fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

තුමුල බලැති පින්සාර ගිජිඳු දැයෙන් සමු ගනිති!

මාස 4ක් ago
in සංස්කෘතිය
488 5
0
Share on FacebookShare on Twitter

ජාතියේ තේජසත් අධ්‍යාත්මික ජීව ගුණයත්  එක පැහැර ප්‍රකාශ කළ තුමුල බලැති උත්තුංග හස්ථි රාජයා වූ නැදුන්ගමුවේ ඇත් රජු ජාතියම කම්පා කරමින් දැයෙන් සමුගත්තේය.

හස්ථිරාජ තෙමේ අද ජීවිතයෙන් සමුගත් නැදුන්ගමුවේ ඇත් රජු දේවත්වයේ ලා සලකන්නට  අපේ ගැමියෝ නිරායාශයෙන්ම හුරු වී සිටියහ.

දශක එක හමාරක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා කරඬුව වැඩම වූ උත්තම පුණ්‍ය කර්මය කළ නැදුන්ගමුවේ හස්තිරාජයා  ජීවත්  දැඩි සැලකිලි සහ රැකවරණය මැද්දේය.

දිවිගමනට සමුදෙන විට නැදුන්ගමුවේ හස්ති රාජයා හැට අට විය පසුකර තිබිණි. ඇත් රජු පසුගිය දළදා පෙරහරේ ද කරඬුව වැඩමවූහ. ඒ සඳහා අත් රජු නැදුන්ගමුවේ සිට වැඩම කරන්නේ පා ගමනෙනි.  මේ දීර්ඝ ගමනට විශේෂ ආරක්ෂාව සැලසිනි. නවාතැන්පල සැකසිනි.

මග දෙසපස රැඳි සුවහසක් බැතිමතුන්    ඇත් රජුන් වන්දනා කරනු දුටු මතක මාස කීපයට පෙර අතීතයට ගියත් සිහි කර ගත හැකිය.

නැදුන්ගමුවේ ඇත් රජුන් උපදින්නේ වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූරයෙහි ය   ඉන්දියානු දළ ඇතෙක් වන නැදුන්ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ  කෘතගුණ සැලකීමකට ලැබෙන ත්‍යාගයක් ලෙසය.

මයිසූර්හි මහරාජාගේ  ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන්  ප්‍රසාදිතව   පිළියන්දල – නීලම්මහර විහාරබිමෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන් වහන්සේට මයිසූර් මහරාජා විසින් ඇත් පැටවුන් දෙදෙනෙක් පූජා කළ බවත්  ඉන් එක් අයෙක් වන්නේ නැදුන්ගමුවේ හස්ථි රාජයා බවත්  සඳහන්ය. අනෙක් ඇත් පැටවා මේ වනවිට ජීවිතය හැර ගොස් ඇති ගංගාරාමයේ නවම් හස්ථි රාජයාය. ඇත් පැටවු මෙරටට රැගෙන එන්නේ වර්ෂ 1958 දී ය. ඒ වනවිට නැදුන්ගමුවේ ඇත් රජුගේ වයස අවුරුදු 05කි.

1978 වසරේ දී එවක ප්‍රසිද්ධ ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයේ ධර්මවිජය වෙද රාළහාමි එනම්, වර්තමානයේ ඇත් රාජයාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ පියා විසින් හස්ථි රාජයාගේ හිමිකම තමන් සන්තක කර ගෙන තිබිණි.

එතැන් සිට මෙම හස්තිරාජයා හැදී වැඩුනේ නැදුන්ගමුවේය.  ඇත් රජුන් දළදා කරඬුව වැඩමවීම සඳහා මාළිගාවේ දේවකාරියට එක් වන්නේ වර්ෂ 2005 දීය. ඒ වනවිට කරඬුව වඩම්මවන ලද හස්ථියාගේ රැහැන්පට  සද්දන්ත නැදුන්ගමුවේ ඇත් රජුට ගැලපුනේ නැත. ඒ නිසා එම රැහැන් ඇතුළු උපකරණ අළුතින් තැනවීමෙන් පසු, වර්ෂ 2006 සිට දළදා කරඬුව වැඩම කරවීමේ උත්තුංග කාර්යය නැදුන්ගමුවේ ඇත් රජු විසින් පවරා ගත්හ.

පසුගිය ඇසළ පෙරහරේ කරඬුව වැඩමවීම සඳහා කළ පා ගමන ඇත් රජුගේ ජීවිතයේ අවසන් පෙරහර ගමන වී තිබිණි.  දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල පැවසුවේ ඇත් රජුන් යම් දුර්වල සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කළ බැවින් දළදා පෙරහරින් පසු දින ගණනාවක් මාළිගා පරිශ්‍රයේ නවත්වාගෙන කළ යුතු උතුම් සත්කාර සියල්ලම සිදුකිරීමෙන් පසු නැදුන්ගමුවට පිටත් කර එවූ බවය.

පසුගිය දින කීපය තුළ හස්ථි රාජයා සුළු අසනීප තත්වයකින් පෙළෙමින් සිටියත් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මෙපමණ ඉක්මනින් මුහුණ දෙනු ඇතැයි කිසිවෙක් විශ්වාස කර නැත.

මේ තරම් ගෞරවයට හා වන්දනාවටත් ලක්වීමේ වාසනා ගුණය සහිත වූ  මේ උතුම් ඇත් රජු නිර්වාණයෙන්ම සැනසෙනු ඇති බව විශ්වාසය.

දෑසේ කඳුළු පුරවාගෙන  නැදුන්ගමුවේ ඇත් රජු කළ අවසන් දළදා වන්දනාව පහතින්…

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

අපි කරන දේ හෙට ජනාධිපතිවරයාගේ  රැස්වීමෙදි තීරණය වෙයි… මෛත්‍රී විමල්ට සහ උදයට කියයි!

Next Post

යුද කටයුතු සදහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මුලතිව් යුවලක් අත් අඩංගුවට…

Related Posts

වංසකතා හෙළි කරන මහින්දාගමනයේ අසිරිය…

ජූනි 20, 2022

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022
1957 දී දැලිවලින් සොයා ගත් පෞරාණික දාගැබ් ආකෘතිය සම්බන්ධව කියැවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වූ එකම කරඬුව.. අද එය හොරු අරගෙන...

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

පෙබරවාරි 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist