ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් හා මූල්‍ය විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පී.අම්පාලවිල, පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ සමන්ත සිල්වා සහ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක සෙනෙවිරත්න යන තිදෙනා මෙසේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.
පී. අම්පාවිල මහතා බස්නාහිර පළාත් අපරාධ විමර්ශන අංශ ප්‍රධානියා ලෙසත්, සමන්ත සිල්වා මහතා පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ ලෙසත් පත්කර ඇති අතර ජනක සෙනෙවිරත්න මහතා රාජ්‍ය බුද්ධි සේවයේම තැබීමටත් පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.