fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

විභාගයට සූදානම්වන දූ පුතුන්ට වැදගත් කරුණු 14ක් …

මාස 10ක් ago
in විනිවිද
738 7
0
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ට මුහුණ දීමට සූදානම් වන දූපුතුන් මේ වනවිට අධ්‍යාපන කටයුතුවල අන්තර්ජාලය ඔස්සේ යෙදෙමින් සිටිනවා ඇත. උදෑසන පාසැල් ගොස් ප්‍රිය මිතුරු සමාගම් මැද අධ්‍යාපනය ලැබූ අවස්ථාවන් මගහැරී යෑමත්, දවසේ බොහෝ කාලයක් නිවසට වී අධ්‍යාපනය ලැබීමත්, යහළු යෙහෙළියන් මුහුණට මුහුණට හමුනොවීමත් ඔවුන් සමග කළ කෙළිකවටකම් සීමාවීමත්, එකදිගට අන්තර්ජාලය ඔස්සේ දිගු වේලාවක් අධ්‍යාපන කටයුතු වල යෙදීමත් නිසා කිසියම් ආතති තත්වයක් දරුවන්ට ඇතිවිය හැකිය. එසේම නිවසේ එකම කණ්ඩායම සමග ගතකිරිම නිසාත් යම් යම් නොරිස්සුම් සහගත අමිහිරි වාතාවරණද ඇතිවීමට ඉඩ තිබේ. ඒ බව උපදේශනයේදී මැසිවිලි නගන දරුවෝ නිතර මට හමුවෙති.

ආදරණිය දූපුතුනි, කුමන බාධා පැමිණියද අපට අධ්‍යාපනය මගහැර යා නොහැකිය. මන්ද යත් අපගේ අනාගතය සහ අනාගතයේදී අප සමාජයේ හිමිකරගන්නා ස්ථානය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ අධ්‍යාපනයයි. අපගේ අනාගතය සුවපහසු, සැපවත් එකක්වීම සඳහා අපගේ ජීවනෝපාය සකස් කරදෙන්නේ අධ්‍යාපනයයි. තමන්ගේ ශිෂ්‍ය ජීවිතය කිසියම් වූ හේතුවත් නිසා හෝ ඵලදායි ලෙස ගතකරන්නට බැරිවීම නිසා දුකට පීඩාවට පත්වූ අය අපට සමාජයේදී කොතෙකුත් හමුවෙයි. එමනිසා කුමන බාධා පැමිණියත් යහපත් අනාගතයක් උදෙසා අප අධ්‍යාපන කටයුතු කරගෙන යායුතුය.

අපොස සාමාන්‍ය පෙළ යනු තීරණාත්මක කඩඉම් විභාගයකි. මන්ද උසස් අධ්‍යාපනය සඳහා ඔබ තෝරා ගන්නා මාවත තීරණය කරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිසාය. ඔබ කැමති මාවත තෝරා ගැනීමට හැකිවන පරිදි ඔබ ප්‍රතිඵල ඔබට ලැබිය නොහැකි වුවහොත් ලැබී ඇති ප්‍රඵිපල මත ඔබට මාවත තෝරා ගැනීමට සිදුවෙයි. එය සමහර විට ඔබේ අසතුටට හේතුවිය හැකිය. ඒ නිසා හැකි සෑම උත්සහයක්ම දරා ඔබ කැමති මාවත තෝරා ගැනීමට පහසුවෙන් හැකිවන පිණිස විභාගය සමත්වීමට වැර වෑයම් කළ යුතුවෙයි. විෂයන් නවයටම ‘ඒ’ සමාර්ථ නවයක් ලැබීමට වෙහෙසවිය යුතු යැයි මින් අදහස් නොකෙරේ. උපරිම උත්සාහය ගෙන විභාගයට පිළිතුරු ලියා ලෑබෙන ප්‍රථිපලය සතුටින් බාර ගැනීමට සූදානම් විම වඩාත්ම හොඳ ක්‍රියාවයි.‍ෙ

ආතතියකින් තොරව හොදින් විභාගයට මුහුණදීම සදහා උපකාර විය හැකි මගපෙන්වීම් කිහිපයක් දක්වමි.

