fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මළ මිනී පසුකර මර හඬ අසමින් රුසියානු හමුදා කියෙව් අගනුවර අසල…

මාස 4ක් ago
in සමාජ
524 5
0
කියෙව් නගරය වෙත එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පසු මීට ටික වෙලාවකට පෙර ගිනි නිවන භටයින් ගින්න නිවා දමමින් සිටි අයුරු...

කියෙව් නගරය වෙත එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පසු මීට ටික වෙලාවකට පෙර ගිනි නිවන භටයින් ගින්න නිවා දමමින් සිටි අයුරු...

Share on FacebookShare on Twitter

ආක්‍රමණය ඇරඹී දින 17කි. රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර වන කියෙව් තෙ සමීප වෙමිනි. අනෙකුත් ප්‍රධාන නගරවලට ඔවුන්ගේ ප්‍රහාර වේගවත් කර තිබේ.

ඊයේ වනවිට අවම වශයෙන්  සිවිල් යුක්රේන වැසියන් 549 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.  ඉන් 41 දෙනෙකු ළමුන්ය. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට අනුව අවම වශයෙන් තවත් සිවිල් වැසියන් 957 දෙනෙකු තුවාල ලබා ඇත. සත්‍ය සංඛ්‍යාලේඛණ මීට වඩා සැලකිය යුතු වැඩි බව කියැවේ. මරියුපොල්හි ළමා රෝහලටක බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබිණි. ලක්ෂ විස්සකට ආසන්න යුක්රේන ජාතිකයන් රට හැර ගොස්ය.

ukraine
මාර්තු 9දා මරියුපෝල් නගරයට ආසන්නයේ පිහිටි සමූහ මිනීවළක මළ සිරුරු තැන්පත් කරනු ලැබූ ආකාරය..

බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීන්ට අනුව රුසියානු ගොඩබිම් හමුදාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් කියෙව් සිට කිලෝ මීටර 25ක් නුදුරෙනි.

රුසියානු මිසයිල සහ ගුවන් ප්‍රහාර සෙනසුරාදා අලුයම  යුක්රේනයේ  උතුරු සහ දකුණු අගනුවර ප්‍රදේශවලට බරපතල හානි සිදුකර තිබිණි.  කාර්කිව්, මරියුපොල්, මිකොලාව්, සමී නගර නිරන්තර දැඩි ප්‍රහාරයකට ලක්වය. එක්සත් ජනපදයේ ආරක්ෂක තොරතුරු අනුව දකුණු කර්සන් නගරය මේ වනවිට රුසියානු හමුදාව අතේය. දකුණු යුක්රේනයේ මිලිටොපොල් නගරයේ නගරාධිපති අයිවන් ෆෙඩෝරොව් දැන් රුසියානු හමුදා අත්අඩංගුවේය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඊයේය. ඊට එරෙහිව සිවිල් වැසියෝ සිය ගණනක් අද විරෝධතාවයක නිරතවූහ.

කියේව් අගනුවර සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරින් පිහිටි චර්නිහිව්   නගරයේ භූ ලකුණක් වන ප්‍රකට    යුක්රේන  හෝටලය  එක රැයකින් විනාශ වී ඇත.

“මම දැන් මෙහි ඉන්නවා. මෙතන තවදුරටත් හෝටලයක් නෑ..,” චර්නිහිව් කලාපයේ පරිපාලන ප්‍රධානී  විචෙස්ලාව් චවුස්   අද උදේ සී.එන්.එන්. වෙත පැවසීය.

රුසියානු හමුදා චර්නිහිව් නගරයට ගුවන් සහ මිසයිල ප්‍රහාර දිගටම එල්ල කරමින් ඉන්නවා. සිවිල් වැසියන් මිය යමින් ඉන්නේ.  බොහෝ දෙනෙක් තුවාල ලබලා. හමුදාවක් නොමැති සිවිල් යටිතල පහසුකම්වලට ඔවුන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනවා. ” පරිපාලන ප්‍රධානියා කීවේ එසේය.

චර්නිහිව් සතියකට වැඩි කාලයක් රුසියානු හමුදා විසින් වට කරගෙන සිටියේය.   නගරයේ සිට නිකුත්වන  වීඩියෝ දර්ශවලින්  මිසයිල සහ ගුවන් ප්‍රහාර නිසා සිදුවී ඇති විශාල හානි පෙන්නුම් කරයි.

ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව කියෙව් හි ඊසාන දෙසින් පිහිටි බ්‍රෝවාරි දිස්ත්‍රික්කයේ ක්විට්නියෙව් හි ගබඩාවක් ගිනි ගන්න අයුරු

නගරයට “විදුලිය නෑ. ජලය, ගෑස් සහ තාපය නැති තරම්”, සිකුරාදා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහයන් සාර්ථක වුනා.   “සතුරා නැවතත් විදුලි සැපයුම් පද්ධතියකට පහර දුන්නා”   චාවුස් පැවසීය.

කියේව් හි දකුණේ වසිල්කිව් හි සිට නිකුත් වූ සමාජ මාධ්‍ය වීඩියෝවක අද අලුයම ඉන්ධන ගබඩාවක් ගිනි ගැනීමෙන් ඇතිවූ  මහා ගින්නක දර්ශන හුවමාරු වුනේය.  රුසියානු ගුවන් ප්‍රහාරවලින්    එහි හමුදා ගුවන් තොටුපළට දැඩි ලෙස හානි වී තිබිණි..

නගරයේ නගරාධිපති නතාලීයා බැලසිනොවිච්  සිය සමාජ මාධ්‍ය ගිනුමේ මෙසේ පල කර තිබිණි.

වසිල්කිව් හි ගුවන් කඳවුරෙහි ඉන්ධන ගබඩාව ගිනි ගනිමින් ඇති ආකාරය….

“අද උදේ 7 ට පමණ සතුරු හමුදා වැසිල්කිව් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළා. මිසයිල 8 ක්   ගුවන් තොටුපළට  එල්ල කළා. මිසයිල ප්‍රහාර හේතුවෙන් ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විනාශ වුනා. ධාවන පථය සම්පූර්ණයෙන්ම විනාශයි.”

” ඔවුන් පතොරම් ගබඩාවක් ද පුපුරුවා හැරියා. එක් මිසයිලයක් පතොරම් ගබඩාවේ වැදීම නිසා තවමත් පතොරම් පුපුරුනවා.. “  ඇය පැවසුවාය.

ඉන්ධන සහ ලිහිසි තෙල් ගබඩාව ද විනාශ වී ඇත. මේ නිසා අපේ ගුවන් මුලුමනින්ම විනාශයි.”

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අධි නිරවද්‍ය දිගු දුර ආයුධයකින් වැසිල්කිව් හි හමුදා ගුවන් තොටුපළට පහර දුන් බවය.

එහෙත් සටන අත් නොහැර යුක්රේන හමුදා මව් බිම බේරාගන්නා අරගලයක. පහත දැක්වෙන්නේ සන් පුවත් සේවය කියෙව් අසල සටන් වදිනා යුක්රේන හමුදා සම්බන්ධයෙන් පල කළ වීඩියෝවකි.

( සී.එන්.එන් සහ අල් ජසීරා ඇසුරිනි)

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

හිඟයක් ආවත් බෙදලා නෑ…මිල වැඩි කරන තුරු සංස්ථාව තෙල් තොග ගබඩාවල සඟවන් ඉඳලා….

Next Post

ආණ්ඩුව හැර නොයන බවට ශ්‍රී.ල.නි.ප ය කියයි!

Related Posts

lotus-tower

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

ජූනි 20, 2022

අසරණ ධීවරයින් කම්බස් කළ  බළපිටිය – අහුන්ගල්ල බස් කාරයින්ගේ භූමිතෙල් කොල්ලය…

ජූනි 19, 2022
Kshama-Bindu

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

ජූනි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist