අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

දළදා වහන්සේට අපහාස කළ සේපාල් සහ ජාතික ජන බලවේගය අතර සම්බන්ධය අනුර කියයි!

by editor
ජනවාරි 8, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

දළදා මාළිගාවට අපහාස කළ සේපාල් අමරසිංහ ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක සිටින පුද්ගලයෙක් නොවන බවත් පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී ඔහු   ඔහු සිටියේ මහින්ද – ගෝඨාභය කඳවුරේ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

දළදාමාලිගාවට අපහාස කළ පුද්ගලයා පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියෙක් නැගූ පැණයට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය පැවසුවේ ඕනෑම ආගමක දර්ශනය පිළිබඳ වාද විවාද කළ හැකි වුව ද ආගමික ගෞරවයට පාත්‍රවන පූජනීය ග්‍රන්ථ, පූජනීය ස්ථාන ගර්හාවට ලක් කිරීම සමාජ කැළඹීමක් ඇතිකිරීමට දරනා කුමන්ත්‍රණ බවය.

එවැනි තත්ත්වයන් මේ රට තුළ ඇති නොවිය යුතු බවත්,  එවැනි සෑම අවස්ථාවකම ජාතික ජන බලවේගය එම තත්ත්ව පරාජය කිරීම සඳහා මැදිහත් වීමටත් සූදානම් බවත් පැවසූ අනුර කුමාර දිසානායක ඒ තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

මැතිවරණයක් කිට්ටු වෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. ජනාධිපතිවරණය වෙලාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ දිනයේ රාත්‍රී නාගලෝකයෙන් නාගයෙක් ඇවිත් රටට සුභ පණිඩිඩයක් දෙනවා කියලා කතාවක් හැදුවා.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝටාභයට හදල තිබුණ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා නිර්මාණය කළා. එහි උච්ඡස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. අදත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න බැරිවුනා. තමන්ගේ බලය වෙනුවෙන් එවැනි විනාශකාරී දේවල් නිර්මාණය කළ පාලකයෝ අපේ රටේ ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස සංවර්ධනය වැනි දේවල් පිළිබඳ සාකච්ඡා කරනවා වෙනුවට ජාතිය ආගම ජාතික ආරක්ෂාව වගේ සංවේදී දේවල් සමඟ කරන දේශපාලන සූදුවක් තිබෙනවා. ඒ සූදුව තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ.

ඔබ කියන පුද්ගලයා ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කළේ මහින්ද රාජපක්ෂගේ සහ ගෝටාභය රාජපක්ෂගේ කඳවුර.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

නමුත් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන්. පහුගිය කාලේ යූ ටියුබ් නාලිකාවක් හරහා ඔහුගේ මතයන් ඔහු ඉදිරිපත් කරලා තියනවා. අපිට සමහර සම්මුඛ සාකච්ඡාවලට ආරාධනා කළා. අපි හැංගෙන්නේ නැති නිසා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුනා. හැංගෙන නායකයින්ට ඒගොල්ල එක්ක සම්මුඛ සාකච්ඡාවක් හොයා ගන්න බෑ. ඒක හරි. යූ ටියුබ් එකක නෙමෙයි, රූපවාහිණි නාලිකාවකවත් ඒ අයට සාකච්ඡාවක් හම්බවෙන්නෙ නෑ.

ඔහු අපි ගැන ඇගයීම් වගේම අපි ගැන විවේචනාත්මක කරුණු ඉදිරිපත් කර තිබෙනවා. යූටියුබර් කෙනෙක් හැටියට ඔහුගේ ස්වාධීනව ඔහු කටයුතු කරමින් තිබෙනවා. දැන් ආණ්ඩුව විතරක් නෙවෙයි ඒ පිළිබඳව විපක්ෂනායකයාත් විවිධ කතා කියනවා පැනික් වෙලා.

බෞද්ධ ආගම පිළිබඳවත්, බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳවත්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට නිසි ඇගයීමක් සහ නිසි මැණීමක් අපට තිබෙනවා. ඒනිසා ආණ්ඩුව විතරක් නෙමෙයි අර පැණික් වෙච්චි කණ්ඩායමත් ඉතාම විසුළු ජනක ප්‍රයත්නයක්.

ඒ වගේම ඕනෑම ආගමක එහි දර්ශනය පිළිබඳ අපට විවාද කරන්න පුලුවන්. ලෝකය ඉස්සරහට යන්නෙ එහෙම. හැබැයි ආගමේ ගෞරවයට පාත්‍රවන මධ්‍යස්ථාන, ගෞරවයට පාත‍්‍රවන ග්‍රන්ථ ඒවා පුලුස්සා දැමීම, ඒවාට ප්‍රහාර එල්ල කිරීම, ඒවාට පරුස වචනයෙන් බැණීම…. ඒවා මුලුමනින්ම යම් සමාජ කැළඹීමක් ඇතිකිරීම සඳහා දරන කුමන්ත්‍රණයන්. ඒ නිසා මා හිතනවා එවැනි දේවල් අපේ රටේ සිදුනොවිය යුතුයි. සිදුවන හැම වෙලාවකම ජාතික ජන බලවේගය ඒවා පරාජය කිරීම සඳහා මැදිහත් වීමටත් සූදානම්.

Share69Tweet43
Previous Post

විදුලි බිලේ ප්‍රශ්නය ආණ්ඩුව අභ්‍යන්තරය දෙදරවයි… මහින්ද – රනිල් ගැටුමක…

Next Post

අධ්‍යාපන සුදුසුකම් හංගන මන්ත්‍රි 17 දෙනා මෙන්න!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.