fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පිටපත වැරදුනා ද ?

මාස 4ක් ago
in සමාජ
790 8
0
Share on FacebookShare on Twitter

කුමක් හෝ දෙයක් අතේ පත්තුවුණු සෙයකි. ඒ අපට දැනෙන හැටියටය. දැනට වාර්තාවන තොරතුරු පමණක් පෙළ ගස්වන්නට සිතමු.

පසුගිය 11 වැනිදා සවස බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ  සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී අත්බෝම්බයක් හසුවුනේය. බෝම්බය පිළිබඳව පල්ලියේ ප්‍රධාන පියතුමා බොරැල්ල පොලිසිය දැනුම්වත් කළේය. පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර 13 හැවිරිදි කුඩා දරුවෙක් සහ පල්ලියේ සේවා කටයුතු භාර සන්ක්‍රිස්තියන්වරයාත්, පල්ලි    විශේෂ දේව මෙහෙයක් සඳහා සූදානම් කරමින් සිටි දායකයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගත්තේය. රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ආරක්ෂක අංශ විසින් බෝම්බය නිශ්ක්‍රීය කෙරිනි.

බොහෝ දේ හෙළිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන්  මේ අතර ප්‍රකාශයක් ද නිකුත් විය.

දින 1000

ඒ වනවිට ලංකාවේ සියලුම කතෝලික පල්ලි විශේෂ දේව මෙහෙයක් සදහා සූදානම් වෙමින් සිටියේය. ඒ පාස්කු ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වීම නිමිතිකරගෙනය. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ සිකුරාදා (14)ය.  මෙතෙක් කලක් ඒ වින්දිතයන් සඳහා සෑහීමට පත් විය හැකි තරමට සාධාරණත්වයක් ඉටු නොවීම වෙනුවෙනුත්, රටේ මේ වන විට ජනතාව අතිශයින් පීඩා විඳින්නා වූ සාමාජීය, ආර්ථික ප්‍රශ්න වෙනුවෙනුත් දෙවියන්ට කන්නලව් කරන්නට ජාතික මට්ටමේ යාච්ඤා මෙහෙයක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින්  එදින සංවිධානයකර ඇති බව  කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජුඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍යයත් දැනුම්වත් කර තිබුණේය. ප්‍රධාන දේව මෙහෙය පැවැත්වීමට නියමිතව තිබුණේ තේවත්ත පල්ලියේය.

සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බය හසුවන්නේ මේ අවුඅස්සේය. පොලිසිය කී කතා අතර වැදගත්ම කතාව වූයේ මේ බෝම්බයත් හරියටම නාරාහේන්පිට ලංකා රෝහලේ තැබූ බෝම්බයට සමානම එකක් බවය.  ලංකා රෝහලට බෝම්බය තබා තිබුණේ රෝහලේ සේවය කළ සේවකයෙක් බව විමර්ශනවලදී හෙළිදරව් විය. හෙළිදරව් වූ ආකාරයට ඔහුගේ ඉලක්කය වන්දි ලබා ගැනීමය.

දැන් බෝම්බය තැබීමේ සැකය පොලිසිය විසිකර තිබුණේ පල්ලිය පැත්තටය. බොහෝ විට කෙළවර පල්ලියේ පියතුමාත් අත්අඩංගුවට පත් වී වැඩේ කෙළවර  වන්නට ඉඩ ඇති බව පෙනුනේය. ඒ අනුව දින 1000 පාස්කු විරෝධය  හා දේව මෙහෙයන් ද ඒ අත්බෝම්බයෙන් සුනු විසුණු වීමට ආසන්න බව සංවේදනය  විය. පුංචි දරුවා 13 හැවිරිදිය. ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් බොහෝ බරපතල දේ හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියනවිට රටට හිතුනේ කාදිනල්වරයාත් ලොකු ගේමක ඉන්නා බවය.

කාදිනල්තුමාගේ පුවත් පත් සාකච්ඡාව

අත්අඩංගුවට ගැනීම් සිදුකර දිනකට පසු, පසුගිය 13 වැනිදා කාදිනල් හිමිපාණෝ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ. උන්වහන්සේ කළ හෙළිදරව් කිරීම් සහ ඉදිරිපත් කළ තර්ක රට මොහොතකට තිගැස්සුවේය

පොලිස් උපදෙස් ලබා දී තිබුනේ සිද්ධිය වූ 11 වැනිදා සවස් වරුවේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට බව කාදිනල් හිමියෝ කීහ.  නමුත්  තමන් පූජකතුමන්ලාට උපදෙස් ලබා දෙමින් එදින උදේ සිට සියලු දර්ශන පරීක්ෂා කරන ලෙස ඉල්ලා  සිටි බව කී උන්වහන්සේ එහිදී හෙළි කරගත් සිදුවීමක් මාධ්‍ය ඔස්සේ මුදා හැරියේය.

