්තර කළේය. බන්දුල කීවේ තම වැඩපිළිවෙළට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ඇති බවය.

එළවළු මිල ඉහළ යෑමට හේතුව මේ පොහොර ප්‍රශ්නයනිසා ගොවීන් වගාවෙන් තාවකාලිකව ඉවත්වීම බව එක ඇමතිවරයෙක්වත් අගමැතිට කියන්නට ඉදිරිපත් වූයේ නැත.

“ මේ වැස්සනෙ සර්… වැස්ස පෑව්වාම එළවළු මිල අඩුවේවි!“ ඇමතිවරු කීවේ එහෙමය.

එම ස්ථානයේ සිටම ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට දුකරථනයෙන් කතා කළේය.

“පී.බී… මේ දවස්වල  එළවළු මිල  ඉතාම ඉහළයි.   ජනතාවට දරා ගන්න බෑ. මේ එළවළු මිල ඉහළ යන්නේ ඇයි දැයි හොයලා බලන්න. එළවළු මිල පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්න.“ අගමැති කීවේය. පී.බී හා කීවේය. රැස්වීම නිමා කළ අගමැති වෙනත් කටයුත්කට පිටව ගියේය.

 වම්බටු ගහගත් තිස්ස කුට්ටිආරච්චි…

ගුජුප්සාජනක ව්‍යංගාර්ථයක් සහිතව රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන  තිස්ස කුට්ටිආරච්චි කළ කතාව  පසුගිය සතියේ පාර්ලිමේන්තුවත් ඉන් පිටතත් විරෝධතා රැසක් ඇති කළේය.

තිස්ස කුට්ටිආරච්චිගේ ප්‍රකාශයට පදනම් වූයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පසුගිය සෙනසුරාදා එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවට කළ ප්‍රකාශයකි.

පසුදින සිය කතාව කරන අතර තුර තිස්ස කුට්ටිආරච්චි මෙසේ කීවේය.

“ රෝහිනී කවිරත්න ලජ්ජා නැතිව අහනවා . පොලේ ගියාද, එළවළු කීය ද?. වම්බටු ගත්ත ද?. ගහල ගත්ත ද? පලා ගත්ත ද?.

“අපෙන් අහනවා වම්බටු ගහලා පලා ගත්ත ද කියලා. මේක ගිහින් අහන්න ඕන අපෙන් නෙමෙයි. සජිත් ප්‍රේමදාසගෙ නෝනගෙන්“

මේ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිනාසුනහ. විපක්ෂයෙන්  මහා විරෝධතාවයක් ඇති විය. එම අවස්ථාවේ මූලාසනයේ සිටියේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. මේ ප්‍රකාශය නිම වනවාත් සමගම නැගී සිටි නලීන් බණ්ඩාර  තිස්ස කුට්ටිආරච්ච්ගේ එම ප්‍රකාශය  අසභ්‍ය අශ්ලීල එකක් බව කියා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළත් මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා කීවේ තමන්ට ඒ කතාව නෑසුණු බවය.  රොහිණී කවිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කතානායක තුමාගෙන් කරන ලද ඉල්ලීමත්,   රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ කළ දීර්ඝ ප්‍රකාශයත් විමර්ශනය කර පසුගිය 23 වැනිදා  කතානායකවරයා තිස්ස කුට්ටිආරච්චිගේ ප්‍රකාශයට කණගාටුව ප්‍රකාශ කරමින් ඔහුට දැඩි ලෙස අවවාද කළේය.  විශේෂත්වය වූයේ  තිස්ස කුට්ටිආරච්චි තමන් අසභ්‍ය කතාවක් නොකී බව ප්‍රකාශ කිරීමය. අවසාන වශයෙන් රෝහිනී කවිරත්න කීවේ මේ වචන තුන ජනාධිපතිවරයාට එම මැතිණියගෙන් ඇසිය හැකි ද?. ඔබට ඔබගේ දියණියගෙන් හෝ බිරියගෙන් ඇසිය හැකි ද කියාය.  23 හා 24 දෙදිනත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උනුසුම් තත්ත්ව ඇති විය.

ජවිපෙ ගමින් ගමට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් ගමින් පටන්ගමු වැඩසටහන යටතේ රටේ සෑම වැඩපලකටම, ව්‍යාපාරික ස්ථානයකටම, නිවසකටම ගොස් දැනුම්වත් කිරීමේ   ව්‍යාපාරය පසුගිය සතිය තුළ ක්‍රියාත්මක විය. එහි කොළඹ දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් පැවරී ඇත්තේ ටිල්වින් සිල්වාට සහ වෛද්‍ය නලින්ද ජයතිස්සටය. එම පෙරමුණේ සෙසු නායකයෝ දිවයිනේ සෙසු ප්‍රදේශවල වැඩපිළිවෙළ දියත් කළහ.

මේ අනුව ටිල්වින් හා නලින්ද  පසුගිය සෙනසුරාදා ඉරිදා හා සඳුදා දිවා රෑ නොබලා මොරටුවේ සිට හංවැල්ල දක්වා දැනුම්වත් කිරීම් කළේ සෑම නගරයකම ව්‍යාපාරික හමු සංවිධානය කරමිනි. මේ සමහර ව්‍යාපාරික හමු සංවිධානය කර තිබුණේ ගිය මැතිවරණයේ දී පොහොට්ටුව දිනවීම සඳහා කටයුතු කළ ක්‍රියාකාරිකයන් වීම කැපී පෙනුණි. මේ අතර ජාතික ජනබලවේගය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු පුළුල් කිරීමේ සාකච්ඡා වට කීපයක් ද ආරම්භ වූයේය.

පුපුරණ ගෑස්

ගෑස් පිපිරීම් හයක් එක දිගට වාර්තා විය. වැලිකන්දේ තරුණියක් ගෑස් පිපිරීමකින් මිය ගියේය. එහෙත් අවසාන මොහොතේ එය ගෑස් පිපිරීමක් නොව සිය දිවි හානිකරගැනීමක් බව පොලිසිය කීවේය. කෙසේ වෙතත් කතාව පාර්ලිමේන්තුවේ පසුගිය 27 දා උදේ දීර්ඝ කාලයක් සංවාදයට ලක් කෙරුනේය. චමින්ද විජේසිංහ මන්ත්‍රීවරයා කීවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කැන්ටිමට යන්නට බය හිතෙන බවය. හේතුව ඒ අසල ගෑස් ටැංකි අටක් ස්ථාපිත කිරීමය. කතානායකවරයා කීවේ ගෑස් කොහෙමත් පුපුරණවා කියාය.

මේ සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෘත්තීමය විමසුමක් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සිදුකරනු ලැබුවේ මේ තත්වය දේශපාලන වාසියකට හරවා ගැනීමේ ලාභ උපක්‍රම පසෙක දමා මීට පිළිතුරක් සෙවිය යුතු බව කියමිනි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය කූට ලෙස වෙනස්කළ ආකාරය රසායනාගාර වාර්තා 03ක් උපුටා දක්වමින්  විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කිසිම ආකාරයකින් ගෑස් ටැංකි පුපුරා යන්නේ නැති බව කීවේය. ගෘහස්ථ ගෑස්වල සංයුතිය සම්බන්ධව ලංකාවේ පළමුවරට පරීක්ෂණ වාර්තාවක්  27 වැනිදා සවස ප්‍රකාශ කරන බවත් සඳුදා (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළේය. මේ වනතුරු (28) ඒ වාර්තාව පිළිබඳ නිශ්චිත තොරතුරක් නැත.

දීගය හමාර ද?

පොදුජන පෙරමුණ හා ශ්‍රී ලනිප අර්බුදය පුපුරා යෑමට ආසන්නය. ඒ අර්බුදය යළි කරලියට පැමිණියේ පසුගිය දා මෛත්‍රී හා අලුත්ගමගේ අතර පාර්ලිමේන්තුවේ දී ඇති වූ සංවාදයෙනි.

මේ දෙදෙනා අතර සංවාදය ඇතිවීමට දින කීපයකට පෙර  සිට ලුතගමගේ ඇමතිවරයා මෛත්‍රීපාල ඉලක්ක කරනෙ විවිධ අවස්ථාවල ප්‍රකාශ නිකුත් කරන්නට විය. ඔහුගේ මෙම හැසිරීම දෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටියේ දැඩි අවධානයෙනි.  පසුගිය 23 දා මේ සම්බන්ධව මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම   පාර්ලිමේන්තුවේ දී  සාකච්ඡා කළහ.  මේ ප්‍රහාරවලට ඍජුව පිළිතුරු දිය යුතු බව දයාසිරිගේ අදහස විය.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ  හිටපු ජනපතිගේ වැය ශීර්ෂය සම්බන්ධව   දැඩි ඇවේගයෙන්  කතා කළේය.  පුපුරා ගියේ ඒ කතාවය.

හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින්  දයාසිරි ජයසේකර කීවේ මහින්දානන්ද මොණරෙක්  සේ පිල් විදහාගෙන නැටුවත් පසුපස එළියේ දමාගෙන සිටින බවය.

“එතුමා ඔය වල තව හාරන්න හාරන්න කුණු ගඳ ගහනව. ගහන්න ඕන නම් අපිට ගහන්න. නායකයාට ගහන්න ගියොත් ලොකු අර්බුදයකට යාවි.  “ දයාසිරි කීවේය.

පසුගිය 25 දා  මෛත්‍රී මහින්දානන්දට පිළිතුරු දුන්නේය. “ අපි ගැහුවොත් ගහන්නෙ නෑ. ගහුවොත් අනුකම්පා කරනවා. ගැහුවොත් ගහන ජාතියෙ මිනිස්සු නෙමෙයි අපි. ගැහුවොත් ගහන්නෙ ඔය විදිහට නෙමෙයි. වෙනස් විදිහකට“ මෛත්‍රී  මහින්දානන්දගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතා කරන විට අසල අසුනේ සිටි ජී.එල් අසුන හරවාගෙන වික්ෂිප්තව මෛත්‍රී දෙස බලාගෙන සිටියේය. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුකරණයේ මේ ප්‍රශ්න ප්‍රබුද්ධ ලෙස විසඳාගත යුතු බවය.

මේ සියල්ල දෙස බලාගෙන සිටි ජාතික ජනබලවේගය වශයෙන් අනුර කුමාර දිසානායක පසුගිය 26 දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ  ඔවුන පසෙක සිට මේ පොරය දෙස බලා සිටින විට ඇතිවන හැඟීම ගැනය.

“ “ආණ්ඩුවෙම ඇමතිවරයෙක් හිටපු තමන්ගේම ආණ්ඩුවෙ ඉන්න හිටපු ජනාධිපතිවරයාගෙ වැය ගැන කියනවා. හිටපු ජනාධිපතිවරයා හිටපු හිටපු ජනාධිපතිවරයාගෙ වැය ගැන කියනවා.  ඔවුන් මේ වල හාරනවා නම් හොඳයි. එතකොට ඔවුන් දෙපාර්ශවයේම යථාර්ථය මේ රටේ ජනතාවට පෙනෙනවා. නමුත් අප විශ්වාස කරනවා ඒ තරම් දුරක් මේ විරසකය  යන එකක් නෑ, ඔවුන් නැවත එකඟතාවයකට ඇවිත් මේ කුණුවල හාරන එක නවත්වා ගනී කියලා.“

කෙසේ වෙතත්  මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ සහ ඉන් පිටත රහස් සාකච්ඡා වලය. ආණ්ඩුවෙන් පිටවීම සම්බන්ධව කෙරෙන මේ සකච්ඡා අතර ආණ්ඩු පක්ෂය ශක්තිමත් කර නැවත විසිරුණු තැන් ශක්තිමත් කරගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවේ පරිනත දේශපාලනඥයින්  විසින් දියත් කරමින් ඇත්තේය.    ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකතු කරගෙන සන්ධානගත වීමේ වෑයමක් එක්සත් ජාතික පක්ෂය ද දියත් කරමින්ය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ හැසිරීම උභතෝකොටිකයකි. මිනිස්සු මේ උභතෝකෝටිකය දෙස බලාගෙන සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගලිගමුව රුවන්වැල්ල (බී127) මාර්ග නාය යයි… ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට නායෙ යෑම් රතු නිවේදන!

Next Post

ඔමික්‍රෝම් කොවිඩ් මාරකය ගැන ආචාර්ය ජීවන්දර කියන කතාව

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.