බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අවුරුදු 16ක්  දුක් විඳ සුනාමියෙන් නැතිවුණු දරුවා සොයා ගත් අම්මා.

by editor
සැප්තැම්බර් 30, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

  • යාචකයෙක් විදිහට වෙස් වලාගෙන ගෙයක් ගානෙ ඇවිද්ද

  • රැකියා නියෝජිත වරියක් විදිහට හොඩුවාවල් හොයාගෙන ගියා.

  • ෆොටෝ එකක් පෙන්ගෙන රට වටේ ඇවිද්දා..

  • දරුවා හදා ගෙන තිබුනේ සිංහල පවුලක්… ඔවුන් නීතියෙ පටලවන්න බැරි නිසා නම් ගම් හෙළි කරන්නෙ නෑ…

2004 සුනාමි ව්‍යසනය හමුවේ සයින්දමරුදු මාලිගයිකාඩු ගමේ අතුරුදන් වී අවුරුදු 16කට පසුව තම මව සොයා පැමිණි මුස්ලිම් දරුවා සිංහල පවුලක් සමඟ හැදී වැඩී ඇති අතර එම පවුලට නීතිමය වශයෙන් ගැටලු මතු වේ යයි බිය මත ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය කිරීමෙන් එම මව සහ දරුවා වැලකී සිටින බව වාර්තා වේ.

අබුසාලි සිත්ති කමලියා තම පුතා අක්‍රම් රිස්කාන් අවුරුදු 16 කින් පසු හමුවී

එම පවුල මෙම දරුවා හොඳින් රැක බලාගෙන ඇති නමුත් ඔහු එම නිවසේ හැදී වැඩුණේ නිත්‍යානුකූල පසුබිමක් මත නොවන හෙයින් මෙලෙස එම තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට දරුවාගේ මව සහ සමීපයින් කටයුතු කරන බව වාර්තා වේ.

මව වසර දහසයක් තිස්සේ දැඩි වෙහෙසක් දරා තම දරුවා සොයා ඇති අතර යම් ආයතනයක් ලබා දුන් තොරතුරක් අනුව රැකියා ලබා දෙන නියොජිතවරියක සේ අදාළ නිවසට වෙස් වළාගෙන ගොස් තම දරුවා දැක ඔහු හඳුනා ගත් බවත් එයින් පසුව දුරකථනය හරහා අදහස් හුවමාරු කර පසුව මෙම දරුවා කොළඹ රැකියාවකට යන බව පවා එම නිවසින් පිටව තමන් සොයාගෙන පැමිණි බවත් ඇය මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළාය.

පුවත්පත් වල පලවූ වාර්තා සමග
ජනාධිපති වරයා වෙත යැවූ ලිපියට පිළිතුරු

අක්‍රම් රිස්කාන් නැමැති මෙම දරුවා සුනාමි ව්‍යවසනය හමුවේ අතුරුදන් වනවිටවයස අවුරුදු 05ක් වන අතර දැන් ඔහු වයස අවුරුදු 21ක තරුණයෙකි. ඉතා හොඳින් සිංහල කතා කිරීමට හැකියාව ඇති මෙම දරුවා යළි හමුවීම පිළිබඳව ඔහුගේ මව වන අබුසාලි සිත්ති කමලියා තම පුතා අවුරුදු 16 කින් පසු හමුවීම පිළිබඳව සතුටු කඳුළු සලමින් මෙසේ පැවසුවාය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මගේ එකම පුතා සුනාමියේදී අතුරුදන් වුණා. ඔහු මියගොස් ඇතැයි කීප දෙනෙක් කීවත්  ජීවතුන් අතර සිටින බව මම තදින්  විශ්වාස කළා. පුතා සොයාගෙන රටේ හැම පැත්තටම ගියා.   එහෙම මහන්සි වුණු මා හට දරුවාගේ පැමිණීම දරාගත නොහැකි සතුටක්.

සුනාමි විපත සිදුවූ 2004 දෙසැම්බර් 26 වැනිදා මෙම විපක සිදුවන විට ඇය සිටියේ රැකියාව කරමිනි. ඇය සේවය කළේ  කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලේය.

“ සුනාමියෙන් දින 3 කට පස්සේ මාගේ නැඟණියගේ ස්වාමිපුරුෂයා කීවා පුතා රෝහලේ සිටිනවා කියල. ගිහින් බැලුවම පුතා සිටියේ නැහැ. කවුදෝ කැඳවා ගෙන ගොස් තිබෙනවා. මා හට දුක වාවගන්න බැරි වුණා. මම උත්සාහය අත්හැරියේ නැහැ. පුතාගේ පින්තූර රැගෙන හැමෝටම පෙන්වනවා. සමහරු එක එක හෝඩුවාවන් දෙනවා.  මම  ඔවුන් කියන කියන  තැන්වලට යනවා.  පොලිසියටත් පැමිණිලි කළා. මාධ්‍යවලට කතා කළා. පසුගිය 2016 වසරේ මාගේ පුතා සිංහල පාසලක ඉගෙනුම ලබන බවට මාගේ සිංහල මිතුරියක් මා හට පැවසුවා. ඒ අනුව එම පාසලට ගොස් පුතා හමුවීමට උත්සාහ දැරුවා. නමුත් පාසලේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය මාහට දරුවා පෙන්වූයේ නැහැ.

සමහර වෙලාවලට මම ගියේ  සිංහල කාන්තාවක් විදිහට  වෙස්වලාගෙන ඔහු ඉන්නවා කියූ ප‍්‍රදේශවල ගැවසුණා. අලෙවි නියෝජිතවරියක ලෙසත් රුකියා ලබාදෙන අයකු ලෙසත් යාචකයකු ලෙසත් වෙස්වලාගෙන ඇවිද්දා. මට විශ්වාසයක් තිබුණා කොහෙන් හෝ දරුවා ලැබෙයි කියා. නොයෙකුත් දුෂ්කරතාවන්ට හට අවමානයන්ට මුහුණ දීමට සිදුවුණත් මම උත්සාහය අත්හැරියේ නැහැ.

මාගේ ස්වාමිපුරුෂයා වෙන්වී ගොස් වෙනත් විවාහයක් කරගෙන. නමුත් මා තනියම මාගේ පුතාව සෙව්වා.  ජනාධිපතිවරයා දක්වා සියලු දේශපාලකයන්ට මාගේ අවනඩුව කිව්වා. ඒත් ඵලක් වුණේ නැහැ. දවසක් එක ආයතනයක් මගින් පුතා ඉන්න තැන හඳුනා ගත්තා. මම රැකියා ලබාදෙන නියොජිතයකුලෙස වෙස් වළාගෙන මේ ගෙදරට ගිහින් මාගේ පුතාව හමුවුණා. එහිදී පුතා මාව හඳුනා ගත්තා. පසුව අප දුරකථනයෙන් කතා කළා. මා දන්නා ඔහුගේ ශරීරයේ ඇති ලකුණු පිළිබඳව කතාකර මාගේ පුතා බවට තහවුරු කර ගත්තා. පසුව මාගේ පුතා කොළඹ රැකියාවකට යන බව පවසා එතෙක් ජීවත් වුණ සිංහල නිවසින් පිටවී මා සොයාගෙන පැමිණියා.

මට දැන් මගේ පුතා යළි හමුවී තිබෙනවා.

මා පුතාව සොයාදෙන ලෙස මක්කමට ගොස් බාරවුණා. ඒ අනුව මට පුතා ලැබුණා. මා පුතා සමග මක්කමට ගොස් ඉස්ලාම් චාරිත‍්‍ර අනුව බාරය ඔප්පු කරනවා. එසේ මෙතෙක් කාලයක් මාගේ දරුවාව හැදූ වැඩූ එම සිංහල සහෝදරියට මා හැකි පමණින් උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තාක්ෂණ- පර්යේෂණ සේවා එක වහළක් යටට

Next Post

කටානේ ව්‍යාපාරිකයෙකුගෙන් මහදවල් කෝටි 3 ක් කොල්ලකයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.