බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පිටපත වැරදුනා ද ?

by editor
ජනවාරි 16, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

කුමක් හෝ දෙයක් අතේ පත්තුවුණු සෙයකි. ඒ අපට දැනෙන හැටියටය. දැනට වාර්තාවන තොරතුරු පමණක් පෙළ ගස්වන්නට සිතමු.

පසුගිය 11 වැනිදා සවස බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ  සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී අත්බෝම්බයක් හසුවුනේය. බෝම්බය පිළිබඳව පල්ලියේ ප්‍රධාන පියතුමා බොරැල්ල පොලිසිය දැනුම්වත් කළේය. පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර 13 හැවිරිදි කුඩා දරුවෙක් සහ පල්ලියේ සේවා කටයුතු භාර සන්ක්‍රිස්තියන්වරයාත්, පල්ලි    විශේෂ දේව මෙහෙයක් සඳහා සූදානම් කරමින් සිටි දායකයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගත්තේය. රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ආරක්ෂක අංශ විසින් බෝම්බය නිශ්ක්‍රීය කෙරිනි.

බොහෝ දේ හෙළිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන්  මේ අතර ප්‍රකාශයක් ද නිකුත් විය.

දින 1000

ඒ වනවිට ලංකාවේ සියලුම කතෝලික පල්ලි විශේෂ දේව මෙහෙයක් සදහා සූදානම් වෙමින් සිටියේය. ඒ පාස්කු ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වීම නිමිතිකරගෙනය. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ සිකුරාදා (14)ය.  මෙතෙක් කලක් ඒ වින්දිතයන් සඳහා සෑහීමට පත් විය හැකි තරමට සාධාරණත්වයක් ඉටු නොවීම වෙනුවෙනුත්, රටේ මේ වන විට ජනතාව අතිශයින් පීඩා විඳින්නා වූ සාමාජීය, ආර්ථික ප්‍රශ්න වෙනුවෙනුත් දෙවියන්ට කන්නලව් කරන්නට ජාතික මට්ටමේ යාච්ඤා මෙහෙයක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින්  එදින සංවිධානයකර ඇති බව  කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජුඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍යයත් දැනුම්වත් කර තිබුණේය. ප්‍රධාන දේව මෙහෙය පැවැත්වීමට නියමිතව තිබුණේ තේවත්ත පල්ලියේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බය හසුවන්නේ මේ අවුඅස්සේය. පොලිසිය කී කතා අතර වැදගත්ම කතාව වූයේ මේ බෝම්බයත් හරියටම නාරාහේන්පිට ලංකා රෝහලේ තැබූ බෝම්බයට සමානම එකක් බවය.  ලංකා රෝහලට බෝම්බය තබා තිබුණේ රෝහලේ සේවය කළ සේවකයෙක් බව විමර්ශනවලදී හෙළිදරව් විය. හෙළිදරව් වූ ආකාරයට ඔහුගේ ඉලක්කය වන්දි ලබා ගැනීමය.

දැන් බෝම්බය තැබීමේ සැකය පොලිසිය විසිකර තිබුණේ පල්ලිය පැත්තටය. බොහෝ විට කෙළවර පල්ලියේ පියතුමාත් අත්අඩංගුවට පත් වී වැඩේ කෙළවර  වන්නට ඉඩ ඇති බව පෙනුනේය. ඒ අනුව දින 1000 පාස්කු විරෝධය  හා දේව මෙහෙයන් ද ඒ අත්බෝම්බයෙන් සුනු විසුණු වීමට ආසන්න බව සංවේදනය  විය. පුංචි දරුවා 13 හැවිරිදිය. ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් බොහෝ බරපතල දේ හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියනවිට රටට හිතුනේ කාදිනල්වරයාත් ලොකු ගේමක ඉන්නා බවය.

කාදිනල්තුමාගේ පුවත් පත් සාකච්ඡාව

අත්අඩංගුවට ගැනීම් සිදුකර දිනකට පසු, පසුගිය 13 වැනිදා කාදිනල් හිමිපාණෝ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ. උන්වහන්සේ කළ හෙළිදරව් කිරීම් සහ ඉදිරිපත් කළ තර්ක රට මොහොතකට තිගැස්සුවේය

පොලිස් උපදෙස් ලබා දී තිබුනේ සිද්ධිය වූ 11 වැනිදා සවස් වරුවේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට බව කාදිනල් හිමියෝ කීහ.  නමුත්  තමන් පූජකතුමන්ලාට උපදෙස් ලබා දෙමින් එදින උදේ සිට සියලු දර්ශන පරීක්ෂා කරන ලෙස ඉල්ලා  සිටි බව කී උන්වහන්සේ එහිදී හෙළි කරගත් සිදුවීමක් මාධ්‍ය ඔස්සේ මුදා හැරියේය.

එහි ඇත්තේ උදේ 9.52ට පුද්ගලයෙක් කඩිමුඩියේ පැමිණ යමක් දේවස්ථානයේ මුල්ලක ඇති ප්‍රතිමාව අසලින් තබා දුවන්නාක් සේ පලා යන බවය. තමන් සැක කරන්නේ මේ පුද්ගලයා බෝම්බය තැබූ බව යැයි කී කාදිනල් හිමියන්  දේවස්ථානයේ වසර ගණනාවක් ආවතේව කරමින් සිටිනා මුනි නැමැති සන්ක්‍රිස්තියන්වරයාත්, ඔහුගේ උදව්වට පැමිණි බැතිමතුන් දෙදෙනා හා නිරන්තරයෙන් පල්ලියට යන එන 13 හැවිරිදි දරුවාත්  අත්අඩංගුවට ගෙන සිදුකරන මේ විගඩම ගැන ප්‍රශ්න කළේ පොලිසිය සවස් වරුවේ සීසීටීවී දර්ශන පමණක් නිරීක්ෂණය කිරීමට යෝජනා කළේ කුමන විශේෂිත පදනමකින් දැයි විමසමිනි.

ඒ අතර උන්වහන්සේ කීවේ දේශපාලනයට ගැතිකම් කිරීම පොලිසියේ රාජකාරිය නොවන බවත් යුනිෆෝම් ගලවා ඉවත්වීම වාඩාත් සුදුසු බවත්ය.

කැළඹිල්ල

සිද්ධියෙන් මුලින්ම කැළඹුන බව වාර්තා වූයේ කොළඹ පොලිස් ලොක්කෙකි. ලොක්කා කැළඹුනේ සවස් වරුවේ සීසීටීවී දර්ශන පමණක් පරීක්ෂා කිරීමට උපදෙස් දී තිබුණේ ඔහු බැවින් යැයි කියැවිනි. බොරැල්ල පොලිසියෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාර දීමෙන් පසු ඔහුගේ උපදෙස්වලට වැඩිපුරත් යමක් එක් කර පල්ලියේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට රඳවා ගැනීමත් මේ කැළඹීමට හේතු වූ බව  වාර්තා විය.

මේ වනවිටට  විමර්ශකයන් පත්වී සිටියේ දැඩි අපහසුතාවයකටය. අත්අඩංගුවට පත්වුණ සිව් දෙනාගෙන් කිසිවෙක් සිද්ධියට ඍජුව සම්බන්ධ නැති බව ඔවුන්ට වැටහෙමින් තිබිණි. කාදිනල් තුමාගේ විවේචනාත්මක හෙළිදරව්ව සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක සුපුරුදු පරිදිම අපහසුතාවයට පත් වූයේය. පොලිස්පතිවරයා පරීක්ෂණවල ප්‍රගතිය ගැන කියන්නට මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළේය.

පොලිස් ඇමති

පසුදා පාස්කු ප්‍රහාරයට දින 1000 පිරුනු 14 වැනිදාය. එදින මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් ( විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර කාදිනල්වරයාගේ මධ්‍ය හමුවට උත්තර දුන්නේය. ඇමතිවරයා මාධ්‍යයට කීවේ මුණි නැමැති සන්ක්‍රිස්තියන් තැන  මේ බෝම්බ ඇටවීමට සම්බන්ධ වී ඇති ආකාරයය.  මුණිගේ  ඔහුගේ කාමරයේ තිබී බෝම්බයේ ගිනිකූරු සහ හඳුන්කූරු ඇලවීමට පාවිච්චි කළ සෙලෝටේප් හමු වූ ආකාරය ය. ගිනි පෙට්ටිවල අඩුවී තිබුණු ගිනිකූරු 15ක් ගැන ද ඔහු  කීවේය. ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කියැවුනේ   සන්ක්‍රිස්තියන්වරයා පල්ලියේ බෝම්බයක් අටවා එය පිපිරෙන්නට හැර ආණ්ඩුව අපහසුතාවයට  කිරීමේ කුමන්ත්‍රණයක ස්වරූපය ගැනය.

උදාහරණ ලෙස ඔහු නාරාහේන්පිට ඇපලෝ රෝහලේ බෝම්බය ගැන කීවේය.  ඒ බෝම්බය තබා තිබුණේ එහි සේවයට පැමිණි පුද්ගලයෙක් බව කීවේය.  මේ බෝම්බ දෙකම මහමොළකරුවෙකුගේ වැඩක් බවත් මේ පසුපස ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් කී ඇමතිවරයා කාදිනල්වරයා කළ යුත්තේ මෙවැනි තොරතුරු ඇතිනම් මාධ්‍ය සාකච්චා පැවැත්වීම නොව පොලිසියට කීම බවය.

කෙසේ වෙතත්  පොලිසිය නාරාහේන්පිට අත්බෝම්බ සිද්ධියේ මහමොළකරු සිද්ධිය වී මාස 04ක් ගෙවී ගියත් හොයාගෙන තිබුණේ නැත. ඒ සිද්ධියේත් සමහර පුරුක් අතරමැද හැලී ගිය ආකාරයක් වාර්තා විය. එක් පුද්ගලයෙක් පමණක්  දඬුවම් ලැබුවේය.

දැන් රටේ ඇතිවී තිබුණු සංවාදය වෙනස් එකකි. අපේ රටේ පොලිසිය මන්දබුද්ධික නැති බව කියනු ඇසිනි. මෙවැනි සිදුවීමක් සම්බන්ධව කරන විමර්ශනයක දී දින ගණනක සීසීටීවී පරීක්ෂා කරන විමර්ශකයන් දර්ශන පරීක්ෂා කිරීමට නියමකළ කාල රාමුවක් ලබා දී ඒ ඔස්සේ අත්අඩංගුවට ගැනීම් කිරීමත්,  ඒ කාල රාමුවට පිට වෙලාවක දී සැකකටයුතු පුද්ගලයෙකුගේ හැසිරීම නිරීක්ෂණය වීමත් ඇතිකළ විසංවාදය පොලිස් පරීක්ෂණ සම්බන්ධව ඇති විශ්වාසනීයත්වය පලුදු කර තිබිණි.

පාස්කු ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වූ 14 දා සවස කාදිනල් තුමා පොලිස් ඇමතිට උත්තරයක් දුන්නේය.

“ඔය කතා අපට නොවෙයි… ගිහින් කියන්න කොන්ඩෙ බැඳපු චීන්නුන්ට“

කුණු බැනුම්

අනතුරුම ඇසුනේ කුණු බැනුම්ය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මල්වත්ත පන්සලේ සිට කාදිනල් හිමියන්ට කීවේ පොලිස් පරීක්ෂණවලට ඉඩ දී පැත්තකට වෙන ලෙසය. පොලිස්පතිට යුනිෆෝම් ගලවන්නට යෝජනා කරන්නේ එම යුනිෆෝම් එක දුන්නේ කාදිනල්වරයා දැයි ආරක්ෂක ලේකම් ඇසුවේය.

පැය 24 කින් අපරාධ විමර්ශනය සඳහා විශ්වකර්මයන් නැති බව කී ආරක්ෂක ලේකම්වරයා කාදිනල් හිමි කී පමණින් පොලිස්පති යුනිෆෝම් ගලවනු ඇතැයි තමන් විශ්වාස නොකරන නමුත් අපරාධකරුවන් හසු කර ගනු ඇතැයි විශ්වාස කරන බව කීවේය.

හොඳම කතාව කීවේ එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ය.

“දැන් මොකද කරන්න කියන්නෙ… කාදිනල්ට පොලිස්පති කම දෙමු. ඒක තමයි දැන් ජනාධිපති තුමාට යෝජනා කරන්න සිද්ධ වෙන්නෙ.“

154 බස් රථයේ පැමිණි මිනිසා

මේ අතරේ   බුද්ධි අංශ කාදිනල් හිමි දුන් තොරතුරු ඔස්සේ නොන්ඩි ගසමින් උදේ 9.52කට සියලු ශාන්තුවරයන්ගේ  දේවස්ථානයට බෝම්බය තැබූ මිනිසා ගැන හොයන්නට පටන් ගන්නේය. මේ තැනැත්තා කඩවතින් 154 අඟුලාන බස් රථයක නැගී පැමිණ බොරැල්ලෙන් බැස දේවස්ථානයට විත් බෝම්බය තැබූ අයුරුත් අනතුරුව ත්‍රීවිල් රථයකින් වැලිකඩ බන්ධනාගාරය දෙසට  ගමන් කරන අයුරුත් සොයා ගෙන තිබිණි. ඒ 14 දා සවසය.

ඒ තොරතුරින් පැය 24 යන්නට   පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරුක් අනුව බෝම්බය තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නේය. ඒ ඊයේ (15) හවසය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඇඹිලිපිටියේ දී ය. ඇඹිලිපිටියේ දානයකට සහභාගී වෙමින් සිටිය දී ය.

හෙළිදරව් වෙමින් ඇති ආකාරයට කඩවත මංකඩ පාරේ පදිංචිව සිටි මෙම තැනැත්තා කර තිබුණේ කොන්ත්‍රාත්තුවකි. ඒ   රුපියල් පනස් දහසකටය.

ඔහු හෙළිකරමින් ඇති තොරතුරු හෙට අනිද්දා ගිනි පත්තු කරනු ඇත.

එතෙක් කිව යුතු දෙයක් තිබේ. අපට පෙනෙන්නට ඇත්තේ පිටපත වැරදී ඇති බවය.

පරිස්සමින් බලාගෙන ඉන්න…  දැනට ඒ ඇති.

කියවන්න…

කාදිනල් තුමාගේ තොරතුර හරියටම හරි… අත්අඩංගුවට පත් බෝම්බකරු සියල්ල හෙළි කරයි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“උන්ඩියල් “ ලංකාවේ විදේශ ප්‍රේෂණවලට කළ හදිය… ගිය 2020ට වඩා 2021 දි 22.7% ක අඩුවක්!

Next Post

දෛනිකව පැය 04ක විදුලි කප්පාදුවකට සැරසෙන්න – ලංකා විදුලි ඉංජිනේරු සංගමය!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.