සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඇල්ප්ස් කඳු මත මියුරු කිරි රස උපදවන ස්විස් ගොවියන් දුටුවෙමි.

ඇල්ප්ස් කඳු මත දිවිපෙවෙත 01

by editor
ජූනි 30, 2020
in ජීවිතය
කඳු මත විසිරුණ ගොවි ගෙවල්

කඳු මත විසිරුණ ගොවි ගෙවල්

Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර-

ජායාරූප – ශෂි සුබ්‍රමනියම් –

ස්විට්සර්ලන්තය කියූ සැණින් අප මනසේ රැඳෙන චිත්‍රය වන්නේ තාක්ෂණය අතින් ඉතා දියුණු, නවීන ගොඩනැගිලි හා සුපිරි තාක්ෂණික සම්පත් වගේම සොබා දහමේ දායදයක් සේ ලත් මනරම් කඳු ශිඛරසහිත රටකි .එරට කොතරම් ආර්ථික හා තාක්ෂණික අතින් දියුණු වූවත් සැලකිය යුතු ස්විස් ජාතිකයෝ පිරිසක් තවමත් ගැමියන් ලෙස ජීවත් වෙති.  ඒ බව ඔබ නොදන්නවා නිසැකය. කිරි ගොවීන්වන ඔවුන් වැඩි පිරිසක් ජීවත් වන්නේ ඇල්ප්ස් කඳු වැටි ආශ්‍රිතවය. ඇල්ප්ස් කඳු ආශ්‍රිත ස්විස් ගැමියන්ගේ මනරම් දිවි පෙවෙත   අද සිට ලිපි පෙළක් සේ ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

මාටින් සහ රෙබෙකා…

මාර්ටින් දරු දෙදෙනාත් සමග ඇල්ප්ස් කඳු මුදුනේ නවාතැනට යන අතර

මාර්ටින් සහ රෙබෙකා යුවලට බොහෝ කිරි ගොවීන්ට මෙන්ම අඩුම තරමින් නිවාස දෙකක් තිබේ. ගිම්හාන ඍතුව ආරම්භයත් සමඟ උදාවන ඇල්ප්ස් සමය ගත කිරීම සඳහා ඔවුහු සිය දරු දෙදෙනා සමඟ ජූනි මැද සතියෙ ලහිලහියේ සූදානම් වෙති. ඔවුන් දැනට පදිංචිව සිටින්නේ ග්ලාරුස් පළාතේ ලින්තාල් ගම්මානයේය .

සියයකට ආසන්න එළදෙනුන් හා ගවයින් ද, දහයකට ආසන්න ඌරන්ද ඊට  අමතරව බූරුවන් දෙදෙනක් ද මේ දෙපලට සිටී. තවද එක් සුනඛයකු වේ.  කුකුළන් හා කිකිළියන් රැසක් වේ. රෙබෙකා හා මාටින් මේ සියලු සතුන් පෝර්ඩෙය දුර්ප් නක්තාල් කඳු වැටිය වෙත රැගෙන යායුතුය..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇල්ප්ස් කඳු වැටිය ආශ්‍රිත මාර්ගය අනාරක්ෂිත වීම නිසා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගවයන් තිස් දෙදෙනෙකු ප්‍රවාහනය කිරීම පිළිබඳව මීට පෙර අපි ඔබට කීවෙමු . එහෙත් මේ දෙපළට එවැනි අසීරුතාවයකට මුහුණ පෑමට සිදුවන්නේ නැත. ඒ එම කඳු වැටිය දක්වා ගමන් කිරීමට මාර්ගයක් ඇති නිසාය.

ජුනි මාසය ස්විට්සර්ලන්තයට ග්‍රීස්ම සෘතුවේ (ගිම්හාන සෘතුව ) පළමු මාසය වුවත් කල්ගතවන තුරු මේ වකවානුවේ   කාලගුණය හැම විටම උෂ්ණාධික වන්නේ  නැත. බොහෝ විට වැසි වසියි. කඳු පාමුල සිටින අපට වැසි වසින විට කඳු මුදුනට ස්වාභාවිකවම ලැබෙන්නේ හිම හිමපතනයකි.   ඇත්තෙන්ම ඒ දේශගුණය සීත සෘතුවට නොදෙවෙනිය. මේ තත්වය ඇත්තෙන්ම ඇල්ප්ස් ගොවීන් මුහුණදෙන විශාල අභියෝගයකි .

සතුන් ප්‍රවාහනය

කඳු මතට සතුන් රැගෙන යන රථයක්

මේ සොඳුරු ස්විස් ගැමියන් ඇල්ප්ස් කඳුමත ගෙවන සොඳුරු දිවිය දකින්නට අවස්ථාව උදා කර ගතිමු. ඒ මාටින් හා දරුපවුල සමග ඔවුන්ගේ ගමනට එක් වීමෙනි.

ඇල්ප්ස් කඳු පාමුල සිට ඉහළට ගවයින් හා එළදෙනුන් ප්‍රවාහනය සඳහා මාර්ටින් විසින් රථ දෙකක් සූදානම් කොට තිබිණි.  ගවයින් සියලු දෙනා එක්වර මෙම රථ දෙකෙන් ඉහළට රැගෙන යා නොහැකිය. ඒ සඳහා වාර කිහිපයක් ඉහළට හා පහළට ගමන් කළ යුතුය. මාර්ටින් සිය බිරිය, දරු දෙදෙනා හා බල්ලා සමග මුලින්ම ඔවුන්ගේ දෙවන නවාතැන් පොළ වෙත ළඟා වූයේය. අනතුරුව ඔවුන්ගේ කාර්යය වන්නේ ප්‍රවාහනය කරන ගවයින් ඒ ඒ බිම් කඩ වලට ගාල් කිරීමය.

කඳු පන්ති අතර විසිරෙන ගොවි බිම්

හිරු එළියෙන් නැහැවෙන ඇල්ප්ස් කඳුවැටිය මනරම්ය. ඒ කිරි ගොවීන්ට පමණක් නොව සතා සිවුපාවට පවා දැනෙන සුවයකි. ඇතැම් ගවයින් ඇල්ෆ් කඳු මුදුනේ ජීවිතයට කෙතරම් කැමැත්තක් දක්වන්නේද යන්න, උන් උඩට ප්‍රවාහනය කළ රථයෙන් එළියට පැන දුවන ආකාරයෙන් පෙනී යයි .

ඇල්ප්ස් කඳු මුදුනේ වැවෙන තෘණ විශේෂිතය. ඒ  නැවුම් තෘණ මේ සතුන්ට අතිශයින්ම ප්‍රියය. තණකොල සමග ස්වභාවිකම වැවී ඇති ඖෂධීය පැළෑටි ආහාරයට ගැනීමට, ගවයින් වැඩි කැමැත්තක් දක්වන බව ඇල්ප්ස් වාසී ගොවීහු අපට කියා දුන්හ.

මේ තෘණ ආහාරයට ගැනීම නිසා  කිරි එළදෙනුන් උපදවන කිරි ද ඉහළ ප්‍රමිතයෙන් යුතුය. නැවුම් ප්‍රනීත රසයකින් යුතුය. ඇල්ප්ස් ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි ඉල්ලුමක් සහිත විශේෂිත එකක් සේ සැලකෙන්නේ ඒ නිසාය.

මීළඟට කිරි දෙවීම හා චීස් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවන්න..

 

Tags: නවතම
Share271Tweet43
Previous Post

ද ෆිනෑන්ස්, ETI තැන්පතුකරුවන්ට සාධාරණයක් කිරීමට ජනපති මැදිහත් වෙයි

Next Post

හෝමාගම පාතාල අවි ගබඩාවේ තිබුණු බවට තහවුරු වුණු අවි 09ක් අතුරුදහන්

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.