fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ඇය මහා හඬින් හඬා නොවැටුනේ ඇයි?

මාස 7ක් ago
in විනිවිද
532 5
0
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

ජීවිතයේදී තමන්ට මුහුණ පාන්නට වන භයානක අනපේක්ෂිත විපතකදී ඇතිවන කම්පනයේදී මිනිස්සු ප්‍රතිචාර දක්වන විධි වෙනස්.

මාරන්තික අනතුරක්, සුනාමියක්, අතිබිහිසුණු ප්‍රහාරයක්, දරුණු ස්වාභාවික විපතක් වගේ දේකට මුහුණ පාන්න සිදුවුනොත්  තමන්ගේ ජීවිතේ සමීපතම පුද්ගලයෙක් හෝ පුද්ගලයන් එම විපතකින් මියගියහොත්, ඒ මාරාන්තික බිහිසුනු දර්ශනය සියැසින් දුටුවොත් කම්පනයට පත්වන මිනිස්සු පටාචාර දිවගියා වගේ දිවයන්න පුලුවන්.

ඒ වගේම කිසිම හැඟීමක් නැති අවස්ථාවට උචිත නොවන ගල්ගැහිච්ච , හිරිවැටුණු පණ නැති ස්වභාවයකින් ප්‍රතිචාරයක් නෑ වගේ ඉන්න පුලුවන්.

මේ තත්වය ඉතාම දැඩි වියෝවකදී  ඇතිවෙන්න පුලුවන්.  ඒ වගේම උග්‍ර ආතතිකාරී ව්‍යසන අත්දැකීමකට මුහුණ දුන්නම හඬනවා වෙනුවට ඒ මොහොතේ හිනාවෙන්න පුලුවන්.

අපේ මනස සමහර දේවල් වලදි අපට ඕන විදියට හැසිරෙන්නෙ නෑ. සමහර Defense Mechanism හෙවත් සංරක්ෂණ ප්‍රයෝග තියනව වගේම ක්ලාන්තය වගේ සිහි විසඥවීම වගේ දේවලුත් තාවකාලික ගල්ගැසුණු  ස්වභාවයෙනුත්  දරාගත නොහැකි විපතකින් සිදුවන හානිය අවම කර  පුද්ගලයාව යම් ආරක්ෂා කිරීමක් සිදුකරනවා.

Grief හෙවත් වියෝව අවස්ථාව ව්‍යාධිජනක තත්වයක් එනම්  Pathological stage එකකට ගියාම සමීපතමයන්ගේ මරණයෙදි අඬන්නෙ නැතුව ඉන්න පුලුවන්. අනිත් අයවගේ සාමාන්‍ය විදියට කටයුතු කරන්න කතාකරන්න පුලුවන්. හැබැයි මේ තත්වය දිගටම තිබුනොත් ප්‍රතිකාර සඳහා යොමුකරන්න ඕන. මන්ද , හැඬීමෙන් සිතේ ඇතිවන නිදහස ඔහුට නොලැබීමෙන් ඔහු අධික පීඩාවකින් රෝගී වෙන්න පුලුවන්.

ඒ වගේම අවුරුදු දහයෙන් පස්සෙ තමා  දරුවෙකුට මරණ සංකල්පය ඇතිවෙන්නෙ. ඒ නිසා කුඩා දරුවෝ තමගේ පවුලේ මරණයකදී නොහඬා කෙළිදෙලෙන් ඉන්නත් පුලුවන් . ඒ වගේම සමහරු අඬන්න පුලුවන් පවුලේ අනිත් අය අඬනකොට ඇතිවන දුක බිය සහ යම් වරදක් සිදුව ඇතිබව වැටහෙන නිසා. නැතුව මරණ සංකල්පය යථාවත් වීම නිසා නොවෙයි.

එමනිසා මළගේක ගියාම , මරණයක් දැක්කම ඒ ගෙදර අය කතා කරන හැටි, නොහඬන හැටි, සාමාන්‍ය විදියට ඉන්න හැටි විපරම් කර කර ඒවා කටගැස්මවල් කරගෙන බෙදන්න එපා.

මොකද අපේ නොදැනුවත්කම නිසා අහිංසක මිනිස්සුන්ට වෙන්නෙ හානියක්. නොදැනුවත්කම වෙනයි, අහිංසක වැදගත් මිනිස්සුන්ට සිදුවන අයුක්තිය වෙනයි.

ඒවට හවුල්වෙලා තව පෝර දාමින් සිය පාණ්ඩිත්‍ය    පෙන්වන අයත් ප්‍රදර්ශනය කරන්නේ නොදැනුවත්කම තමා. ඒත් තමන් නොදන්නවා කියලා අන් අයට අපහාස කිරීම හරිදෙයක් නොවෙයි.

විපතකදී දුක්වෙන්න බැරිනම් තමුන්ගෙ ඇස් වහගෙන ඒක දිහා නොබලා ඉඳීම තමා කළයුතු හොඳම දේ.  සැමියා මැරුණම, බිරිඳ මැරුණම ජීවත්ව ඉන්න බිරිඳ හෝ සැමියා අඬන්නෙ නැත්තම්, විශේෂයෙන් බිරිඳ වැළහින්නක් සේ අඬා වැළපුනේ  නැත්තම්, “ඒ බිරිඳ හොඳ නෑ.  ඒ පවුලෙ එළියට නොපෙනෙන රහස් තියනව.“

ඔන්න හොම කියනකොට ඒකට උඩගෙඩි දෙන අටුවාටීකා සපයන, අයව තේරුම් ගන්න ඕන මනෝවිද්‍යාව දන්න වෘත්තිකයන්ට ඒ අයගෙ නොදැනුවත්කම සහ පෞරුෂය  පේනවා කියල.

දරාගත නොහැකි කම්පනයේදී මිනිස්සු හැසිරෙන විධි තියනව. ඒවා මනුෂ්‍යාගෙන් මනුෂ්‍යාට වෙනස්.

පටාචාරා සැමියා දරුවන් පවුලේ අය මැරුණම් හැසුරුණු විදියට නෙවෙයි බන්ධුල මල්ලිකා හැසුරුනේ. ඒ නිසා මිනිස්සුන්ට වෙන්න පුලුවන් දරුණුම විපතක් උනාම ඇතිවන කම්පනයේ ස්වභාවය ගැන මානුෂීයව හිතන්න බැරි හුඟක් මිනිස්සු   පහත් කතා කියන හුඟක් මිනිස්සු තමන් තුළට නැමිලා බලන්න ඕන තමන්ගෙ තත්වය දිහා.

ප්‍රියන්ත දියවඩන මහතාගේ මරණය වෙනුවෙන් ඔහුගේ ප්‍රියාදර බිරිය නොහඬන එක ප්‍රශ්නයක් කරගත් අයගේ දැනගැනීමටයි.

විපතකදී  අනේ අපොයි කියන්න බැරිනම් අඩුගානේ අනවශ්‍ය කතා නොකියා බලන් ඉන්න ඕන

සමහරු මිනිස්සුන්ගෙ ජීවිත විවරණය කරන්නේ අන්තිම අශික්ෂිත විදියට.

ඒ වගේම මේ රටේ සමහර ප්‍රධාන ධාරාවේ  මාධ්‍ය පවා මේ සිද්ධියේ දී  හැසිරුනු   ආකාර ගැනත් තියෙන්නෙ දැඩි අප්‍රසාදයක්…

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

“සංයුතියත් අවුල්.. සිලින්ඩරත් පරණයි.. ක්‍රියාවලියෙත් ප්‍රශ්න..” – රාජ්‍ය ඇමති ගෑස් ගැන කියයි

Next Post

අනුර කුමාරගේ ප්‍රකාශය කතානායක ප්‍රතික්ෂේප කරයි

Related Posts

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

ජූනි 6, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

මාර්තු 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist