සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කිරි පෝය ශාන්තිකර්මය දා ජොරා මරණ බලපිටියේ මැයියෝ…

by editor
ජූලි 10, 2025
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

මේ පෝයට මැයියා අපේ ගෙදර එනවයැ ජොරා මරන්න” යැයි බලපිටියේ අයෙකු සිය මිතුරෙක් ගෙන් අසන විට ⁣ඒ දෙබස අසන ආගන්තුක පිට පලාතක කෙනෙකුට නම් ඇති වෙන්නේ තැති ගැන්වීමකි.  බලපිටිය කොස්ගොඩ පැත්තෙන් ඉඳ හිට ඇසෙන ටී පනස් හය වෙඩි හඬවල් නිසා ඔහුගේ ඒ සිතීම සාධාරණය.(මැයියා යනු බලපිටිය වාසීන් අතර ව්‍යවහාර වන ළබැඳි ඇමතීමකි. මේ ඇමතීමට ගැහැණු පිරිමි භේදයක් නැත)

දකුණු මුහුදු තීරයේ සලාගම කුලයට අයත් ජනතාව විසින් ඇසළ පෝය දින පවත්වන කිරි පෝය ශාන්ති කර්මය බුදු දහම හා දේව වන්දනාව අතර දෝලනය වෙමින් පවත්වනු ලබන සංස්කෘතික ශාන්ති කර්මයකි.මේ සංස්කෘතික ශාන්ති කර්මය කිරිපෝය දානය දෙල් පෝය දානය ශුද්ධ පෝය දානය හා ජොරා මැරීම යනුවෙන්ද සලාගම කුලය අතර ව්‍යවහාර වේ.
ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ ජෑන් ශ්රූඩර් ගේ 1757 – 1762 කාල වකවානුවට අදාල  Selections from Dutch Records of the Ceylon Goverenment No 05 Memories 0f jan Shreuder (ලංකාන්ඩුවේ ලන්දේසි වාර්තා වලින් තෝරාගත් කොටස් අංක 05)ප්‍රකාශනයේ මෙසේ සදහන්ය.
සලාගම කුලයේ මිනිසුන් ලෙස හඳුන්වන්නන් ගේ පැරැන්නන් කොරමැන්ඩල් වෙරළාසන්නයෙන් මෙහි පැමිණ රෙදි වියන්නන් ලෙස වැදගත් සමාජ ස්ථාරයක සිටි ජන කොට්ඨාශයකි.1750 වර්ෂයේ මුස්ලිම් වෙළෙන්දන් විසින් මොවුන් හත් දෙනෙකු ගෙන එනු ලැබ රාජ සභාවේ අනුදැනුම සිය හස්ත කර්මාන්තයේ යෙදෙමින් වාසය කළෝය.නොබෝ කලකින් ඔවුන්ගේ පිරිස වර්ධනය වුණේය.කලකට පසුව රජතුමාගේ අප්‍රසාදයට ලක් වූ ඔවුන් පහත් කුලයක ලෙස නම් කරනු ලැබ කන්ද  උඩරටින් පහත රටට ⁣නෙරපා හරිනු ලැබුණි.එසේ 1380 වර්ෂයේ පහත රටට පැමිණි ඔවුන් කෝට්ටේ රජතුමාගෙන් ලැබුණ ගම්වල වාසය කෙරුවෝය.ඒ ගම්බිම් පරිහරණය වෙනුවෙන් ඔවුන් විසින් රජතුමාට දැකුම්පෙණුම් දිය යුතු විය.මේ තත්වයද වැඩි කල් නොතිබුණේය.අකෘතඥකම් හේතුවෙන්ද වෙනත් නොමනා කම්ද නිසා කෝට්ටේ රජුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීමෙන් 1406 වර්ෂයේදී කෝට්ටේ රජු   ඔවුන්ට දඬුවමක් ලෙස කුරුඳු තැලීමට නියෝග කෙරුවේය.ඊට පෙර කුරුඳු තැලීම සිඳු කරන ලද්දේ මෙරට වෙනත් කුල වල ස්වදේශිකයන් විසිනි.එවක් පටන් ඔවුන් කුරුදු තැලීමේ කාර්යයේ නිරත වූ ඔවුන් රජුගෙන් කිසියම් සහනයක් ලද කිහිප දෙනෙක් කුලී කාරයන් ලෙස නම් කරන ලදී.තදබල චෝදනාවලට ලක් නොවූ අයගෙන් කිහිප දෙනෙක් පමණක් ඔවුන්ගේ ප්‍රධානීන්  ලෙස දු⁣රෙයා ලෙස පත් කරන ලද අතර මොවුන් සුළු ජන ප්‍රධානියෙකුගේ තත්ත්වය ඉසිලූහ.මෙරටට පැමිණි පෘතුගීසීන් මේ මිනිසුන් රාජ නියෝගයකට යටත් කරගෙන සිටින්නවුන් බව දැන ගෙන කුරුදු තැලීම ඔවුන් ලවා දිගටම කරවාගෙන ගියෝය”
සලාගම කුලය උප කුල වලින්ද සමන්විතය.මේ කුලය උප කුල වලට බෙදීම පෘතුගීසින් ගේ හා ලන්දේසින් ගේ බලපෑම මත සිදුවූ බව සිතා ගන්නට පුළුවන.එසේ උප කුල වූයේ
පනිවුඩකාර
හේවා පන්න
කුරුදුකාර
උල්ලියක්කාර
විසිවන සියවස මැද භාගය වන විට පණිවුඩකාර හා උල්ලයක්කාර උප කුල දකින්නට නොලැබේ.හේවාපන්න හා කුරුදුකාර උපකුල දෙක පමණක් සමකුල විවාහ කර ගනිමින් සමාජ සම්බන්ධතාද සංවෘත කුල සීමාවන් තුළ මෙතෙක් පවත්වාගෙන ආ නමුත් මේ වන විට එම සීමාවන්ද සමාජ තුළ විවෘත වෙමින් පවතී.
සලාගම කුලයේ සාමාජිකයන් ඔවුන් හඳුන්වන්නේ තමන් බ්‍රහ්මණ වංශිකයන් ලෙසය.දකුණු ඉන්දියාවේද සාලියර් නම් කුලයක් වේ.කුල ක්‍රමය ඉන්දීය දායාදයක් වන අතර බ්‍රහ්මන් මිනිසා මැවීමේදී බ්‍රහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය හා ශුද්‍ර ලෙස මැවූ බවද පංචම නමින් අස්පර්ශනීය කුලයක් පැවැති බවද ඉතිහාසයෙන් අනාවරණය කර ගත හැකිය.සලාගම කුලය බ්‍රහ්මණයන්⁣ට ඥාතිත්වයක් පැවැති බව සඳහන්ය.සලාගම කුලයේ කොඩියෙන් නිරූපනය වන්නේ පළමුවන විජයබාහු  රජුගේ මෞලි මංඟලයට මෙරටට පැමිණි සලාගම බ්‍රහ්මණයන් හත් දෙනකු  පිළිබඳවය.හෙළ දිව බමුණු වත නම් ග්‍රන්ථයේ සදහන් වන ආකාරයට එම බමුණන් සත් දෙනා මෙරටට ගෙන්වා ගැනීමේ රාජකාරිය රජු පවරන්නේ බේරුවල ගොරොක්දූව පෙරිය මුදලි මරික්කාර් නම් මුසල්මානු ව්‍යාපාරිකයෙකුටය.ඔහු ශාලි ග්‍රාමයට ගොස් නන්බුදිරි,කප්පින,වීරසිංහ,
වීරක්කොඩි,ඉදිරිමුණි,වලිමුණි,එදිරිසිංහ නම් බමුණන් මෙරටට කැඳවා ගෙන ඒමෙන් අනතුරුව මේ බමුණන් රාජභිෂේකය උසස් අන්දමකින් සිඳු කිරීමෙන් පසුව රජු විසින් ඔහුන් හට  තාන්න මාන්න ගම්බිම් හා වරප්‍රසාද දී ලංකාවේම පදිංචිකරවා ගත් බව “හෙළ දිව බමුණු වතේ” සඳහන් වේ.මේ බමුණන් පදිංචි කරන ලද ප්‍රදේශය වැලිතර කොස්ගොඩ ,මාදම්පේ යනුවෙන්ද එහි දැක්වේ.මේ ප්‍රදේශයේ පුරාණයේදී වැලිතොට යනුවෙන් හදුන්වන ලද අතර වර්තමානයේ බළපිටිය ලෙස හැඳින්වේ.
