බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

by editor
සැප්තැම්බර් 19, 2023
in පරිසරය
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි වන අලි මවක් ගොඩගෙන ඊයේ  (18)  සවස මාදුරුඔය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පිඹුරත්තෑව හා වෙහෙරගල වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

මුදා ගත් වන අලියා…

බීමට ජලය සහ ආහාර සොයා මීට දින කිහිපයට පෙර පැමිණි මෙම වන අලියා මඩ වගුරක එරි ඇති බව පිඹුරත්තෑව අඩවි  ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

අවුරුදු  හතළිහක් පමණ වයසැති මෙම වන අලියා ජේ.සී. බී, යන්ත්‍රයක් මගින් ගොඩට ගැනීමට පැයක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව වෙහෙරගල අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. වීරසිංහ   අප කළ විමසීමකදී පැවසීය.

එමෙන්ම පෙරේදා (17)   සෝමාවතිය ජාතික වන උද්‍යානයේ පිහිටි මලල් ආරු ගගේ දින කිහිපයක සිට මඩේ එරී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් අසාධ්‍ය තත්වයෙන් පසු වූ අලි මවක සහ පැටියෙක් නිරුපද්‍රිතව මඩෙන් ගොඩට ගැනීමට වනජීවී නිළධාරීහු කටයුතු කළහ.

ඇය එසේ ගොඩ ගනු ලැබුවේ දින දෙකක දීරඝ වෙහෙසකර මෙහෙයුමකින් පසුය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මලල් ආරු ගගේ දින කිහිපයක සිට මඩේ එරී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි අලි මව මුදා ගැනීමේ මෙහෙයුම….

මහවැලි ගගේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයෙකු මෙම අලි මව සහ අලි පැටවා මඩේ එරී සිටිනු දැක ඒ පිලිබඳව සෝමාවතිය හා සුංගාවිල වනජීවී කාර්යාල නිළධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම වන අලි මව හා පැටවා බේරා ගැනීමේ මෙහෙයුමක් 15 උදෑසන දියත් කර තිබිණි.

ඒ අනුව දැඩි පරිශ්‍රමයක් දරා මුලින් මඩේ එරී සිටි වන අලි පැටවා වනජීවී නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව 15 වෙනිදා හවස ගොඩ ගනු ලැබුවේය.

කෙසේ නමුත් අලි මව මඩෙන් ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් වනජීවී නිළධාරීන් 16 වෙනිදා  සවස දැරූවද එම ප්‍රදේශයේ පැවති දුෂ්කර තත්වය හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ නොහැකියාව මත ඇය ගොඩ ගැනීමේ කටයුතු 17 වෙනිදා උදෑසනට කල් දැමිණ.

ඒ අනුව 17 වෙනිදා උදෑසනනින්ම සෝමාවතිය වනජීවී කාර්යාලයේ ,සුංගාවිල වනජීවී කාර්යාලයේ හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිළධාරී විශාල පිරිසකගේ හා පල්ලියගොඩැල්ල ගම්වාසීන්ගේ දැඩි උත්සාහය හා කැපවීම මත දින දෙකක දීර්ඝ හා දුෂ්කර මෙහෙයුකින් පසුව 17 වෙනිදා දහවල් මඩේ එරී සිටි අලි මවද ගොඩ ගනු ලැබිණි.

අසාධ්‍ය තත්ත්වයේ සිටින මුදා ගත් අලි මව….

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට බලපා ඇත්තේ දැඩි නියඟයකි. මාස පහකින් සමහර පෙදෙස්වලට වැසි ලැබී නැත.

මේ දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් වන අලි ආහාර හා ජලය නොමැතිව දැඩි පීඩාවකට ලක්ව සිටිති. එලෙස ආහාර හා ජලය සොයා පැමිණි අලි මවක හා පැටවා මෙලෙස මහවැලි ගගේ අතු ගංගාවක් වන මලල් ආරු ගගේ මඩ ගොහොරුවක දින කිහිපයකට පෙර එරී තිබිණි.

කෙසේ නමුදු දින කිහිපයක් නිරාහාරව හා ජලය නොමැතිව සිටි මෙම වන අලි මව සහ පැටවා විජලනයට ලක්ව සිටින බවත් ඒ හේතුවෙන් ඔවුන්ගේ ශරීර ශක්තිය දුර්වල වී පවතින බව වනජීවී නිළධාරීහු පවසා සිටිති.

දුර්වල තත්වයේ පසුවන මෙම වන අලි පැටවාට 16 සවස සිටම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වනජීවී නිළධාරීන් ප්‍රතිකාර කරනු ලැබූහ.

මඩේ එරී සිටි අලි බව ගොඩට ගැනීමෙන් පසු එම අලි මවට ප්‍රතිකාර කිරීමේ කටයූතු 17 දහවල් සිට ආරම්භ කෙරනි.

වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය  සමීර කලිඟුආරච්චි   ඇතුළු වනජීවී  නිලධාරි කණ්ඩායමක් එම අලි පැටියට සහ මවට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරති.

පල්ලියගොඩැල්ල ගම්මානයේ සිට කිලෝ මීටර් 10ක් පමණ ඉතා ඈත දුෂ්කර ප්‍රදේශයකදී මෙම අලි මව හා පැටවා මෙලෙස මඩේ එරී අනතුරට පත්ව සිටි අතර එම ප්‍රදේශයට ලඟා වීමට ඉතා විශාල කාලයක් හා දුෂ්කර මගක් ගෙවා දැමිමට නිලධාරීන්ට සිදු විය.

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෙයින් ගෙට ගොස් පරික්ෂා කර මේ වසරේ දැනට ලාදුරු රෝගීන් 1000ක් හඳුනාගෙන!

Next Post

අනුරාධපුරයේ සංචාරක කර්මාන්තය නටබුන් වෙමින් ඇති අයුරු හෝටල් හිමියෝ කියති!

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023
පරිසරය

ලෝක සාගර දිනය අදයි… වාර්ෂිකව සමස්ත  සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 යි…

ජූනි 8, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.