fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“කන්නා “  වගේ යාලුවෙක් හොයා ගන්න… ඒ ඩොලර් එක්ලක්ෂ හැටදාහේ හයර් එක!

මාස 6ක් ago
in දේශපාලන
513 5
0
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය

අලුත් අවුරුද්දේ අලුත් සතිය ආරම්භ වන්නේ අදය. ඉකුත් සතිය ගෙවුනේ බඩගින්න, බඩුමිල ඉහළ යෑම, තානාපති කාර්යාල වසා දැමීම, සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ යළි වැසී යෑම, කිරිපිටි හිඟය ඇතුළු  ඩොලර් හිඟය නිසා රටම බිහිසුණු ආර්ථික අගාධයක වැටෙමින් තිබිය දී අගමැති  පුද්ගලික ජෙට් යානයකින් තිරුපති යෑම සම්බන්ධ කතාවේ දිගු පෙළ ගැසෙමිනි.

ජෙට් යානය එවූවේ උගන්ඩාවේ තානාපතිවරයාව සිට   දැන් කෙන්යාවේ තානාපතිකම දරන වේලුපිල්ලේ කනනාදන් හෙවත් කන්නා බව සමාජ මාධ්‍ය කීවේය. අයෙක් කීවේ කනනාදන් හෙවත් කොළඹ ඉහළ පන්තියේ අයට කන්නා වූ මේ තැනැත්තා යුද සමයේ එල්ටීටීඊ සංවිධානයේ කළු සල්ලි සුදු කළ ඒජන්තයෙක් බවය. ඔහු පිල්ලෙයාන්ලා එක්ක සිටි බවත් කියැවිනි.

රජයට හිතවත් ඇත්තන් කන්නා ගැන කීවේ ඔහු සුපිරි ව්‍යාපාරිකයෙක් බවය. වර්ෂ 1986 දී උගන්ඩාවේ  නිව් ඉම්පීරියල් හෝටල් සමූහයේ ගිනුම්  රැකියාවකට ගොස්  ඉක්මනින්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බව කීවේය.  ඒ මාධ්‍ය කීවේ රැකියාවේ ස්වරූපයත් සමගම  දේශපාලන සම්බන්ධතා ගොඩ නගාගෙන, අනතුරුව විදුලි ව්‍යාපෘති සඳහා ආයෝජනය කරමින් උගන්ඩා ආර්ථිකය හසුරුවන බලයක් සහිතව සිටි “හොඳම දෙමළා“ කන්නා බවය.  ඒ සටහන්වලට අනුව නම් කන්නා මාරය. අප්‍රිකානු කලාපයේ සුපිරි බලවතා කන්නාය. ඔහු වර්ෂ 2014 දී රාජපක්ෂ ආණ්ඩුවට  ජගත් මානව හිමිකම්  කොමිසම ඉදිරියේ නැවැරදි වීම සඳහා   අප්‍රිකානු රටවල ඡන්ද ලබා දීමට පුරෝගාමීව කටයුතු කර රට බේරාගත් විරුවාය.

ඔහු වර්ෂ 2013 දී මහින්ද රාජපක්ෂ රජය උගන්ඩාව හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගන්නා අවස්ථාවේ පත්කළ ලංකාවේ මුල්ම තානාපතිවරයාය.

ඔහු ඔහුගේ වියදමින් තිරුපති බැතිමතෙක් බව ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රකාශ කළ අගමැතිවරයාට තිරුපති යන්නට කෙන්යාවේ සිට මේ ජෙට් එක ලංකාවට එවා තිබේ.

බලාගෙන යනකොට ඒ කතාව මාරය. කෙන්යාවේ සිට ලංකාවට එන වියදම අතහැරියකොට රත්මලානෙන් ඉන්දියාවට ගොස් අගමැතිට තිරුපති වන්දවා එන්නට රුපියල් තුන්කොටි තිස් දෙලක්ෂයකට ආසන්න මුදලක් රුපියල් වලින් වියදම් කර තිබිණි. හයර් එක ඩොලර්වලින් ගත්තොත්   දල වශයෙන් ඩොලර් එක්ලක්ෂ තිස් හත්දායකි.

එනකොට පිටි ටින් එක්ක ගේන්න….

රටේ අන්තිම ඩොලර් ටික වියදම් කරමින් පිට රට ගිය රාජ්‍ය ඇමති  නිමල් ලන්සාට වෙච්චි වැඩක් පසුගිය සතියේ මාධ්‍යවල කතා බහට ලක්වුනේය.

ආනයනයනික කිරිපිටි හිඟය. දේශීය කිරිපිටි නිශ්පාදනය රටට ප්‍රමාණවත් නැත.  රටේ හැම තැනම කිරිපිටි ගන්නට දිගු පෝලිම්ය. මිරිහානේ දී ගරු ජනාධිපතිතුමාටත් හූවක් වැදුනු බව කියන්නෙ පැලවත්ත කිරිපිටි  අලෙවි මධ්‍යස්ථානය ඉදිරියේ පිටි පැකට් එකක් ගැනීම සඳහා පෝලිමේ සිටි මිනිසුන්ගෙනි. ඒ වීඩියෝවක් අන්තර්ජාලයේ බෙදා ගත් කාන්තාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් යන්න වුනේය.

පෝලිමේ නොසිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ලබන   පෙබරවාරි මාසය දක්වා සිටීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කීවේය.

බැංකුවලින් ණයවර ලිපි ලබා ගැනීමේ ගැටලුව හේතුවෙන් කිරිපිටි ආනයනය ප්‍රමාද වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.  හේතුව  ඩොලර් හිඟය ය.   දේශීය හා විදේශීය බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම නොකරන බැවින් කිරිපිටි වෙළදපලට ඒම  ප්‍රමාද වූ බව ආනයන කරුවෝ පැවසූහ.

සංචාරයක් ගිය රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට ඔහුගේ බිරිය කෙටි පනිවඩයක් මගින් ගෙදර එනවිට කිරිපිටි ටින් එකක් රැගෙන එන්නැයි   තිබුණේ මේ ජරමර අතරය. රාජ්‍ය ඇමතිවරයා කීවේ ඒ පණිවිඩය එන විට තමන් සිටියේ ට්‍රාන්සිට් එකක බවය.

නිලධාරීන්ගේ වැරදි

හතර අතින් ආණ්ඩුව බැනුම් අසන විට ඇමතිවරුත් ජනාධිපතිවරයාත් ඒ වැරැද්ද පටවනු ලැබුවේ නිලධාරීන් වෙතය. හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය   බිඳ වැටුණේ නිලධාරීන්ගේ වරදින් බව ජනාධිපතිවරයා කීවේය.  ගෑස් හිඟය ලිට්‍රෝ සභාපති වගකිවයුතු බව නොකියා පැවසුවේය. එහෙත් රාජ්‍ය ඇමති නිමල් ලන්සා කීවේ ලිට්‍රෝ සභාපති තෙසාර ජයසිංහට ගහලා පැන්නිය යුතු බවය. හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යාශයේ නිලධාරීන්ගෙන් සියයට 70කගෙන් නිසි උදව්වක් නොතිබුණු බවකී කෘෂිකර්ම ඇමතිවරයා  පැවසුවේ ඔවුන් සියලුදෙනා  රසායනික පොහොර මාෆියාවේ කොමිස් කාරයන් බවය.

කැබිනට් සංශෝධනය

කැබිනට් සංශෝධනයක් ගැන කියැවෙන්නේත් මේ අතරතුරය. කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනවාරි 08 සිදුවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය. වඩාත්ම සංවාදයට ලක් වූයේ  අගමැති මහින්ද  රාජපක්ෂ විශ්‍රාම ගන්නා බවත් අගමැතිකම  බැසිල්ට හෝ රනිල්ට ලබා දෙන  ලෙස ආණ්ඩුවේ ඇමතිවරු කරන බව කියන ඉල්ලීමය.

නව කැබිනට් සංශෝධනයට අනුව ප්‍රබල ඇමතිධූර දරන කීප දෙනෙකුගේ ඇමතිකම් වෙනස් වී රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙකුට කැබිනට් ඇමතිකම් ලැබෙන බවට වාර්තා පලවේ.  අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, වෙනස් වීමට නියමිතව බව කියැවිනි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරු මේ වනවිටත් වෙනස් වී හමාරය.

ජනපතිගේ සාකච්ඡාව

පුවත්පත් කතුවරුන් හා ජනපති අතර සාකච්ඡාවක් පසුගිය  27  . ජනපති මන්දිරයේ දී  පැවැත්වුනේය. විශේෂත්වය වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනය වූ ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පුවත්පත් හතරේම කර්තෘවරුන්ට මෙම රැස්වීමට ආරධනා නොකිරීමය. ලේක්හවුස් ආයතනයෙන් ආරධනා ලැබ තිබුනේ තිනකරන් කර්තෘවරයා පමණි.

මෙහිදී පුවත්පත් කතුවරුන් ජනපතිව විමසා සිටියේ කැබිනට් ඇමතිවරුම කැබිනට් තීරණයකට එරෙහිව උසාවි යෑම ජනාධිපතිවරයා දකින ආකාරය ගැනය.  විමල් වාසු සහ උදය  මුල් කරගෙන ඇතිකරගත් මේ සංවාදයේදී ජනපතිවරයා ප්‍රාකශ කළේ කිසි දෙයක් සඟවාගෙන කටයුතු කර නැති බවය.  රටට හානියක්වන කිසිම දෙයක් තමන් විසින් සිදුකර නැති බවය.

අනතුරුව ජනාධිපතිවරයා අධිකරණයට ගිය කැබිනට් ඇමතිවරුන් තිදෙනා දැඩිව විවේචනය කළේය.  එය කැබිනට් සාමුහිකත්වය කැඩීමක් බව කී ජනපතිවරයා කීවේ වඩාත් සුදුසු මේ ඇමතිවරුන්  සිය ධූරවලින් ඉවත් වී මෙම විවේචනය කිරීම බවය.

සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වූයේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීමය.  ජනාධිපති ලේකම්වරයා කලක් තිස්සේ ඇමතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටියේය.  චමල් රාජපක්ෂ ඇමතිවරයාත් ජනාධිපතිවරයා ඉදිරියේම ජනාධිපති ලේකම්වරයාට බැන්න බව වාර්තා විය. ඒ තත්වය තුළ පී.බී කීහිප වරක්ම සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කළේය.  එසේ පිළිනොගත් ඉල්ලා අස්වීම අවසානයේ දී ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා පිළිගත්තේය. අද (03)පී.බී. ජයසුන්දර සේවයෙන් විශ්‍රාම යන්නේය.  ජනපති පී.බීගේ ඉල්ලා අස්වීම පිළිගන්නේ  ඇමති මණ්ඩලයේ සාමුහිකත්වය ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් බව කියැවිනි. ජනාධිපති ලේකම් ලෙස  ගාමිණී සෙනරත් අද සිට එම ධුරයේ  වැඩ කරගෙන යන්නේය.

සනත් නිශාන්ත ගේ නත්තල් පාටිය

කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි නත්තල් පාටියක් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා සූදානම් කර තිබුනේය. ජනපතිවරයා ඇතුළු    මැති ඇමතිවරු මේ අස්ථාවට එක් වී සිටියහ. අගමැතිවරයාගේ ඉල්ලීම මත සාදයේ සිටියවුන්   කුල්මත්  කරමින් ගී ගැයුවේ සජබයෙන්  ඉවත් කළ ඩයනා ගමගේය.

සාදය අතර තුර සංගීතය සැපයූ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට ජනපතිවරයා හමුවීමේ අවස්ථාවක් ලබා දෙන්නට සනත් නිශාන්තට හැකි විය. එහිදී මේ ශිල්පීන් කීවේ එලිමන් සංගීත ප්‍රසංග නොමැති වීම නිසා තමන් විඳින ආර්ථික පීඩාවේ තරමය.  එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස එම ශිල්පීන් ජනපතිගෙන් ඉල්ලා සිටියේය.

ජනපති ඒ ඉල්ලීමට කන් දුන්නේය. සෞඛ්‍ය ඇමතිරවයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගෙන නව මාර්ගෝපදේශනයක්  නිර්දේශ කරමින් එළිමහන් සංගීත ප්‍රසංග සඳහා  අනුමැතිය ලබා දීමට කටයුතු කළේය. එළිමහන් සංගීත ප්‍රසංග සඳහා සෞඛ්‍ය අනුමැතිය ලැබුනේ එසේය.

අනතුරුව ජනපති සහ අගමැති ඇතුළු පවුලේ සාමාජික පිරිස කතරගමත් වැඳගෙන අලුත් අවුරුද්දේ කිරිවෙහෙර හා සිතුල්පව්ව වන්දනා කළහ. එහිදී කතරගම අශ්ඨඵල රුහ බෝධීන්වහන්සේ අභියස දී ජනපතිවරයා වෙත විශේෂ ආශීර්වාද පූජාවක් ද පැවැත්විනි.

කතරගම අශ්ඨඵලරුහ බෝධීන්වහන්සේගේ ආශීර්වාදය….

දේශපාලන කටයුතු  

නව වසරේ නව ගමනක් සඳහා සූදානම් වන බවත් ඒ වෙනුවෙන් ජනප්‍රිය නොවන දැඩි තීන්දු ගැනීමට කටයුතු කරන බවත් ජනපති ඊයේ ( 02) ප්‍රකාශ කළේය. ඒ ජනපතිවරයා වෙත  කෝට්ටේ කළ්‍යාණ ශ්‍රී සංඝ සභාව විසින් කෝට්ටේ රජමහා විහාරයේ දී  පිරිනමන ලද ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ  ගෞරවාභිධානය දරා ගනිමිනි.  ජනාධිපතිවරයා කීවේ තමන්ට නින්දා අපහාස කරන අයගේ ප්‍රකාශක උපේක්ෂාවෙන් දරාගෙන නව වසරේ නව ගමනක් සඳහා යොමුවන බවය.

ඒ පණිවිඩය මීට පෙර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම කීවේය. දැඩි තීන්දු තීරණ ගන්නා බවත්  වර්ජනය කරන ආයතන පුද්ගලික අංශයට පවරන බවත්,  සාමුහිකව වැඩ කිරීමට නොහැකි අය ඉවත් කරන බවත් ජනපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව තීරීණය කළ බව දිලුම් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් ජාතික ජනබලවේගය ඉතා සංවිධානාත්මක  දේශපාලන ව්‍යාපාරයක් බිම් මට්ටමේ සිට ආරම්භ කර තිබුණේය. ඒ සමගම ජාතික ජන බලවේගයේ නායක අනුර  කුමාර දිසානායක  ඉලක්ක කරගෙන දැඩි විවේචන මාලාවක් රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි.  විදේශ ණය පියවීම සඳහා ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිපත් නොවීම බරපතල විවේචනයට ලක්කරමින් අනෙක් දේශපාලන පක්ෂ සිය අදහස් දක්වා තිබිණි.

සමගි ජනබලවේගය රාත්‍රී කාලයේ පන්දම් රැගෙන පාරට බැස ඉන්ධන මිල ගැන කියමින් උද්ඝෝෂණයේය.  තිස්ස අත්තනායක සදහම් යාත්‍රා සමග පන්සල් වෙත ගොස් සිය දේශපාලන ව්‍යාපාරය ගැන දැනුම්වත් කරමින් සිටින්නේය.

මේ අතර එජාප රැස්වීම් වාර දෙකක් සිරිකොත දී පසුගිය සතියේ පැවැත්විනි. ප්‍රධානත්වය දැරුවේ රනිල්ය.  රනිල් ඒ හමුවල දී ප්‍රකාශ කළේ නොසලකා හැර ඇති ප්‍රශ්න හමුවේ අප්‍රේල්වල එන්නට නියමිත සාගතය ගැනය. මේ සතියේ සිට පක්ෂයක් ලෙස අඛණ්ඩව දේශපාලනය කිරීම සඳහා සංවිධානය වී පෙළ ගැසීම ගැන තීන්දු විය. දිස්ත්‍රික් මට්ටමින්  වැඩපිළිවෙළක් ඒ සඳහා සකස් වී තිබිණි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉන්නේ ආණ්ඩුව ඍජුව විවේචනය කරමිනි. දයාසිරි හූ පාර කන උද්දච්ඡ ජනතා නියෝජිතයන් ගැන කීවේය. පොලේ ගිය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති පැවසුවේ දැන් මේ ආණ්ඩුව කරන්න හැකි අයෙකුට රට භාර දී ගෙදර යා යුතු බවය.

මේ සියලු හැල හැප්පීම් මැද මිනිස්සු අන්ත අසරණ වී සිටියහ.  ජනවාරි පලවෙනිදා කිරිබතක් හදා ගැනීම පසෙක තබා ගෑස් එකක් ගැනීමට පෝලිමේ සිටි මිනිසුන් දක්නට ලැබිනි.  ගෑස් නැති නිසා භූමිතෙල් ගැනීමට යන මිනිස්සුත් හිටියේ දැවැන්ත පොලිම්වලය. කිරිපිටි පෝලිම් තව මාස තුනක් යනතුරු අඩුවන්නේ නැති බව ආනයන කරුවෝ කීහ.  පොහොර ටික නැතිව ගොවිබිම් පාලුවීම නිසා ගොවි ජනපදවල ගොවීන් අපේක්ෂා රහිතවය. එළවළු මිල ඉහළ යමිනි. දඹුල්ල තොග වෙළෙඳපලේ මිරිස් ගෝනියක් සොරකම් කළ පුද්ගලයෙක් පොලිසියට කොටු විය. පොහොර ගබඩාවලට පැන කෙරෙන සොරකම් ගැන වාර්තා විය.

අලුත් අවුරුද්ද පටන් ගන්නේ එසේය.  ජනපති ලංකාධීශ්වර පද්ම විභූෂණ  ගෞරවාභිධානය සමගිනි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

‘හැපී නිව් ඉයර්’ හෙවත් ‘තොපිට දැන් කෙළ වෙන්නට ළඟය!’

Next Post

මිනුවන්ගොඩ පෙරපාසල් ගුරුවරියකට කොවිඩ් ඔමික්‍රෝන්…  ආසාදනය වූ ආකාරය ගැන හොයාගන්න බෑ…

Related Posts

අද මන්ත්‍රි වෙන්න හිටි ධම්මික පෙරේරා තීරණය වෙනස් කරයි!

ජූනි 21, 2022

කාල රාමුවකට යටත්ව විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනවා… අගමැති කියයි!

මැයි 29, 2022

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

මැයි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…
  • අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….
  • ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි
  • දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ජනප්‍රිය පුවත්

  • ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

    247 shares
    Share 99 Tweet 62
  • කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

    200 shares
    Share 80 Tweet 50
  • බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

    208 shares
    Share 83 Tweet 52
  • මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

    203 shares
    Share 81 Tweet 51
  • සජබ අද සවස ජනපති මන්දිරය වැටලීමට සැරසෙයි… කොළඹට දැඩි පොලිස් ආරක්ෂාව!

    231 shares
    Share 92 Tweet 58
  • “ගෝඨා ගෝ හෝම්“ කියන්නට කොටු පවුර මතට නැගි උද්ඝෝෂකයන් පළවා හරින්නට හමුදාවත් එක් වෙයි…

    173 shares
    Share 69 Tweet 43

Highlights

ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

මැතිව්ස් ට කොවිඩ්….

මුලතිව් ගුරුවරයෙක්  පාසල තුළ දී  සිසුවියන් 06ක් දූෂණය කරලා..  දූෂකයා පලා ගිහින්…

තෙල් අර්බුදය නිසා සේවයට වාර්තා කරන්න විදිහක් නෑ… දුම්රිය වාර 22ක් අවලංගුයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

by editor
ජූලි 1, 2022
0

මෑත ඉතිහාසයේ මුල් වරට රිජ්වේ ආර්යා...

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

by editor
ජූලි 1, 2022
0

ජූලි 09 දා රටම අකර්මණ්‍ය කරමින්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist