බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නිවැසියන් බැඳ දමා සැමියන් ඉදිරියේ බිරින්දෑවරු දූෂණය කරමින් නිවෙස් කොල්ල කමින් රට බියපත් කළ බාප්පයි පුතයි කොටුකරගත් මෙහෙයුමේ මුල මැද අග…

by editor
ඔක්තෝබර් 19, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ඇසෙමින් තිබුනේ බිහිසුණු දාම අපරාධ රැල්ලක් පිලිබඳ කිලිපොළා යන කතාවකි. එහි ගෙවල් බිඳුම්, කොල්ලකෑම්වලට වඩා එපිට ගිය තුච්ඡ තිරිසන් විකෘතියක් පල වී තිබිණි.

ගම්පහ මල්වතු හිරිපිටිය, වැලිවේරිය, කිරිඳිවැල, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල ප්‍රදේශවල වසරක තිස්සේ විටින් විට වාර්තා වූ මෙම සිද්ධි දාමය තුළ පැහැදිලි තුච්ඡ රටාවක් තිබිණි.

කොල්ලකෑමේ රටාව…

කොල්ලකරුවන් අතිශයින්ම සූක්ෂමය. සංවිධානාත්මකය. ඔවුන් කොල්ලකෑම් සඳහා තෝරාගෙන තිබුණේ එක් පිරිමියෙක් පමණක් සිටිනා නිවාසය. බොහෝ විට වතු මැද ඇති හුදකලා නිවාස ඒකක ඔවුන්ගේ ඉලක්ක වී තිබිණි. අපරාධයට සම්බන්ධවන කොල්ලකරුවන් දෙදෙනෙකි. ඔවුහු ඇස් දෙක සහ මුව පමණක් විවෘතවන ආකාරයේ හිස් ආවරණයක් සහිතව මුළු සිරුරම ආවරණය වන ආකාරයෙන් අඳුරු ඇඳුමින් සැරසී සිටිති. මේ කොල්ලකරුවන් අපරාධය සිදුකරන රටාවක් තිබිණි.

නිවසට ඇතුළු වෙති. මධ්‍යම රාත්‍රී 12 පසුවන අවස්ථාව නිවසට ඇතුළුවීමට තෝරාගනිති. අනතුරුව නිවැසියන් බැඳ දමා ඔවුන් නිරුවත් කරති. අනතුරුව බැඳ දැමූ පුද්ගලයින් ඉදිරිපිට ගෙදර සිටින කාන්තාවන් දූෂණය කරති. මාරුවෙන් මාරුවට මෙම පුද්ගලයින් දෙදෙනා මෙම ස්ත්‍රී දූෂණ සිදුකරනු ලබති. අනතුරුව මුළුතැන් ගෙට ඇතුළු වී ශීතකරණවල තිබෙන ආහාර අනුභව කරමින් නිදහසේ මුලු නිවසම පෙරළා රත්තරන් බඩු සහිත වටිනා භාණ්ඩ කොල්ල කති. අනතුරුව අළුයම අපරාධ ස්ථානයෙන් ඉවත් වී යති.

අපරාධ වාර්තාවීම

මුලින්ම මෙම නින්දිත අපරාධ වාර්තා වන්නේ පසුගිය වසරේ අප්‍රේල්වලය. 2023 අප්‍රේල් මාසයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් සිද්ධි තුනක් වාර්තා වූයේය. අනතුරුව අපරාධ වාර්තා වන්නේ රත්නපුරෙනි. ඇහැලියගොඩ පොලිස් වසමේ සිද්ධි දෙකක් වාර්තා වූයේය. 2024./05/18 දින ඇහැලියගොඩ සිදුකරන කොල්ලකෑමක දී මේ පාදඩයින් 74 හැවිරිදි වියපත් කාන්තාවක් දූෂණය කර මරා දැමූහ. අනතුරුව කිරිඇල්ල පොලිස් වසමෙන් සිද්ධි 03ක් වාර්තා වූයේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

තවත් මාස කීපයක් ගතවිය. ඇහැලියගොඩ සහ කිරිඇල්ලෙන් අසන්න ලැබුණු අපරාධ යළි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇසුනේය. මල්වතු හිරිපිටියේ දී පසුගිය 09 වැනි මාසයේ සිද්ධි දෙකක් වාර්තා වූයේය. දොම්පේ පොලිස් වසමෙන් තවත් කොල්ලයක් පිළිබඳ පැමිණිලි ලැබිනි. වැලිවේරිය පොලිස් වසමේ නිවාස කොල්ලකෑම් 02කි. ඉන් එකක දී කොල්ලකරුවන් ගෙදර සැමියා ඉදිරිපිට තරුණ බිරියව සමූහ දූෂණයට ලක් කර තිබිණි. එම නිවසේ සැමියා පුද්ගලික ආයතනයක උසස් නිලධාරියෙකි. බිරිය පරිගණක ක්ෂේත්‍රයේ විධායක නිලධාරිණියකි. ඔවුනගේ දරුවා සිවු හැවිරිදිය. අපරාධකරුවන් බැඳ දැමූ සැමියා සහ සිවු හැවිරිදි දරුවා ඉදිරියේ එම කාන්තාව දූෂණය කළහ.

ගම්පහ බියපත්

මේ තුච්ච සිදුවීම් ජාලය අනුයාත සිද්ධි ලෙස වාර්තාවන විට ගම්පහ අවට ප්‍රදේශය දැඩි තැතිගැන්මකට ලක්වූයේය. අපරාධකරුවන් ගැන කිසිම සැලකිය යුතු තොරතුරක් නොතිබිණි. සීසීටීවී දර්ශනවලින් කළ හැක්කක් නොවීය. වෙනත් කිසිම සාධයක් මෙම අපරාධකරුවන් විසින් ඉතිරි කර යන්නේත් නැත.

මේ තත්ත්වය වැළැක්වීමේ වගකීම ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවයාට සහ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාට විය. ඔවුහු දොම්පේ, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, වැලිවේරිය, පොලිස්වසම් මෙහෙයවමින් විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කළහ.

මේ සිද්ධිවල ස්වරූපය අධ්‍යයනය කර සැලසුම් කළ ආරක්ෂක ක්‍රමවේදය අනුව රාත්‍රී 12න් පසු එක්වරම ගම්පහ අවට පොලිස් මාර්ග බාධක යොදා පරික්ෂා කිරීම් ඇරඹීමේ මෙහෙයුම් දියත් විය. එමෙන්ම පොලිසිය ජනතාවට කීවේ කුමණ හෝ සැක කටයුතු සිදුවීමක් නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව දිවා රාත්‍රී පිළිබඳ නොසලකා වහාම දැනුම් දෙන ලෙසය.

අපරාධකරුවන් කොටුවීම

මල්වතු හිරිපිටිය පොලිසියේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැමුණු ගුණරත්න

මීට දින දෙකකට පෙර අපරාධකරුවන් මල්වතු හිරිපිටිය පොලිසියට කොටු වන්නේය. ඒ කතාව කීවේය.

“ගම්පහා දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය, වැලිවේරිය කිරිඳිවැල, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ ඇහැළියගොඩ ඇතුලු ප්‍රදේශවල නිවාස රැසකට රාත්‍රී කාලයේ ඇතුලු වී නිවැසියන් නිරුවත් කර බැඳ දමා ඔවුන් ඉදිරියේ කාන්තාවන් දූෂණය කරමින් සිදුකරන නින්දිත අපරාධ රැසක් එක දිගට වාර්තා වුනා.”

“16 දා රාත්‍රිියේ මේ පුද්ගලයින් දෙදෙනා මුහුණු ආවරණ සහ විශේෂිත ඇඳුම්වලින් සැරසී මල්වතු හිරිපිටිය නිවසකට ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේ දි පොලිසිය කළ වැටලීමක දී අත් අඩංගුවට ගත්තා.”

” මේ අපරාධ ගම්පහට හිසරදයක් වෙලා තිබුණෙ. ඒ වැලැක්වීම් සඳහා අපරාධ රැල්ල අධ්‍යයනය කරලා උසස් නිලධාරීන් අපට සැලසුම් ලබා දුන්නා. ඒ අනුව අපි මාර්ග බාධක යොදවන්න කටයුතු කළා. අපරාධ රැල්ලෙ රටාව අනුව ඔවුන් නිවෙස්වට ඇතුළු වෙන්නේ මධ්‍යම රාත්‍රියේ 12න් පස්සෙ. අලුයම් කාලයේ පලා යන්නේ. වැලිවේරිය දොම්පේ කිරිඳිවැල පොලිස් වසම්වල නිලධාරීන් ද සම්බන්ධීකරණය කරලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව පොලිිසිය විශාල රහසිගත මෙහෙයුමක් ආරම්භ කළා.”

“මේ මාර්ග බාධක යොදවනවකොට මේ අපරාධකරුවන් පිළිබඳව විවිධ තොරතුරු ජනතාවගෙන් අපට ලැබුනා. පොලිසියත් ජනතාව දැනුම්වත් කළා හෝඩුවාවක් තියනවා නම් දිවා රෑ බලන්නේ නැතිව තොරතුරු දෙන්න කියලා. මොකද අපේ කණ්ඩායම් ස්ථානගත කරලා හිටියේ. අපට ක්ෂණික මැදිහත් වීමක් වෙන්න පුල්වන් කියලා අපි කල්පනා කළා. ”

“16 වැනිදා රාත්‍රියේ තොරතුරක් ලැබුනා නිවසක් අසල ශබ්දයක් ඇසෙනවා. සැක සහිතයි කියලා. ඒ අවස්ථාව වනවිටත් ඊට මීටර 100ක විතර දුරකින් අපේ කණ්ඩායමක් ස්ථානගත වෙලා හිටියේ.
ඒ කණ්ඩායමට මේ පණිවිඩය ලබා දුන් වහාම ඔවුන් එතෙන්ට ගියා.”

“ඒ වෙලාවේ අවට කිසිම සද්දයක් නෑ. දැඩි කළුවරයි. පොලිස් කණ්ඩායම අවට ප්‍රදේශ නිරීක්ෂණය කරමින් ස්ථානගත වෙලා හිටියා. මේ අතර ඔවුන් දැක්කා අතුරු මාර්ගයක කැලෑබද ස්ථානයක අංක තහඩුවක් දිලිසෙමින් තියනවා. ඒ පෙනිච්ච අංක තහඩුව වෙතට ඔවුන් ගමන් කරලා තිබුණා. ඒ ප්‍රදේශය අඳුරු සහිත කැලෑබද ප්‍රදේශයක්. ”

“ටික වෙලාවකින් සැකකරුවන් දෙදෙනෙක් එම ස්ථානයට ආවා. මුහුණු ආවරණ කරලා… විශේෂ ඇඳුම්වලින් සැරසිලා. පොලිස් නිලධාරීන් බලය යොදවලා පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගත්තා.”

“ඔවුන් අත් අඩංගුවට අරන් පිරීක්ෂා කරනකොට ඔවුන් සන්තකයේ තිබිලා හම්බවුනා අයිස් මත්ද්‍රව්‍ය සහ අත් බෝම්බයක්. ඔවුන්ගේ පිටේ රඳවාගෙන තිබුණ බෑගයක් තිබුණා. ඒ බෑගයේ තමයි නිවසක දොරටු විවෘත කරගන්න ඕන උපාංග රැගෙන ගිහින් තිබුණේ. උල් ආයුද සහ ජනෙල් දොරවල් විවෘත කරගන්න පුලුවන් ආයුද ඔවුන් විසින් සකස් කරගෙන තිබුණා.”

“අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසීයට අවසර ලබා දුන්නා. දැන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් තිබෙනවා.” පොලිස් ස්ථානාධිපතිවරයා දීර්ඝ විස්තරයක් කළේය.

අපරාධකරුවන් කවුද?

මහා අපරාධ කල්ලියක භීෂණය වපුරමින් මේ අපරාධය කර තිබුණේ 21 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ මවගේ අනියම් සැමියා විසිනි. මෙම අනියම් සැමියා 46 හැවිරිදි කරාටේ පුහුණුව සහිත අයෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. ඔහු සිය අනියම් බිරියගේ තරුණ පුතා සමග එක්ව ගෙවල් බිඳන්නේය. කොල්ල කන්නේය. දෙදෙනාම එකට එකතු වී නිවෙස්වල කාන්තාවන් දූෂණය කරන්නේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුවට ප්‍රකාශ කළේ නිවෙස්වලට ඇතුළු වී කොල්ල කමින්, කාන්තාවන් දූෂණය කරමින්, මිනී මරමින් සිදුකළ මෙම අපරාධ ඉතාම සැලසුම් සහගතව මෙම අපරාධකරුවන් විසින් සිදුකළ ආකාරය ය.

ඔවුන් දෙදෙනා අපරාධ අවස්ථාවක් ආවරණය වන කාලය තුළ  කිසිම අවස්ථාවක ජංගම දුරකථන භාවිතා කර තිබුණේ නැත. සියලුම ආකාරයේ සීසීටීවී දර්ශන ප්‍රයෝජනයක් ගත නොහැකි ආකාරයෙන් ඔවුන් විසින් නිශ්ඵල කර තිබිණි.

එමෙන්ම සැකකරුවන්ට ස්ථිර ලිපිනයක් නැත. ඔවුන් ජීවත්වන්නේ කුලී නිවෙස්වලය. රත්නපුර පොලිස් වසමේ අපරාධ කීපයක් සිදුකළ පසු ඔවුන් වෙනත් ප්‍රදේශයකට මාරු වන්නේය. මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ ජීවත්වන මෙම පුද්ගලයින් මේ අපරාධය අසු නොවුනා නම් ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශයක පදිංචියට යෑමට නියමිතව තිබුණු බව අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටට කීවේ මෙවැන්නකි.

“ඔවුන් ඉතාම සංවිධානාත්මකව තමයි මේ නිවාසවලට ඇතුළු වෙන්නේ. ඔවුන් නිවාසවලට ඇතුළු වෙලා අපරාධය කරන රටාවක් තියනවා. ඔවුන් මුලින්ම මුලුතැන් ගෙට යනවා. ෆ්‍රිජ් වල තියන කෑම කනවා. ඉතාම නිදහසේ මේ කටයුත්ත ඔවුන් කරන්නේ.”

“මේ සඳහා ඔවුන් තෝරා ගන්නේ එක පිරිමි පුද්ගලයෙක් පමණක් සිටින නිවාස. ඒ වගේම ලොකු ඉඩමක තනි ගෙයක් විදිහට තියන නිවාස තමයි ඔවුන් තෝරා ගන්නේ. අසල්වාසීන්ට සද්ද බද්ද ඇහෙන්නෙ නැති වෙන්න.”

“නිවසට ඇතුළු වෙලා නිවැසියන් බිය ගන්වලා ඔවුන් නිවැසියන්ගේ ඇඳුම් ඉවත් කරනවා. පස්සේ නිවැසියන් ඉදිරිපිටම ඔවුන් කාන්තාවන් දූෂණය කරනවා. එකම රටාවක් තියනවා මේ හොරකම්වල. අපි ඒ නිසා සැක කළා මේ අයම වෙන්න ඇති රත්නපුර සහ කිරිඇල්ල ප්‍රදේශවල සොරකම් කරන්න ඇත්තේ කියලා.”

” අත් අඩංගුවේ සිටින එක් සැකකරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්.”

“ඔවුන් මේ අපරාධ කරන විදිහ කියනවා. ඔවුන් කියන්නේ ඔවුන් කොල්ල කෑ නිවෙස් අවට ආලෝකයක් නෑ. නිවස වටේ තියන බල්බ් නිවෙස් හිමිකරුවන් විසින් නිවා දමනවා. ඒ අඳුරේ පැය කීපයක් ඉන්න පුලුවන්. ඉන් පසු රාත්‍රියෙ තමයි අතුළු වන්නේ කියලා.”

“එක් ස්ථානයක හැර අනික් හැම ස්ථානයේ දීම ඔවුන් මේ අය බැඳලා දානවා. එහෙම නිශ්ක්‍රීය කරලා තමයි කාන්තාවන් ඔවුන් ඉස්සරහම දූෂණය කරන්නේ.”

අපරාධයට සම්බන්ධ තරුණයා බිහිසුණු සමාජ ඛේදවාචකයක් රූපණය කරන ආකාරය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

” මේ තරුණයාගේ පියා කුඩා කාලයේම ඔහු සමග සම්බන්ධ වෙන්නේ නෑ. ඔහු හැදෙන්නේ අම්මා එක්ක. දැනට ඔහුට ඉන්නේ මේ සුලු පියා කියන තැනැත්තා.”

“මේ තරුණයා පාසල් අධ්‍යාපනයක් ලබලත් නෑ. 5 වසර දක්වා තමයි පාසල් ගිහින් තියෙන්නෙ. තරුණයාට ජාතික හැඳුනුම්පතක් නෑ. ස්ථිර පදිංචියක් ගැන තොරතුරුත් නෑ. කුලි නිවාසවල ඉන්නේ. සමහර විට ඔහුට සුළුපියා කියන දේ කරගෙන ඉන්න වුනා වෙන්නත් පුලුවන්. ” අතට මුදලක් ලැබීම, ශිෂ්ට සමාජයක කිසිම අංගයකින් ශික්ෂණය නොවීම නිසා ඇතිවන මූලික තිරිසන් ලක්ෂණ ඔස්සේ මේ තරුණයාව මෙහෙයවන්නට සුළුපියාට හැකි වී තිබේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධ පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත. රට පුරා සිදුවූ සමස්ථ අපරාධ දාමයට මේ පුද්ගලයින් සම්බන්ධ යැයි තවම ඇත්තේ විද්‍යාත්මකව සාධනය නොකළ තොරතුරුය. එය විමර්ශකයින් වෙත භාර දී සිදුවන දේ ගැන රට අවදියෙන් බලාගෙන ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු බලය දුන්නොත් ජනතා හිතවාදී අයි.එම්.එෆ් පැකේජ් එකක් අරන් දෙනවා… සජිත් පොරොන්දු වෙයි!

Next Post

නවාතැන්පලේ හිමිකාරිය මරා රන් බඩුත් රැගෙන පලා ගිය ස්පා තරුණිය බැලුම්මහර දී අත් අඩංගුවට….

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.