fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

හදිසියේම මාත්‍රා කෝටි 1400ක් ඕනෑ වෙන අදිසි කොරෝනා එන්නත 

වසර 2ක් ago
in සෞඛ්‍යය
431 5
0
Share on FacebookShare on Twitter

 

මුළු ලෝකයම බලාසිටින්නේ කොරෝනාවට එරෙහි සාර්ථකම  ඖෂධය සොයාගැනීමේ තරගයේ මුල්ම ජයග්‍රාහකයා එනතුරු ය. මන්ද යත් වරෙක සාර්ථක වෙමින් ද අවසාන කඩුල්ල පැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මුළුමනින්ම අසාර්ථක වෙමින් ද කොරෝනාවට එරෙහි බෙහෙතක් පිළිබඳව ද ඇතිවී නැතිවී යන බලාපොරොත්තුවලට අප මුහුණපා තිබීම හේතුවෙනි.

ලොව රටවල් ගණනාවක් මේ වන විට 200කට අධික එන්නත් හා ඖෂධ අත්හදා බලමින් ඇත. ඉන් පර්යේෂණ කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් අත්හදා බලනුයේ එන්නත් ය. ඔවුන් මේ වනවිට පර්යේෂණාගාර හා සායනික මට්ටමින් එන්නත් 108ක් පමණ අත්හදාබලමින් සිටී.  එහි ඉදිරියට පැමිණි ජය කණුව පෙනෙන ව්‍යාපෘති 10 ක් පමණ මේ දිනවල දැකගත හැකිය. ඉන් සායනික අත්හදාබැලීම සඳහා අනුමැතිය ලැබී ඇත්තේ 8කට පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මානව අත්හදා බැලීම වෙනුවෙන් මෙම පර්යේෂණ ආරම්භ වූයේ මාර්තු 16 වැනිදා සිටය. කෙසේවෙතත් මේ මොහොත වනවිටත් නව කොරෝනා වෛරසය වැළැක්වීම උදෙසා කිසිදු ඖෂධයක් නිශ්චිත ලෙස සොයාගැනීමට හැකිවී නැත.

වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහස වන්නේ සාමාන්‍යයෙන් එන්නතක් වැඩිදියුණු කිරීම සහ සාර්ථක ප්‍රතිඵල අත්හදා බැලීම වෙනුවෙන් දශකයක පමණ කාලයක් ගතවන බවයි. නමුත් නව කොරෝනා වසංගතය පැතිරීමට පටන් ගත් පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා කාලය තුළ එනම් මාස කිහිපයක් පුරා එන්නතක් සොයාගැනීමේ ක්‍රියාවලිය තුළ පෙර නොවූ විරූ වේගයකින් පර්යේෂණ, නියාමන, වියදම් සහ පරිත්‍යාග ආදී කරුණු  සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනස්කම් දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් වඩාත්ම සුභවාදී අදහස් දරන විශේෂඥයින් විශ්වාස කරන්නේ මේ වසරේ භාවිතයට ගත හැකි කොරෝනා වෛරස එන්නතක් තිබිය හැකි බවයි. ඒ හැරෙන්නට  බහුතර විශේෂඥයන්ගේ අදහස  වඩාත් අශුභවාදී බව පෙනෙන්නට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, වෙල්කම් ට්‍රස්ට්, ගේට්ස් පදනම, ඒ ඒ රටවල රජයන් සහ ඔවුන්ගේ නියෝජිත ආයතන සහ විවිධ ඖෂධ කර්මාන්ත ආදිය මෙම එන්නත් තරගය තුළ සාර්ථක ප්‍රතිඵල මෙන්ම ඉක්මන් ප්‍රතිඵල ළඟාකර ගැනීම සඳහා අපේක්ෂිත කණ්ඩායමේ පෙර ගමන්කරුවෝ මෙන්ම සහාය දක්වන්නෝ ද වී සිටිති.  ලෝකයට අවශ්‍ය විය හැකි එන්නත් ප්‍රමාණය ලෙස දැනට ගණනය කර ඇත්තේ එන්නත් මාත්‍රා බිලියන 14ක්වත් විය හැකි බවයි. මේ බව පවසා තිබුණේ ලොව ප්‍රමුඛ ධනවතා මෙන්ම ව්‍යවසායකයා වූ බිල් ගේට්ස් ය. “අපිට ඉක්මණින්ම සාර්ථක එන්නතක්, බිලියන ගණනක මාත්‍රා සහ එම ඖෂධ ලොව සෑම කොනකටම යැවීමට අවශ්‍යයි” ඔහු පවසා තිබුණේ එසේය. එන්නත මූලික අවස්ථාවේ නිෂ්පාදනය මාත්‍රා බිලියන 7ක් අවශ්‍ය මුත් එය අවස්ථා කිහිපයකට ලබාදෙන එන්නතක් වුවහොත් බිලියන 14ක් අවශ්‍ය බව ඔහු පවසා ඇත්තේ ලෝක ජනගහනයෙන් නව කොරෝනා වසංගතය දැනට ගිලදැමූ ජනගහනය පිළිබද සංඛ්‍යාත්මක ගණනයකිනි.

ඇතැම් විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙම ඖෂධ සොයායාමේ තරඟයේදී,  නොදැනුවත්ව අපට ඔට්ටු ඇල්ලිය හැකි නමුත් පෙර නොවූ විරූ, කඩිනම් ව්‍යාපෘති ප්‍රතිඵල ලෙස එන්නත් බිහිකිරීම මගින්  අවදානම් විශ්ලේෂණය ද එලෙසම ඉක්මනින් ආරම්භ කළ යුත්තක් බවය. එහිදී  එන්නත ඒ ඒ පර්‍යේෂකයන් විසින් විවිධ තලවලදී විවිධාංගීකරණය හෝ එන්නත අපේක්ෂකයින් සියලු දෙනාම එකම අවදානම බෙදා නොගන්නා බවට වග බලාගත යුතු බවයි. යම්හෙයකින් අප හට මධ්‍යස්ථව ප්‍රතිඵලදායක බව පිළිගත් එන්නත් කීපයක් ඇතැයි සිතමු, සෑම එකක්ම වැඩ කිරීමට සියයට 10 ක ඉඩක් ඇත. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් හේතු නිසා අසමත් වීමට ද ඉඩක් ඇත.  අප එන්නත් 20 ක් අත්හදා බැලීම් කළහොත්, අවම වශයෙන් එක් සාර්ථකත්වයක් සඳහා 90% කට ආසන්න අවස්ථාවක් තිබේ. විශිෂ්ට එන්නත් අපේක්ෂකයින් සමූහයක් සමඟ මෙය සන්සන්දනය කර බැලුවොත් සෑම එන්නතක්ම වැඩ කිරීමට 40% ක අවස්ථාවක් ඇති නමුත් සියල්ලන්ම එකම හේතුව නිසා අසමත් වීමට ද ඉඩ ඇත. මෙහිදී අප කොපමණ උත්සාහ කළද අසාර්ථක වීමේ 60% ක අවස්ථාවක් සමඟ අපි හිර වී සිටින බව සිහිපත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

වැදගත් පණිවුඩය නම්, එකම රෝගයක් සඳහා එන්නත් අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සිටින විට, එනම් වර්තමානයේ අප මුහුණ දී ඇති තත්ත්වය මෙන් එන්නතක් සාර්ථක වී ඇතැයි යනුවෙන් පවසමින් “ජයග්‍රාහකයෙකු” එකතු කිරීමට වඩා වැදගත් වන්නේ ප්‍රතිඵල අතරතුර  සහසම්බන්ධතා තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීම බව ද බහුතර මතය වී තිබේ. කොවිඩ් -19 එරෙහි එන්නත් අත්හදා බලන ඉදිරිපස ධාවකයන් දෙස බැලුවහොත්,විශේෂඥ මතය වී ඇත්තේ තනි ව්‍යාපෘති අඩු ආකර්ශනීය බවක් පෙනුනත් මෙය ගෝලීය වසංගතයක් ලෙස පැතිර ඇති බැවින් විවිධත්වය මෙහිදී අවශ්‍යම බවයි. තවත් ප්‍රධාන කරුණක් වන්නේ එන්නත්වලට ඇති මහජන බියයි. ආරක්ෂිත ගැටළු පිළිබඳ සාවධානව සොයා බැලිය හැකි කාලය අවම වීම හේතුවෙන් නොසිතූ විරූ ආකාරයේ  පසුකාලීන අවදානම්වලට මුහුණදීමේ ඉඩකඩ ද නැතිවාම නොවේ.

පවතින තත්ත්වය මත ඉදිරියේදී සිදුවිය හැකි දේ තුන් ආකාරයකින් වර්ගීකරණය කළ හැකිය. එකක් නම්, ප්‍රජාවන් රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම ය. දෙවැන්න වන්නේ රෝගය පාලනය කිරීම සඳහා ඖෂධයක් සොයාගැනීම ය. තෙවැන්න නම් කෙසේහෝ එන්නතක් ලබාගැනීම ය. නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් නිපදවීමට අපි මාස 12-18 ක් බලාසිටියහොත් සිදුවන්නේ  වසංගතයේ අනෙක් පැත්තෙන් අපට ඉස්මතු වියහැකි තත්ත්වයට මුහුණ දීමට බලා සිටීම ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයකු වන වෛද්‍ය ඩේවිඩ් නැබාරෝ පෙන්වා දී ඇත්තේ ගෝලීය වශයෙන් පැතිරුණු ඇතැම් වෛරස සඳහා අප අදටත් එන්නත් සොයාගෙන නොමැති බවයි. කිසියම් එන්නතක් අප මේ සඳහා සොයාගත්තද එය සියලු දෙනාටම එකසේ ප්‍රතිඵලදායක වනු ඇති බවට කිසිසේත් පැවසිය නොහැකි බවද හෙතෙම අවධාරණය කර තිබේ. නමුත් එන්නතෙකට වඩා මෙම වෛරසයට එරෙහිව යම් යම් ප්‍රතිකාර පිළිබඳ විශ්වාස තැබිය හැකි බවද ඔහු කියා සිටී. අර්බුදය වී ඇත්තේ ලෝකය, වාර්ෂිකව කොරෝනා  වෛරස පැතිරීම, පොකුරු  මරණ, නගර සීමාකිරීම සහ කලින් කලට ශක්තිමත් වීම සහ අඩපණවීම්වලට මුහුණදෙමින් සිටින බැවින් මෙවැනි ස්ථිර එන්නතක් මෙම වෛරසය වෙනුවෙන්ම සොයාගැනීම අසීරු බවයි. “අප ගනුදෙනු කරන්නේ ජීව විද්‍යාත්මක පද්ධති සමග මිස යාන්ත්‍රික පද්ධති සමග නොවේ. එන්නතක සාර්ථකත්වය රදා පවතින්නේ ශරීරය  එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුවයි. එන්නත අපේ ප්ලෑන් ඒ නම්, අපිට ප්ලෑන් බී එකකුත් අවශ්‍යයි. ඒ නිසා ඔබට ලොකු බලාපොරොත්තු තබාගත හැකි නමුත් ඒ වේගයෙන්ම ඒවා කඩා වැටෙනු ඇති බවත් මා ඔබට සිහිපත් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

Join @lankasara on Telegram Channel
Tags: කොවිඩ්-19
Previous Post

මුඛය පිරිසිදු කරන්න නොඉදුල් පොල් තෙල් 

Next Post

කොවිඩ් 19න් මිදීමේ මාර්ග සිතියම මෙන්න

Related Posts

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

මැයි 24, 2022
Muruththettuwe-Ananda-Thero

දොස්තරලා කියන්නෙ තමන් හැර කිසි කෙනෙකුට කිසි දෙයක් ලැබෙනවට කැමති නැති පිරිසක්!

පෙබරවාරි 19, 2022

අලුත් මාරක කොවිඩ් ප්‍රභේදය නියෝකොව්… වැළඳුන අයගෙන් තුනෙන් එකකට මරණිය අවදානමක්!

ජනවාරි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist