බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

‘හැපී නිව් ඉයර්’ හෙවත් ‘තොපිට දැන් කෙළ වෙන්නට ළඟය!’

by editor
ජනවාරි 3, 2022
in සමාජ
colum
Share on FacebookShare on Twitter

මගේ ඉංගිරිසිය බෙහෙවින් දුර්වලය. එහෙත් එය මෙතරම් දුර්වල බව මට වැටහුණේ ඊයේ පෙරේදාය. ඒ ෆේස්බුකිය කොපමණ රෝල් කරත් දක්නට ලැබුණු එක් අමාරැ වටහා ගත නොහැකි ඉංගිරිසි වැකියක් නිසාය. හැම කෙනෙක්ම හැම කෙනාටම ‘හැපී නිව් ඉයර්’ යැයි කියා තිබුණි.

හැම කෙනාටම වැටහෙන මට නොතේරෙන මේ වැකියේ අර්ථය කුමක්දැයි වටහා ගැනීමට මම ඉංගිරිසි උගත් මිතුරන් කිහිප දෙනෙකුට කතා කළෙමි.

“ඇයි මෝඩයෝ පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් තරම්වත් තෝ ඉස්කෝලේ ගිහින් නැද්ද? ඒ කියන්නේ ‘සුබ නව වසරක් වේවා’ කියලනේ” මිතුරෙකු මට අමු සිංහලෙන් දමාගැසීය.

“මේ වසර සුබ වේවා කියලා පතන එවුන් තාම ඉන්නේ 2010 වෙන්න ඇති නේද?” මම ඇසුවෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ මොකද?”

“ඇයි යුද්ධෙ දිනපු වෙලාවේ ජනතාව හිතුවේ තව අවුරැදු දහයකින් රට සුඛිත මුදිත වෙයි කියලනේ” මම අතීිතාවර්ජයක් කළෙමි.

“යකෝ ඊට පස්සෙ අපි මහා හයිවේ සංග්‍රාමය, ගුවන්තොටුපොළ සංග්‍රාමය, වරාය සංග්‍රාමය හා මෙකී නොකී සංග්‍රාම දිනන කොට උඹ හිටියේ බුදියගෙනද?. එක යුද්ධයක් නෙමෙයි යුද්ධ හතක් ගහලා ඉවර කරපු ජාතියක් අපි.” මිතුරා පාරම්බෑවේය.

“ඔය එක යුද්ධයක්වත් දිණුවෙ නැත්තං හොඳයි කියලා ඔහෙට දැන් හිතෙන්නෙ නැද්ද?.”

මිතුරා දුරකථන විසංධි කළේය.

අනතුරැව මම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක සේවය කරන තවත් ඉංගිරිසි උගත් මිතුරෙකු ඇමතුවෙමි.

“හැපී නිව් ඉයර් කියන එකේ අලුත්ම සිංහල අර්ථය තමයි ‘තොපිට දැන් කෙළ වෙන්න ළඟයි’ කියන එක” හේ හිනැහෙමින් කීය.

භාෂා දැනුම කෙතෙක් දුර්වල වුවවත් එහි අර්ථය එය නම් නොවන වග මට පැහැදිලිය. එහෙත් අරැමය නම් ඒ කරුමය පිළිගන්නට යැයි මගේ සිත බලකිරීමය.

“හරි එහෙනම්. ඇයි හැමෝම එහෙම කියන්නේ?” මට පැනයක් පැන නැගුණි.

“නැතුව වෙන මොනවා කියන්නද? අන්තිම මොහොත වෙනකම් මිනිස්සු ආසයි හීන දකින්න” මිතුරා පැහැදිලි කළේය.

“එතකොට ඔහේ කියන්නේ කෙරෝලටම කෙළ වෙනකම් ඉන්නෙ නැතුව මීට ඉස්සර කල්පනා කළා නම් මෙහෙම වෙන්නේ නෑ කියලද?”

“නෑ. ඒත් මේකම වෙනවා”

“ඒ කෙහොමද?”

“ඇයි බොළ හැම වතාවෙම කට්ටිය කිව්වේ මේ රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව කියලනේ. ඉතිං මිනිස්සුත් හිතුවා ඒක තමයි අන්තිම අවස්ථාව කියලා. ඉතිං හීනෙ හැබෑ වෙනවා බලන්න දුන්නා” මිතුරා දුකින් කීය.

“දැන් අන්තිම අවස්ථාව ළඟටම ඇවිත්. කවුරැත් ඇයි ඒ බව නොකියන්නේ? ‘මේ තොපේ රට බේරා ගන්න අන්තිම අවස්ථාව ජනතාවෙනි පිබිදෙව් කියලා” මම ඇසුවෙමි.

“මිනිස්සු ආයෙත් ඕක විශ්වාස කරනවා. හැබැයි ඒකට ඡන්දයක් තියෙන්න ඕන” මිතුරා කීය.

“අපි වෙනුවෙන් අපි වගේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනිච්චොත්?” ජනයාගේ මොරාල් බූස්ට් කළේ ප්‍රචාරණයෙන් යැයි අදැහූ මිතුරා මොහොතක් නිහඬව උන්නේය.

“ඒක හරි යන්නේ නෑ” මිතුරා මගේ අදහස ප්‍රතික්ෂේප කළේය.

“අපිට අතීත ජන කතාවක් අරගෙන ජනතාව දැනුවත් කරන්න මුකුත්ම කරන්න බැරිද?” මම ඇසුවෙමි.

“හරියනම කතාවක් තියෙනවා. ඒත් මිනිස්සු ඒකට කැමති වෙන එකක් නෑ”

“මොකක්ද ඒ කතාව?” මගේ කුතුහලය ඇවිස්සුණි.

“බොරැවට කොටියා කෑවෝ කොටියා කෑවෝ කියලා කෑ ගහපු එකාට අන්තිමට වුණු සන්තෑසිය තමයි දැන් වෙන්න යන්නේ”

“ඉතිං ඔහේ කියන්නේ ඔය සන්තෑසිය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියලද?” මම දෙගිඩියාවෙන් ඇසුවෙමි.

“තේරෙනවා තේරෙනවා. ඒකනෙ හැම එකාම හැම එකාටම ‘හැපී නිව් ඉයර්’ කිය කිය වැලපෙන්නේ” මිතුරා සිනාසුණේය.

ඒ ඉංගිරිසි වාක්‍ය තවමත් මට නම් හරිහැටි වැටහෙන්නේ නැත. එබැවින් එය භාවිත කිරීම තව වසරකින් කල් දැමීමට මම පළමුව තීරණය කළෙමි. එක්කො ඔහේ කියලා දානවා.

රැවටෙන්න තියෙන අවස්ථාවක් මගහරින්න නරකය.

“හැපී නිව් යාර්”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් විවෘතවේ… සියලුම රජයේ සේවකයන් සේවයට කැඳවේ…

Next Post

“කන්නා “  වගේ යාලුවෙක් හොයා ගන්න… ඒ ඩොලර් එක්ලක්ෂ හැටදාහේ හයර් එක!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.