-
අම්මා ඉහගම ගල්ගේපිටිය වෙද පරම්පරාවේ… තාත්තා රජවරුන්ටත් වෙදකම් කළ හීන්කෙන්ද කුස බණ්ඩාර වෙද පරම්පරාවේ
-
හෙළ වෙදකමේ උරුමය ගන්න කලින් රට රටවල වැඩ කළ පරිගණක පද්ධති ඉංජිනේරුවෙක්…
-
බෙහෙත හදන්න භාවිතා කළ බව කියන්නෙ හෙළ රස ශාස්ත්‍රය. මුලින්ම නිපදවනු ලැබු බව කියන්නෙ ඩෙංගුවලට…
-
විද්‍යාත්මකව තහවුරු කරගන්න සායනික පර්යේෂණ ඉල්ලනවා… තවම රජයෙන් අවසර දෙන්නෙ නැතිලු…
වෛරස රෝගවලට එරෙහිව නිපදවූ ප්‍රතිශක්තිකරණය වඩවන ඖෂධයක් මාත්‍රා වෙනස් කිරීමකින් පමණක් කොරෝනා වයිරසයට එරෙහිව ද ප්‍රතිශක්තියක් ඇති කරවන බවට තමන් තහවුරු කරගෙන ඇති බව මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයකු වන වෛද්‍ය ලක්ෂ්මන් ජනක ඇඹුල්දෙණිය පවසයි. මෙම ඖෂධය 2013 වසරේ දී තමන් මුලින්ම නිපදවූ බවත් එය ක්‍රමයෙන් සංවර්ධනයකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සායනික පර්යේෂණ සඳහා ඉල්ලීම් කළත් මෙතෙක් මේ පිළිබඳව රජයේ අවධානයට ලක් නොවූ බව ඔහු පවසයි.
හෙළ වෙදකමේ එන රස ශාස්ත්‍ර දැනුම් පදනම් කර ගනිමින් මෙම ඖෂධය නිපදවූ අතර එහි අන්තර්ගතව ඇත්තේ තනිකරම දේශීයව සොයා ගත් ඖෂධ බව පවසන ලක්ෂ්මන් ඇඹුල්දෙණිය තම පර්යේෂණය සඳහා බටහිර වෛද්‍යවරුන් 14 දෙනකු පමණ සම්බන්ධ වී ඇති බවත් ඔවුන් ගේ සහය ද ලබාගෙන මෙම ඖෂධය විද්‍යාත්මක පදනමකින් යුතුව තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත් මෙම දේශීය වෛද්‍යවරයා පවසයි.
ලංකාසර කළ විමසීමකදී ඔහු මේ පිළිබඳව විස්තර කළේ මෙසේය.
“ මම පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක්. පාරම්පරිකව මට උරුම වූ දැනුම පදනම් කරගෙන මම ශරීරය තුළ වෛරසවලට ප්‍රතිශක්තිය නිර්මාණය කරන්න පුළුවන් ඖෂධයක් සම්බන්ධයෙන් මුලින්ම පර්යේෂණ ආරම්භ කළේ ඒඩ්ස් රෝගය ඇති කරවන එච්.අයි වෛරසය ඉලක්ක කරගෙන.
නමුත් පසුගිය කාලයේ අපේ රටේ වෛරස රෝග අතරින් බරපතලම ප්‍රශ්නය වුණේ ඩෙංගු රෝගය . ඊට පසුව මම වැඩිපුර අවධානය යොමු කළේ ඩෙංගු රෝගය හමුවේ සාර්ථකව ක්‍රියා කළ හැකි ඖෂධයක් නිපදවීමටයි. මේ සඳහා මා භාවිත කළේ හෙළ වෙදකමේ උසස්ම වෛද්‍ය ශාස්ත්‍රයක් වන රස ශාස්ත්‍රය. ඒ අනුව ගොඩ නගපු ඖෂධයක් තමයි මෙය. මම මේ ඖෂධය ඩෙංගු රෝගය වැලඳුණු විශාල පිරිසකට ලබා දී තිබෙනවා. ඔවුන්ට එයින් ලබා දිය යුත්තේ ඉතාම සුළු මාත්‍රාවක්… සාමාන්‍යයෙන් මිලි ලීටර එකක් වගේ ප්‍රමාණයක්. මේ මඟින් ඩෙංගු රෝගීන් තුළ යම් ප්‍රතිශක්තියක් ගොඩ නැගුණු බව අප තහවුරු කරගෙන තිබෙනවා. පැය දෙක හමාරක් වැනි කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සිරුරින් වෛරසය ඉවත් වන තත්ත්වයක් දැක්කා. ඒ සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තා පවා අප සතුව තිබෙනවා.
දැන් ප්‍රශ්නය තියෙන්නේ කොවිඩ් රෝගය. එයත් ඇති කරන්නේ වෛරසයකින්. මේ නිසා මම රෝගීන් කිහිප දෙනකු ඇසුරේ මෙය සාර්ථක ද කියල අත්හදා බැලුවා. එයින් තහවුරු වී තිබෙනවා මෙය කොවිඩ් රෝගීන් හමුවේත් ඉතා හොඳින් ක්‍රියා කරනවා කියල.
-
ඩෙංගු රෝගයට ප්‍රතිශක්ති වර්ධකයක් කොහොමද කොරෝනා රෝගයටත් ගැලපෙනවා කියන්නේ?
මෙම රෝග දෙකම හැදෙන්නේ වෛරසකින්. මගේ ඖෂධ නිෂ්පාදනය සකස් කර තිබෙන්නේ මෙවැනි වෛරසවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන සංයෝගයක් ලෙසයි. ඒ නිසා මෙය කිසිසේත් මා රෝගය සුව කරන ඖෂධයක් ලෙස හඳුන්වා දෙන්නේ නහැ. නමුත් කොරෝනා රෝගයට එරෙහිවත් එයින් ප්‍රතිශක්තිය වර්ධනය වන බව අපි තහවුරු කරගෙන තිබෙනවා.
-
මේ දිනවල එවැනි ඖෂධ සම්බන්ධයෙන් විශාල කතාබහක් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. ඔබ කොහොමද රටේ පිළිගත් ක්‍රමවේදය තුළ මෙය සාර්ථක ද කියල රටට ඔප්පු කරල පෙන්වන්නේ?
ඇත්තටම මම මේ ඖෂධය දියුණු කරල 2014 අවුරුද්දේ දවසක එවකට සෞඛ්‍ය ඇමතිව සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට ඉදිරිපත් කළා. මා රජයෙන් බලාපොරොත්තු වුණේ මෙය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමයි. මොකද අපට අවශ්‍ය වුණා රජයේ රෝහල් තුළ බටහිර ඖෂධ ප්‍රතිකාර අතරේ ඇලෝපතික ප්‍රතිකර්මයක් ලෙස මෙය භාවිත කරවීමට. හේතුව අද කොරෝනා වුණත් ඩෙංගු වුණත් එවැනි වසගංත තත්ත්වයකදී රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන්නේ බටහිර වෛද්‍යක්‍රමය සහිත රෝහල්වල. ඒ තුළ මෙය ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස භාවිත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය සායනික පර්යේෂණවලට අදාල අනුමැතිය එවකට සෞඛ්‍ය අමාත්‍යතුමා ලබා දුන්නා.
නමුත් ඒ සම්බන්ධ සායනික කටයුතු විවිධ ප්‍රශ්න මත පමා වුණා. මම ඉල්ලා සිටින්නේ මෙය කොවිඩ් රෝගය හෝ ඩෙංගු රෝගය සම්බන්ධය බටහිර ක්‍රමයට අනුව විද්‍යාත්මකව මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය සායනික පර්යේෂණ සඳහා අනුමැතිය සහ ලබා දෙන්න කියලයි.
-
ඉතින් ඔබ මේ සම්බන්ධයෙන් රජයට යෝජනා කළේ හෝ දැනුවත් කිරීමක් කළේ නැද්ද?
මේ වනවිටත් සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව දන්නවා. ජනාධිපතිතුමාටත් මම ජනපතිවරණයට කලින් මේ ගැන කිව්වා. මම වියත් මඟ සංවිධානයේ රැස්වීමකට සහභාගීවෙලා එතුමා හමුවෙලා එහිදී මම මේ ගැන කීවා. ඔහු අපි මෙය දියුණු කරමු කියල කීවා. නමුත් තවම රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරල නැහැ. මමත් ඒ ගැන කියල ඔවුන්ට කරදර කළේ නැහැ.
-
මෙවැනි සායනික පර්යේෂණයකින් තොරව ඔබ කොහොමද කොරෝනා රෝගය සඳහා මේ ඖෂධය සාර්ථකව ක්‍රියා කරනවා කියල කියන්නේ?
අපි මෙම ඖෂධය කොරෝනා වැලඳුණු මේ රටේ කිහිප දෙනකුටත් ඉතාලියේ සහ ජපානයේ කිහිප දෙනකුටත් ලබා දී පරීක්ෂණ කළා. මෙම ඖෂධය ලබා දුන්නාම ඔවුන්ගේ ශරීරයේ වෛරස ධාරිතාව අඩු වන බව නිරීක්ෂණය කළා. අනෙක මම මේ කාරණය අවධාරණය කරන්නේ මගේ දැනුම සහ අත්දැකීම් සියල්ල පදනම් කරගෙනයි. නමුත් ඔබ කියන ආකාරයට මෙය ස්ථිරව තහවුරු කිරීමට අංගසම්පූර්ණ ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූල සායනික පරීක්ෂාවක් අවශ්‍යයි. ඒ සඳහා විද්‍යාත්මක සහය අවශ්‍යයි.
-
නමුත් ඔබ මේ වනවිට මෙම ඖෂධය රෝගීන්ට ලබා දෙනවා?
ඔව්. අවශ්‍ය අයට අපි මේ ඖෂධය ලබා දෙනවා. අපි මේක දෙන්නේ මිලි මීටර 12ක කුඩා බෝතලයක. එය පවුලක හතර දෙනකුට ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත්. අපි මෙම දියර ඖෂධය අසුරා තිබෙන්නේ කුඩා ඇස් වලට යොදන බෙහෙත් අසුරා අති ප්ලාස්ටික් බෝතලක. එයින් ඖෂධ එන්නේ බිඳිති වශයෙන්. අප මෙය ලබා දිය යුත්තේත් මිලි ලීටර 1ක පමණ කුඩා මාත්‍රාවකින්. මෙම ප්‍රතිශක්තිය වසර පහක පමණ කාලයක් ඩෙංගු රෝගය සඳහා පවතින මට ස්ථිරව කියන්න පුළුවන්.
අප මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලවලට මෙය බහුල වශයෙන් ලබා දී තිබෙනවා පෞද්ගලික මට්ටමින්. අපේ අරමුණ වුනේ මුලින්ම ඩෙංගු රෝගයට එරෙහි ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීමයි. දැන් අපි කොවිඩ් වලින් වැලකීමටත් ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස මෙය ලබා දෙනවා. ඕනෑම කෙනකු ස්වේච්ඡාවෙන් ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස මෙය භාවිත කිරිම කැමති නම් අපි එය ලබා දෙනවා. මෙම මිලි ලීටර 12 කුප්පියක් රුපියල් හත් දහසක් පමණ වෙනවා. නමුත් අපි මෙය කිසිම ආකාරයකට ප්‍රවර්ධනය කරමින් විකුණන්නෙ නෑ. එයින් මුදල් කඩා වඩා ගන්න බලාපොරොතතුවක් නෑ. අපට අවශ්‍ය මෙය නිසි ලෙස සායනිකව තහවුරු කර වානිජ මට්ටමින් නිෂ්පාදනයක් ලෝකයට ඉදිරිපත් කිරීමටයි.
-
ඔබේ වෛද්‍ය වෘත්තීය පසුබිම පිළිබදව යමක් සඳහන් කළොත්?
ඇත්තටම මගේ මවත් පියාත් දෙදෙනාම පැවතෙන්නේ වෙද පරම්පරාවලින්. මම මුලින් කටයුතු කළේ පරිගණක පද්ධති ඉංජිනේරුවකු ලෙසින්. කලක් විදේශගතව රැකියා කළා. ඊට පස්සේ මට හිතුණා අපේ පරම්පරාවෙන් එන හෙළ වෙදකම ගැන අවධානය යොමු කරන්න. මගේ මවගේ මව එනම් මගේ මිත්තණිය ඉහගම ගල්ගේපිටිය වෙද පරම්පරාවේ වෙද මාතාවක්. ඒ කාලයේ උකුවෙල ප්‍රදේශයේ වින්නඹු මාතාව ලෙසින් කටයුතු කරල තිබෙන්නෙත් මගේ මිත්තණිය. පියා ගේ පියාත් හීන්කෙන්ද කුස බණ්ඩාර වෙද පරම්පරාවේ. ඔවුන් එකල රාජකීයයන්ට පවා වෙදකම් කර තිබෙනවා.
-
ඔබ කීවා බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුම මේ කාර්යයට සහය වෙනවා කියල ඔවුන් නම් වශයෙන් කීවොත්?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ න්‍යෂ්ටික වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ලක්ෂ්මන් වටවන , වෛද්‍ය සූරිය කුමාර් , හොරණ රෝහලේ ශල්‍ය වෛද්‍ය බන්දුල පෙරේරා වැනි අය ප්‍රමුඛයි. ඊට අමතරව තවත් වෛද්‍යවරුන් ගණනාවක් සිටිනවා