ලොව පළමුවරට කොරෝනා වෛරසය වැළදුණු මුවකු ඇමරිකා එක්සත් ජනපදයෙන් හඳුනාගෙන තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව ඊයේ (26) නිවේදනය කර ඇත්තේ ඔහියෝ ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස ආසාදිත මුවකු සොයා ගැනීමට හැකි වූ බවයි.
ආසාදිත මුවා කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවද කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එක්සත් ජනපද කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ලින්ඩ්සේ ක්ලෝයී ප්‍රකාශ කර ඇත්තෙ වෛරසය මුවාට ආසාදනය වු අයුරු තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි.
“එම මුවාට මිනිසුන්ගෙන් වෛරසය ආසාදනය වෙන්නත් නැත්නම් වෙනත් සතුන් විශේෂයකින් ආසාදනය වෙන්නත් පුළුවන්.” යනුවෙන්ද ඇය සඳහන් කර ඇත.
මීට පෙර එක්සත් ජනපද කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව කොරෝනා ආසාදිත සුනඛයින්, බළලුන්, ව්‍යාඝ්‍රයින්, සිංහයින්, කොටියන්, ගෝරිල්ලන් වැනි සතුන් හඳුනාගෙන තිබේ