ශ්‍රී ලංකාවේ විදේශ මුදල් හුවමාරු කිරීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රේෂණ 2021 දෙසැම්බර් මාසයේදී සාපේක්ෂ දැවැන්ත බිඳවැටීමක් පෙන්නුම් කර ඇති බව මහබැංකු දත්ත හෙළිදරවු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේ 2021 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණවලින් ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 325.2 ක් පමණක් බවය.
2021 නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4 ක විදේශ ප්‍රේෂණ වලට සාපේක්ෂව යම් වැඩිවීමක් පෙන්නුම් කළද පසුගිය 2020 දෙසැම්බර් වාර්තා වූ විදේශ ප්‍රේෂණ වලට සාපේක්ෂව 60%ක අඩුවීමක් වාර්තා කරන බව එම දත්ත ගොනු පෙන්වා දෙයි.
පසුගිය 2020 දෙසැම්බරයේ දී ඩොලර් මිලියන 812.7ක විදේශ ප්‍රේෂණ වාර්තා වී තිබිණි.

2020 වසරේ වාර්තා වූ සමස්ථ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,193.9ක් විය. නමුත් 2021 දී මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491ක් විය. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණවල 22.7% ක අඩුවීමක් දක්නට ලැබුණි.
මීට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවිධිමත් ක්‍රම විනිමය ප්‍රේෂණය සඳහා භාවිතා කිරීම බව ප්‍රමාණිකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලාංකික සංක්‍රමණිකගේ මෙන්ම ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා විධිමත් මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටි අතර, දැනුවත්ව හෝ නොදැනුවත්ව අවිධිමත් ක්‍රම භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් සේ සලකන බව ද සඳහන් කළේය.







