ඉන්දියාවේ බංග්ලාදේශ සංචාරය කල් දැමීමත් සමඟ, අගෝස්තු මැද භාගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත ඕවර තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි.
ජූලි-අගෝස්තු මාස සඳහා මුලින් සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය කල් දැමීම ශ්‍රී ලංකාව සඳහා දින දර්ශනය තවදුරටත් පැහැදිලි කර ඇති අතර, කණ්ඩායම් දෙකටම ලබා ගත හැකි දුර්ලභ අවස්ථාවක් ලබා ගැනීම සඳහා දෙරටේ ක්‍රිකට් පරිපාලනයන් ධානාත්මක ප්‍රයත්නයක නිරත වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති අතර, මූලාශ්‍රවලින් පෙනී යන්නේ මණ්ඩල දෙකම කෙටි ද්විපාර්ශ්වික තරගාවලියක ශක්‍යතාව ගවේෂණය කරමින් සිටින බවය. මේ තරගාවලියට බොහෝ විට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් විය හැකිය.
නිල තරග සැලසුම් අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණේ නැත. දෙපාර්ශ්වය අවසන් වරට 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේදී මුණගැසුනහ. එහිදී ඉන්දියාව විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය දිනා ගත්තේය.
මේ වනවට ඉන්දියාවේ අවධානය යොමු වී තිබුණේ ඉන්දියා – බංග්ලාදේශ තරගාවලිය කෙරෙහිය. එය දැන් කල් දමා ඇත. ශ්‍රී ලංකාව අගෝස්තු අග භාගයේදී සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය. එම තරගාවලිය අගෝස්තු 29 වන දින ආරම්භ වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිත ඉන්දීය තරගාවලියක් සඳහා සුදුසුම කාල පරිච්චේදය අගෝස්තු මැද භාගය බව පෙනී සේ තිබේ.