1) ඔබ පාඩම් කරන්නට තෝරාගත යුත්තේ ඔබ කැමති තැනකි. එම තැන ඔබ නිදාගන්නා කාමරයේ නොවේ නම් වඩාත් සුදුසුය. නිතරම විභාගයට වාඩිවෙන සේ පුටුවක් මේසයක් පාඩම් කිරීමට යොදාගන්න. විභාගයට වාඩිවූ විට ඔබ කළ පාඩම් මතකයෙන් සිහිකැඳවීම පහසු වීමට එය හේතුවක් වෙයි.

2) කැමති වේලාවක් පාඩම් කිරීමට තෝරා ගන්න. සමහරු හිමිදිරියේද සමහරු දහවලේද සමහරු රාත්‍රියේද පාඩම් කිරීමට කැමතිය. එමනිසා ඔබ වැඩිපුර වේලාවක් පාඩම් කිරීමට යොදාගත යුත්තේ ඔබ කැමති වේලාවයි.

3) රාත්‍රි නින්ද අවම වශයෙන් ඔබ පැය හයක් නිදාගත යුතුයි. එසේම විභාගය පවත්වන වේලාව වන උදේ නවය සහ හවස හතර ඇතුළත කාලය ඔබ නිදාගැනීමෙන් වලකින්න. මන්ද පුරුද්දක් ලෙස ඒ කාල සීමාවේ ඔබ නිදාගැනීම කර තිබුණහොත් විභාගයට මුහුණදෙන මොහොතේ අලස බවක් නිදිමත ගතියකින් ඔබ පෙළීමට ඉඩ ඇත

4) උදෑසන ආහාරය අනිවාර්යායන් ලබාගන්න. පෝෂණය මේ කාල සීමාවේදී අනිවාර්යයි. මද උණුසුම් වතුර නිතර පානය කරන්න. කොරෝනා වලින් වැළකීමටත් උණුසුම් වතුර පානය හේතුවන බැවින් එය නිතර කිරීමට වගබලා ගන්න.

5) ඔබට කට පාඩම් කරන්නට ඇති කවි පංති නැවත මතක් කරන්නට ස්නානය කරනවිට වතුර මල යට සිටින වේලාව ගමන්බිමන් යනවිට රථයේ අසුන්ගෙන සිටිද්දී ආදී වේලාවන් යොදාගන්න. කාලය ඉතිරි කරගැනීමට එය උදව්වේවි.

6) එක දිගට පැය ගණනක් පාඩම් කරන විට සෑම විනාඩි හතලිස්පහක් හෝ පැයකට වරක් විනාඩි දහයක විවේකයක් ලබාගන්න. පාඩම් මේසය මත හිස තබාගෙන දෑස් පියාගෙන සිටීම හෝ නැගිට යා හැකිය. දෑසට මද විවේකයක් දෙන්න. මෙසේ කරන්නට හේතුව අප පාඩම් කරන දේවල් මතකය ලෙස මොළයේ තැන්පත් වීමටත් යම් වේලාවක් අවශ්‍ය කරන බැවිණි. එකදිගටම පාඩම් කළහොත් මතක තබාගැනීමට වේලාවක් නොවීම නිසා පාඩම් කළ දේ කෙටිකාලීන මතකයෙන්ම අමතකව ඉවත්ව යනු ඇත.

7) අවසාන මාස එකහමාර කාලයේදී දිනකට අවම ලෙස ගණිත ගැටළු 50ක්වත් විසදන්න වගබලා ගන්න. එසේම පාඩමක් අවසානයේ ඒ පාඩමට අදාළ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු ලියන්න.

8) උදෑසන අවදි වූ වහාම සහ නින්දට යෑමට ඇදට ගියවිට විනාඩි පහක් දහයක් හුස්ම ගැනීම හුස්ම හෙළිම දෙස සිත විසිරෙන්නට නොදී අවධානයෙන් බලාගෙන සන්සුන්ව හිදින්න.

9) ඔබේ හිත මිතුරන් නොදන්නා දෙයක් ඔබෙන් විමසුවහොත් ඔබ එය දන්නේ නම් නොමසුරුව කියා දෙන්න. හැමවිටම ඔබ හා විභාගයට මුහුණ දෙන සියලු දෙනාටම සතුටුදායක ප්‍රතිඵල ලැබේවා!යි පතන්නට පුරුදු වෙන්න.

10) හැකිතරම් පරිස්සමෙන් කාලය ගතකරන්න. කොරෝනා රෝගයෙන් වැළකීම සදහා නිතර අත් සේදීම, මුව ආවරණ පැළදීම, සමාජයේදී අන් අය අතරදී අවම මිටර් එකහමාරක් පරතරය ඇතුව සිටිම අනිවාර්යයෙන් කරන්න. එසේම අතවශ්‍ය කරුණක් නොවේ නම් නිවසින් බැහැර නොයන්න. උණුසුම් ජලය පානය කරන්න. පිරිසිදුව සිටින්න.

11) අතීතයේ දුක් කරදරවලට හෝ අනාගතයේ ඇතිවිය හැකි බය යන සංකල්පයන්ට නිතර සිත ගමන් කිරීමට ඉඩ නොදී වර්තමානයේ රදවා ගන්න. ඉහත දුන් භාවනාමය අභ්‍යාසය ඒ සදහා ඉවහල් වේවි.

12) සතුටින් සැහැල්ලුවෙන් ඔබ කැමති විනෝදාංශයක යෙදෙන්නත් අමතක නොකරන්න. සතුට සැහැල්ලුව අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තියටද ඉවහල් වන බව මතක තබා ගන්න.

13) සෑම දෙයක්ම සිදුවන්නේ හොදට බවත් එකම සිදුවීමකින් ලෝකය හෝ ජීවිතයේ ජයග්‍රහණ අවසන් නොවන බවත් තේරුම් ගෙන නොසැලී මුහුණ දෙන්න

14) ඉතා හොදින් අධ්‍යාපන කටයුතු පාඩම් කටයුතු සිදු කර විභාගයේදී ඉතා හොදින් ප්‍රශ්නය කියවා බලා තේරුම් ගෙන පැහැදිලි ලොකු අත් අකුරින් පිළිතුරු සපයන්න. ලැබෙන ප්‍රතිඵල සතුටින් බාරගෙන ඔබ පැතූ මාවත දිගේ ඉදිරියටම යන්න.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අවසානයේ දී ජයග්‍රහණයේ බලාපොරොත්තුව සඵල වේ… ලංකාවට කඩුළු 03ක ජයක්…

Next Post

බදියුදීන් නිවසේ ගිනි තබාගෙන මිය ගිය මෙහෙකාර දැරියට දුන් වද හෙළි වේ….

Related Posts

child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

මාර්තු 22, 2022
Loneliness Teenage Girls

විශාදයෙන් මිදෙනු හැකියි.!

ජනවාරි 31, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…
  • සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…
  • තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…
  • ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

ජනප්‍රිය පුවත්

  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    271 shares
    Share 108 Tweet 68
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    285 shares
    Share 114 Tweet 71
  • බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

    172 shares
    Share 69 Tweet 43
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    172 shares
    Share 69 Tweet 43
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    172 shares
    Share 69 Tweet 43
  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

    172 shares
    Share 69 Tweet 43

Highlights

පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

by editor
මැයි 22, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන...

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 22, 2022
0

රන්ජන් රාමනායක  යනු කිසිවිටක කිසිවෙකුට සිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist