කීර්ති ප්‍රනාන්දු –
මීගමුව බන්ධනාගාරයේ සිට ඊයේI 9) රාත්‍රියේ වැලිකඩට මාරු කළ කාන්තා රැඳවියෙක් සිය දෙහැවිරිදි දරුවාගේ පැම්පස් එක තුළ දුම්කොල සඟවාගෙන සිටිය දී වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
වාර්තාවන පරිදි කතාව මෙසේය.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රැඳවි කාන්තාවක් ඊයේ (10) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ඇය මීගමුව බන්ධනාගාරය තුළ සිට ඇත්තේ සිය දෙහැවිරිදි දරුවාත් සමගිනි.
මීගමුවෙන් වැලිකඩට මාරු කිරීමේ දී වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයත් දරුවාත් සාමන්‍ය පරීක්ෂාවට ලක් කර තිබේ.
එහි දී දෙහැවිරිදි දරුවාගේ පැම්පස් එක තුළසඟවා තිබූ දුම්කොල සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී තිබේ.
වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි…