බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලොක් ඩවුන් වූ මැයි දිනය

by editor
මැයි 13, 2020 - Updated on මැයි 14, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

සිංහල සංස්කෘතිය තුළ කෙනෙකුට කුලී කරන කම්කරුවන් සිටියේ නැත. සමස්ථ සමාජයම රාජකාරි ක්‍රමය යටතේ වෙන් වී සිටියහ. මේ සංවිධාන රටාවතුළ නිශ්ඡිත රාජකාරියක් තිබිණි. ඒ රාජකාරිය වෙනුවෙන් භුක්තියට වෙන් කළ ඉඩම් ප්‍රමාණ තිබිණි.  සිංහලයෝ සිය ඉඩම් හිමිකම ගෞරවණීයව සැලකූහ.  ස්වකීය ඉඩම් අයිතිය අහිමිකරගෙන ඉඩම් හිමියන් යටතේ කුලියට වැඩ කිරීමට ඔවුන්ගේ අභිමානය ඔවුන්ට ඉඩ දුන්නේ නැත.

මේ ප්‍රවේශ කතාව කියන්නේ ලංකාවේ කම්කරු ප්‍රජාව බිහිවූ අශෝභන ආකාරය ගැන කියන්නටය. වර්ෂ 1832 දී ඉදිරිපත් වූ කෝලබෘක්ස් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ   රාජකාරි ක්‍රමය අහෝසිකර  තමන්ගේ  ආර්ථික  මොඩලය මේ රටට ආදේශ කළහ. ඔවුන් ආර්ථික ප්‍රතිසංස්කරණයේ දී විශ්වාසය තැබුවේ මහා පරිමාණ වතු වගාව ගැනය. වර්ෂ 1823 දී ගම්පොලදී ආරම්භ වූ මුල්ම මහා පරිමාණ කෝපි වගාව රට පුරා ක්‍රමවත්ව ව්‍යාප්ත කිරීමේ අභිලාෂය ඉංග්‍රීසි පාලකයන් සතු විය.   එහෙත් මේ කටයුතු වෙනුවෙන් කුලියට ශ්‍රමය සැපයීම   සිංහල ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කළේය. මේ නිසා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් (ක්‍රි.ව. 1824 -1831) දෙවරක්ම විදේශ රට වලින් දෛනික වැටුප් යටතේ සේවය කිරීම සඳහා කම්කරුවන් ගෙන්වූයේය.  ඒමුල් වතාවේ කම්කරුවන් 180ක් හා දෙවනි වර කම්කරුවන් 660ක් වශයෙනි.

කෝපි වලට විදේශ වෙළෙඳපලේ විශාල මිලක් ලැබිණි. මෙය පදනම් කරගෙන     වර්ෂ 1837  පමණ වනවිට කෝපි වගාව කෙරෙහි දැඩි උනන්දුවක් පාලකයන් තුළ ඇති විය.  මේ නිසා වතු වගාව සඳහා ඉඩම් අත්පත් කරගැනීම මුල් කරගෙන වර්ෂ 1840 දී   ලද මුඩුබිම් ආඥා පනත පනවන ලදී.  ඉන් සිදු වූයේ ලාංකිකයන්ගේ ගෞරවය, ආඩම්බරය, මතු නොව සංස්කෘතික ලේ ඥාතිත්වය ප්‍රකාශ කළ ඉඩම් හිමිකම ඔවුන්ගෙන් අහෝසි වී යෑමය.    මේ අනුව හිමිකාරිත්වය, අයිතිය පිළිබඳ නිශ්චිත සාක්‍ෂියක් සැපයිය නොහැකි සියළුම ඉඩම්, මුඩු ඉඩම් හෝ රජයේ ඉඩම් වශයෙන් සලකන ලදී. මහනුවර ජනතාවට අයිතිව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් මේ පනත යටතේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අත්පත් කරගත්තේය.

කෝපි වගාවත්, පසුව තේ  වගාවත් විජාතික ආයෝජකයන් ලවා සිදු කෙරෙන්නේ මේ ඉඩම් වලය. සංස්කෘතික හිමිකම් සේ පැවති ස්වකීය  ඉඩම් හිමිකම මෙම ආඥා පනතින් අහිමි වීමත් සමගම  ලාංකිකයන් බොහෝ දෙනෙක් සිය පැවැත්ම උදෙසා   සොයා නාගරික ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූහ. මොන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද  ඔවුහු බි‍්‍රතාන්‍යයන්ගේ පාලනය යටතේ වතු  වගාවන් ආශ‍්‍රිතව කුලී කරුවන් සේ සේවය කිරීමට සූදානම් නොවූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එබැවින් වැවිලි කර්මාන්තයට අවශ්‍ය ලාභ ශ්‍රමය ලබා ගැනීමට ඉංග්‍රීසිහු  දකුණු ඉන්දියාවෙන් දෙමළ ජනයා ගෙන්වූහ. මේ සැලසුම් සහගත ශ්‍රම කොල්ලය ආරම්භයම අතිශය අමානුෂික එකක් වූ ආකරය ඉංග්‍රීසි වාර්තා වලින්ම පෙනේ. මේ මිනිසුන් වතු කම්කරුවන් ලෙස ලංකාවට පටවන ලද්දේම මිනිසෙකුට හිමිවිය යුතු මනුෂික වටිනාකම අවලංගු කිරීමෙනි. මේ අසරණ මිනිස්සු මන්නාරමෙන් ගොඩ බස්සවා කඳුකරයට ගෙනියන ලද්දේ අරිප්පුවේ සිට මහනුවර දක්වා කැපූ පාර ඔස්සේය. පා ගමනින් අතිශය දුෂ්කර ගමනක යෙදුණු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අතරමගදී සාගතයෙන් මෙන්ම වසංගත රෝගවලින් මිය ගියහ. ආර්.ඩබ්ලියු.අයිවර්ස් වාර්තා කරන්නේ වර්ෂ 1842 දී උතුරු දිග මාර්ගය දෙපස කොළරා රෝගය වැළඳී මිය ගිය මේ අසරණ මිනිසුන්ගේ මළ කඳන් විසිරී තිබිණි. ඒවා වළ දැමීමටතවත් එකෙක් නොවීය. එවකට ප්‍රදේශයේ එජන්ත වරයා වූ ඩයික් ගෙන් මේ සම්බන්ධව ආණ්ඩුව නිදහසට කරුණු විමසුවේය. ඔහු කියා සිටියේ නුවරකලාවියෙ සහකාර ඒජන්තවරයෙක් නැති නිසා එම කටයුත්ත පැවරීමට කෙනෙක් නොවූ බවය.

වර්ෂ 1844 දී ඩයික් ආණ්ඩුවට පෙන්වා දුන්නේ බෝවන රෝගවලින් පීඩා විඳිමින් පාගමනින් වතුකරය දෙසට ගමන් කරන අසරණ මිනිසුන්ට උවටැන් කිරීම ගම් මුලාදෑනීන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. ඒ අසරණ හා අවාසනාවන්ත කුලීකරුවන්ට ආණ්ඩුව විසින් ලබා දී ඇති පහසුකම්  කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. ඩයික් සිය වාර්තාවක මෙසේ පවසයි. මන්නාරම දිස්ත්‍රික්කයටත්, කෝපි වගා කරන දිස්ත්‍රික්කවලටත් මැද වව්නියාව පිහිටා ඇත්තේය. ඔබ මොබ යන එන්නන් වැඩිපුරම මිය යෑමේ ප්‍රවණතාවය ඇත්තේ ඒ අවටය. මෙහි ආවේ යැයි සැක කරෙන අයෙක් සමහරවිට මන්නාරම් දූපතේ දි මිය යන්නට ඇත. කොළරාව සංගතය වැඩි වනවිට මරණ සංඛ්‍යාවද වැඩි වනු ඇත.

ආර්.ඩබ්ලියු. අයිවර්ස් රළපනාවේ රටේ මහත්තයා තබන සටහනක් උපුටා දක්වමින් කියන්නේ දකුණු ඉන්දියාවේ සිට මෙහි ගෙන්වනු ලැබූ ඉන්දීය වතු කම්කරුවන් මේ මාර්ගය ඔස්සේ යමින් සිටින අවස්ථාවල වසරක් පාසා කොළරා රෝගය අවට ගම්වලටත් බෝවන බවය. දකුණු ඉන්දියානු වතු කම්කරුවන් සමග එන මේ කොළරා  වසංගතයේ ස්වරූපය  වර්ෂ 1858 දී ඩයික් යටත්විජිත ලේකම්වරයා වෙත දන්වා යැව්වේ ය.

ඒ සඳහා ක්‍රි.ව. 1842 සිට 1859 කාලය අතර ගෙන්වන ලද පිටරට කම්කරුවන්ගේ ප්‍රමාණය පමණක් 903557ක් විය. මින් 80%ක් පමණ ද්‍රවිඩයෝ වූහ. සෑම වසරකම ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවට සැලකිය යුතු කුලී කරුවන් ප්‍රමාණයක් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූහ.

වර්ෂ 1867 දී  දකුණු ඉන්දියාවේ මෙන්ම ලංකාවේද නියඟයක් පැවතිනි. වගා පාලු විය. ජීවිතය බේරා ගන්නට මරණය තෝරාගත්තාක් සේ සමහර දකුණු ඉන්දියානු දුගීහු ලංකාවේ වතු කර්මාන්තය තෝරා ගත්හ. මේ දුගී මිනිසුන්ගෙන් අයෙක් කොලරාවෙන් මෙන්ම සාගතයෙන් ද පෙළෙමින් මහ මග මිය ගියහ. මේ ආකාරයෙන් වතුවලට ගාල් කළ මිනිසුන්ට ජීවිතය හැර අනෙක් බොහෝ දේ අහිමි විය. වහල් ශ්‍රමය ලබා ගැනීම තහනම් වී තිබුණත් මේ මිනිසුන් රටට පැමිණියේම අර්ධ වහලුන් සේය.

සමස්ත වැවිලි අංශයම පාලනය කරන ලද්දේ බි‍්‍රතාන්‍ය පාලකයන්ට අවශ්‍ය අමානුෂික ආකාරයටය. වතු කම්කරුවා මිනිසෙක් නොව, වත්තේ දේපලක් සේ සැලකිනි.   කිසිදු වෘත්තීය අරගලයක් කිරීමට වැවිලි වතු සේවකයන්ට කිසිදු විටෙක අවස්ථාවක් නොලැබිණි. මේ  නූගත් අසරණයෝ වතු පාලකයන්ගේ වහලුන්ම වූහ. පිටස්තර කිසිවෙකුටත් වතුවලට ඇතුළුවීමට හා වතු කම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් නොලැබිණි. මේ අනුව කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් වෙනුවෙන් අරගල කිරීමට ඔවුන්ට එකල ඉඩක් නොවීය.

ලංකාවේ කම්කරු පන්තිය ආරම්භ වන්නේ ඒ තරම් මුග්ධ හා ම්ලේච්ඡ ආකාරයෙනි. වතු කම්කරුවා අදත් ජීවත් වන්නේ එදා මෙන්ම අවලංගු වූ දෙවන පෙළ වැසියෙක් ලෙසිනි. මනුෂ්‍යයෙකුට හිමිවිය යුතු මූලික අයිතීන් තවමත් මේ මිනිසුන් සතුව නැත. ඔවුන් නියෝජනය කරමින් දේශපාලනය කරන උන්නම් තම ජීවිත සාධනය කරගෙන තිබේ. මේ ඉතිහාසය අමතක කර සැමරිය හැකි මැයි දිනයක් නැත. මෙවර රට ලොක්ඩවුන් වූයේ වාසනාවටය. ලොක් ඩවුන් වූ රටේ මැයිදිනය සැමරිය නොහැකි විය. දේශපාලනයෙන් කුජීත   විගඩමක් වූ මේ දිනය යළි කම්කරුවන් වෙනුවෙන් ලබා ගැනිම සඳහා සබුද්ධික අරගලයක් කළ යුතුව ඇත. මේ අතීත පවත අරගලය දියත් කළ යුතු දිශානතිය පෙන්වා දී තිබේ. ලොක් ඩවුන් වී ගෙදර ඉන්නා ගමන් මේ ගැන අලුතින් සිතන්නට අපි ඔබට ඇරයුම් කරමු

Share69Tweet43
Next Post

ලොක් ඩවුන් වුණු මැයි දිනය

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.