බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“අන්තවාදය මදි“ තලිබාන් කණ්ඩායමට එරෙහිවන  ජිහාඩ් මාරකය…. අයි.එස්.අයි.එස් – කේ

by editor
අගෝස්තු 28, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

බී.බී.සී –

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සීමාවේ පෙරේදා ( 28) සිදුවූ බෝම්බ පිපිරීම්වලින් සිවිල් වැසියන් මෙන්ම ඇමෙරිකානු හමුදා භටයෝ ද මියගියහ.

තාලිබාන් පාලනයට නතුවූ ඇෆ්ඝනිස්තානයෙන් මිදී පලායාම සඳහා ගුවන් යානාවලට ගොඩවීමේ අපේක්ෂාවෙන් සිවිල් වැසියන් රැඳී සිටිද්දී බෝම්බ ප්‍රහාර එල්ල විණි.

කාබුල් ප්‍රහාරය

කාබුල් හි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු බීබීසී වෙත පැවසූ පරිදි පුද්ගලයින් 60 දෙනෙකුවත් මියගොස් තවත් 140 ක් පමණ තුවාල ලබා තිබේ.

ඇමෙරිකානු මරීන් භටයින් 11 දෙනෙකු සහ නාවික හමුදා වෛද්‍ය සෙබළෙකු මියගොස් ඇති බව පෙන්ටගනය තහවුරු කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

තාලිබාන් සංවිධානය පවසන්නේ බෝම්බ පිපිරීම් වලින් එක්සත් ජනපදයට වඩා වැඩි පිරිසක් තමන්ට අහිමි වූ බවයි.

කාබුල් ගුවන් තොටුපල බෝම්බ ප්‍රහාරයෙන් තාලිබාන් සාමාජිකයින් 28 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ බව තාලිබාන් නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළ එම තාලිබාන් නිලධාරියා පැවසුවේ “ඇමරිකානුවන්ට වඩා අපට මිනිසුන් අහිමි වී ඇති” බවයි.එසේ තිබියදීත්, එක්සත් ජනපදය සිය ඉවත් කිරීම් අවසන් කර ගැනීම සඳහා අගෝස්තු 31 වනදා දක්වා තිබූ කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසීය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ කාබුල් ගුවන් තොටුපල පරිශ්‍රයේ සිදු වූ ද්විත්ව පිපිරීම් වලින් අවම වශයෙන් එක්සත් ජනපද සොල්දාදුවන් 13 දෙනෙකු සහ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ අනුබද්ධ ආයතනයක් එහි වගකීම බාරගෙන තිබේ. එම සංවිධානය හඳුන්වන්නේ අයි.එස්.අයි.එස්. කේ නමිනි.

කවුද මේ අයි.එස්.අයි.එස්.කේ

අයිඑස්අයිඑස් – කේ නැතිනම් වඩා නිවැරදි ලෙස හඳුන්වන්නේ නම්, ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් පළාත යනු ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානයේ ක්‍රියාකාරීව සිටින, අයිඑස්අයිඑස් නැතිනම් ඊනියා ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට අනුබද්ධ ප්‍රාදේශීය ඒකකයකි.

එය ඇෆ්ඝනිස්තානය තුළ ක්‍රියාත්මක සියලු ජිහාඩ්වාදී සන්නද්ධ කණ්ඩායම් අතරින් වඩාත් අන්තවාදී සහ ප්‍රචණ්ඩ කණ්ඩායම ලෙස සැළකේ.

ඉරාකය හා සිරියාව තුළ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබූ ‘කැලිෆේටය’ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය විසින් බිඳ හෙලනු ලැබීමට පෙර අයිඑස් බලය උපරිමයේ පැවති අවස්ථාවේදී එනම් 2015 ජනවාරියේදී එම කණ්ඩායම බිහි විණි.

ඇෆ්ඝනිස්තානයේ හා පාකිස්තානයේ ජිහාඩ්වාදීන් ඊට බඳවා ගනු ලැබීය. විශේෂයෙන්ම තාලිබාන් සංවිධානය තමන්ට ගැලපෙන තරමේ අන්තවාදී නොවූ බැව් විශ්වාස කරමින් එය හැරගිය සාමාජිකයෝ ඊට එක්වූහ.

අයි.එස්.අයි.එස්. කේ කේන්ද්‍රය කොතැන ද?

අයිඑස්අයිඑස්-කේ කණ්ඩායම කේන්ද්‍රගතව වී ඇත්තේ පාකිස්ථානයේ සහ ඉන් පිටත මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සහ මිනිසුන් ජාවාරම් කරන මාර්ග ආසන්නයේ ඇති නැගෙනහිර පළාතේ නන්ගර්හාර් හි ය.

