fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

තරුණ අරගල කරුවන් සමග අගමැතිට සාකච්ඡා කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ හරියටම ගෙදර යන දිනය ගැන විතරයි!

මාස 3ක් ago
in දේශපාලන
522 5
0
Share on FacebookShare on Twitter

දැන් ගෝල්ෆේස් සිටිනා තරුණ අරගල කරුවන් සමග අගමැති සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කර  එකඟතාවයට පත්වීමට ඉතිරිව ඇති   එකම කාරණය වන්නේ නිශ්චිත වශයෙන්ම ගෙදර යන දවස පමණක් බව  ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ලෝකය  අධ්‍යනයනය කරමින්, අත්දැකීමෙන්ම දේශපාලනිකව සංවර්ධනය වෙමින්  ව්‍යාප්තවන මෙම   මේ තරුණ අරගලකරුවන් සිටින්නේ ආණ්ඩුවට ගව් ඉදිරියෙන් බව   ආණ්ඩුවේ ඉන්නා පරිනතම නායකයාට නොතේරීම මේ අර්බුදය තීව්‍ර කරන බව ඇය කීවාය.

අරගලයට එරෙහිව ඊයේ ආගම භාවිතා කරන්නට පහත් උත්සාහයක් දැරූ ආණ්ඩුවේ අගමැති,  ජාතිය අමතමින් දරුවන් පරිස්සම් කරගන්නා ලෙස දෙමව්පියන්ට  දැන්වූ අගමැති අද අරගල කරුවන්ට සාකච්ඡා කිරීමට කතා කිරීම දෛවෝපගත බවද ඇය පෙන්යවා දුන්නාය.

අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය.

“ජනතා මතය මෙහෙයවන්න ආණ්ඩුවට තිබුණු බලය දැන් ගිලිහිලා. ආණ්ඩුවට විරුද්ධව නිර්මාණය වෙමින් තිබෙන ජනතා මතය තවදුරටත් පාලනය කරන්න මේ ආණ්ඩුවට බැහැ.  ජනතාවත් ආණ්ඩුවත් අතර, විශාල පරතරයක් නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුවට එය තේරුම් ගන්න බැරිවීම මේ අර්බුදයේ මුලයි.

පරණ විදිහට විවිධ කතන්දර එළියට දාලා බලය තියාගන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා.

මේ මොහොතේ දියත් කර තිබෙන ජනතා අරගලය ආරම්භ වීම, වර්ධන වීම, ඒ ඉල්ලීම් මොනවාද? ඉන්නේ කවුද? වැනි කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුනා නම්, ජනතාව ඉන්න තැන ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන්. දිනෙන් දින වෙනස් වෙමින් දිනෙන් දියුණුවන අරගලයක් තිබෙන්නේ. දිනෙන් දින ශක්තිමත් වන අරගලකරුවන්ගේ දේශපාලනය අධ්‍යයනය කරමින් ව්‍යාප්ත වන්නේ.

ජනතාව ඉන්නේ ආණ්ඩුවට වඩා ගවුගණනක් ඉස්සරහින්. ආණ්ඩුව ඉන්නේ එකම තැන පල්වෙන, කුණු වුණු අතීතයක. මේ නොගැලපීම තුළ ආණ්ඩුවට පැවැත්මක් නැහැ. මෙච්චර තදින් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරන්නේ ඒ නිසයි.

මේ ආණ්ඩුව අපේ රටටත් ජනතාවටත් තවදුරටත් ගැලපෙන්නේ නැහැ. මේක ඉවර කරන්න දැන් පරක්කු වෙලා තිබෙන්නේ. ඉවර කර ගන්න බැරිවීම පීඩනයට පත්වුණු ජනතාව පාරට බැහැලා ඉන්නේ. ඊයේ (12) කොතරම් පහත් විදිහට ආගම පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සාහ කළාද කියලා අපි දැක්කා. ඔවුන්ගේ කුමන්ත්‍රණය පටන් ගන්නත් ඉස්සෙල්ලා ෆේල්. බලය තවදුරටත් තියා ගන්න අටවන උපක්‍රමත් ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලාම ෆේල්.

ජනතාව ආණ්ඩුවට උගන්වන මේ බැරෑරුම් දේශපාලන පාඩම හරිය ඉගෙන ගත යුතුයි. අවුරුදු ගණනක දේශපාලන අත්දැකීම් තිබෙන නායකයන් ඉන්නවා කියන ආණ්ඩුවට මේ පාඩම ඉගෙන ගන්න බැරි කොතරම් අන්ධ නිසාදැයි පැහැදිලියි.

අරගලකරුවන් එක්ක සාකච්ඡා කරන්න ලැහැස්ති බව අගමැති අද (13) උදේ කියනවා. දවස් දෙකකට ඉස්සෙල්ලා අරගලකරුවන් කිසි දෙයක් නොතේරෙන බබ්බු වගේ සලකලා, දෙමාපියන්ට කීවේ තම දරුවන්ව ආරක්ෂා කරගන්න කියලා. එච්චර අවමානයෙන් කතා කළ අරගලකරුවන් එක්ක සාකච්ඡා කරන්න ලැහැස්තියි කියලා අද අගමැති කියනවා.

ඕනෑ නම්, සාකච්ඡා කරන්න තියෙන්නේ එක දෙයයි. කවදාද යන්නේ කියන එකයි. නිශ්චිත වශයෙන් ගෙදර යන දවස කියන්න කියන එක සාකච්ඡා කරන්න අරගලකරුවන් ලෑස්ති ඇති. ඒ හැර වෙන සාකච්ඡා කරන්න දෙයක් නැහැ.

බලයට තිබෙන කෑදරකම නිසා, බලය නැතිව ඉන්න තියෙන බයත් නිසා, මේ ආණ්ඩුව තවදුරටත් ඉන්නේ. ඒ නිසා සුපුරුදු ඩීල් දේශපාලනය පාවිච්චි කර, පාර්ලිමේන්තුවේ වැඩි බලය රැකගෙන අරගලය මර්දනය කරලා ඉන්න හිතනවා නම්, එය සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයක්.

මෙවැනි ආණ්ඩු පලවා හැරි ජන අරගල ගැන ඕනෑ තරම් උදාහරණ ලෝක ඉතිහාසයේ තිබෙනවා. ඒ ඉතිහාසය ඉගෙන ගනිමින් මේ අරගලකරුවන් ඇවිත් තිබෙන්නේ. ආණ්ඩුවට ඒ ඉතිහාසය ඉගෙන ගන්න බැරිවුණාට අරගලකරුවන් හරිම පැහැදිලි අරමුණු වෙනුවෙන් ක්‍රියාකරනවා.

ජාතික ජන බලවේගයේ අපි මේ අරගලය ආරක්ෂා කළ යුතුයි කියලා හිතනවා. අරගලය ජයග්‍රහණයෙන් කෙරළවර විය යුතුයි කියලා හිතනවා. ඒ නිසා අපි දැවැන්ත පාගමනකින් කොළඹට එනවා. ජනතා අරගලයට අපේ සියලුම ශක්තීන් අපි යොදවනවා. අපේ රටට අනිවාර්යයෙන් ජයග්‍රහණය ගෙනදෙන හැරවුම් ලක්ෂයක් බවට අපි මේ අරගලය දකිනවා. අරගලය තුළ නිර්මාණය වන දැනුම සහ අවබෝධය තුළින් රටට අවශ්‍ය වෙනස කරා යන්න අවස්ථාව තමයි මේක.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ලංකා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්

Next Post

මහින්දානන්දගේ කටේ ගෑස් රටේ නෑ ! ලිප ගිනි මෙලවුනේ නැති අඳුරු අවුරුද්දේ මිනිස්සු පෝලිම්වල!

Related Posts

අද මන්ත්‍රි වෙන්න හිටි ධම්මික පෙරේරා තීරණය වෙනස් කරයි!

ජූනි 21, 2022

කාල රාමුවකට යටත්ව විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනවා… අගමැති කියයි!

මැයි 29, 2022

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

මැයි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist