බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

අනුරාධපුරේ ඇමති බිරිඳ පස් ජාවාරමට ආණ්ඩුවේ කැළෑවක් වනසයි

by editor
මාර්තු 13, 2021
in පරිසරය
Share on FacebookShare on Twitter

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන  බවත්  මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇති බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි.  මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකුගේ  බිරිද, අමාත්‍යවරයාගේ ප‍්‍රධාන ආධාරකරුවන් වන දෙදෙනකු, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයකු  සහ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකුසෘජුවම සම්බන්ද බවට ඔහු චෝදනා කරයි.  ඔවුන් පස් කැනීම් බලපත‍්‍ර ලබා ගැනීමේ දී වෙනත් පුද්ගලයින්ගේ නම් භාවිතා කර තිබුණද ඉහත පුද්ගලයින් විසින් සියලූ පස් කැනීම් කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය සියලූ සහයෝගයන් ලබා දෙමින් පවතින බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

ඔහුට අනුව පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය වටා පලූගස්වැව, කටුකැලියාව, තම්මැන්නාව හා කරුවලගස්වැව යන ගම්මාන පිහිටා තිබේ. මේ ගම්මානවල ගොවි පවුල් 600 ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන හා ගොඩ බෝග වගාවයි. මහ කන්නයේ දී වී වගාව සිදු කරන අතර යල කන්නයේ දී කුඹුරු ඉඩම් කොටසක වී වගා කරන අතර ගොඩ බෝග ලෙස මිරිස්, වම්බටු, ගෝවා වැනි එළවලූ වර්ග වගා කෙරේ.

වී ගොවිතැන සහ ගොඩ බෝග වගාව හා සම්බන්ධ සියලූ ම ජල මූලාශ‍්‍ර පලූගස්වැව –  කටුකැලියාව රජයේ කැලයෙන් ආරම්භ වේ. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත මෙම වනාන්තරයෙන් ආරම්භ වන දියදහරාවන් පලූගස්වැව, කටුකැලියාව වැව, ගම්මැන්නාව වැව, ඇලත්තන්කුලම වැව හා කරුවලගස් වැව පෝෂණය කරයි. මීට අමතර ව මෙම වනාන්තරය වටා පිහිටි ගම්මානවල ගොඩ බෝග වගාව සඳහා වගා ළිං සකස් කර ජලය ලබා ගැනීම සිදු කරයි. එම වගා ළිංවල ජල සුරක්ෂිතතාව රැදී ඇත්තේ පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය මත ය.

අමාත්‍යවරුන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් පාරිසරික අණ පනත් බොහොමයක් උල්ලංඝනය කරමින් මෙම පස් කැනීම් කටයුතු සිදු කරමින් තිබේ. 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් රජයේ වනාන්තර ඉඩම්වල පස් කැනීම සිදු කරයි. වනාන්තර එළි පෙහෙළි කිරීම, පස් කැනීම, පස් ප‍්‍රවාහනය සඳහා මාර්ග සකස් කිරීම යන සියල්ල නීති විරෝධී වේ. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සඳහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරන ලද හානිය සඳහා අධිකරණය මඟින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙම පස් කැනීම් කටයුතු ජාතික පාරිසරක පනතට අනුව ද නීති විරෝධී වේ. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වනාන්තර නොවන වෙනත් සංවර්ධන ක‍්‍රියාවලීන් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට නොහැකිය. මේ නිසා නිකුත් කර ඇති සියලූ බලපත‍්‍ර නීති විරෝධී වේ.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව පස් කැනීම් කටයුතු සිදු කරන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය ම`ගින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප‍්‍රදේශ එළිකිරීම හා කැනීම් කටයුතු සිදු කිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ කිසිදු අනුමැතියකින් තොර ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් කැනීම් බලපත‍්‍ර නිකුත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රූමත් ලඳුන්  මැදපෙරදි ධන කුවේරයන්ගේ  ලිංගික වහල් සේවයට විකිණු ගැහැණිය කොටු..

Next Post

ආණ්ඩුවේ රෙද්ද ගැලවූ සීනි බද්ද ගිල්ලේ පිරම්ඩ් විල්මාර්ද?

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.