බාලිකා පාසල්, රෝහල් පමණක් නොව ගර්භණී කාන්තාවන් මෙන්ම හෙදියන් ද වෙඩි තබා මරණයට පත්කෙරුණේ යැයි වාර්තා වූ මාතෘ නිවාස ද ඉලක්ක කර මෑත වසරවල සිදුවූ ඇතැම් අති දරුණු කෲරකම් පිළිබඳ ඔවුන්ට චෝදනා එල්ල විය.

ඇෆ්ඝනිස්තානයට සීමා වූ අරමුණු සහිත තාලිබාන් මෙන් නොව, ගෝලීය අයිඑස් ජාලයේ කොටසක් වන අයිඑස්අයිඑස් – කේ කණ්ඩායම ද ඔවුන්ට ළඟා විය හැකි බටහිර, ජාත්‍යන්තර හා මානුෂීය ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරයි.

අයි.එස්.අයි.එස්. කේ ක්‍රියාත්ම ආකාරය…

අයිඑස්අයිඑස් – කේ කේන්ද්‍රගතව සිටින්නේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ය. පාකිස්තානය තුළ සහ ඉන් එපිට අතර මත්ද්‍රව්‍ය මෙන්ම මිනිස් ජාවාරම් ද ක්‍රියාත්මකවන මාර්ගය වැටී ඇත්තේ ඒ ආසන්නයේ ය.

කණ්ඩායමේ උපරිම අවධියේදී එය සටන්කරුවන් 3,000 කින් පමණ සමන්විත වුවද, ඇමෙරිකානු සහ ඇෆ්ඝන් හමුදා මෙන්ම තාලිබාන් සමගද ඇති වූ ගැටුම් හේතුවෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට ජීවිත හානි සිදුවිය.

අයි.එස්.අයි.එස් – කේ තාලිබාන් සමග සම්බන්ධ ද?

හකානි ජාලය නම් වූ තුන්වෙනි පාර්ශවයක් හරහා ඔවුන් තලිබාන් සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් ඇත.

ෙපර්යේෂකයින්ට අනුව අයිඑස්අයිඑස් – කේ සහ හකානි ජාලය අතර ශක්තිමත් සම්බන්ධයක් පවතී. හකානි ජාලය තාලිබාන් සමග සමීප සබඳතාවක් ඇත.

මේ වනවිට කාබුල් හි ආරක්ෂාව භාර ප්‍රධානියා වන ඛලීල් හකානි යි. ඔහුගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනැමීමට වෙන් කර තිබිණි.

වසර ගණනක් පුරා ඇෆ්ඝනිස්තානය තුළ සන්නද්ධ ජාල, ආසියා ශාන්තිකර පදනමේ ආචාර්ය සජාන් ගොහෙල් ගේ නිරීක්ෂණයට ලක්විය.

“2019 සහ 2021 අතර එල්ලවූ ප්‍රධාන පෙළේ ප්‍රහාරවලට අයිඑස්අයිඑස් – කේ මෙන්ම තාලිබාන් හකානි ජාලය සහ පාකිස්තානය මූලික කරගත් වෙනත් ත්‍රස්ත කණ්ඩායම්වල එකතුවක් පැවතියා.” ඔහු පවසයි.

පසුගිය අගෝස්තු 15 වෙනිදා තාලිබාන්වරු කාබුල් අත්පත් කරගනිද්දී, අයිඑස් සහ අල්-ඛයිඩා සටන්කාමීන් ද ඇතුළත් විශාල පිරිසක් පුල් – ඊ- චක්‍රී බන්ධනාගාරයෙන් මුදාහරින ලද බව වාර්තා විය. ඔවුන් මේ වන විට නිදැල්ලේ සැරිසරයි.‍ෙඑහෙත් අයිඑස්අයිඑස් – කේ සහ තාලිබාන් අතර බරපතල වෙනස්කම් පවතී. කටාර් රාජ්‍යයේ දෝහා හි “සුඛෝපභෝගී හෝටලවල” එළඹුණු සාකච්ඡා මාර්ගික සාම වැඩපිළිවෙල වෙනුවෙන් ජිහාඩය මෙන්ම සටන්බිම ද අත්හැරී යැයි තාලිබාන් සංවිධානය වෙත ඔවුන් චෝදනා එල්ල කළේය.

බලයට එන තාලිබාන් ආණ්ඩුවට අයිඑස් සටන්කරුවන් දැන් එල්ල කරන්නේ ආරක්ෂාව පිළිබඳ බරපතල අභියෝගයකි. එය, තාලිබාන් නායකත්වය බටහිර බුද්ධි ඒජන්සි සමග පොදුවේ බෙදාහදාගන්නා දෙයක් වනු ඇත.(බීබීසී ආරක්ෂක වාර්තාකරු, ෆ්‍රෑන්ක් ගාර්ඩ්නර් සම්පාදනය කළ ලිපියක් ඇසුරිණි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙළෙඳ ඇමති බන්දුලටත් කොවිඩ්…

Next Post

කොරෝනා වැළදුණු පළමු මුවා ඇමරිකාවෙන් හමුවෙයි!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.