බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

මහාවංසය හෙළි කරන පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර නගර සැලැස්ම

by editor
අගෝස්තු 23, 2020 - Updated on අගෝස්තු 25, 2020
in සංස්කෘතිය
පණ්ඩුකාභය හා ස්වර්ණපාලී හමුවීම - ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි.  අන්තර්ජාලයෙන් උපුටා ගැනුණි...

පණ්ඩුකාභය හා ස්වර්ණපාලී හමුවීම - ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි. අන්තර්ජාලයෙන් උපුටා ගැනුණි...

Share on FacebookShare on Twitter

නිරෝධා චන්ද්‍රමාලි –


මූලාශ්‍රගත තොරතුරුවලට අනුව ලංකා ඉතිහාසයේ මුලින් ම සඳහන්වන වැදගත් ම නගරය අනුරාධපුරයයි.   මහාවංශයේ සඳහන් වන ආකාරයට අනුරාධපුරයේ ජනපදයන් පිහිටුවීමේ ඉතිහාසය ශ්‍රී ලාංකේය රාජාවලියේ මුල්ම රජු වශයෙන් දක්වන විජයගේ ඇමතියෙකු දක්වා දිවෙයි. ඔහු විසින් වර්තමානයේ මල්වතු ඔය නමින් හැඳින්වෙන කදම්භ නදිය අසළ අනුරාධගාම නමින් ගමක් ගොඩනැගූ බව මහාවංශයේ සඳහන් වේ . (මව.7:43)
විජයගෙන් අනතුරුව රජ පැමිණි පඬුවස්දෙව් රජ සමයේ දී ඔහුගේ මස්සිනා වූ අනුරාධ නම් කුමරෙක් එහි ම ජනපදයක් කොට, වැවක් තනවා, මාලිගයක් ද කරවා එහි විසූ බව ද මහාවංශයේ සඳහන් වේ . (මව.9:11) එහෙත් ඔහුගේ බෑනා වූ පණ්ඩුකාභය, රාජ්‍යත්වය අත්කර ගැනීම නිසා මාලිගය ද ඔහුට ම පවරා දී තිබේ. නගරයක් ගොඩනැගීමට අදහස් කළ පණ්ඩුකාභය නැකැත්කරුවකුගේ උපදෙස් පරිදි අනුරාධපුර නම් නගරය නිම කර තිබේ. (මව.10:73-76). ඊට මෙම නාමය යොදන ලද්දේ අනුරාධ නම් දෙදෙනකු මෙහි විසූ නිසාත් අනුරධ නම් නැකැත් යෝගයෙන් නගරය සෑදූ නිසාත් යැයි සඳහන් වේ . (මව.10:76). මුලින් ම මෙම නගරය හඳුන්වා ඇත්තේ අනුරාධගාම නමිනි . ක්‍රි.ව. 1 වන සියවසේ දී ක්ලෝඩියස් ටොලමි ( Claudius Ptolemy) ගේ ලංකා සිතියමෙහි Taprobana “ අනුරොග්‍රමොන් ” ලෙස සඳහන් කිරීමෙන් පැහැදිලි වේ

ටොලමිගේ ලංකා සිතියම

පූර්වෝක්ත සාහිත්‍යමය මූලාශ්‍රගත තොරතුරුවලට අමතරව අනුරාධපුරය ක්‍රි.පූ. 6 වන සියවස තරම් අතීතයේ දී ද ජනාවාසව තිබූ බවට ඇතුල්නුවර ගෙඩිගේ කැණිමෙන් හමු වූ අක්‍ෂර සහිත වළං කැබලිති වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය .
අනුරාධපුර ඇතුල්නුවර ගෙඩිගේ කැණීමෙන් හමු වූ අක්‍ෂර සහිත වළං කැබලිති කෙසේ වෙතත් ක්‍රි.පූ. 377 – 307 අතර කාලයේ දී රජ පැමිණ පණ්ඩුකාභය රජු විසින් ගොඩනඟන ලද අනුරාධපුර නගරය ක්‍රමානුකූල සැලැස්මක් පදනම් කොට ගෙන බිහි කරන ලද විශිෂ්ඨ නාගරික සැලසුම්කරණයක ලක්‍ෂණ විද්‍යමාන කෙරෙන්නක් බව ඒ පිළිබඳව මහාවංශයේ සඳහන් විස්තරයෙන් පැහැදිලි වේ . ( මව.10:73-1).

ශ්‍රී ලංකාවේ මුල් ම අගනගරය අනුරාධපුරයයි . සියවස් ගණනාවක් මුළුල්ලේ වර්ධනීය වූ ආරාමීය පරිශ්‍රයන්ගෙන් හා නගරාංගයන්ගෙන් සමන්විත මෙම නගරයේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් විශාල දැනුම් සම්භාරයක් ලබාගත හැකිය. කෙසේ වෙතත් ක්‍රි.පූ. 4 වන සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය මනා සැලැස්මක් අනුව සංවිධානය කළ බවට මහාවංසයේ සඳහන් වන තොරතුරු ලක්දිව බුදු සමය ස්ථාපනය වීමට සියවසකට පමණ පෙර විශිෂ්ඨ නාගරික සැලසුම්කරණය පිළිබඳව සාධක හෙළිදරව් කරයි. පණ්ඩුකාභය රජුගේ යථෝක්ත අනුරාධපුර නගර සැලසුම්කරණයේ විශේෂතා විමසා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ

මෙම අධ්‍යයනය ප්‍රධාන වශයෙන් ම සාහිත්‍යමය මූලාශ්‍රගත තොරතුරු මත පදනම් වූ අධ්‍යයනයකි. ඒ අනුව මේ සඳහා ප්‍රධාන වශයෙන් පාදක කරගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාහිත්‍යමය මූලාශ්‍රයක් වන මහාවංසයයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

ක්‍රි.ව 4 වන සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය සඳහා භාවිත සැලසුම්කරණ ක්‍රමවේදය නාගරික සැලසුම්කරණ ඉතිහාසයේ මනාව සංවිධිත සැලැස්මක් බවට මහාවංශයෙහි 10 වන පරිච්ජේදයෙහි එන අදාළ විස්තරයෙන් සනාථ වේ.

එම තොරතුරු විමර්ශනය කිරීමේ දී පණ්ඩුකාභය නගර සැලැස්මෙහි වූ විශේෂතා කීපයක් හඳුනාගත හැකිය .

01 . ආගමික සහජීවනය තහවුරු වන පරිදී සැලැස්ම සංවිධානය කිරීම .

පණ්ඩුකාභය රජ සමය තුළ දී විවිධ ඇදහිලි විශ්වාස මත පදනම් වූ සාමායික පසුබිමක් පැවති අතර පණ්ඩුකාභය රජු සිය නගර සැලැස්ම තුළ ඒ සියලු ම දෙනාට දෙවොල් සඳහා නිශ්චිත ස්ථානයක් වෙන් කර දී තිබේ. එය පහත පරිදි ය .

පහත සටහනින් එම දෙවොල්වල පිහිටීම පිළිබඳව දළ අදහස් ඉදිරිපත් කළ හැකිය .


මේ අනුව මෙම විවිධ ඇදහිලි විශ්වාස කොටගත් දෙවොල්වලින් බහුතරයන්ට නගර දොරටු ආශ්‍රිතව ස්ථාපනය කර තිබූ බවට පැහැදිලිය. නගරය තුළ දෙවොල් දෙකක් පමණක් පිහිටුවා තිබූ අතර ඒ අවස්ථාව නිමා වී තිබුණත් වළවාමුඛි යක්‍ෂණියට හා චිත්‍රරාජ යක්‍ෂයාට පමණි. මෙම චරිත දෙක හා පණ්ඩුකාභය රජු අතර දැඩි සබඳතාවක් තිබූ බවට සාහිත්‍යමය මූලාශ්‍රවලින් හෙළිවන බැවින් එම සමීපතාව ඔවුනට දෙවොල් සඳහා ලබා දී තිබූ ප්‍රමුඛතාවයෙන් පැහැදිලි ය. එසේ ම පූර්වෝක්ත යක්‍ෂ ඇදහිලිවාදයට අමතරව සමකාලීනව ද මෙම නාගරික ව්‍යුහය තුළ අවකාශ සලසා දී ඇත්තේ පහත පරිදි ය .
1) තාපසාරාම – (උතුරු පැත්තෙහි ගාමිණි වැව දක්වා ප්‍රදේශය)
2) ජෝතිය නිගණ්ඨාරාමය, ගිරි නිගණ්ඨාරාමය, වෙනත් ශ්‍රමණයින්, කුම්භාණ්ඩ නිගණ්ඨාරාමය                      ( සෙහොන් බිමට නැගෙනහිරින්)
3) පරිබ්‍රාජකාරාමය – (ජෝතිය නිගණ්ඨාරාමය හා ගැමුණු වැව අතර)
4) මිත්‍යා දෘෂ්ටිකයින් 500ක් සඳහා – (කුම්භාණ්ඩ නිගණ්ඨාරාමයට නැගෙනහිරින්)
5) ආජිවකාරාමය, සොත්ථ’ශාලාව, සිවිකාශාලාව,  ආශිර්වාදශාලාව (නිශ්චිත ස්ථාන වෙන් කළ ද පිහිටීමක් දක්වා නැත )

තාපසාරාම හා නිගණ්ඨාරාමවල පිහිටීම

02 . විවිධ ජන කොටස් සඳහා නිශ්චිත වාසභූමි ලෙස වෙන් කිරීම.

සමකාලීන සමාජයෙහි පහත් යැයි සම්මත වෘත්තීන්හි නිරත වූ කුලහීන ලෙස සම්මත වූ ජන කොටස් සඳහා අනුරාධපුර නගරයෙහි නිශ්චිත වාසභූමි වෙන් කිරීම පණ්ඩුකාභය රජුගේ නගර සැලැස්මෙහි තවත් විශේෂතාවයකි . එම වාසභූමි වෙන් කරන ලද්දේ පහත පරිදි ය .

1 ) නගරශෝධක (500) , වර්චස්ශෝධක (22), සැඩොල් මිනිසුන් (22), මළමිනී බැහැර ගෙනියන්නන් (150) සොහොන් පාලක සැඩොලුන් (150) – මෙම ස්ථාන පිහිටා තිබුණේ නාගරික සුසානයට වයඹ දිගින් (සුසාන පිහිටා තිබුණේ බටහිර   වාහල්කඩ සමීපයේ ය)

2 ) වැද්දන්ගේ නිවාස – සුසානයට උතුරු දෙසින්

03 . සුසාන භූමි සඳහා නිශ්චිත ස්ථාන වෙන් කිරීම .
පණ්ඩුකාභය නගර සැලැස්ම තුළ සුසාන භූමි දෙකක් විය . ඉන් ප්‍රධාන සුසාන භූමිය පිහිටා තිබුණේ නගරයේ බටහිර වාහල්කඩ ආශ්‍රීතව ය . අනෙක් සුසාන නීච සුසාන නම් විය . එය කුලහීන ජනයා වෙනුවෙන් වෙන් වූවකි . එය පිහිටා තිබුණේ සැඩොල් ගමට වයඹ දිගිනි . දංගෙඩිය (හිස ගසා දමන ස්ථානය) හා වධකාගාරය පිහිටා තිබූණේ ප්‍රධාන සුසාන සමීපයෙහි ය .

මේ අනුව මෙම කුලහීන ජනාවාස හා සුසාන ඇතුල් නගරයෙන් බටහිර පාර්ශවයෙහි ස්ථානගත කොට තිබූ පෙනේ .
04 . නගරයේ පරිපාලය සඳහා තනතුරක් ඇති කිරීම .

පණ්ඩුකාභය රජු විසින් නිර්මාණය කරන ලද අනුරාධපුර නගරය පාලනය කිරීම සඳහා නගර ගුත්තික තනතුරක් ද ඇති කර තිබේ . ඒ අනුව වසර 2500කට වඩා පැරණි ඉතිහාසයක් තුළ නාගරික පරිපාලනය සම්බන්ධයෙන් තනතුරක් පැවතීම බටහිර රටවලටත් පෙරාතුව දියුණු නාගරික කලමනාකරණයක් ශ්‍රී ලංකාව සතුව පැවති බවට වැදගත් සාධකයකි.
05 . නගරය තුළ ජල සම්පාදන කටයුතු සම්පාදන කටයුතු ස්ථාපනය කිරීම.
අනුරාධපුරය වියළි කලාපීය දේශගුණයක් පවතින ප්‍රදේශයක් බැවින් වර්ෂාව ලැබෙන කාලසීමාව සීමා වේ . එම නිසා වැසි ජලය එක් රැස් කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ අනුව අනුරාධපුරයේ ප්‍රථම වැව වන අභය වැව පණ්ඩුකාභය රජු විසින් තනවන ලදී . එය වර්තමානයේ බසවක්කුලම වැව ලෙසින් හැඳින්වේ . ඊට අමතරව ජය වැව නමින් ද වැවක් කරවා ඇත.

basawakkulama
අභය වැව – ( බසවක්කුලම වැව )

වර්තමානයේ නාගරික සැලසුම්කරණය ඉතා සංවර්ධිත මට්ටමක පැවතිය ද වසර 2400 කට වඩා ඉහත දී ඒ හා සමාන විධිමත් සැලසුම්කරණ කරන ක්‍රමවේදයක් පැවති බවට පණ්ඩුකාභය රජුගේ නගර සැලසුම් ප්‍රබල සාධකයකි . සමකාලීන සමාජ , ආර්ථ’ක හා සංස්කෘතික පසුබිම යටතේ ගොඩනැඟූ එම සැලැස්ම තුළ සෑම ආගමික පූජාවක් ම වත්සිරිත්, පුදපූජා පවත්වා ගෙන යෑම සඳහා දෙවොල් හා තාපසාරාම , නිගණ්ඨාරාම ඉදි කිරීමත් විවිධ ජන කොටස්වලට වාසභූමි වෙන් කිරීමත් දැකගත හැකිය . එසේ ම ඒ වනවිට පැවති සමාජ ස්තරායනය අනුව කුලීන හා කුලහීන ජනතාව වෙනුවෙන් සුසාන වෙන් කිරීමත් කැපී පෙනේ . නගරයේ පරිපාලනය වෙනුවෙන් නගර ගුත්තික තනතුරට ද බිහි කරමින් සමකාලීන සමාජය පිළිබඳ මනාව අවබෝධයකින් පසුව බිහි කර ඇති පණ්ඩුකාභය රජුගේ නගර සැලැස්ම විශිෂ්ඨ ඓතිහාසික නාගරික සැලසුම්කරණයක් ලෙස පෙන්වා දිය හැකිය

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මව සමග නිදා සිටි අවුරුදු 4 1/2 දැරියක් අලුයම පැහැරගෙන…

Next Post

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි අද දිසා ලේකම් කාර්‍යාල වෙත

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.