සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයක තිබෙද්දි පුද්ගලික රෝහල් නියාමනය දැඩි කරන්න බෑ!

by editor
ඔක්තෝබර් 9, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ  – ශ්‍රියානි විජේසිංහ 

පෞද්ගලික රෝහල් නියාමනය සම්බන්ධව මේ වනවිට බරපතල විසංවාදයක් ඇති වී තිබේ.  අතාර්කික මරණ, අධික රෝහල් ගාස්තු, සේවාවල ගුණාත්මක භාවය පිළිබඳ අර්බුදය මේ අතර ප්‍රමුඛ වේ.  මේ  පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සමග කළ සාකච්ඡාවකි.

විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය

ප්‍රශ්නය – වත්තල ප්‍රදේශයේ  පෞද්ගලික රෝහලක් තුළ සිදු වූ  තරුණියගේ හදිසි මරණයත් සමග  පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධවත් ප්‍රශ්නයක් මතුවුනා.  මේ නියාමන වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය කුමක් ද?  

පිළිතුර –  මේ මොහොත වන විට රටේ පවතින ආර්ථික අර්බුදය ඖෂධ හිඟකම ආදි හේතු  මත අපි පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන්  දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න බලාපොපොරොත්තු වෙන්‌නේ නැහැ. මොකද මේ අවස්ථාවේ රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් හෝ අවශ්‍ය ප්‍රතිකාර  ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. කෙසේ නමුත්  ඉදිරියේදී රෝගීන්ටවන අසාධාරණකම් නොසැලකිලිමත්කම්  සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. 

ප්‍රශ්නය – මේ වන විට පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදුණ වෛද්‍යවරුන් 20දෙනෙකු සම්බන්ධයෙන් විර්ශනය කරමින් සිටිනවා. මේ විමර්ශන  කටයුතු සම්බන්ධයෙන් යමක් කීවොත්?

පිළිතුර – මේ අය සම්බන්ධ‌‌යෙන්  දැනටමත් විමර්ශන කරමින් පවතිනවා. මෙම විමර්ශනවලදී මොවුන් වරදකරුවන් කියලා සනාථ වුණොත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මෙන්ම අදාල වෛද්‍ය ආයතනයන් සම්බන්ධයෙන් ද දැඩි   තීන්දු තීරණ ගන්නවා. 

ප්‍රශ්නය – මෙම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ පෞද්ගලික අංශයේ නම් ගනු ලබන ක්‍රියාමාර්ගයන් වෙනස්ද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර -සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් වරදක් කර ඇත්නම්  අපිට ක්‍රියාත්මක වීම පහසුයි. නමුත් විශ්වවිද්‍යාලවල සිටින සහ  පෞද්ගලික අංශයේ සිටින වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අපහසුයි.මේ අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයන් ගැනීමට හැකියාවක් නැහැ.

ප්‍රශ්නය  – මේ අය සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට හැක්කේ කාටද?

පිළිතුර – මේ අය සම්බන්ධයෙන් අධිකරණය මගින් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා.

ප්‍රශ්නය – මේ වන විට පෞද්ගලික රෝහල් ගාස්තු විශාල වශයෙන් ඉහළ යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කිසියම් සොයාබැලිම් කරනවාද?

පිළිතුර – මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයා පවා සඳහන් කළා. මේ වෙලාවේ ඩොලරය ඉහළ යාමත් සමග ඖෂධ , උපකරණ සහ ශල්‍ය උපකරණ   මිල ඉහළ යාම හේතුවෙන් කිසියම් සහනයක් අපිට ලබා දෙන්න වෙනවා. මේ වන විට මේ අයට කොයිතරම් ප්‍රමාණයකින්ද මිල වැඩිකිරීමට  අවසර ලබා දිය යුතුද යන්න පිලිබඳව සොයා බලමින් සිටිනවා .

ප්‍රශ්නය – කලින් වේලාවක් වෙන් කර ගනිමින් වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට යන රෝගීන්ට වෛද්‍යවරයා එනතෙක්  පැය ගණන බලාසිටීමට සිදුවෙන අවස්ථාවන් තිබෙනවා. මේ තත්ත්වය වලක්වා ගැනීම සඳහා කිසියම් වැඩපිලිවෙලක්   සකස් කර තිබෙනවාද?

පිළිතුර – ප්‍රතිකාර සඳහා යන රෝගීන්ට මේ ආකාරයට පැය ගණන් බලා සිටීමට සිදුවන බවට අපට පැමිණිලි ලැබෙමින් පවතිනවා. මේ ගැන සොයා බැලීම දැනටමත් ආරම්භ කරලා තියෙනවා. රෝගියාගේ අයිතිය ආරක්ෂා කිරීමට වෛද්‍යවරුන් වගබලා ගත යුතු වෙනවා. වෛද්‍යවරයා චැනල් කරලා නම් අන්තිම රෝගියා වෙනකල් වෛද්‍යවරයා විසින් පරික්ෂා කළ යුතු වෙනවා. අපට පැමිණිලි ලැබිලා තියෙනවා වෛද්‍යවරු ප්‍රමාද වී පැමිණිලා අවසාන රෝගියාව පරික්ෂා නොකර යන අවස්ථාවන් තිබන බව.  මේ සම්බන්ධයෙන් දැනටමත් පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා.

ප්‍රශ්නය  – රෝගියෙකුට වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී රෝගියාට සාධාරණය ඉටු කිරීම සම්බන්ධයෙන්  කළ හැක්කේ කුමක්ද?

පිළිතරු – මුලින්ම රෝගියා සෞඛ්‍ය අමාත්‍යංශයට  පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුව වෛද්‍යවරයා එම රෝගියාට ප්‍රතිකාර කිරීම හෝ පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළේ කුමන පදනමකින්ද යන යන සොයා බලනවා. වෛද්‍යවරයෙකුට ආචාරධර්මවලට පිටින් වැඩ කරන්න පුලුවන්කමක් නැහැ. එහෙම කළොත් ඒ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනුම් දීලා ඔහුගේ ලියාපදිංචිය පවා අහෝසි කිරීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය – මේ වන විට රෝගීන්ගේ පැමිණිලි අනුව වෛද්‍යවරුන්ට මොනවගේ  දඬුවම්ද නියම කරලා තියෙන්නේ? 

පිළිතුර – රෝගීන්ගෙන් අපට ලැබෙන පැමිණිලි ඉතාමත් අල්පයි. අපිට ලැබෙන පැමිණිලි විමර්ශනය කරලා මේ වන විට රාජකාරී වේලාව තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ඉවත් කිරීම් අඩුකිරීම් වගේ දඩුවම් කරලා තියෙනවා.‍

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති පඹයෙක්…. වැඩ වෙන්න ඕන මහින්දට ඕන විදිහට…. පොහොට්ටුවෝ ඊයේ රටට දන්වති!

Next Post

අලුත්ම තත්වය මේකයි… බංකොලොත් රට මැදි ආදායමෙන්  අඩු ආදායම් දිලිඳු රටක් ලෙස ස්වයං ප්‍රකාශයකට සැරසෙයි…  

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.