සලාගම කුලයේ සාමාජිකයන් සටනට බර සෘජු හා දැඩි තීරණ ගන්නා එසේම වේගයෙන් හා වැඩි ශබ්දයකින් රිද්මයානු කූල කතා බහ කරන පිරිසක් ලෙස ලේබල්කරණය වී ඇත.”හාලි හාද කං සදාකාලිකං” යනුවෙන් කියවෙන්නේ ඔවුන් හා පවත්වනු ලබන මිත්‍ර කම් නොවෙනස්ව පවතින බවය.
කිරි පෝය ශාන්ති කර්මය පවත්වන්නේ මේ සලාගම කුලයේ අයවළුන්ය.මේ කිරිපෝය ශාන්ති කර්මයේ ආරම්භය ගැන ලිඛිත මූලාශ්‍රයක් නැත.ඇතැම් පැරැන්නන්ගේ අදහස මේ කිරි පෝය උත්සවය සලාගම් කුලයේ ප්‍රධානියකු වූ දේව පතිරාජ නම් සෙනෙවියකු දඹදෙනි යූගයේ දෙවන පරාක්‍රමභාහු රජුගේ කාලයේ මෙරටට පැමිණි⁣ කේරල හමුදාවක් පරාජය කිරීමේ සිට ඇරඹුන බවකි.මේ කේරල හමුදාව මෙරට ගොඩ බැස්සේ වර්තමානයේ බළපිටිය ලෙස හැඳින්වෙන වැලිතොට බව කියවේ.එය සිදත් සඟරාවේ මෙසේ දැක්වේ.
සඳවත සිඳු කියු කුඹුයොන
නම සතුරා
කිවි⁣ සෙවෙත පොද වැලිනි යළ තොගොර
අරුණ කිහෙනිව කෙරළන්ලැ
බැ හුරිරා
පැටිව නොයෙදෙය යුද
පතිරජ දිය ඉසුරා
මේ කවියෙන් කියවෙන්නේ කේරළයන්ගේ ලේ පහරින් වාලුකා නදිය රතු වූ බවය.වැලි නදී යනු බළපිටියේ මාදු නදියට පර්යාය පදයකි.
 
කිරිපෝය ශාන්ති කර්මය දේව පතිරාජ සෙනෙවියාගේ මේ යුද ජයග්‍රහණ සැමරුම ලෙස අදහසක් මත වුවද ඒ සම්බන්ධයෙන් පවතින මත ගණනාවකි.මේ අතරින් කිරි පෝය ශාන්ති කර්මය හා ඉතා සමීපතම මතය ලෙස ගත හැක්කේ ඉන්දි⁣යාවේ පුරාණයේ පැවැත්වෙන “ආෂඨ උත්සවය” මුල් කරගෙන මේ ශාන්ති කර්මය පැවැත්වෙන බවට වන මතයයි. ඇසල උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහි ගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල් කොට උත්සව පැවැත්වීමටත් යොදා ගෙන ඇත.ජාතකට්ඨ කතාවේද පුරානතම ඉන්දියාවේ පැවැති ඇසල පෝය නිමිති කර ගනිමින් පැවැත්වූ  නැකත් සැනකෙළියක් ගැන සදහන්ය.කිඹුල්වත් පුර සතියක් පුරා පැවැති එම සැණකෙලියට සුද්දෝදන මහ රජුගේ අග මෙහෙසිය මහමයා දේවියද සහභාගි වූ බව කියවේ.
කිරිපෝය ශාන්තිකර්මය සලාගම කුලයට සීමා වීමත් එය දෙවියන් විශ්වාස කර ගෙන පැවතෙන්නක් නිසා මෙය ඉන්දියානු ආගමික චාරිත්‍රයක දිගුවක් ලෙස ගැනීම සාධාරණය.මෙර⁣ට ප්‍රථමයෙන් පැමිණි බව පැවසෙන සලාගම බ්‍රහ්මණයන් සත් දෙනාගෙන් පැවතෙන්නන් බෞද්ධ ආගම වැළඳ ගත් නමුත් සිය පාරම්පරික ඇදහීම් අත් හැර නැති බවටද බළපි⁣ටියෙන් සාක්ෂි සොයා ගත හැකිය.ඒ බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් 52 කින් හතලිහකට ආසන්න ග්‍රාමසේවා වසම් තුළ දේවාල පිහිටා තිබේ. බලපිටිය වාසීන් මේ දේවාල හඳුන්වන්නේ “කෝවිල්” නමින් වීමද විශේෂ කරුණකි.
කිරි පෝය ශාන්තිකර්මය කරන නිවස පළමුව සෝදා පවිත්‍ර කෙරේ.ඉන් අනතුරුව දේවාලයට පඬුරු පූජා කරනු ලබයි.ඉන් අනතුරු කිරි බත් පිස ගැනීම සදහා නැවුම් මුට්ටි නිවසට ගෙන එයි.
කිරි පෝය දිනයේ ගෘහය ඉදිරිපිට මල් පැලක් සකස් කෙරේ.
පෝය දිනය උදයේ සිටම ගෘහ වාසීන් නා පිරිසිදු වී පේවී කටයුතු කරනු ලබයි.පිටි කොටා ගැනීම පොල් ගා ගැනීම වරුවේ සිදු කරයි.මේ සියලු ක්‍රියාවන් වලදී කට වරද්දා ගැනීමක් සිදු කර ගන්නේ නැත.වහසි බස් දොඩවන්නේ නැත.සන්ධ්‍ය භාගයේදී කිරි කැකෑරුම් සමග කිරිබත් සකස් කර ගැනීම සිඳු කරයි
එම කිරිබත්  හා කිරියා සකස් ගැනීමෙන් පසුව කෙසෙල් කොල වලින් ගොටුවක් සාදා එහි එම ආහාර ද්‍රව්‍ය බහා පහන් පැලේ තබයි.පඬුරක්ද  සමග මල් සුවඳ දම් පුදා පවුලේ සියලු දෙනා නමස්කාර කරති.
එහිදී⁣ කෙරෙන දේව කන්නලව්ව මෙසේය
“…උතුම් වූ කතරගම ස්කන්ධකුමාර මහාසේන දිව්‍ය රාජේත්මයාණන් වහන්ස අප වෙසෙන ශ්‍රී ලංකාද්වීඵයේ රුහුණු දනව්වට දක්ෂිණ දේශයට බැල්ම හෙලා ගෙන තෙද බල පතුරවාගෙන සිටින අහිංසක අප සියලු දෙනා විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව නොඉඳුල්ව පිරිසිදුව සකසා පූජාකරන මෙම දේව දානය පූජා කරමිපූජා වේවා.අපවෙත අනුකම්පාවෙන් මේ දේවදානයද අපි අනුමෝදන් කරන සියලු සියලු පින් කුසල්ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා.උතුම් දිව්‍ය රාජෝත්මයානන් වහන්ස, අද මේ සුද්දෙ පෝය දවසේ අප පරම්පරා ඥාති සමූහයා විසින් ඈත අතීතයේ සිට ඔබ වහන්සේට ගරු සැළකිලි කරනු වස් සිදු කරනු ලබන මේ උත්තම දේව පූජාව අපිද නොකඩවා පවත්වාගෙන එමින් ඔප්පු කරමු.දෙව් මහා රජානන් වහන්ස,ඔබ වහන්සේ මේ සියල්ල පිළිගෙන ඔබ වහන්සේ දිව්‍ය ශ්‍රී සම්පත් වර්ධනය වී ප්‍රාර්ථනා කියා බෝධියකින් නිවන් සුව අව⁣බෝද කර ගන්නා සේක්වා.
 
උතුම් දිව්‍ය රාජයාණෙනි ඔබ වහන්සේ විසින් අප පවුලේ සියලු දෙනාත් දූ දරු කිරි සප්පයනුත් ගෙවල් දොරවල් හරකා බානද වෙළ හෙළදාම් කර්මාන්තද ඉඩ කඩම් දෙල් පොල් කොස් ආදී පලතුරු ගස්ද විවිධ ලෙඩ රෝග අතුරු අන්තරා වලින් බේරා ගෙන තව තවත් වැඩ වන්නට අපට ශක්තිය ලබා දෙන සේක්වා.එමෙන්ම අප ගම් කොරටුවද වෙහෙර විහාර පන්සල බෝධියද පැවිදි පිරිසද ගුරුවරුන් හා වැසියන් ඇතුළු රුහුණු දනව්වත් මුළු ශ්‍රී ලංකාද්වීපයත් දිවැස් හෙලා රක්ෂා කර දෙන සේක්වා.සාදූ, සාදූ ,සාදු…”
ආහාර ගොට්ට පිදීමෙන් පසු නිවැසියන් සියලුම දෙනා සාලය⁣ට එක් රැස්ව පැදුරක් එලා ගනියි.එතැනද මැටි පහනක් දල්වයි.සකසන ලද කිරි ආහාර සැකසූ බඳුන් එලෙසම එතැනට ගෙන එයි.කිරි ආහාර අනුභව කරන්නේ කෙසෙල් කොල වලය. ගෘහ මූලිකයා කෙසෙල් ⁣කොල වලට කිරි ආහාර බෙදයි.ඒ වැඩිහිටි පිළිවෙලටය.
අනතුරුව තව කෙසෙල් කොලයක් එලා එහි කිරි ආහාර බෙදා මලගිය ඥාතින්ට වෙනුවෙන් වෙන් කරයි.පවුලේ කෙනෙකු එදින එම නිවසේ නැති වුවද ඔහු වෙනුවෙන් කෙසෙල් කොලයක් වෙන් කර එයටද කිරි ආහාර බෙදීම සිදු කෙරේ.කිරි ආහාර අනුභව කිරීමට පෙර තමන්ගේ ආහාර වලින් කොටසක්ද මල ගිය ඥාතීන්ට පූජා කෙරෙන කෙසෙල් කොලයට දැමිය යුතුය.කිරි ආහාර බෙදන විට තමන්ට අවශ්‍ය ප්‍රමාණය හෝ අනවශ්‍ය බව ප්‍රකාශ කිරීම සදහා පවසන්නේ “කරුණාවයි” යන වදන පමණය. කිරි ආහාර අනුභව කරන විට අව කැපෙන වචන කතා කිරීම තහනම්ය.
එදින රාත්‍රියේ තරුණ ගැටයන් ගෙයින් ගෙට ගොස් පහන් පැලේ ඇති කිරි ආහාර සොරකම් කර විනෝදයක් ලබයි.එය ආරක්ෂා කර ගැනීම⁣ට උත්සාහ කරමින් නිවැසියන්  සතුටු වේ.පහන් පැලේ දෙවියන් උදෙසා පූජා කර ඇති කිරි ආහාර සොරකම් කිරීම විනෝද ජනක ආස්වාදය විඳින මෙහෙයුමක් මිස වරදක් ලෙස කිසිවෙක් නොසිතයි.⁣සොරකම් කරන්නන් අතටම හසු වුවද ගහ බැණ ගැනීමක් නැත.එසේ හසු වෙන්නන් පරාජිතයන් ලෙස සැළකේ.
මේ චාරිත්‍රය “ජොරා මරනවා” යනුවෙන්ද හැඳින්වේ. බඩගින්නක් ඇති වූ විට බඩ ජොර ජොර ගානවා යනුවෙන් කියමනක් බස් වහරේ වේ.බඩ ජොර ජොර ගාන්නේ බඩ ගින්නටය.බඩ ගින්න නිවන ආහාර ගැනීම “ජොරා මරනවා” යන්නෙන් අදහස් කරන බව සිතිය හැකිය.
මේ ශාන්තිකර්මය අවසන් වූ රාත්‍රීයේ සිට වේල් තුනක් යන තුරු මස් මාළු කරවල ආදී පිලිහුඩු ලෙස සැළකෙන ආහාර නිවසේ පිසීම කරන්නේද නැත.
ඇතමුන් දෙල් පෝය යන්නෙන්ද ඇසළ පෝය දින පැවැත්වෙන මෙම කිරි පෝය ශාන්ති කර්මය හඳුන්වනු ලබයි.දේව ⁣දානයකදී දෙල් අනිවාර්ය ව්‍යාංජනයක් වීම නිසා මෙසේ හැඳින්වෙන බවට තර්කයකි.⁣එහෙත් එය එසේ නොවෙන බවටද ප්‍රබල අදහස් පවතී.මෙරටට⁣ දෙල් ගෙන එන්නෙ බළපිටිය ප්‍රදේශයේ සිටි ධර්මකීර්ති පිනොස් පෙරේරා අප්පුහාමි නම් වූ සලාගම කුලයේ සෙන්පතියෙකි.මේ සෙන්පතියා ප්‍රෘතුගීසීන් යටතේ බලපි⁣ටියේ සිට හම්බන්තොට දක්වා මුහුද මංකොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කළ සෙන්පතියා වේ.එක් අවස්ථාවක මොහු ගිය යාත්‍රාව දිය වැලකට හසු වී මාලදිවයිනට ගසා ගෙන ගිය බව පැවසේ.ඔහු නැවත ලංකාවට එන විට දෙල් පැල මෙරටට ගෙනවිත් ඇති අතර එහි මුල් පැලය රෝපනය කර ඇත්තේ ගාල්ල පෘතුගීසි කොටුව තුලය.කෙසේ වෙතත් මේ සෙන්පතියා මරණය⁣ට පත් වීමෙන් පසුව සලාගම කුලයේ අයවළුන් අදහන දෙවියකු බවට පත් වී සිටී.ඒ මුත්තා දෙවියන් නමිනි.මුත්තා දෙවියන්ගේ දේවාලය බලපිටිය වැලිතර පිහිටා තිබේ.කිරි පෝය ශාන්ති කර්මයේදී කිරි ආහාර ගොටුව මල් පැලේ පූජා කිරීමෙන් පසුව අතීතයේදී “මුත්තේ කිරි දානෙට වැඩම කරෝ යැයි” කෑගැසීමක් කළ බවද පැරැන්නන් පවසයි.එය එසේ වන්නේනම් කිරි පෝය දෙල් පෝය ලෙස හැඳින්වෙන්නේ මුත්තා දෙවියන්ට ගෞරව කරන්නටද විය හැකිය.
මේ චාරිත්‍රය ඉටු කිරීමේදී කිලි ගැන අවධානයට යොමු කෙරේ කම්මුල් ගාය පැපොල සරම්ප වැනි රෝග වැළදී ති⁣බේ නම් හා අවමංඟලයක්  ඒ නිවසේ තිබුණි නම් මෙය නොපැවැත්වේ.
විමල් අභයසුන්දර කවියා කිරි පෝය ශාන්ති කර්මය ගැන කාව්‍ය නිර්මාණයක් කර තිබේ.
සිහිපත් කරමින් පෙර අසුර සුර යුද
ගම්මානයට පායන විට ඇසල සඳ
වැලිතොට විසූ බමුණන්ගේ ⁣සිරිත⁣ ලෙද
ඇරඹෙයි සුද්ද පෝයට කඳ සුරිඳු පුද
ගේ දොර මිදුල වතුපි⁣ටි සැම කල් ඇතුව
මැනවින් සුපිරිසිදු කොට දැනැමැතිව
කුල දෙවියන් පුදනු සඳහා හද බැතිව
සැරසෙනු සිරිනි කිසි පසු බැස්මක් නැතුව
කළයක් පුරා කරදිිය වගුල බිම
ඉසිමින් කහ දියර අහුමුළු කොනක හැම
පොල්තෙල් පහන් දී අල්ලා සුවඳ දුම
පිළිවෙත් පවත්වති ලෙස කුල සිරිත තම
ගොක් කොළ වලින් මල් පැල අලුතින් සාදා
කිරිබත් ගොටුව වෙසෙසින් තුන් සිත පාදා
දල්වා විලක්කුව ආලෝකය වීදා
දෙවියන් පුදතිි පලමුව ⁣සුද්දෙ පෝදා
සුද්දෙ පෝය ඇසළෙහි පුණු පොහොදාට
පිළිහුඩු නුමුසු කිරිබත සැපයෙහි රෑට
හකුරුද කිරි කැකෑරුම් මුසුවෙයි රෑට
දෙවි පුද මහා ⁣උළෙලෙකි ගැමි ජනයාට
පවතින කතරගම උළෙලට උචිත ලෙස
වතු කොළවල බෙදා කිරිබත හොඳට පිස
වැඩිහිටි පිළිවෙලට නිවසෙහි පිරිමි පස
හිඳගෙන පැදුරු මත පළමුව විඳිති රස
(විමල් අභයසුන්දර 1999 සුදු වැළි තලාවේ ගුම් නැගෙන සෙල් ගී ,කොළඹ ගොඩගේ )
ආගමික විශ්වාසය මානව ප්‍රජාවගේ ජීවන මාර්ගයේ සිතුම් පැතුම් මුදුන් පත් කරවා ගැනීම⁣⁣ට දායක කර ගත්තේ අද ⁣ඊයේ නොවේ.එහිදී ආගමික ශික්ෂා පද ඊට අයත් වන වත් පිළිවෙත් ලෞකිකවත් මරණයෙන් පසුවත් මනුෂ්‍ය ජීවිතය සම්බන්ධීකරණය කරන්නක් බව බොහෝ දෙනා තුළ පවතින විශ්වාසයි.ඒ සියළු ක්‍රියාකාරකම් සමාජය තුළ යාවත්කාලීන වෙමින් පවතින්නේ ඒ බැඳුන සංස්කෘතිමය වටපිටාවක්ද නිර්මාණය කර ගනිමිනි.මේ තුළ විවිධ ආකාරයේ අභිචාර විධි හා විශ්වාසයන් ගොඩ නැගී ඇති බව මේ කිරි පෝය ශාන්ති කර්මය තුළින් තහවුරු කර ගත හැකිය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා බංගලාදේශ විස්සයි 20 තරගාවලිය අද පල්ලේකැලේ දී ආරම්භ වීමට පෙර…

Next Post

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින සහ විස්සයි 20 තරගාවලියක් හදිසියේම අගෝස්තු මැද දී සැලසුම්වන ලකුණු…

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.