බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජීවත් වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඥාති පරම්පරාවක පස්වන පුරුක

by editor
ජූනි 4, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඥාති පරම්පරාවක පස්වන පුරුක
  • රජක කුලයේ සැඟවෙන්නෙ ඉංග්‍රීසීන්ගෙන් බේරෙන්න
  • ලංකාවට ආවේ වෙන්කත රෙංගජම්මාල් රජ බිසවගේ ආරාධනයෙන් 

සුදුහුම්පොල තෙලිඟු සුභසාධක සංගමයේ ලේකම් තැන බාලා සිවසුබ‍්‍රමනියම්ය.    සිවසුබ්‍රමනියම් ලා ජීවත් වෙන්නේ රෙදි ඇපිල්ලීමෙනි. සිව සුබ්‍රමනියම්ගේ තාත්තා මූලුසාමි රාමසාමිය. සීයා මුරුස්සාමිය. මේ ඇත්තන් මුත්තුසාමි බංගාරස්වාමි පෙළපත් වලින් පැවත එන්නන්ය. එම පරම්පරා දෙක ලංකාවේ සුප්‍රකට ප්‍රභූ කාන්තාවක් වන වෙන්කත රෙංගජම්මාල් ගේ ඥාතීන්ය. මේ ප්‍රභූ කාන්තාව වෙන කවරෙක්වත් නොව, සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ රන්දෝලිය වූ බිසවුන්නාසේය.

“

වෙන්කතරන්ගම්මාල් බිසව

අපි ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රාජ පරපුරෙන් පැවත එන මිනිස්සු. දකුණු ඉන්දියාවේ තෙලිඟු දේශයෙන් මෙහාට ආවේ වෙංකතරෙංගජම්මාල් බිසවගේ ආරාධනාවට. ඇය අපේ මුත්තාගේ පරපුර ලංකාවට ගෙන්වාගෙන තියෙන්නේ රජුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ පවුලේ අය සිටිය යුතුයි කියන අදහසින්.“

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

රජ පවුලේ මහේශාඛ්‍ය විඳමින් මහනුවර මලබාර් වීදියේ යෙහෙන් වැජඹුණු අතීතයක් සහිත නායක්කර් වංශික රජවරු සුදුහුම්පල ටැංකියවත්තේ රජකයන් වූ ආකාරය එක්තරා අතකට දෛවෝපගත කතාවකි. මේ ඒ කතාව සොයාගෙන සුදුහුම්පල ටැංකියවත්තට ගිය ගමනේ කතාවය.

සේනා සම්මත   රජතුමා ගෙන් ( ක‍්‍රි.ව 1473 – 1511) පැවත ගෙන එන සිංහල රාජ පෙළපතේ අවසාන රජු වූයේ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (ක‍්‍රි.ව 1707 – 1739) ය. සිංහල රාජවංශිකයන් අතින් නායක්කර් වරුන්ට සිංහල රාජධානියේ රාජ්‍යත්වය මාරු  වන්නේ ඔවුන් දකුණු ඉන්දියාවේ නායක්කර් රාජවංශය සමග  පවත්වාගෙන ගිය විවාහ  චාරිත්‍රයක ප්‍රතිඵලයක් වශයෙනි.

දකුණු ඉන්දියාවේ නායක්වරු ආරම්භ වන්නේ 14 සහ 15 වැනි සියවස් වලදී ය. ඒ විජය නගර රජ පෙළපතේ ආධිපත්‍යය තහවුරු කළ   ආණ්ඩුකාරවරු වශයෙනි. මේ පාලකයෝ තමිල්නාඩුවේ කොටසක් ද පාලනය කළහ. 16 වෙනි සියවසේ විජය නගර ආධිපත්‍යය බිඳ වැටුණු පසු මෙම ආණ්ඩුකාරවරු තම තමන් පාලනය කළ ප්‍රදේශවල ස්වාධීනත්වය ප්‍රකාශ කළහ. ඉන් පසු ඔවුන්ගේ රාජ්‍යයන් ගින්ගි, තන්ජෝර්, මදුරෙයි සහ චන්ද්‍රගිරි ප්‍රදේශවල පිහිටුවා ගත්හ. ඔවුහු තෙළිඟු සම්භවයක් ඇත්තෝ වූහ. තමිල්නාඩුවේ බටහිර පෙදෙස් වැඩි තෙළිඟු ජනගහනයක් සිටීමේ එක් හේතුවක්ද එයයි.

මහනුවර සිංහල රජවරු සෑම විටම පාහේ මේ මදුරෙයි නායක් හෝ තන්ජෝර් නායක් වැනි රජ පවුල්වලින් බිරියන් සරණ පාවා ගත්හ. මහනුවර රජ පෙළපතේ අන්තිම සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහය .  ඔහුගේ අග බිසව මදුරෙයි නායක් පරම්පාරාවේ කෙනෙකි. නරේන්ද්‍රසිංහ රජු මිය යන්නේ සිය දරුවෙක් හෝ වෙනත්  අනුප්‍රාප්තිකයෙක් රාජ්‍යය උරුමයට  නොතබමිනි. ඒ අවස්ථාවේ දී දකුණු ඉන්දියාවේ රජ පෙළපත් අතර බලපැවැත්වෙන “මරුමක්කදයන්” නීතිය අනුව යමින්    බිසවගේ සහෝදරයා සිහසුනට තෝරා ගැනුණි.

එසේ පත්වන ලංකාවේ මුල්ම නායකර් වංශික රජතුමා ශ‍්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1739-1747)ය.  කීර්ති ශ‍්‍රී රාජසිංහ ( ක‍්‍රි.ව 1747-1781), ශ‍්‍රී රාජාධි රාජසිංහ (ක‍්‍රි.ව 1781-1798), ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798-1815) යන සිංහල රාජවංශයේ අවසන් රජවරු හතර දෙනාම නායක්කර් වංශිකයෝ වූහ

රජක කුලයේ සැඟවූ රජපවුලේ ඥාති වරු

මෙරට රාජාවලියේ අවසන් රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන්ගේ බිසෝවරුන් සතර දෙනෙකි. වෙන්කත රෙංගජම්මාල් සහ වෙන්කත ජම්මාල් පළමු බිසෝවරුන් දෙදෙනා ය. අනෙක් බිසෝවරුන් දෙදෙනා වනුයේ වෙන්කත අම්මාල් සහ මුත්තු කන්නම්මාය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වෙන්කත රෙංගජම්මාල් රන්දෝලිය නමින් ද, ජම්මාල් කුමරිය රිදී දෝලිය නමින් ද හඳුන්වා බිසෝ තනතුරට පත් කර ගත්තේ ය.

කලක් ගතවූ පසුව පිළිමතලව්ව අදිකාරම්, කැප්පෙටිපොල, ඇහැළේපොළ වැනි සිංහල නිලමේවරුන් නායක්කර් වංශිකයන්  රජකමින් පහ කිරීම සඳහා කැරැල්ලක් දියත් කළහ. රජතුමාට රජ මාලිගාව ආරක්ෂිත තැනක් නොවුණි. හේ සිය බිසෝවරුන්  සහ සමීපතම විශ්වාසවන්ත කීප දෙනෙක් සමග  රජ මාලිගවෙන් පලා යන්නට තීන්දු කළේය. ඒ වනවිට රජ පවුලට නෑකම් කී නායක්කර් පවුල් පහක් පමණ  නුවර ඉතිරි වී සිටියේය. ඒ පිරිස වෙන්කත රෙංගජම්මාල් බිසවගේ නෑදෑයන්ය.

රජතුමා සැඟව පලා යද්දී මේ පිරිස රැගෙන යා නොහැකිය. එමෙන්ම ඔවුන් ඉංග‍්‍රීසීන් යටතට පත් කිරීමටත්  නොහැක. ඒ අවස්ථාවේ දී  නාගස්තැන්න පදිංචි රජ මාලිගාවේ ඇඳුම් සෝදන සිංහල ජාතිකයන් කිහිප දෙනෙකුම  මාලිගා පරිශ්‍රයට පැමිණ සිටියේය. වෙන්කත රෙංගජම්මාල් බිසව මේ පිරිස ඇමතූහ. සිය ඥාති පිරිස දක්වා ඔවුන්ව මේ රජ පවුලේ රජකයන්ට භාර දුන්හ. ඇය ඉල්ලා සිටියේ එම පිරිස  ආරක්ෂා කර දෙන ලෙසය.  රාජවංශික පිරිස රජක කුලයේ රැකවරණය යටතට පත්විය. ඔවුහු මේ රජයන් සමග    නාගස්තැන්නේ ජිවත් වූහ.

මහනුවර තෙළිඟු වංශිකයන්ගේ සුබ සාධන සංගමයේ සභාපති සිවා සුබ්‍රමනියම්.

සිවා සුබ්‍රමනියම්ලා දක්වන පරම්පරා තොරතුරු අනුව මේ අනුන්ගේ රෙදි සෝදමින් ජීවත් වන්නේ ඒ රාජකීය මූලයේ පස්වන පරම්පරාවය.

“තෙලිඟු වර්ග දොළහක් තියෙනවා. ඉන් හැම වර්ගයක්ම නියෝජනය කරන උදවිය ලංකාවේ තැන තැන ජීවත් වෙනවා. නයි නැටවීම්, ශාස්ත්‍ර කීම,  රත‍්‍රං කර්මාන්තය,  මැටි වළං කර්මාන්තය,  ලී වැඩ,  රෙදි ඇපිල්ලීම වගේ කර්මාන්ත ඔවුන් ජීවත් වෙන්න කරනවා.   අපි පරම්පරාවෙන් රෙදි ඇපිල්ලීම කරනවා“.

“එදා රජ බිසව  අපේ පරම්පරාවේ ඇත්තන් නාගස්තැන්නෙ රජක කුලයට භාර දුන්නේ ඒ තැන්වල රාජවංශිකයන් ඉඳී කියන සැකය ඇති නොවන නිසා. අනික ඉංග්‍රීසි ජාතිකයන් පවා රජකයන්ව ආරක්ෂා කළ නිසා .  ටික දවසක් යන කොට ඉංග‍්‍රීසි හමුදා ඔත්තුකරුවන් පැමිණ අපේ අය සොයන්න පටන් අරන් තිබුණා.  ඔවුන්ගෙන් බේරීම සඳහා රාජකීයන් ලෙස තවදුරටත්  නොඉඳ ජිවිතය බෙරාගන්න අපේ මුත්තන් රෙදි සෝදන වෘත්තියේ නියැලුනා.“  සිවා සුබ්‍රමනියම් කියන්නේය.

අතීතතයේ නාගස්තැන්න රජක ඇත්තන් රජතුමාගේ කුණු රෙදි සෝද තිබෙන්නේ ”කොටියාවල’’ කනම් ස්ථානයේ ය.   හන්තාන පාරේ නාගස්තැන්න පන්සල ආසන්නයේ එම ස්ථානය පිහිටා තිබේ. හන්තාන කඳු මුදුනේ සිට ගලා එන තරමක් ලොකු දිය පහර මැදි කර, බේසමක් වැනි තටාගයක් සෑදෙයි.    එය ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. ඒ අසලම තරමක් දිග පළලින් යුත් විශාල පැතලි ගල් පතුරක් ද දක්නට ලැබෙනවා. එදා රජමාලිගාවේ  රෙදි සේදුවේ එතැනය.

“ක‍්‍රමයෙන් සිංහල අය රෙදි සෝදන වෘත්තියෙන් ඉවත් වුණා. අපේ අය මෙම වෘත්තියේ දිගටම නියැලූනා. ඒ ආකාරයටයි නායක්කර් රජ පවුලේ අය රෙදි සෝදන වෘත්තියට පිවිසියේ. පසුව නාගස්තැන්න ඔය හරහා පහළට ඇවිත් දෙයියන්නේවෙළට අපේ කට්ටිය ආවා. සුදුහුම්පොලට මම එන්නේ 1972 අවුරුද්දෙ. එදා හිට මම මෙහෙ රස්සාව කරගෙන යනවා. අපි තවමත් ටැංකිවල රෙදි පුරවලා සම්ප්‍රදායික ක්‍රමයට රෙදි සෝදන්නේ. රැකියාව දියුණු කරගන්න කිසිම අවස්ථාවක් අපට නෑ. අපිට මනුස්සයො විදිහට ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය කිසිම දේශපාලකයෙක්   හදලා දීලා නෑ. ඔවුන්ට අවශ්‍ය ඡන්ද කාලෙදි අපේ ඡන්දය විතරයි.“  රාජකීය ලේ ඇති රජකයා අවසනයේ දී අපට කියන්නේ එවැනි කතාවකි.

සුදුහුම්පොල ටැංකියවත්තේ රාජකීය පෙළපතේ රජකයෝ දිනකට දළ වශයෙන් ඇඳුම් කැබලි තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් සෝදා පිරිසිදු කරති. එම රෙදි වේලා ගැනීමෙන් අනතුරුව පොල් කටු ඉස්තිරික්කයට බර දමා කුඩා මේසය මත එළාගෙන මදිති. මහනුවර හා අවට නගරවල, හෝටල්, වෙළෙඳසල්, බංගලා, නිල නිවාසවල   රෙදි පමණක් නොව ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය, තෙල්දෙනිය රෝහල්වල අපිරිසිදු රෙදි ද පිරිසිදු වන්නේ ටැංකියවත්තේ රජකයන් අතිනි.    මේ සඳහා පවුල් තිහක් පමණ දායකත්වය ලබා දෙති. මෙයට වසර කිහිපයකට පෙර මහනුවර ආරෝග්‍යශාලාවේ  රෙදි   රෙදි සෝදන මැෂින් මගින් ආරෝග්‍යශාලා සේවකයන් විසින්ම සෝදා ගැනීම ඇරඹීය. දැන් ඔවුන්ගේ රජක වෘත්තියටත් සීමා වැටෙමින් ඇත. තමන් ජිවත්ව බිමෙන්   ඉවත් කිරීමේ අවදානමක් පිලිබඳ බියක් ඔවුන් තුළ තිබේ. අවසානයේ මේ තෙලිඟු වංශික අතීත රාජකීයන් අපට ඇඟිල්ලෙන් ඇණ කියාදෙන කතාවක් තිබේ. ජීවිතය වටා එල්ලාගත් බාහිර ආලෝලනයන් රඳා පවතින්නේ බලය ඇති තාක් පමණි. ඒ හැව ඉවත් වූ පසු ඉතිරිවන්නේ අතිශයින්ම කටුක වූත්, නීරස වූත්, බලාපොරොත්තු රහිත වූත් ජීවන අරගලය පමණි. ඒ අරගලය තුළ යන්තමින් ජීවත් විම සඳහා නායක්කර් රාජවංශිකයෝ අදත් සුදහුම්පල ටැංකිවත්තේ රෙදි සෝදති.

 

 

 

Tags: විශේෂ
Share159Tweet43
Previous Post

අද කර්ෆියු ඇයි…?

Next Post

තොණ්ඩමන් වෙනුවෙන් බොරුවට ඇඬුවාද? ඔප්පාරි ගැයුවාද…?

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.