fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලොක් ඩවුන් වුණු මැයි දිනය

වසර 2ක් ago
in සමාජ
431 5
0
Share on FacebookShare on Twitter

සිංහල සංස්කෘතිය තුළ කෙනෙකුට කුලී කරන කම්කරුවන් සිටියේ නැත. සමස්ථ සමාජයම රාජකාරි ක්‍රමය යටතේ වෙන් වී සිටියහ. මේ සංවිධාන රටාවතුළ නිශ්ඡිත රාජකාරියක් තිබිණි. ඒ රාජකාරිය වෙනුවෙන් භුක්තියට වෙන් කළ ඉඩම් ප්‍රමාණ තිබිණි.  සිංහලයෝ සිය ඉඩම් හිමිකම ගෞරවණීයව සැලකූහ.  ස්වකීය ඉඩම් අයිතිය අහිමිකරගෙන ඉඩම් හිමියන් යටතේ කුලියට වැඩ කිරීමට ඔවුන්ගේ අභිමානය ඔවුන්ට ඉඩ දුන්නේ නැත.

මේ ප්‍රවේශ කතාව කියන්නේ ලංකාවේ කම්කරු ප්‍රජාව බිහිවූ අශෝභන ආකාරය ගැන කියන්නටය. වර්ෂ 1832 දී ඉදිරිපත් වූ කෝලබෘක්ස් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ   රාජකාරි ක්‍රමය අහෝසිකර  තමන්ගේ  ආර්ථික  මොඩලය මේ රටට ආදේශ කළහ. ඔවුන් ආර්ථික ප්‍රතිසංස්කරණයේ දී විශ්වාසය තැබුවේ මහා පරිමාණ වතු වගාව ගැනය. වර්ෂ 1823 දී ගම්පොලදී ආරම්භ වූ මුල්ම මහා පරිමාණ කෝපි වගාව රට පුරා ක්‍රමවත්ව ව්‍යාප්ත කිරීමේ අභිලාෂය ඉංග්‍රීසි පාලකයන් සතු විය.   එහෙත් මේ කටයුතු වෙනුවෙන් කුලියට ශ්‍රමය සැපයීම   සිංහල ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කළේය. මේ නිසා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් (ක්‍රි.ව. 1824 -1831) දෙවරක්ම විදේශ රට වලින් දෛනික වැටුප් යටතේ සේවය කිරීම සඳහා කම්කරුවන් ගෙන්වූයේය.  ඒමුල් වතාවේ කම්කරුවන් 180ක් හා දෙවනි වර කම්කරුවන් 660ක් වශයෙනි.

කෝපි වලට විදේශ වෙළෙඳපලේ විශාල මිලක් ලැබිණි. මෙය පදනම් කරගෙන     වර්ෂ 1837  පමණ වනවිට කෝපි වගාව කෙරෙහි දැඩි උනන්දුවක් පාලකයන් තුළ ඇති විය.  මේ නිසා වතු වගාව සඳහා ඉඩම් අත්පත් කරගැනීම මුල් කරගෙන වර්ෂ 1840 දී   ලද මුඩුබිම් ආඥා පනත පනවන ලදී.  ඉන් සිදු වූයේ ලාංකිකයන්ගේ ගෞරවය, ආඩම්බරය, මතු නොව සංස්කෘතික ලේ ඥාතිත්වය ප්‍රකාශ කළ ඉඩම් හිමිකම ඔවුන්ගෙන් අහෝසි වී යෑමය.    මේ අනුව හිමිකාරිත්වය, අයිතිය පිළිබඳ නිශ්චිත සාක්‍ෂියක් සැපයිය නොහැකි සියළුම ඉඩම්, මුඩු ඉඩම් හෝ රජයේ ඉඩම් වශයෙන් සලකන ලදී. මහනුවර ජනතාවට අයිතිව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් මේ පනත යටතේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අත්පත් කරගත්තේය.

කෝපි වගාවත්, පසුව තේ  වගාවත් විජාතික ආයෝජකයන් ලවා සිදු කෙරෙන්නේ මේ ඉඩම් වලය. සංස්කෘතික හිමිකම් සේ පැවති ස්වකීය  ඉඩම් හිමිකම මෙම ආඥා පනතින් අහිමි වීමත් සමගම  ලාංකිකයන් බොහෝ දෙනෙක් සිය පැවැත්ම උදෙසා   සොයා නාගරික ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූහ. මොන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද  ඔවුහු බි‍්‍රතාන්‍යයන්ගේ පාලනය යටතේ වතු  වගාවන් ආශ‍්‍රිතව කුලී කරුවන් සේ සේවය කිරීමට සූදානම් නොවූහ.

එබැවින් වැවිලි කර්මාන්තයට අවශ්‍ය ලාභ ශ්‍රමය ලබා ගැනීමට ඉංග්‍රීසිහු  දකුණු ඉන්දියාවෙන් දෙමළ ජනයා ගෙන්වූහ. මේ සැලසුම් සහගත ශ්‍රම කොල්ලය ආරම්භයම අතිශය අමානුෂික එකක් වූ ආකරය ඉංග්‍රීසි වාර්තා වලින්ම පෙනේ. මේ මිනිසුන් වතු කම්කරුවන් ලෙස ලංකාවට පටවන ලද්දේම මිනිසෙකුට හිමිවිය යුතු මනුෂික වටිනාකම අවලංගු කිරීමෙනි. මේ අසරණ මිනිස්සු මන්නාරමෙන් ගොඩ බස්සවා කඳුකරයට ගෙනියන ලද්දේ අරිප්පුවේ සිට මහනුවර දක්වා කැපූ පාර ඔස්සේය. පා ගමනින් අතිශය දුෂ්කර ගමනක යෙදුණු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අතරමගදී සාගතයෙන් මෙන්ම වසංගත රෝගවලින් මිය ගියහ. ආර්.ඩබ්ලියු.අයිවර්ස් වාර්තා කරන්නේ වර්ෂ 1842 දී උතුරු දිග මාර්ගය දෙපස කොළරා රෝගය වැළඳී මිය ගිය මේ අසරණ මිනිසුන්ගේ මළ කඳන් විසිරී තිබිණි. ඒවා වළ දැමීමටතවත් එකෙක් නොවීය. එවකට ප්‍රදේශයේ එජන්ත වරයා වූ ඩයික් ගෙන් මේ සම්බන්ධව ආණ්ඩුව නිදහසට කරුණු විමසුවේය. ඔහු කියා සිටියේ නුවරකලාවියෙ සහකාර ඒජන්තවරයෙක් නැති නිසා එම කටයුත්ත පැවරීමට කෙනෙක් නොවූ බවය.

වර්ෂ 1844 දී ඩයික් ආණ්ඩුවට පෙන්වා දුන්නේ බෝවන රෝගවලින් පීඩා විඳිමින් පාගමනින් වතුකරය දෙසට ගමන් කරන අසරණ මිනිසුන්ට උවටැන් කිරීම ගම් මුලාදෑනීන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. ඒ අසරණ හා අවාසනාවන්ත කුලීකරුවන්ට ආණ්ඩුව විසින් ලබා දී ඇති පහසුකම්  කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. ඩයික් සිය වාර්තාවක මෙසේ පවසයි. මන්නාරම දිස්ත්‍රික්කයටත්, කෝපි වගා කරන දිස්ත්‍රික්කවලටත් මැද වව්නියාව පිහිටා ඇත්තේය. ඔබ මොබ යන එන්නන් වැඩිපුරම මිය යෑමේ ප්‍රවණතාවය ඇත්තේ ඒ අවටය. මෙහි ආවේ යැයි සැක කරෙන අයෙක් සමහරවිට මන්නාරම් දූපතේ දි මිය යන්නට ඇත. කොළරාව සංගතය වැඩි වනවිට මරණ සංඛ්‍යාවද වැඩි වනු ඇත.

ආර්.ඩබ්ලියු. අයිවර්ස් රළපනාවේ රටේ මහත්තයා තබන සටහනක් උපුටා දක්වමින් කියන්නේ දකුණු ඉන්දියාවේ සිට මෙහි ගෙන්වනු ලැබූ ඉන්දීය වතු කම්කරුවන් මේ මාර්ගය ඔස්සේ යමින් සිටින අවස්ථාවල වසරක් පාසා කොළරා රෝගය අවට ගම්වලටත් බෝවන බවය. දකුණු ඉන්දියානු වතු කම්කරුවන් සමග එන මේ කොළරා  වසංගතයේ ස්වරූපය  වර්ෂ 1858 දී ඩයික් යටත්විජිත ලේකම්වරයා වෙත දන්වා යැව්වේ ය.

ඒ සඳහා ක්‍රි.ව. 1842 සිට 1859 කාලය අතර ගෙන්වන ලද පිටරට කම්කරුවන්ගේ ප්‍රමාණය පමණක් 903557ක් විය. මින් 80%ක් පමණ ද්‍රවිඩයෝ වූහ. සෑම වසරකම ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවට සැලකිය යුතු කුලී කරුවන් ප්‍රමාණයක් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූහ.

වර්ෂ 1867 දී  දකුණු ඉන්දියාවේ මෙන්ම ලංකාවේද නියඟයක් පැවතිනි. වගා පාලු විය. ජීවිතය බේරා ගන්නට මරණය තෝරාගත්තාක් සේ සමහර දකුණු ඉන්දියානු දුගීහු ලංකාවේ වතු කර්මාන්තය තෝරා ගත්හ. මේ දුගී මිනිසුන්ගෙන් අයෙක් කොලරාවෙන් මෙන්ම සාගතයෙන් ද පෙළෙමින් මහ මග මිය ගියහ. මේ ආකාරයෙන් වතුවලට ගාල් කළ මිනිසුන්ට ජීවිතය හැර අනෙක් බොහෝ දේ අහිමි විය. වහල් ශ්‍රමය ලබා ගැනීම තහනම් වී තිබුණත් මේ මිනිසුන් රටට පැමිණියේම අර්ධ වහලුන් සේය.

සමස්ත වැවිලි අංශයම පාලනය කරන ලද්දේ බි‍්‍රතාන්‍ය පාලකයන්ට අවශ්‍ය අමානුෂික ආකාරයටය. වතු කම්කරුවා මිනිසෙක් නොව, වත්තේ දේපලක් සේ සැලකිනි.   කිසිදු වෘත්තීය අරගලයක් කිරීමට වැවිලි වතු සේවකයන්ට කිසිදු විටෙක අවස්ථාවක් නොලැබිණි. මේ  නූගත් අසරණයෝ වතු පාලකයන්ගේ වහලුන්ම වූහ. පිටස්තර කිසිවෙකුටත් වතුවලට ඇතුළුවීමට හා වතු කම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් නොලැබිණි. මේ අනුව කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් වෙනුවෙන් අරගල කිරීමට ඔවුන්ට එකල ඉඩක් නොවීය.

ලංකාවේ කම්කරු පන්තිය ආරම්භ වන්නේ ඒ තරම් මුග්ධ හා ම්ලේච්ඡ ආකාරයෙනි. වතු කම්කරුවා අදත් ජීවත් වන්නේ එදා මෙන්ම අවලංගු වූ දෙවන පෙළ වැසියෙක් ලෙසිනි. මනුෂ්‍යයෙකුට හිමිවිය යුතු මූලික අයිතීන් තවමත් මේ මිනිසුන් සතුව නැත. ඔවුන් නියෝජනය කරමින් දේශපාලනය කරන උන්නම් තම ජීවිත සාධනය කරගෙන තිබේ. මේ ඉතිහාසය අමතක කර සැමරිය හැකි මැයි දිනයක් නැත. මෙවර රට ලොක්ඩවුන් වූයේ වාසනාවටය. ලොක් ඩවුන් වූ රටේ මැයිදිනය සැමරිය නොහැකි විය. දේශපාලනයෙන් කුජීත   විගඩමක් වූ මේ දිනය යළි කම්කරුවන් වෙනුවෙන් ලබා ගැනිම සඳහා සබුද්ධික අරගලයක් කළ යුතුව ඇත. මේ අතීත පවත අරගලය දියත් කළ යුතු දිශානතිය පෙන්වා දී තිබේ. ලොක් ඩවුන් වී ගෙදර ඉන්නා ගමන් මේ ගැන අලුතින් සිතන්නට අපි ඔබට ඇරයුම් කරමු

Join @lankasara on Telegram Channel
Previous Post

ලොක් ඩවුන් වූ මැයි දිනය

Next Post

ලොක් ඩවුන් වුණු මැයි දිනය

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මෙදා යලත් අත්හැරෙයි… ලබන මහ කන්නයට සියලුම රසායනික පොහොර දෙනවා – කෘෂිකර්ම ඇමති!
  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

    194 shares
    Share 78 Tweet 49

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මෙදා යලත් අත්හැරෙයි… ලබන මහ කන්නයට සියලුම රසායනික පොහොර දෙනවා – කෘෂිකර්ම ඇමති!

by editor
මැයි 28, 2022
0

මෙදා යලත් අත්හැරෙන බවත්, මේ වනවිට...

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist