බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මළ මිනී පසුකර මර හඬ අසමින් රුසියානු හමුදා කියෙව් අගනුවර අසල…

by editor
මාර්තු 12, 2022
in සමාජ
කියෙව් නගරය වෙත එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පසු මීට ටික වෙලාවකට පෙර ගිනි නිවන භටයින් ගින්න නිවා දමමින් සිටි අයුරු...

කියෙව් නගරය වෙත එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පසු මීට ටික වෙලාවකට පෙර ගිනි නිවන භටයින් ගින්න නිවා දමමින් සිටි අයුරු...

Share on FacebookShare on Twitter

ආක්‍රමණය ඇරඹී දින 17කි. රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර වන කියෙව් තෙ සමීප වෙමිනි. අනෙකුත් ප්‍රධාන නගරවලට ඔවුන්ගේ ප්‍රහාර වේගවත් කර තිබේ.

ඊයේ වනවිට අවම වශයෙන්  සිවිල් යුක්රේන වැසියන් 549 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.  ඉන් 41 දෙනෙකු ළමුන්ය. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට අනුව අවම වශයෙන් තවත් සිවිල් වැසියන් 957 දෙනෙකු තුවාල ලබා ඇත. සත්‍ය සංඛ්‍යාලේඛණ මීට වඩා සැලකිය යුතු වැඩි බව කියැවේ. මරියුපොල්හි ළමා රෝහලටක බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබිණි. ලක්ෂ විස්සකට ආසන්න යුක්රේන ජාතිකයන් රට හැර ගොස්ය.

ukraine
මාර්තු 9දා මරියුපෝල් නගරයට ආසන්නයේ පිහිටි සමූහ මිනීවළක මළ සිරුරු තැන්පත් කරනු ලැබූ ආකාරය..

බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීන්ට අනුව රුසියානු ගොඩබිම් හමුදාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් කියෙව් සිට කිලෝ මීටර 25ක් නුදුරෙනි.

රුසියානු මිසයිල සහ ගුවන් ප්‍රහාර සෙනසුරාදා අලුයම  යුක්රේනයේ  උතුරු සහ දකුණු අගනුවර ප්‍රදේශවලට බරපතල හානි සිදුකර තිබිණි.  කාර්කිව්, මරියුපොල්, මිකොලාව්, සමී නගර නිරන්තර දැඩි ප්‍රහාරයකට ලක්වය. එක්සත් ජනපදයේ ආරක්ෂක තොරතුරු අනුව දකුණු කර්සන් නගරය මේ වනවිට රුසියානු හමුදාව අතේය. දකුණු යුක්රේනයේ මිලිටොපොල් නගරයේ නගරාධිපති අයිවන් ෆෙඩෝරොව් දැන් රුසියානු හමුදා අත්අඩංගුවේය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඊයේය. ඊට එරෙහිව සිවිල් වැසියෝ සිය ගණනක් අද විරෝධතාවයක නිරතවූහ.

කියේව් අගනුවර සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරින් පිහිටි චර්නිහිව්   නගරයේ භූ ලකුණක් වන ප්‍රකට    යුක්රේන  හෝටලය  එක රැයකින් විනාශ වී ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මම දැන් මෙහි ඉන්නවා. මෙතන තවදුරටත් හෝටලයක් නෑ..,” චර්නිහිව් කලාපයේ පරිපාලන ප්‍රධානී  විචෙස්ලාව් චවුස්   අද උදේ සී.එන්.එන්. වෙත පැවසීය.

රුසියානු හමුදා චර්නිහිව් නගරයට ගුවන් සහ මිසයිල ප්‍රහාර දිගටම එල්ල කරමින් ඉන්නවා. සිවිල් වැසියන් මිය යමින් ඉන්නේ.  බොහෝ දෙනෙක් තුවාල ලබලා. හමුදාවක් නොමැති සිවිල් යටිතල පහසුකම්වලට ඔවුන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනවා. ” පරිපාලන ප්‍රධානියා කීවේ එසේය.

චර්නිහිව් සතියකට වැඩි කාලයක් රුසියානු හමුදා විසින් වට කරගෙන සිටියේය.   නගරයේ සිට නිකුත්වන  වීඩියෝ දර්ශවලින්  මිසයිල සහ ගුවන් ප්‍රහාර නිසා සිදුවී ඇති විශාල හානි පෙන්නුම් කරයි.

ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව කියෙව් හි ඊසාන දෙසින් පිහිටි බ්‍රෝවාරි දිස්ත්‍රික්කයේ ක්විට්නියෙව් හි ගබඩාවක් ගිනි ගන්න අයුරු

නගරයට “විදුලිය නෑ. ජලය, ගෑස් සහ තාපය නැති තරම්”, සිකුරාදා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහයන් සාර්ථක වුනා.   “සතුරා නැවතත් විදුලි සැපයුම් පද්ධතියකට පහර දුන්නා”   චාවුස් පැවසීය.

කියේව් හි දකුණේ වසිල්කිව් හි සිට නිකුත් වූ සමාජ මාධ්‍ය වීඩියෝවක අද අලුයම ඉන්ධන ගබඩාවක් ගිනි ගැනීමෙන් ඇතිවූ  මහා ගින්නක දර්ශන හුවමාරු වුනේය.  රුසියානු ගුවන් ප්‍රහාරවලින්    එහි හමුදා ගුවන් තොටුපළට දැඩි ලෙස හානි වී තිබිණි..

නගරයේ නගරාධිපති නතාලීයා බැලසිනොවිච්  සිය සමාජ මාධ්‍ය ගිනුමේ මෙසේ පල කර තිබිණි.

වසිල්කිව් හි ගුවන් කඳවුරෙහි ඉන්ධන ගබඩාව ගිනි ගනිමින් ඇති ආකාරය….

“අද උදේ 7 ට පමණ සතුරු හමුදා වැසිල්කිව් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළා. මිසයිල 8 ක්   ගුවන් තොටුපළට  එල්ල කළා. මිසයිල ප්‍රහාර හේතුවෙන් ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විනාශ වුනා. ධාවන පථය සම්පූර්ණයෙන්ම විනාශයි.”

” ඔවුන් පතොරම් ගබඩාවක් ද පුපුරුවා හැරියා. එක් මිසයිලයක් පතොරම් ගබඩාවේ වැදීම නිසා තවමත් පතොරම් පුපුරුනවා.. “  ඇය පැවසුවාය.

ඉන්ධන සහ ලිහිසි තෙල් ගබඩාව ද විනාශ වී ඇත. මේ නිසා අපේ ගුවන් මුලුමනින්ම විනාශයි.”

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අධි නිරවද්‍ය දිගු දුර ආයුධයකින් වැසිල්කිව් හි හමුදා ගුවන් තොටුපළට පහර දුන් බවය.

එහෙත් සටන අත් නොහැර යුක්රේන හමුදා මව් බිම බේරාගන්නා අරගලයක. පහත දැක්වෙන්නේ සන් පුවත් සේවය කියෙව් අසල සටන් වදිනා යුක්රේන හමුදා සම්බන්ධයෙන් පල කළ වීඩියෝවකි.

( සී.එන්.එන් සහ අල් ජසීරා ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඟයක් ආවත් බෙදලා නෑ…මිල වැඩි කරන තුරු සංස්ථාව තෙල් තොග ගබඩාවල සඟවන් ඉඳලා….

Next Post

ආණ්ඩුව හැර නොයන බවට ශ්‍රී.ල.නි.ප ය කියයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.