මහින්ද සමග නැගිටිමු තේමාව යටතේ අගමැති දිනේෂ් ගුනවර්ධනගේ මූලිකත්වය සහිතව මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කළුතර දී පැවැත්වුණු ජන රැළීයේ සිදුකළ ප්‍රකාශත් සමග ජනාධිපතිවරයා පොහොට්ටුවේ රූකඩයක් කර ඇති ආකාරය එළීපිට ප්‍රකාශ වීම දේශපාලන අංශවල කතාබහට ලක් වී තිබේ.
මෙමජන රැළිය සංවිධානය කරන්නේ කළුතර දිස්ත්‍රිික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසිනි.
මහින්ද රාජපක්ෂ සිය කතාව කරගෙන යන අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය වැඩපිළිවෙළ කරගෙන යෑමට පූර්ණ සහයෝගය දිය යතු බව ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ දී පුද්ගලයෙක් පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව කීවේය.
“මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා එවිට කියන්නේ “ එදානම් අපි රනිල්ට බැන්නා. රනිල් යූඑන්පී කාරයයි කියලා. දැන් ඉන්නෙ රනිල් අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහ මගට හැරිලා කියලයි මම විශ්වාස කරන්නේ. “
අනතුරුව පවිත්‍රාදේවී වන්නිආරච්චි පවසන්නේ කවුරු රට ගෙන ගියත් කවුරු ජනාධිපති වුනත් ඒ ජනාධිපති වැඩ කළ යුත්තේ මහින්ද රාජපක්ෂ කියන ආකාරයට බවය. මහින්ද රාජපක්ෂගෙන් පිට එම ජනාධිපතිට වැඩ කරන්න බැරි බව කී පවිත්‍රා වන්නිආරච්චි රටේ ආණ්ඩුව පාලනය කරන්නේ වෙන කවුරත් නොව පොහොට්ටුව බව කීවාය.
“පූර්ණ බලය තිබෙන්නේ පොහොට්ටුවට. ඒ බලය දෙන්නෙ අපි. වැඩ කරන්න ඕන අපිට ඕන විදිහට. මහින්දගෙන් පිට කිසිම කෙනෙකුට කිසිම තීන්දුවක් ගන්න බෑ…“
පවිත්‍රා කීවාය. රෝහිත අබේගුණවර්ධන කීවේ මේ ජනාධිපතිවරයාට කැලෑ නීතිය නැති කිරීම සම්බන්ධවනම් ස්තුතිවන්ත විය යුතු බවය.