බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අනෝරා වැසි මැද ගම්පහ පදික වේදිකාවක හමුවුනු දවස් 05ක් වයස කිරිකැටියා..

by editor
සැප්තැම්බර් 25, 2021
in සමාජ
The baby who was in the Gampaha pavement
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කිරිකැටියගෙ වයස  දවස් 05යි. කොළු පැටියෙක්. අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙන්නෙ ගම්පහ නගරයෙ පදික වේදිකාවෙ. යන්න එන්න තැනක් නැති යාචක පවුලක්.

කොළු පැටියගෙ අම්මට අවුරුදු 48යි. තාත්තට අවුරුදු 57යි. අලුත උපන් කිරිකැටියත් එක්ක  ඉස්පිරිතාලෙන් මේ අම්මා ආවෙ ගම්පහ පදික වේදිකාවට.

දවස් පහක කිරිකැටියා

ඊයේ ( 24) දවල් ගම්පහ නගර සභාවේ සේවක පිරිසක් මේ සංවේදී දැකුම දැක්කා. ඔවුන් හිටියෙ යන එන මං නැතිව අහෝ හාමත් වෙච්චි යාචකයන්ට කෑම බෙදමින්. කොවිඩ් එක්ක රට වසා දැම්මට පස්සේ කන්න දෙයක් නැති යාචකයන් වෙනුවෙන් මේ වැඩසටහන දියත් කරලා තිබුනෙ ගම්පහ නගරයේ පුරපතිවරයාගෙ මූලිකත්වයෙන්.

කෑම බෙදමින් යන නගර සභා සේවකයින් දැක්කේ දවස් හතරක් වෙච්චි කිරි සප්පයෙක් තියාගෙන පේවුමන්ට් එකේ ඉන්න අම්මා කෙනෙක්…

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

කම්පිත සේවක පිරිස සිද්ධිය සම්බන්ධව කතා කළා. අනතුරුව පුරපතිවරයා හමුවී මේ සම්බන්ධව දැනුම් දුන්නා.  ආරංචිය ලැබුණු වහාම පුරපතිවරයා ඒ ස්ථානයට පැමිණියා.

පුරපති, නගර සභා නිලධාරීන් සමග දරුවාගේ මව සහ පියා

දුටු දැකුම සිත තිගස්වන සුලුයි.  ඒ අවස්ථාවේම පිරිස සංවිධානය වුනා. පුරපතිවරයා සිය මිතුරු පිරිසකට කතා කළා. කිරිකැටි පුංචි එකාට කොට් ෂීට් එකේ ඉඳන් අවශ්‍ය සියලුම දේ පැයක් ඇතුළත සම්පාදනය වුනා.  පොඩි එකාට විතරක් නොවෙයි. අම්මට ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයුනා. කිරි දෙන අම්මා කෙනෙකුට අවශ්‍ය සියලු පෝෂණීය ආහාර, ඇතුළු සියලු දේ සම්පාදනය වුණා.

අනතුරුව මේ යාචක දෙපළ සහ කිරිකැටි ලදරුවා නගර සභාවෙ නිවසක තාවකාලිකව ලැගුම් දුන්නා.

ගම්පහට දැන් අනෝරා වැස්ස. මේ කිරිකැටියාගෙ ජීවිතේ ඒ මහා වැස්සට හේදිලා යන්න ඉඩ තිබුණා. ඒත් තවමත් අපි අතර මනුස්සයො ඉන්නවා.  මේ දරුවගෙත් අම්මගෙ හා තාත්තගෙ අනාගය වෙනුවෙනුත් සැලසුමක් ඒ මිනිස්සු සකස් කරාවි.

ගම්පහ පුරපති එරංග සේනානායක.  ඔහු වටා ඉන්න නගර සභා සේවක පිරිස ඇතුළු මිතුරු පර්ශදය කියලා දුන්නෙ දේශපාලනයට,  ජාති ආගම් කුල භේදයන්ට වලංගු නොවන මනුස්සකමක කතාවක්.

ස්තුතියි මහත්වරුනි… හිතට හොඳටෝම දැනුනා….

නිවසට අවශ්‍ය මූලික බඩු සපයමින්…

 

Share69Tweet43
Previous Post

දිස්ත්‍රික්ක 11ක තද වැසි… ඇතැම් පෙදෙස්වලට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂා පතනයක්…

Next Post

SSPලා තිදෙනෙක් DIGලා වෙති

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.