බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

යාචක ගැහැණියගේ දරුවා පැහැරගත් කතාවේ  හිත කඩා වැටෙන ඇතුළු පැත්ත!

දරුවා හදාගන්න දෙන්න රුපියල් ලක්ෂයක් අරන් දරුවා පැතූ අම්මාට වංචා කරන්න ගිය  කුඩුකාර යාචක ගැහැණිය කළ වංචාවත් හෙළි වෙයි...

by editor
මාර්තු 3, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැරගත් බවට චෝදනා ලද කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන බිලිඳු දරුවා ද පොලිස් භාරයට ගත් බව බම්බලපිටිය පොලීසිය සඳහන් කරයි.

දරුවා පැහැරගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරෙකු, බ්‍රෝකර්වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දරුවා පැහැරගත් බවට චෝදනා ලද කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් වනාතවිල්ලුවේ සිට පැමිණ කොළඹ ඥාති නිවසක රැඳී සිට ඇත. එහෙත් දරු ගැබට මාස 7ක් ගතවත්ම දරුවා මිය ගොස් ඇත.

ඇයගේ සැමියා ඉන්නේ විදේශගතවය. ඒ වනවිට  දරු ප්‍රසූතිය සඳහා සූදානම් කරගත් ලක්ෂ තුනකට ආසන්න මුදලක් තිබී ඇත.  බලාපොරොත්තු  සුන් වූ  මේ කාන්තාව මේ මුදල වියදම් කර    කෙසේ හෝ දරුවෙක් සොයාගෙන ගමට යන බවට සිතාගෙන දරුවෙක් සොයා දෙන ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ හිතවත් පුද්ගලයෙක් වෙත පවසා තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ අනුව දරුවෙක් සොයා දීමට ඉදිරිපත් වූ පුද්ගලයා සහ මේ කාන්තාවදින කීපයක් පුරා ඇවිදිමින් දරුවෙක් සොයමින් සිට තිබේ. ඒ අතරේ බම්මබලපිටිය සපත්තු අලුත්වැඩියා කරන පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව කුඩා දරුවෙක් සිටින යාචක කාන්තාවක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. ඇයගේ දරුවාට මාස එක හමාරකි.

හදා ගැනීම සඳහා දරුවා ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දිය හැකි බවත් යාචක කාන්තාවට චූදිත කාන්තාව පවසා තිබේ. මෙම යාචක කාන්තාවත් ඇයගේ සැමියාත් දැඩි ලෙස මත්ද්‍රව්‍යයට අබ්බැහි වූවන්ය. කාන්තාව රුපියල් ලක්ෂයක මුදලට දරුවා හදා ගැනීමට ලබා දීම සඳහා සිය කැමැත්ත පල කර තිබේ.

මේ  කටයුත්තට අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයාට රුපියල් පනස් දහසක් ද, ත්‍රී රෝද රථ රියදුරු ඇතුළු අනෙක් පුද්ගලයින් දෙදෙනාට රුපියල් විසි පන්දහස බැගින්ද දරුවා ලබා දෙන යාචක කාන්තාවට රුපියල් ලක්ෂයක් ද ලබා දුන් කාන්තාව අනතුරුව එම කාන්තාවත් රැගෙන දෙමටගොඩ රෙදි පිළි සැලකට ගොස් දරුවා වෙනුවෙන් රුපියල් එක් දහස් නවසියයක ඇඳුම් පැලඳුම් ද මිල දී ගෙනන තිබේ.

කෙසේ වෙත්ත දරුවා හදා ගැනීමට දීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ලබා ගත් යාචක කාන්තාව  මුදල් සියතට ගත් පසු දරුවා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. සිද්ධිය සිදුවී ඇත්තේ කොම්පඤ්ඤවීදිය රථ ගාලයදී ය. මේ අවස්ථාවේ දී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කාන්තාව සහ බ්‍රෝකර්වරයා කුලී මෝටර් රථයකින්  වනාතවිල්ලුව ප්‍රදේශයට පැමණ ඇත.

සිද්ධියෙන් අනතුරුව තම දරුවා පැහැරගත් බව යාචක කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ පැමිණිල්ල අනුව  CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනයකින් පසු ත්‍රී රෝද රථයක ලියාපදිංචි අංකය හරහා කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් එකිනෙකා අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි කාන්තාව හඬා වැටෙමින් පොලිසිසට සිය කතා පැවසුවාය. එහෙත් නීතිය ඇත්තේ ඒ මානුෂික රීතීන්ට පිටින්ය. මාවතේ වැටී අපරාධකරුවෙක් වීමේ වැඩි සම්භාවිතාවක් සහිත කුඩුකාර යාචක යුවලකගේ දරුවෙක් සම්බන්ධව ඉරණම අධිකරණයේ දී විසඳීමට නියමිතය.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි කාන්තාව සහ සැකකරුවන් සියලු දෙනාත් යාචක කාන්තාවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම ජීවත් වෙන්නෙ කැලේ තමයි… ඒත් ඒ කැලේ තියෙන්නෙ රට ඇතුළෙ… මිනිස්සුන්ගේ වේදනාව හොඳින් දැනෙනවා… වන්නිලා ඇත්තෝ කියති!

Next Post

මැතිවරණයේ අලුත් දිනය ලබන 09 කලින් තීන්දු වෙයි  !

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.