එහි ඇත්තේ උදේ 9.52ට පුද්ගලයෙක් කඩිමුඩියේ පැමිණ යමක් දේවස්ථානයේ මුල්ලක ඇති ප්‍රතිමාව අසලින් තබා දුවන්නාක් සේ පලා යන බවය. තමන් සැක කරන්නේ මේ පුද්ගලයා බෝම්බය තැබූ බව යැයි කී කාදිනල් හිමියන්  දේවස්ථානයේ වසර ගණනාවක් ආවතේව කරමින් සිටිනා මුනි නැමැති සන්ක්‍රිස්තියන්වරයාත්, ඔහුගේ උදව්වට පැමිණි බැතිමතුන් දෙදෙනා හා නිරන්තරයෙන් පල්ලියට යන එන 13 හැවිරිදි දරුවාත්  අත්අඩංගුවට ගෙන සිදුකරන මේ විගඩම ගැන ප්‍රශ්න කළේ පොලිසිය සවස් වරුවේ සීසීටීවී දර්ශන පමණක් නිරීක්ෂණය කිරීමට යෝජනා කළේ කුමන විශේෂිත පදනමකින් දැයි විමසමිනි.

ඒ අතර උන්වහන්සේ කීවේ දේශපාලනයට ගැතිකම් කිරීම පොලිසියේ රාජකාරිය නොවන බවත් යුනිෆෝම් ගලවා ඉවත්වීම වාඩාත් සුදුසු බවත්ය.

කැළඹිල්ල

සිද්ධියෙන් මුලින්ම කැළඹුන බව වාර්තා වූයේ කොළඹ පොලිස් ලොක්කෙකි. ලොක්කා කැළඹුනේ සවස් වරුවේ සීසීටීවී දර්ශන පමණක් පරීක්ෂා කිරීමට උපදෙස් දී තිබුණේ ඔහු බැවින් යැයි කියැවිනි. බොරැල්ල පොලිසියෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාර දීමෙන් පසු ඔහුගේ උපදෙස්වලට වැඩිපුරත් යමක් එක් කර පල්ලියේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට රඳවා ගැනීමත් මේ කැළඹීමට හේතු වූ බව  වාර්තා විය.

මේ වනවිටට  විමර්ශකයන් පත්වී සිටියේ දැඩි අපහසුතාවයකටය. අත්අඩංගුවට පත්වුණ සිව් දෙනාගෙන් කිසිවෙක් සිද්ධියට ඍජුව සම්බන්ධ නැති බව ඔවුන්ට වැටහෙමින් තිබිණි. කාදිනල් තුමාගේ විවේචනාත්මක හෙළිදරව්ව සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක සුපුරුදු පරිදිම අපහසුතාවයට පත් වූයේය. පොලිස්පතිවරයා පරීක්ෂණවල ප්‍රගතිය ගැන කියන්නට මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළේය.

පොලිස් ඇමති

පසුදා පාස්කු ප්‍රහාරයට දින 1000 පිරුනු 14 වැනිදාය. එදින මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් ( විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර කාදිනල්වරයාගේ මධ්‍ය හමුවට උත්තර දුන්නේය. ඇමතිවරයා මාධ්‍යයට කීවේ මුණි නැමැති සන්ක්‍රිස්තියන් තැන  මේ බෝම්බ ඇටවීමට සම්බන්ධ වී ඇති ආකාරයය.  මුණිගේ  ඔහුගේ කාමරයේ තිබී බෝම්බයේ ගිනිකූරු සහ හඳුන්කූරු ඇලවීමට පාවිච්චි කළ සෙලෝටේප් හමු වූ ආකාරය ය. ගිනි පෙට්ටිවල අඩුවී තිබුණු ගිනිකූරු 15ක් ගැන ද ඔහු  කීවේය. ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කියැවුනේ   සන්ක්‍රිස්තියන්වරයා පල්ලියේ බෝම්බයක් අටවා එය පිපිරෙන්නට හැර ආණ්ඩුව අපහසුතාවයට  කිරීමේ කුමන්ත්‍රණයක ස්වරූපය ගැනය.

උදාහරණ ලෙස ඔහු නාරාහේන්පිට ඇපලෝ රෝහලේ බෝම්බය ගැන කීවේය.  ඒ බෝම්බය තබා තිබුණේ එහි සේවයට පැමිණි පුද්ගලයෙක් බව කීවේය.  මේ බෝම්බ දෙකම මහමොළකරුවෙකුගේ වැඩක් බවත් මේ පසුපස ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් කී ඇමතිවරයා කාදිනල්වරයා කළ යුත්තේ මෙවැනි තොරතුරු ඇතිනම් මාධ්‍ය සාකච්චා පැවැත්වීම නොව පොලිසියට කීම බවය.

කෙසේ වෙතත්  පොලිසිය නාරාහේන්පිට අත්බෝම්බ සිද්ධියේ මහමොළකරු සිද්ධිය වී මාස 04ක් ගෙවී ගියත් හොයාගෙන තිබුණේ නැත. ඒ සිද්ධියේත් සමහර පුරුක් අතරමැද හැලී ගිය ආකාරයක් වාර්තා විය. එක් පුද්ගලයෙක් පමණක්  දඬුවම් ලැබුවේය.

දැන් රටේ ඇතිවී තිබුණු සංවාදය වෙනස් එකකි. අපේ රටේ පොලිසිය මන්දබුද්ධික නැති බව කියනු ඇසිනි. මෙවැනි සිදුවීමක් සම්බන්ධව කරන විමර්ශනයක දී දින ගණනක සීසීටීවී පරීක්ෂා කරන විමර්ශකයන් දර්ශන පරීක්ෂා කිරීමට නියමකළ කාල රාමුවක් ලබා දී ඒ ඔස්සේ අත්අඩංගුවට ගැනීම් කිරීමත්,  ඒ කාල රාමුවට පිට වෙලාවක දී සැකකටයුතු පුද්ගලයෙකුගේ හැසිරීම නිරීක්ෂණය වීමත් ඇතිකළ විසංවාදය පොලිස් පරීක්ෂණ සම්බන්ධව ඇති විශ්වාසනීයත්වය පලුදු කර තිබිණි.

පාස්කු ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වූ 14 දා සවස කාදිනල් තුමා පොලිස් ඇමතිට උත්තරයක් දුන්නේය.

“ඔය කතා අපට නොවෙයි… ගිහින් කියන්න කොන්ඩෙ බැඳපු චීන්නුන්ට“

කුණු බැනුම්

අනතුරුම ඇසුනේ කුණු බැනුම්ය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මල්වත්ත පන්සලේ සිට කාදිනල් හිමියන්ට කීවේ පොලිස් පරීක්ෂණවලට ඉඩ දී පැත්තකට වෙන ලෙසය. පොලිස්පතිට යුනිෆෝම් ගලවන්නට යෝජනා කරන්නේ එම යුනිෆෝම් එක දුන්නේ කාදිනල්වරයා දැයි ආරක්ෂක ලේකම් ඇසුවේය.

පැය 24 කින් අපරාධ විමර්ශනය සඳහා විශ්වකර්මයන් නැති බව කී ආරක්ෂක ලේකම්වරයා කාදිනල් හිමි කී පමණින් පොලිස්පති යුනිෆෝම් ගලවනු ඇතැයි තමන් විශ්වාස නොකරන නමුත් අපරාධකරුවන් හසු කර ගනු ඇතැයි විශ්වාස කරන බව කීවේය.

හොඳම කතාව කීවේ එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ය.

“දැන් මොකද කරන්න කියන්නෙ… කාදිනල්ට පොලිස්පති කම දෙමු. ඒක තමයි දැන් ජනාධිපති තුමාට යෝජනා කරන්න සිද්ධ වෙන්නෙ.“

154 බස් රථයේ පැමිණි මිනිසා

මේ අතරේ   බුද්ධි අංශ කාදිනල් හිමි දුන් තොරතුරු ඔස්සේ නොන්ඩි ගසමින් උදේ 9.52කට සියලු ශාන්තුවරයන්ගේ  දේවස්ථානයට බෝම්බය තැබූ මිනිසා ගැන හොයන්නට පටන් ගන්නේය. මේ තැනැත්තා කඩවතින් 154 අඟුලාන බස් රථයක නැගී පැමිණ බොරැල්ලෙන් බැස දේවස්ථානයට විත් බෝම්බය තැබූ අයුරුත් අනතුරුව ත්‍රීවිල් රථයකින් වැලිකඩ බන්ධනාගාරය දෙසට  ගමන් කරන අයුරුත් සොයා ගෙන තිබිණි. ඒ 14 දා සවසය.

ඒ තොරතුරින් පැය 24 යන්නට   පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරුක් අනුව බෝම්බය තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නේය. ඒ ඊයේ (15) හවසය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඇඹිලිපිටියේ දී ය. ඇඹිලිපිටියේ දානයකට සහභාගී වෙමින් සිටිය දී ය.

හෙළිදරව් වෙමින් ඇති ආකාරයට කඩවත මංකඩ පාරේ පදිංචිව සිටි මෙම තැනැත්තා කර තිබුණේ කොන්ත්‍රාත්තුවකි. ඒ   රුපියල් පනස් දහසකටය.

ඔහු හෙළිකරමින් ඇති තොරතුරු හෙට අනිද්දා ගිනි පත්තු කරනු ඇත.

එතෙක් කිව යුතු දෙයක් තිබේ. අපට පෙනෙන්නට ඇත්තේ පිටපත වැරදී ඇති බවය.

පරිස්සමින් බලාගෙන ඉන්න…  දැනට ඒ ඇති.

කියවන්න…

කාදිනල් තුමාගේ තොරතුර හරියටම හරි… අත්අඩංගුවට පත් බෝම්බකරු සියල්ල හෙළි කරයි…

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

“උන්ඩියල් “ ලංකාවේ විදේශ ප්‍රේෂණවලට කළ හදිය… ගිය 2020ට වඩා 2021 දි 22.7% ක අඩුවක්!

Next Post

දෛනිකව පැය 04ක විදුලි කප්පාදුවකට සැරසෙන්න – ලංකා විදුලි ඉංජිනේරු සංගමය!

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

by editor
මැයි 21, 2022
0

පුරා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist