අයිි.එම්.එෆ් සමග සාකච්ඡා කර මේ රටට බදු පීඩනයෙන් තොර සහනදායි පැකේජයක් ලබාදීම සඳහා බලයට පැමිණි දා සිට වැඩ අරඹන්නට සිටි තමන්ට ජනාධිපතිවරණයේ දි ජන වරමක් නොලැබුන බවත් එම සහනදායී පැකේජය වහාම ලබා දීම සඳහා පාර්ලිමේන්තු බලය ලබා දෙන ලෙසත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද අවිස්සාවේල්ලේ දී ජන හමුවක් අමතා පැවසුවේය.
එසේ පාර්ලිමේන්තු බලය දෙනවා නම් තමන් ජනාධිපතිවරයා සමග අත් වැල් බැඳගෙන රට වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු කීවේය.
සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසුවේය.
“අපි ඇත්තටම සූදානම් වෙලා හිටියේ කෙළින් අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරලා මේ බදු සූත්‍රයේ අසාධාරණකම් ඉවත් කරලා බදු පීඩනය ඉවත් කරන්න අපි සූදානමින් හිටියා. නමුත් අපි බලාපොරොත්තු වුන ජනතා ආශීර්වාදය අපට ලැබුනේ නෑ.”
“හැබැයි මේ අවස්ථාවේ දී හෝ ජනතාවට අවස්ථාවක් තියනවා. පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට සමගි ජන සන්ධානයට ලබා දීම තුළ අපට පුලුවන්කම ලැබෙනවා අයි.එම්.එෆ් එක එක්ක කතා කරලා ජනතාව මත ඇති පීඩනය ඉවත් කරන සහනාදායී අයි.එම්.එෆ් පැකේජ් එකට අපට යොමු වන්නටය.”
“පාර්ලිමේන්තු බලය අපට ලබා දෙන්න. අයිඑම්එෆ් එකත් එක්ක කතා කරලා ඔබ මේ විඳින දුකින් මුදවා ගන්න අලුත් අයි.එම්.එෆ් පැකේජ් එකකට යොමු වන්න අප සූදානම්. ඒ උදෙසා වර්තමාන ජනාධිපතිතුමත් සමග අත්වැල් බැඳගෙන මේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් අප ඒ යුතුකම මේ රටේ ජනතාවට ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා. “







