fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඇල්ප්ස් කඳු මත මියුරු කිරි රස උපදවන ස්විස් ගොවියන් දුටුවෙමි.

ඇල්ප්ස් කඳු මත දිවිපෙවෙත 01

by editor
ජූනි 30, 2020
in ජීවිතය
524 5
කඳු මත විසිරුණ ගොවි ගෙවල්

කඳු මත විසිරුණ ගොවි ගෙවල්

Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර-

ජායාරූප – ශෂි සුබ්‍රමනියම් –

ස්විට්සර්ලන්තය කියූ සැණින් අප මනසේ රැඳෙන චිත්‍රය වන්නේ තාක්ෂණය අතින් ඉතා දියුණු, නවීන ගොඩනැගිලි හා සුපිරි තාක්ෂණික සම්පත් වගේම සොබා දහමේ දායදයක් සේ ලත් මනරම් කඳු ශිඛරසහිත රටකි .එරට කොතරම් ආර්ථික හා තාක්ෂණික අතින් දියුණු වූවත් සැලකිය යුතු ස්විස් ජාතිකයෝ පිරිසක් තවමත් ගැමියන් ලෙස ජීවත් වෙති.  ඒ බව ඔබ නොදන්නවා නිසැකය. කිරි ගොවීන්වන ඔවුන් වැඩි පිරිසක් ජීවත් වන්නේ ඇල්ප්ස් කඳු වැටි ආශ්‍රිතවය. ඇල්ප්ස් කඳු ආශ්‍රිත ස්විස් ගැමියන්ගේ මනරම් දිවි පෙවෙත   අද සිට ලිපි පෙළක් සේ ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

මාටින් සහ රෙබෙකා…

මාර්ටින් දරු දෙදෙනාත් සමග ඇල්ප්ස් කඳු මුදුනේ නවාතැනට යන අතර

මාර්ටින් සහ රෙබෙකා යුවලට බොහෝ කිරි ගොවීන්ට මෙන්ම අඩුම තරමින් නිවාස දෙකක් තිබේ. ගිම්හාන ඍතුව ආරම්භයත් සමඟ උදාවන ඇල්ප්ස් සමය ගත කිරීම සඳහා ඔවුහු සිය දරු දෙදෙනා සමඟ ජූනි මැද සතියෙ ලහිලහියේ සූදානම් වෙති. ඔවුන් දැනට පදිංචිව සිටින්නේ ග්ලාරුස් පළාතේ ලින්තාල් ගම්මානයේය .

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

සියයකට ආසන්න එළදෙනුන් හා ගවයින් ද, දහයකට ආසන්න ඌරන්ද ඊට  අමතරව බූරුවන් දෙදෙනක් ද මේ දෙපලට සිටී. තවද එක් සුනඛයකු වේ.  කුකුළන් හා කිකිළියන් රැසක් වේ. රෙබෙකා හා මාටින් මේ සියලු සතුන් පෝර්ඩෙය දුර්ප් නක්තාල් කඳු වැටිය වෙත රැගෙන යායුතුය..

ඇල්ප්ස් කඳු වැටිය ආශ්‍රිත මාර්ගය අනාරක්ෂිත වීම නිසා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගවයන් තිස් දෙදෙනෙකු ප්‍රවාහනය කිරීම පිළිබඳව මීට පෙර අපි ඔබට කීවෙමු . එහෙත් මේ දෙපළට එවැනි අසීරුතාවයකට මුහුණ පෑමට සිදුවන්නේ නැත. ඒ එම කඳු වැටිය දක්වා ගමන් කිරීමට මාර්ගයක් ඇති නිසාය.

ජුනි මාසය ස්විට්සර්ලන්තයට ග්‍රීස්ම සෘතුවේ (ගිම්හාන සෘතුව ) පළමු මාසය වුවත් කල්ගතවන තුරු මේ වකවානුවේ   කාලගුණය හැම විටම උෂ්ණාධික වන්නේ  නැත. බොහෝ විට වැසි වසියි. කඳු පාමුල සිටින අපට වැසි වසින විට කඳු මුදුනට ස්වාභාවිකවම ලැබෙන්නේ හිම හිමපතනයකි.   ඇත්තෙන්ම ඒ දේශගුණය සීත සෘතුවට නොදෙවෙනිය. මේ තත්වය ඇත්තෙන්ම ඇල්ප්ස් ගොවීන් මුහුණදෙන විශාල අභියෝගයකි .

සතුන් ප්‍රවාහනය

කඳු මතට සතුන් රැගෙන යන රථයක්

මේ සොඳුරු ස්විස් ගැමියන් ඇල්ප්ස් කඳුමත ගෙවන සොඳුරු දිවිය දකින්නට අවස්ථාව උදා කර ගතිමු. ඒ මාටින් හා දරුපවුල සමග ඔවුන්ගේ ගමනට එක් වීමෙනි.

ඇල්ප්ස් කඳු පාමුල සිට ඉහළට ගවයින් හා එළදෙනුන් ප්‍රවාහනය සඳහා මාර්ටින් විසින් රථ දෙකක් සූදානම් කොට තිබිණි.  ගවයින් සියලු දෙනා එක්වර මෙම රථ දෙකෙන් ඉහළට රැගෙන යා නොහැකිය. ඒ සඳහා වාර කිහිපයක් ඉහළට හා පහළට ගමන් කළ යුතුය. මාර්ටින් සිය බිරිය, දරු දෙදෙනා හා බල්ලා සමග මුලින්ම ඔවුන්ගේ දෙවන නවාතැන් පොළ වෙත ළඟා වූයේය. අනතුරුව ඔවුන්ගේ කාර්යය වන්නේ ප්‍රවාහනය කරන ගවයින් ඒ ඒ බිම් කඩ වලට ගාල් කිරීමය.

කඳු පන්ති අතර විසිරෙන ගොවි බිම්

හිරු එළියෙන් නැහැවෙන ඇල්ප්ස් කඳුවැටිය මනරම්ය. ඒ කිරි ගොවීන්ට පමණක් නොව සතා සිවුපාවට පවා දැනෙන සුවයකි. ඇතැම් ගවයින් ඇල්ෆ් කඳු මුදුනේ ජීවිතයට කෙතරම් කැමැත්තක් දක්වන්නේද යන්න, උන් උඩට ප්‍රවාහනය කළ රථයෙන් එළියට පැන දුවන ආකාරයෙන් පෙනී යයි .

ඇල්ප්ස් කඳු මුදුනේ වැවෙන තෘණ විශේෂිතය. ඒ  නැවුම් තෘණ මේ සතුන්ට අතිශයින්ම ප්‍රියය. තණකොල සමග ස්වභාවිකම වැවී ඇති ඖෂධීය පැළෑටි ආහාරයට ගැනීමට, ගවයින් වැඩි කැමැත්තක් දක්වන බව ඇල්ප්ස් වාසී ගොවීහු අපට කියා දුන්හ.

මේ තෘණ ආහාරයට ගැනීම නිසා  කිරි එළදෙනුන් උපදවන කිරි ද ඉහළ ප්‍රමිතයෙන් යුතුය. නැවුම් ප්‍රනීත රසයකින් යුතුය. ඇල්ප්ස් ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි ඉල්ලුමක් සහිත විශේෂිත එකක් සේ සැලකෙන්නේ ඒ නිසාය.

මීළඟට කිරි දෙවීම හා චීස් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවන්න..

 

Tags: නවතම
Share286Tweet52
Previous Post

ද ෆිනෑන්ස්, ETI තැන්පතුකරුවන්ට සාධාරණයක් කිරීමට ජනපති මැදිහත් වෙයි

Next Post

හෝමාගම පාතාල අවි ගබඩාවේ තිබුණු බවට තහවුරු වුණු අවි 09ක් අතුරුදහන්

Related Posts

පුවත්

75වන නිදහස් දිනය සමරන්න… ගෝල්ෆේස් එකට නිරුවතින් එන්න…

ජනවාරි 31, 2023
Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)
දේශපාලන

ලෝකයට අලුත් විශ්වාසයක් කැන්දන ජී විස්සේ “භාරත නායකත්වය“

ජනවාරි 31, 2023
සමාජ

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

ජනවාරි 30, 2023
Next Post
අත්අඩංගුවට ගත් ගිනි අවි තොගය

හෝමාගම පාතාල අවි ගබඩාවේ තිබුණු බවට තහවුරු වුණු අවි 09ක් අතුරුදහන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist