බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

by editor
අප්‍රේල් 10, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි –

පිලිප් කුමරු නොහොත්  “එඩින්බරෝ ආදිපාදවරයා   වසර අනූ නමයක් ආයු වළඳා ඊයේ (09)   අභාවප්‍රාප්ත වුණා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට පිලිප් කුමරු දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ වසර ගණන  ශ්‍රී ලංකාවේ වාසය කර තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ ඔහු පදිංචි වී සිට ඇත්තේ කොළඹ කොටුවේ චැතැම් වීදියේ පිහිටි නිවසකයි. එම නිවස එකල හඳුන්වා දී ඇත්තේ “චැතැම් housa” ලෙසයි.  එම වකවානුවේ කුමරා හඳුන්වා දී තිබෙන්නේ “ග්‍රීසියේ පිලිප් කුමරු” (Prince Phillip of Grece) ලෙසයි. ඒ කුමරා ග්‍රීසියේ රජ පෙළපතකට අයත් ව සිටි අයෙකු නිසයි.  දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ පිලිප් කුමරු සේවය කර තිබෙන්නේ රාජකීය නාවික හමුදාවේ  “mid shipman” වරයෙකු ලෙසයි

මෙම කාල සීමාව තුළ පිලිප් කුමරුගේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ  මවුන්ට්බැට්න් සාමිවරයායි (Lord Mountbatton) . එවකට  මවුන්ට්බැට්න් සාමිවරයා සහ ඔහුගේ ආර්යාවවූ “එලීනා මවුන්ට්බැටන්” ආර්යාව පදිංචි වී සිට ඇත්තේ පේරාදෙණියේ  රාජකීය  උද්භිද උද්‍යානය තුළ පිහිටි සුවිසල් නිවසකයි.

ශ්‍රී ලංකාවේ වාසය කළ කාලය තුළ පිලිප් කුමරා ඔහු මිලදී ගත් ප්‍රථම කාර් රථය මිලදී ගෙන තිබෙනවා. X-8468 දරන 1935 වර්ෂයේ  නිෂ්පාදිත standard 9 වර්ගය මෙම කාර් රථයේ වර්තමාන හිමිකරු වන්නේ ගාලු මුවදොර හෝටලය හිමි “සංජය ගාඩ්නර්” මහතායි. මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් කාර් රථය ගාලු මුවදොර හෝටලය තුළ පිහිටි හෝටල් කෞතුකාගාරයේ දී අදත් ඔබට දැකිය හැකියි

පිලිප් කුමරු ලංකවේ දී භාවිත කළ වාහනය

පිලිප් කුමරා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා ඒ 1954 සහ 1981 වර්ෂවලදී . මේ දෙවතාවේදීම ආදිපාදවරයා මේ සුන්දර  දිවයිනේ දින ගණනාවක් ම ගත කර තිබෙනවා.   මෙම අවස්ථා දෙකේදීම ඔහු මෙරටට සැපත් වී ඇත්තේ දෙවන එලිසබෙත්   මහ රැජිනගේ වල්ලභ කුමරා ලෙසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

1981 ලංකාගමනයේදී  ශ්‍රී ලාංකීය අලින්ට ඉතාමත් ප්‍රියකළ  ඒ වගේම ලෝක  වන සත්ව අරමුදලේ  (World  Wildlife Fund) ප්‍රධානියා හැටියට කටයුතු කළ පිලිප් කුමරා  අලියෙකුගේ රුව සහිත  කොළ පැහැති ටයි පටියක් පැළඳ සිට තිබෙනවා.  රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ජනමාධ්‍යවේදියකු අපූරු ප්‍රශ්නයක් edinborough ආදිපාදවරයා වෙත යොමු කළා.

“ඔබගේ ටයිපටිය ඇත් රුවක් සටහන්ව තිබෙනවා ඒ ඇයි ?“

“මම අලින්ට ආදරෙයි. අලියා ඉතා සුවිශේෂ සත්වයෙක්.“ ආදිපාදවරයා සිනහවෙමින් ජනමාධ්‍යවේදියාට පිළිතුරු දී තිබෙනවා

“අපේ රටේ පාලක පක්ෂය නියෝජනය කරන පක්ෂයේ සලකුණත් අලියා… එම පක්ෂය පාටත් කොල පාටයි. මම හිතුවා ඒ සම්බන්ධය ගැන දැනගෙන ඔබ මෙම ටයි පටිය පැළඳ සිටිනවා කියා.“    ජනමාධ්‍යවේදියා ආදිපාද වරයාට පැවසුවා

“එහෙම සම්බන්ධයක් ගැන මම දැනගෙන හිටියේ නෑ. ඒත් අලියා ඉතා සුන්දර වටිනා සත්වයෙක්.  ඔබ ඔවුන් ආරක්ෂා කළ යුතුයි.“

ආදිපාදවරයා  සිනහවෙමින් ජනමාධ්‍යවේදියාට පිළිතුරු දුන්නා

ආදිපාදවරයා ප්‍රශ්න කළ ඒ ජනමාධ්‍යවේදියා උනේ දවස නිවසේ  ඉංග්‍රීසි ප්‍රකාශනයක් හැටියට ඒ කාලයේ පළ වූ   “Sun”  පත්තරේ කර්තෘ හැටියට කටයුතු කරපු දිවංගත රෙක්ස් ද සිල්වා මහතායි

එඩිම්බරෝ ආදිපාදතුමා සහ මහරැජන
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඥාතීන් අඳොනා නගද්දි මීගමුව රෝහලේ  මෝචරියට යැවූ මිනියට පණ ඇවිත්

Next Post

මීගමුව බන්ධනාගාර රැඳවි කාන්තාවක් දෙහැවිරිදි දරුවාගේ පැම්පස් එක තුළ දුම්කොල සඟවලා…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.