මේ වනවිට රටේ පැතිරෙමින් ඇති කොවිඩ් වෛර ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන සීඝ්‍රයෙන් බෝවන ප්‍රභේදයක් බව මේ සම්බන්ධ පරීක්ෂණ කරන විශේෂඥ වෛද්‍යවරුන් සොයාගෙන ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ පර්යේෂණ විශේෂඥයන් එය තහවුරු කර ඇති බවත් සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍යයට පැවසීය. මේ තත්වයට මුහුණ දීම සදහා දැනට වෙන් කර ඇති කොවිඩ් ප්‍රතිකාර රෝහල් 17ට අමතරව තවත් දිස්ත්‍රික් හා ප්‍රාදේශී රෝහල් සමූහයක් හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
වේගයෙන් පැතිර යන මෙම වෛරසයට මුහුණ දිය හැක්කේ සබුද්ධික හැසිරීමකින් පමණක් බවත්, එය සියල්ලන්ගේම වගකිම බවත් ඔහු කීය.
පි.සී.ආර් පරීක්ෂණ
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර මතුවීමෙන් පසු ඊයේ (11) වනවිට දෙවන පීසීආර් පරීක්ෂණ 6487ක් සිදුකර ඇති බව කී ඔහු දිනකට සිදුකරන පරීක්ෂණ ධාරිතාව ඉදිරියේ දී වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද හෙළි කළේය. කොවිඩ් වංගතය රට තුළට පැමිණි මේ සමස්ථ කාලය තුළ සිදුකර ඇති මුළු පි.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය 6427කි. පසුගිය පැය 24 තුළ පමණක් පී.සී.ආර් පරීක්ෂණ 648ක් සිදු කර තිබේ.
“රෝගයනේ වැළකිය හැකි හොඳම ක්‍රමය තමයි ජනතාවට ඇත්ත ප්‍රකාශ කිරීම. අප කොවිඩ් වාර්තා වුණු තැන් සියල්ල ගැන ජනතාව දැනුවත් කළා. ඉදිරියටත් එය කරනු ලබනවා. ඒ වගේම අපි පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වැඩි කරන්න කටයුතු කරනවා. අද වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පි.සී.ආර් මැෂින් 2ක් ලැබෙනවා.. ඉතිරි ඇනවුම් කළ පී.සී.ආර් යන්ත්‍ර ඉදිරියේදී ලැබෙන්න නියමිතයි.“
තවත් රෝහල්
“මේ වනවිට ප්‍රධාන රෝහල් 17ක් කොවිඩි ආසාදිතන් සඳහා වෙන් කරලා තියනවා. ආසාදිතයන් වැඩි වුනොත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රෝහල් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදාගන්න සැලසුම් කරලා තියනවා.“ යැයි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කීය.
ඔහු මෙසේ අදහස් දක්වනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ භාරගනිමින් පැවැත්වූ මුල්ම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.