පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා අතුරින් 17 දෙනකු සිය අධ්‍යාපන මෙතෙක් හෙළි කර නැති බව අනාවරණය වේ. තොරතුරු දැන ගැනීමේ කොමිසම විසින් කරන ලද නියමයන්ට අනුකූලව මන්ත්‍රිවරුන් 208 දෙනකු මේ වනවිට සිය අධ්‍යාපන සුදුසකම් අනාවරණය කර තිබුණද එම නියමන් පිළිබඳව හෝ සැලිල්කක් දැක්වීමට මන්ත්‍රිවරුන් 17 දෙනකු පියවර ගෙන නැති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
මේ අනුව චාමර සම්පත් දසනායක, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ධමමික පෙරේරා, ගෙවිඳු කුමාරතුංග, කුලසිංහම් දිලිපන්. කුමාර වෙල්ගම, පියල් නිශාන්ත ද සිල්වා, මහින්ද රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, එස් විලයේන්ද්‍රන්, අතුරලියේ රතන හිමි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, විමල් වීරවංශ, විදුර වික්‍රමනායක සහ යදාමිණි ගුණවර්ධන යන මන්ත්‍රිවරු මෙසේ සිය අධ්‍යාපන සුදුසුකම් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති මන්ත්‍රිවරු වෙති.
මෙම පුවත්පත මේ පිළිබඳව වාර්තා කරන්නේ 2021 වසරේ පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබද ව සන්ඩේ ටයිම්ස් පුවත් පත විමසූ අවස්ථාවේ එය සැපයීමට පාර්ලිමේන්තු බලධාරීන් එය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිසම වෙත පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල සලකා බැලූ තොරතුරු කොමිසම අවසානයේ තීන්දු කර ඇත්තේ තමන් පත් කර ගත් මහජන නියෝජිතයාගේ අධ්‍යාපන සුදුසුකම් දැනි ගැනීමට මහජනතාව ට අයිතියක් පවතින බැවින් එය ප්‍රසිද්ධ කළ යුතු බවය.
එම තීන්දුව අනුව යමින් පාර්ලිමේන්තුව සිය මන්ත්‍රිවරුන්ට ෆෝරමයක් යවමින් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව දැනුම දෙන ලෙස ඉල්ලිමක් කර ඇත. ඒ අනුව සිය සුදුසුකම් පිළිබඳව සඳහන් කළ ප්‍රතිචාරයක් පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇත්තේ මන්ත්‍රිවරුන් 208 දෙනකු පමණි.
කෙසේ වුවද පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ව්‍යවසථානුකූලව අධ්‍යාපන සුදුසකම් සපුරා තිබීම පූර්ව සුදුසුකමක් වන්නේ නැත.







