බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

තුමුල බලැති පින්සාර ගිජිඳු දැයෙන් සමු ගනිති!

by editor
මාර්තු 7, 2022
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ජාතියේ තේජසත් අධ්‍යාත්මික ජීව ගුණයත්  එක පැහැර ප්‍රකාශ කළ තුමුල බලැති උත්තුංග හස්ථි රාජයා වූ නැදුන්ගමුවේ ඇත් රජු ජාතියම කම්පා කරමින් දැයෙන් සමුගත්තේය.

හස්ථිරාජ තෙමේ අද ජීවිතයෙන් සමුගත් නැදුන්ගමුවේ ඇත් රජු දේවත්වයේ ලා සලකන්නට  අපේ ගැමියෝ නිරායාශයෙන්ම හුරු වී සිටියහ.

දශක එක හමාරක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා කරඬුව වැඩම වූ උත්තම පුණ්‍ය කර්මය කළ නැදුන්ගමුවේ හස්තිරාජයා  ජීවත්  දැඩි සැලකිලි සහ රැකවරණය මැද්දේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිවිගමනට සමුදෙන විට නැදුන්ගමුවේ හස්ති රාජයා හැට අට විය පසුකර තිබිණි. ඇත් රජු පසුගිය දළදා පෙරහරේ ද කරඬුව වැඩමවූහ. ඒ සඳහා අත් රජු නැදුන්ගමුවේ සිට වැඩම කරන්නේ පා ගමනෙනි.  මේ දීර්ඝ ගමනට විශේෂ ආරක්ෂාව සැලසිනි. නවාතැන්පල සැකසිනි.

මග දෙසපස රැඳි සුවහසක් බැතිමතුන්    ඇත් රජුන් වන්දනා කරනු දුටු මතක මාස කීපයට පෙර අතීතයට ගියත් සිහි කර ගත හැකිය.

නැදුන්ගමුවේ ඇත් රජුන් උපදින්නේ වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූරයෙහි ය   ඉන්දියානු දළ ඇතෙක් වන නැදුන්ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ  කෘතගුණ සැලකීමකට ලැබෙන ත්‍යාගයක් ලෙසය.

මයිසූර්හි මහරාජාගේ  ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන්  ප්‍රසාදිතව   පිළියන්දල – නීලම්මහර විහාරබිමෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන් වහන්සේට මයිසූර් මහරාජා විසින් ඇත් පැටවුන් දෙදෙනෙක් පූජා කළ බවත්  ඉන් එක් අයෙක් වන්නේ නැදුන්ගමුවේ හස්ථි රාජයා බවත්  සඳහන්ය. අනෙක් ඇත් පැටවා මේ වනවිට ජීවිතය හැර ගොස් ඇති ගංගාරාමයේ නවම් හස්ථි රාජයාය. ඇත් පැටවු මෙරටට රැගෙන එන්නේ වර්ෂ 1958 දී ය. ඒ වනවිට නැදුන්ගමුවේ ඇත් රජුගේ වයස අවුරුදු 05කි.

1978 වසරේ දී එවක ප්‍රසිද්ධ ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයේ ධර්මවිජය වෙද රාළහාමි එනම්, වර්තමානයේ ඇත් රාජයාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ පියා විසින් හස්ථි රාජයාගේ හිමිකම තමන් සන්තක කර ගෙන තිබිණි.

එතැන් සිට මෙම හස්තිරාජයා හැදී වැඩුනේ නැදුන්ගමුවේය.  ඇත් රජුන් දළදා කරඬුව වැඩමවීම සඳහා මාළිගාවේ දේවකාරියට එක් වන්නේ වර්ෂ 2005 දීය. ඒ වනවිට කරඬුව වඩම්මවන ලද හස්ථියාගේ රැහැන්පට  සද්දන්ත නැදුන්ගමුවේ ඇත් රජුට ගැලපුනේ නැත. ඒ නිසා එම රැහැන් ඇතුළු උපකරණ අළුතින් තැනවීමෙන් පසු, වර්ෂ 2006 සිට දළදා කරඬුව වැඩම කරවීමේ උත්තුංග කාර්යය නැදුන්ගමුවේ ඇත් රජු විසින් පවරා ගත්හ.

පසුගිය ඇසළ පෙරහරේ කරඬුව වැඩමවීම සඳහා කළ පා ගමන ඇත් රජුගේ ජීවිතයේ අවසන් පෙරහර ගමන වී තිබිණි.  දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල පැවසුවේ ඇත් රජුන් යම් දුර්වල සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කළ බැවින් දළදා පෙරහරින් පසු දින ගණනාවක් මාළිගා පරිශ්‍රයේ නවත්වාගෙන කළ යුතු උතුම් සත්කාර සියල්ලම සිදුකිරීමෙන් පසු නැදුන්ගමුවට පිටත් කර එවූ බවය.

පසුගිය දින කීපය තුළ හස්ථි රාජයා සුළු අසනීප තත්වයකින් පෙළෙමින් සිටියත් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මෙපමණ ඉක්මනින් මුහුණ දෙනු ඇතැයි කිසිවෙක් විශ්වාස කර නැත.

මේ තරම් ගෞරවයට හා වන්දනාවටත් ලක්වීමේ වාසනා ගුණය සහිත වූ  මේ උතුම් ඇත් රජු නිර්වාණයෙන්ම සැනසෙනු ඇති බව විශ්වාසය.

දෑසේ කඳුළු පුරවාගෙන  නැදුන්ගමුවේ ඇත් රජු කළ අවසන් දළදා වන්දනාව පහතින්…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි කරන දේ හෙට ජනාධිපතිවරයාගේ  රැස්වීමෙදි තීරණය වෙයි… මෛත්‍රී විමල්ට සහ උදයට කියයි!

Next Post

යුද කටයුතු සදහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මුලතිව් යුවලක් අත් අඩංගුවට…

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.