බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

by editor
දෙසැම්බර් 15, 2020
in සෞඛ්‍යය
ලක්ෂ්මන් ඇඹුල්දෙණිය වෙද මහත්තයා...

ලක්ෂ්මන් ඇඹුල්දෙණිය වෙද මහත්තයා...

Share on FacebookShare on Twitter
  • අම්මා ඉහගම ගල්ගේපිටිය වෙද පරම්පරාවේ… තාත්තා රජවරුන්ටත් වෙදකම් කළ හීන්කෙන්ද කුස බණ්ඩාර වෙද පරම්පරාවේ

  • හෙළ වෙදකමේ උරුමය ගන්න කලින් රට රටවල වැඩ කළ පරිගණක පද්ධති ඉංජිනේරුවෙක්…

  • බෙහෙත හදන්න භාවිතා කළ බව කියන්නෙ හෙළ  රස ශාස්ත්‍රය. මුලින්ම නිපදවනු ලැබු බව කියන්නෙ ඩෙංගුවලට…

  • විද්‍යාත්මකව තහවුරු කරගන්න සායනික පර්යේෂණ ඉල්ලනවා… තවම රජයෙන් අවසර දෙන්නෙ නැතිලු…

වෛරස රෝගවලට  එරෙහිව නිපදවූ ප්‍රතිශක්තිකරණය වඩවන ඖෂධයක් මාත්‍රා වෙනස් කිරීමකින් පමණක් කොරෝනා වයිරසයට එරෙහිව ද ප්‍රතිශක්තියක් ඇති කරවන බවට තමන් තහවුරු කරගෙන ඇති බව මාතලේ, උකුවෙල  ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයකු වන වෛද්‍ය ලක්ෂ්මන් ජනක ඇඹුල්දෙණිය  පවසයි. මෙම ඖෂධය 2013 වසරේ දී තමන් මුලින්ම නිපදවූ බවත් එය ක්‍රමයෙන් සංවර්ධනයකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සායනික පර්යේෂණ සඳහා ඉල්ලීම් කළත් මෙතෙක් මේ පිළිබඳව රජයේ අවධානයට ලක් නොවූ බව ඔහු පවසයි.

හෙළ වෙදකමේ එන රස ශාස්ත්‍ර දැනුම් පදනම් කර ගනිමින් මෙම ඖෂධය නිපදවූ අතර එහි අන්තර්ගතව ඇත්තේ තනිකරම දේශීයව සොයා ගත් ඖෂධ බව පවසන ලක්ෂ්මන් ඇඹුල්දෙණිය  තම පර්යේෂණය සඳහා බටහිර වෛද්‍යවරුන් 14 දෙනකු පමණ සම්බන්ධ වී ඇති බවත් ඔවුන් ගේ සහය ද ලබාගෙන මෙම ඖෂධය විද්‍යාත්මක පදනමකින් යුතුව   තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත්  මෙම දේශීය වෛද්‍යවරයා පවසයි.

ලංකාසර කළ විමසීමකදී ඔහු මේ පිළිබඳව විස්තර කළේ මෙසේය.

“ මම පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක්. පාරම්පරිකව මට උරුම වූ දැනුම පදනම් කරගෙන මම ශරීරය තුළ වෛරසවලට ප්‍රතිශක්තිය නිර්මාණය කරන්න පුළුවන් ඖෂධයක් සම්බන්ධයෙන් මුලින්ම පර්යේෂණ ආරම්භ කළේ ඒඩ්ස් රෝගය ඇති කරවන එච්.අයි වෛරසය ඉලක්ක කරගෙන.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් පසුගිය කාලයේ අපේ රටේ වෛරස රෝග අතරින් බරපතලම ප්‍රශ්නය වුණේ  ඩෙංගු රෝගය . ඊට පසුව මම වැඩිපුර අවධානය යොමු කළේ ඩෙංගු රෝගය හමුවේ සාර්ථකව ක්‍රියා කළ හැකි ඖෂධයක් නිපදවීමටයි. මේ සඳහා මා භාවිත කළේ හෙළ වෙදකමේ උසස්ම වෛද්‍ය ශාස්ත්‍රයක් වන රස ශාස්ත්‍රය. ඒ අනුව ගොඩ නගපු ඖෂධයක් තමයි මෙය. මම මේ ඖෂධය ඩෙංගු රෝගය වැලඳුණු විශාල පිරිසකට ලබා දී තිබෙනවා. ඔවුන්ට එයින් ලබා දිය යුත්තේ ඉතාම සුළු මාත්‍රාවක්… සාමාන්‍යයෙන් මිලි ලීටර එකක් වගේ ප්‍රමාණයක්. මේ මඟින් ඩෙංගු රෝගීන් තුළ යම් ප්‍රතිශක්තියක් ගොඩ නැගුණු බව අප තහවුරු කරගෙන තිබෙනවා. පැය දෙක හමාරක් වැනි කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සිරුරින් වෛරසය  ඉවත් වන තත්ත්වයක් දැක්කා.  ඒ සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තා පවා අප සතුව තිබෙනවා.

දැන් ප්‍රශ්නය තියෙන්නේ කොවිඩ් රෝගය. එයත් ඇති කරන්නේ වෛරසයකින්. මේ නිසා මම රෝගීන් කිහිප දෙනකු ඇසුරේ මෙය සාර්ථක ද කියල අත්හදා බැලුවා. එයින් තහවුරු වී තිබෙනවා මෙය කොවිඩ් රෝගීන් හමුවේත් ඉතා හොඳින් ක්‍රියා කරනවා කියල.

  • ඩෙංගු රෝගයට ප්‍රතිශක්ති වර්ධකයක් කොහොමද කොරෝනා රෝගයටත් ගැලපෙනවා කියන්නේ?

මෙම රෝග දෙකම හැදෙන්නේ වෛරසකින්. මගේ ඖෂධ නිෂ්පාදනය සකස් කර තිබෙන්නේ මෙවැනි වෛරසවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන සංයෝගයක් ලෙසයි. ඒ නිසා මෙය කිසිසේත් මා රෝගය සුව කරන ඖෂධයක් ලෙස හඳුන්වා දෙන්නේ නහැ. නමුත් කොරෝනා රෝගයට එරෙහිවත් එයින් ප්‍රතිශක්තිය වර්ධනය වන බව අපි තහවුරු කරගෙන තිබෙනවා.

  • මේ දිනවල එවැනි ඖෂධ සම්බන්ධයෙන් විශාල කතාබහක් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. ඔබ කොහොමද රටේ පිළිගත් ක්‍රමවේදය තුළ මෙය සාර්ථක ද කියල රටට ඔප්පු කරල පෙන්වන්නේ?

ඇත්තටම මම මේ ඖෂධය දියුණු කරල 2014 අවුරුද්දේ දවසක එවකට සෞඛ්‍ය ඇමතිව සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට ඉදිරිපත් කළා. මා රජයෙන් බලාපොරොත්තු වුණේ මෙය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමයි. මොකද අපට අවශ්‍ය වුණා  රජයේ රෝහල් තුළ බටහිර ඖෂධ ප්‍රතිකාර අතරේ ඇලෝපතික ප්‍රතිකර්මයක් ලෙස මෙය භාවිත කරවීමට. හේතුව අද කොරෝනා වුණත් ඩෙංගු වුණත් එවැනි වසගංත තත්ත්වයකදී රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන්නේ බටහිර වෛද්‍යක්‍රමය සහිත රෝහල්වල. ඒ තුළ මෙය ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස භාවිත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය සායනික පර්යේෂණවලට අදාල අනුමැතිය එවකට සෞඛ්‍ය අමාත්‍යතුමා ලබා දුන්නා.

නමුත් ඒ සම්බන්ධ සායනික කටයුතු විවිධ ප්‍රශ්න මත පමා වුණා. මම ඉල්ලා සිටින්නේ මෙය කොවිඩ් රෝගය හෝ ඩෙංගු රෝගය සම්බන්ධය බටහිර ක්‍රමයට අනුව විද්‍යාත්මකව මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය සායනික පර්යේෂණ සඳහා අනුමැතිය සහ ලබා දෙන්න කියලයි.

  • ඉතින් ඔබ මේ සම්බන්ධයෙන් රජයට යෝජනා කළේ හෝ දැනුවත් කිරීමක් කළේ නැද්ද?

මේ වනවිටත් සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව දන්නවා. ජනාධිපතිතුමාටත් මම ජනපතිවරණයට කලින් මේ ගැන කිව්වා. මම වියත් මඟ සංවිධානයේ රැස්වීමකට සහභාගීවෙලා එතුමා හමුවෙලා එහිදී මම මේ ගැන කීවා. ඔහු අපි මෙය දියුණු කරමු කියල කීවා.  නමුත් තවම රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරල නැහැ. මමත් ඒ ගැන කියල  ඔවුන්ට කරදර කළේ නැහැ.

  • මෙවැනි සායනික පර්යේෂණයකින් තොරව ඔබ කොහොමද කොරෝනා රෝගය සඳහා මේ ඖෂධය සාර්ථකව ක්‍රියා කරනවා කියල කියන්නේ?

