මනම්පිටිය නිමල් ජයරත්න –
ඉවත් දමන යකඩ කැබලි, හා පරණ ටැක්ටර් වලින් ඉවත් කරන ලද කොටස් එකතු කර ගනිමින් දින 30 ක කාලයකදි ඩීසල් ලීටර් විස්සකින් කුඹුරු අක්කර දෙකහමාරක් පැය 6 ක කාලයක් තුළ සීසෑමට හැකිවන පරිදි “ ගොයියා ගොඩ” නමින් ෆෝවිල් ට්‍රැක්ටරයක් නිර්මාණය කිරීමට දිඹුලාගල මනම්පිටිය, සිංහඋදාගම ගම්මානය තරුණයෙකු සමත් වී ඇත,
වෙළඳපොලේ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනාකමකින් යුතු ෆෝවීල් ට්‍රැක්ටරයක් තමා පිට ඔපය නැතිව රුපියල් ලක්ෂ හතරහමාරක් වැනි මුදල මුදලකට නිපදවා ගත් බව තරුණයා කිවේය.
ඕනෑම මඩ වගුරක් වදුලක් පැය 6ක වැනි කෙටි කාලයක් තුළ සීසෑමට හැකි වන පරිදි මෙම ෆෝවිල් ටැක්ටරය නිර්මාණය කර ඇති බව මෙහි නිර්මාණකරු වන 32 වියැති රුවන් සම්පත් සෙනවිරත්න සඳහන් කළේය.
වෙනත් වාහනවලට යොදන ඔයිල් පිලිස්සීමෙන් ඉවත්කරන කළුතෙල් වලින් මෙම ෆෝවිල් ට්‍රැක්ටරයයේ එන්ජිම ක්‍රියාත්මක කර ධාවනය කිරීමට හැකි වීම විශේෂත්වයකි,

මේ වනවිට ඇතැම් කුඹුරු මෙන්ම වදුල සහිත කුඹුරු සී සෑමට නොහැකිව ගොවීන් අතහැර දමා තිබෙන බවත්, එවැනි මුඩුබිම් සහ ඕනෑම එරීමට ලක්වන වගුරු බිම් අස්වැද්දීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් රුවන් සම්පත් අප සමග කීවේය.
ඔහු පෙන්වා දෙන්නේ රුපියල් ලක්ෂ 60 ක් ලබාදී ගන්නා ෆෝවිල් ට්‍රැක්ටරයෙන් කරන වැඩ කොටසට වඩා වැඩි කොටසක් තමන් ගෙදර හදාගත් ෆෝවිල් ට්‍රැක්ටරයෙන් සිදුකළ හැකි බවය.
තමාට මෙම නව නිපයුම සිදුකිරීමට පියා මෙන්ම තමාගේ ගරාජයේ තරුණයන් තිදෙනෙකුගේ උදව් උපකාර ලැබුණු බවත්, මෙවැනි ට්‍රැක්ටරයක් ඕනෑම ගොවියකුට මසක් ඇතුළත නිර්මාණය කර රුපියල් ලක්ෂ හතරහමාරක් වැනි මුදලකට ලබාදීමට හැකි යාව තිබෙන බවත් රුවන් සම්පත් සෙනෙවිරත්න සඳහන් කළේය ,

යකඩ බාර්, පරණ ට්‍රැක්ටර් වල කොටස්, ඉවත් කරන ලද දුම්බට ඇතුළු ප්‍රයෝජන ගැනීමට නොහැකි බොහෝ ට්‍රැක්ටර් කොටස් මේ සඳහා එක්ලස් කරගත් බවත්, වෙනත් ට්‍රැක්ටර් වලින් කුඹුරු අක්කර දෙකහමාරක් සීසෑමට ඩීසල් ලීටර් 25 ක් පමණ යන නමුත්, මෙම ට්‍රැක්ටරයට වැය වන්නේ ඩීසල් ලීටර විස්සක් පමණක් බවත්, අනිත් ට්‍රැක්ටර්වලට වඩා මෙහි කොටස් ක්ෂය වීම් අඩුවෙන බවත්, ඕනෑම කොටසක් කැඩි ගියහොත් රුපියල් දාහකට අඩු මුදලකින් සවිකර ගැනීමේ හැකියාව පවතින බවත් රුවන් සෙනෙවිරත්න පැවසුවේය.
ඔහු කීවේ මෙවැනි යන්ත්‍රයක් තමන්ටත් හදා දෙන ලෙස මහවැලි බී කලාපයේ ගොවීන්ගෙන් මේ වනවිට විශාල ඉල්ලුමක් ලැබී ඇති බවය.
“ මේක හදන්න ගතවුනේ මාසයයි. මේකට යොදා තියෙන්නෙ අහකදාන යකඩ කෑලි, ට්‍රැක්ටර් වල කොටස්. ඉතින් ඕනෑම එරෙන කුඹුරක්, වදුලක් ඉතා කෙටි කාලයකින් හා ගන්න හැකියාව තිබෙනවා,”
“දැනට මම ,කුඹුරු අක්කර දහයක් පහළවක් සීසෑම කළා. කිසිම ලෙඩක් ආවෙ නෑ. ඕනෑම අයකුට හාන්නත් පුළුවන්, හැම නියරක් අයිනෙම හා ගන්ඩත් පුළුවන්, ඒකයි මේකෙ තියෙන විශේෂත්වය,”
“ඔයිල් දාන්ඩ ඕන්නෑ වෙනත් වාහන වලින් පිච්චුන ඔයල් තමයි මං මේකට පාවිච්චි කරන්නේ, අපි හොයාගන්න ඕන අපට ඔරොත්තු දෙන තාක්ෂණයක්. මම හිතන්නේ මං ඒක කළා “ රුවන් සෙනෙවිරත්න අප සමග එලෙස කීවේය