බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මං පැන්නූ හැටි හෙවත් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”… හාහා රිඇක්ට් දැම්මොත් තොපි අපායේ යනවා…

by editor
මාර්තු 7, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

අපට අද හරිම සතුටු දවසක් බව ලියා තියන්නට ඕනෑය. අපේ හිටපු ජනාධිපති තුමා තමන් පැන්නූ හැටි ගැන පොතක් ලියා එළිදක්වන්නේය.   මේ ලියන මා අද උදේ නැගිට්ටේ  එවැනි ස්වයං ලිඛිත සිද්ධි දාමයක් වටා සැඟවුන චරිතාපදානයක් කියැවීමේ අතිශය දුර්ලභ භාග්‍ය ලත් පුරවැසියෙක්  ලෙස උපන් මහත් වූ ආනන්දයෙන්ය.

ඒ ආනන්දයෙන්ම මේ සටහන තබන්නේය.

දැන් මේ ග්‍රන්ථකරණය සම්බන්ධව රටේ එක එක පරයින් අමුතු කතා කියන්නට පුලුවන.  ජනාධිපතිවරණයට නිශ්චිත කාල වකවානුවක්  ව්‍යවස්ථාවෙන් තීරණය වී ඇති බවත් බැසිල් මහත්තයා පොහොට්ටුව ගොඩදාන ඡන්ද ව්‍යාපෘතියට දින දෙකකට පෙර පැමිණුන බවත්  මේ පොතත් අතර සම්බන්ධයක් දකින උන් දැනටමත් මට හමුවී ඇත.

එහෙත්  කිසිම දේශපාලන ව්‍යාපෘතියක් සමග අපේ හිටපු ගෝඨා ජනාධිපතිතුමා අද  එළිදක්වන පොත කිසිසේත්ම සම්බන්ධයක් නැතැයි කැට දමා කිව හැකිය.   කුජිත වී නන්නත්තාර වූ පොහොට්ටුව මිනී වළෙන් නැගිට්ටවන්නට පොතක් නොව පොත් ඛාන්ඩ ගණනාවක් ලියාවත් නොහැකි බව සිහි බුද්ධියක් ඇති මිනිසුන් පමණක් නොව ගෝඨා හිටපු ජනාධිපති තුමතා දන්නා බව අපේ විශ්වාසය ය.  ඒ නිසා ඒ වැනි සිල්ලර කතා එතුමාට කිව යුතු නැත.

අප නම් බරපතල ලෙස විශ්වාස කරන්නේ ගෝඨා හිටපු  ජනාධිපති තුමාට එරෙහිව මේ රටේ බරපතල කුමන්ත්‍රණයක් තිබුණ බවය. 2015න්  පසු එතුමා ඇමරිකාවට ගොස් ඩේටා එන්ට්‍රි ජොබ් එක කරගෙන පාඩුවේ හිටියේය. ඒ ජීවිත නිස්කාංසුව බිඳ දමා ප්‍රාදේශීය සභාවකවත් නොසිටි එතුමාව ගෙල ග්‍රහයෙන් රැගෙන විත් රටේ විධායක ජනාධිපති පුටුවේ ඉන්දවා ලෝකයක් ඉදිරියේ පට්ට පදුරු කුජීත කිරීමේ කුමන්ත්‍රණය තවමත් අපට හිතා ගත නොහැකි එකකි. එය එතුමාටත් හිතාගන්නට බැරි බව විශ්වාසය.  ඒ ගේම ගහන්නට නාගලෝකයෙන් නයි ආවේය. රටේ තැන තැන සුබ ලකුණු මතුවුනේය. දෙවි දේවතාවෝ දේව තලවල සිට අමතන්නට වූහ. එවැනි ගේමක් නම් ලොවෙත් නැත. ඒ වෙනුවෙන්   ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ඇති බව කිව යුතුය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මල් පාත්ති හැදූ එකා රටේ විධායක ජනාධිපති කර රට  ගොඩදාන්නට බලකිරීම සිහිබුද්ධිය සහිත එකෙක් කරන්නේ නැත. අප විශ්වාස කරන්නේ ගෝඨාට එරෙහි කුමන්ත්‍රණය ආරම්භ වන්නේ ජනාධිපති වීමට පෙර සිට බවය.  අපේ ගෝඨා ජනාධිපතිතුමාගේ පොතේ ඒ කුමන්ත්‍රණ බීජය වැපිරුණ හැටි සඳහන්දැයි බලන්නට වෙන්නේ අද පොත මිලදී ගෙන කියවා බැලීමෙන් පසුය.

ඒ වගේම එතුමා මාධ්‍යයට කියා ඇති ආකාරයට ඇත්තටම බරපතල ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් දියත් වී ඇතැයි කියනවා නම්  අනික් උන් කෙසේ වෙතත් මේ ලියන ලියුම්කරුනම් එය පිළිගන්නේය. අප මේ රටේ පුරවැසියන්ට කියන්නේ   ඇටෙන් පොත්තෙන් පැන්න  පෝරිසාදයන්  කියන කතා අසන්නට එපා කියාය.  “ගොබ්බයෙක් ජනාධිපති වී සිදුකළ ගොබ්බ පිස්සු කෙළියේ ප්‍රමාණය දකින විට ඌව පන්නන්ට අන්තර්ජාතික කුමන්ත්‍රණ මොකටදැයි “  එවැනි එකෙක් කියනවා අසා සිටියෙමි. තව එකෙක් කීවේ මේ “ගෝඨා පැන්නූ අන්තර්ජාතික කුමන්ත්‍රණයේ කතාවත්” කැලණියේ නයා ගෙනාපු  උන්ම හැදූ අලුත්ම වැඩේ බවය. මේ පදුරු කතා කියන උන්ගේ කටවල් කන්නට උවමනාය.

පුද්ගලිකව එවැනි කුප්ප කතා අප විශ්වාස කරන්නේ නැත.

අපේ විශ්වාසය මෙසේය.

“අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයින් විසින් කොළඹට ගෙන්වූ අතේ ඇඟිලි ගණනට කිව හැකි පුංචි කණ්ඩායමක්  අන්තර්ජාතික න්‍යාය පත්‍රමත ක්‍රියාත්මක වී අපේ ජනාධිපතිවරයා රටින් පන්නා දැමුවේය. ඉන්  පසු එතුමා රට රටවල චාටර් වී  යළිත් ලංකාවට පැමිණියේය. ඒ පැමිණීම අප සලකන්නේ භාග්‍යයක් ලෙසය.

ඉන් පසු ප්‍රසිද්ධියේ  පන්සලකටවත් නොගිය එතුමා තමන් පැන්නූ කුමන්ත්‍රණය ගැන පොතක් සමග යළිත් කරළියට පැමිණීම පුද්ගලිකව මේ රටේ භාග්‍යයකි. පුරවැසියන් අමන්දානන්දටය පත්වන කරුණකි. අපට ඇත්ත නොකියා එතුමා මේ තරම් කාලයක් පැත්තකට වී සිටීම ගැන අප සිටියේ උකටලීවය.

දැන් ඒකත් හරිය.

තමා පැන්නූ හැටි කියන ගෝඨාගේ පොත  “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ය.    අද (07) එළිදැක්වීමට නියමිත පොත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ගෝඨා කියන කතාව මෙසේය.

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් රචිත මගේ කෘතිය එළිදැක්වීම අද (07) සිදු කෙරෙනවා. 2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න වුණා. 2019 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියා. මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමට ගතවුණා.”

“කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අගදී ආරම්භ කළේ වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පූර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබූ අවස්ථාවකදීයි.”

“මේ රට නිදහස ලබා ගත වූ පළමු හැට වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුළ විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතිනවා. මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර තිබෙනවා. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් වෙනවා.”

“ කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ඍජු අත්දැකීමක්. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරනවා. අද (07) සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසල්වලින් මගේ මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැකි වෙනවා.”

ගෝඨාත් එහෙම කියනවා නම් තවත් අහන්නට දෙයක් නැත. ඒ පොත අරන් බලන්න… ඒක බලන්නම ඕන.පොතක්…”

පසුව ලියමි.

ඒ පොත බලා පට්ට පදුරු කුප්ප කතා වපුරන්නට නම් එපාය.   “හා හා” රිඇක්ට් දැම්මොත් තොපි ඔක්කොම  අපායෙ යනවා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යකෝ… ඇත්තටම තොපි පොලිසියෙ ද?… ජාතික රෝහලේ අම්මලා තාත්තලා සරසවි සිසුන්ට ගැසූ පොලිසියෙන් ඇසූ කතාව….

Next Post

ප්‍රශ්නය විසඳන තුරු අපේ මුහුදේ මාළු බාන්න ඉන්දියාව කළ ඉල්ලීම ධීවර ඇමතිගේ දැඩි විරෝධය මැද රජය ප්‍රතික්ෂේප කරයි..

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.