අපි මෙම ඖෂධය කොරෝනා වැලඳුණු මේ රටේ කිහිප දෙනකුටත් ඉතාලියේ සහ ජපානයේ කිහිප දෙනකුටත් ලබා දී පරීක්ෂණ කළා. මෙම ඖෂධය ලබා දුන්නාම ඔවුන්ගේ ශරීරයේ වෛරස ධාරිතාව අඩු වන බව නිරීක්ෂණය කළා.  අනෙක මම මේ කාරණය අවධාරණය කරන්නේ මගේ දැනුම සහ අත්දැකීම් සියල්ල පදනම් කරගෙනයි.  නමුත් ඔබ කියන ආකාරයට මෙය ස්ථිරව තහවුරු කිරීමට අංගසම්පූර්ණ ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූල සායනික පරීක්ෂාවක් අවශ්‍යයි. ඒ සඳහා විද්‍යාත්මක සහය අවශ්‍යයි.

  • නමුත් ඔබ මේ වනවිට මෙම ඖෂධය රෝගීන්ට ලබා දෙනවා?

ඔව්. අවශ්‍ය අයට අපි මේ ඖෂධය ලබා දෙනවා. අපි මේක දෙන්නේ මිලි මීටර 12ක කුඩා බෝතලයක. එය පවුලක හතර දෙනකුට ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත්. අපි මෙම දියර ඖෂධය අසුරා තිබෙන්නේ කුඩා ඇස් වලට යොදන බෙහෙත් අසුරා අති ප්ලාස්ටික් බෝතලක. එයින් ඖෂධ එන්නේ බිඳිති වශයෙන්. අප මෙය ලබා දිය යුත්තේත් මිලි ලීටර 1ක පමණ කුඩා මාත්‍රාවකින්. මෙම ප්‍රතිශක්තිය වසර පහක පමණ කාලයක් ඩෙංගු රෝගය සඳහා පවතින මට ස්ථිරව කියන්න පුළුවන්.

අප මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලවලට මෙය බහුල වශයෙන් ලබා දී තිබෙනවා පෞද්ගලික මට්ටමින්. අපේ අරමුණ වුනේ මුලින්ම ඩෙංගු රෝගයට එරෙහි ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීමයි. දැන් අපි කොවිඩ් වලින් වැලකීමටත් ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස මෙය ලබා දෙනවා. ඕනෑම කෙනකු ස්වේච්ඡාවෙන් ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස මෙය භාවිත කිරිම කැමති නම් අපි එය ලබා  දෙනවා. මෙම මිලි ලීටර 12 කුප්පියක් රුපියල් හත් දහසක් පමණ වෙනවා. නමුත් අපි මෙය කිසිම ආකාරයකට ප්‍රවර්ධනය කරමින් විකුණන්නෙ නෑ. එයින් මුදල් කඩා වඩා ගන්න බලාපොරොතතුවක් නෑ. අපට අවශ්‍ය මෙය නිසි ලෙස සායනිකව තහවුරු කර වානිජ මට්ටමින් නිෂ්පාදනයක් ලෝකයට ඉදිරිපත් කිරීමටයි.

ඖෂධ කුප්පිය
  • ඔබේ වෛද්‍ය වෘත්තීය පසුබිම පිළිබදව යමක් සඳහන් කළොත්?

ඇත්තටම මගේ මවත් පියාත් දෙදෙනාම පැවතෙන්නේ වෙද පරම්පරාවලින්. මම මුලින් කටයුතු කළේ පරිගණක පද්ධති ඉංජිනේරුවකු ලෙසින්. කලක් විදේශගතව රැකියා කළා. ඊට පස්සේ මට හිතුණා අපේ පරම්පරාවෙන් එන හෙළ වෙදකම ගැන අවධානය යොමු කරන්න. මගේ මවගේ මව එනම් මගේ මිත්තණිය ඉහගම ගල්ගේපිටිය වෙද පරම්පරාවේ වෙද මාතාවක්.  ඒ කාලයේ උකුවෙල ප්‍රදේශයේ වින්නඹු මාතාව ලෙසින් කටයුතු කරල තිබෙන්නෙත් මගේ මිත්තණිය. පියා ගේ පියාත් හීන්කෙන්ද කුස බණ්ඩාර වෙද පරම්පරාවේ. ඔවුන් එකල රාජකීයයන්ට පවා වෙදකම් කර තිබෙනවා.

  • ඔබ කීවා බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුම මේ කාර්යයට සහය වෙනවා කියල ඔවුන් නම් වශයෙන් කීවොත්?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ න්‍යෂ්ටික වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ලක්ෂ්මන් වටවන , වෛද්‍ය සූරිය කුමාර් , හොරණ රෝහලේ ශල්‍ය වෛද්‍ය බන්දුල පෙරේරා වැනි අය ප්‍රමුඛයි. ඊට අමතරව තවත් වෛද්‍යවරුන් ගණනාවක් සිටිනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධම්මික බණ්ඩාර වෙද මහත්තයා කොවිඩ් පැණියෙන් දළදා සමිඳු පුදති… අස්ගිරියටත් පැණියෙන් පූජා…

Next Post

විපක්ෂ නායක සජිත් ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් උදව් ඉල්ලයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.