fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

අවුරුද්ද සරසන කැවුමේ  රස කතාව!

editor by editor
අප්‍රේල් 14, 2023
in සංස්කෘතිය
0
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. මේ කාලයේ දි කෝඳුරුවෝද රැං පිටින් නිවෙස්වලට ඇදි එති. කෝඳුරුවන් කැවුම්වලට ඇදි එම වැලැක්විම සඳහා සිංහල ගැමි ලියන් කොඳුරුවන්  සඳහා වෙනම කොඳුරු කැවුමක් නිවසේ එල්ලා තබයි.

කැවුම් ඉවිම සඳහා තෙල් වලං ලිපේ තියා මුලින්ම සාදනු ලබන කැවුම කෝඳුරු කැවුම ලෙස නම්පට බැදිතිබේ. අන්තිමට සාදනු ලබන කැවුම හැඳින්වෙන්නේ  දිය කැවුම යනුවෙනි.

කැවුම් පිසීම

සැබවින්ම  සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩිවශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොළොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

RelatedPosts

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

සියවස් දෙකකට පෙර වැටුණු “දළදා වැස්සේ”  ඇසින් දුටු සාක්ෂිය!

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැත. ඉංග්‍රීසීන් ගේ පැමිණීමත් සමග අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇත.

කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යැයි රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි. සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය.

“ඔවුන්ගේ රස කැවිලි විවිධය ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති. ඕලන්ද කාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌ද? යි ඇසුවේලු.”

කොණ්ඩා කැවුම්…

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැනද රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි.

“අග්ගලා නමින් තවත් අලූමුසුවක්‌ වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්‌, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙති. අග්ගලා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.”

මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක්‌ පා ගමනින් යා යුතු නිසා අතර මගදී ආහාර සොයා ගැනීමද අපහසුය. මේ නිසා අග්ගලා සාදාගෙන යැමේ පුරුද්දක්‌ ඇතිවිය.

අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි.  අග්ගලාව සිංහල ගැමියාට බෙහෙවින් පිහිට වන්නේ වන්දනා ආදි ගමන් බිමන් යාමේ දිය. “ගනේ ගිල්ල අලියට පිලිමේ අග්ගලාවක්ලු” යනුවෙන් කියමනක්ද  ජනවහරේ අසන්නට ලැබේ. ඉන් කියවෙන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකු ගිලපු අලියෙකුට  පිළිමයක් ගිලිම එතරම් අපහසු කටයුත්තක් නොවන බවය.

එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට්‌ නොක්‌ස්‌ගේ සිත්ගත් තවත් කැවිලි වර්ගයකි. යක්‌පැට්‌ය. අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභය. මෙය නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවතියේය.

හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන යක්පැටිය රස අහරකි. “හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්‌ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක්‌ වූ මෙය බුදිනවිට හකුරු සමග සුදු පාන් කන බවක්‌ හැඟෙන්නේය. “

යක්‌පැට්‌ ගැන රොබට්‌ නොක්‌ස්‌ එසේ සඳහන් කොට තිබිණි. ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්‌පැට්‌ පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේද යක්‌පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්‌ටෝරු කවියෙන් මෙසේ දක්‌වා ඇත.

අග්ගලා කොමලී නා

තල කැරලි විළ දී නා

මල් කැවුම් රොට්‌ යෙ නා

වෙල්ල වැසිමුත් ත නා

පුලුබී බෝජන තනා

ලාලු යක්‌ පැට්‌ යෙනා

කිරි උණ්‌ඩ පු තනා

අක්‌සුණු ද ඉසි මිනා

එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්‌නට ඇත. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොටි, වෙල්ල වැහුම් පුලුබි, බෝජන ලාලු යක්‌පැටි, කිරි උණ්‌ඩ ඒ කැවිලි වර්ගයන්ය. කැවිලිවර්ග අතුරින් අතිරසද ඉතා මිරිහි කෑමක්‌ බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධය. “අතිරස තිත්ත රසයි පැමිණි දුක්‌ පැණි රසයි” යනුවෙන් කියා ඇත්තේද ඒ නිසාය.

අවුරුදු කැවිලි මේසයක්…

නා නා මාදිලියේ කැවිලිවර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි.

වළස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ද ඇත්තේය. එවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි. නාරං  ගෙඩියක් තරමට ගුලියක් තනා ඒ තුලට පැණි පොල් කැවීමෙන් සාදන නිසා  නාරං කැවුම් ලෙස නම්පට බැදි ඇත්තේය.

එමෙන්ම අතේ නොවඩා හැන්දෙන්ම තෙලට දමා සදාගනු ලබන කැවුම් හඳුන්වන්නේ  හැඳි කැවුම් කියාය. උඩරට පළාතේ අච්චු කැවුම්  නමින් කැවිලි වර්ගයක් හැඳින්වෙන අතර  එවා මුරුක්කු යනුවෙන්ද හැඳින්වේ.

කොණ්ඩයක් මෙන් උඩට නෙරාගිය කොටසින් යුතු කැවුම කොණ්ඩ කැවුම්ය. කොණ්ඩයක් නැති කැවුම් අතිරස කැවුම් ලෙස නම්පට බැදි ඇත්තේය. මුංපිටි යොදා සාදනු ලබන කැවුම් මුංකැවුම්ය. මුං, අතිරහ, මුං අලුවා, මුංගුලි, මුංකැරලි, ආදි නම් වලින්ද මෙම කැවිලි වර්ග හැදින්වේ.

මාතර පළාතේ සව්බොරවා  නමින් හැඳින්වෙන් කැවිලි වර්ගයක් ඇති අතර  එම කැවිලි වර්ගය රත්නපුර පළාතේ හදුන්වනු ලබන්නේ  සව්බර නමිනි.

කැවුම් නිසා අපේ සිංහල බස්‌ වහරද පෝෂණය වී තිබේ. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” මේ එවැනි  වහරකි. සිංහලයා කොයිදේට අදක්‌ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය. එකල ගම්වල කොල්ලො කුරුට්‌ටෝ පවා අප්පුඩි ගසමින් “අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක්‌ දියත්තා “ යනුවෙන් කැවුම් ඉල්ලූහ.

කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්ව ඇත්තේය.  ඒ විතරක් නොව  සිනි, පොල්තෙල් ආදි  අමුද්‍රව්‍යවල මිල ඉහලයාම නිසා  මෙවර සිංහල අලුත් අවුරුද්දට කැවුම් ඉවිමද බරපතල ගැටලුවක් වූයේය.

 

Tags: නවතමවිශේෂ
Share80Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අලුත් අවුරුදු කෑම මේසයේ කැවිලි මිල දෙගුණයකින් වැඩි වෙලා…

Next Post

වන සතුන් ගැන විශේෂඥතාවයක් ඇති පශු වෛද්‍යවරයෙක් නෑ…  රිදියගම සෆාරි උද්‍යානය තවත් අනතුරක…

RelatedPosts

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….
පුවත්

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

සැප්තැම්බර් 21, 2023
සියවස් දෙකකට පෙර වැටුණු  “දළදා වැස්සේ”  ඇසින් දුටු සාක්ෂිය!
සංස්කෘතිය

සියවස් දෙකකට පෙර වැටුණු “දළදා වැස්සේ”  ඇසින් දුටු සාක්ෂිය!

අගෝස්තු 30, 2023
මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…
සමාජ

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

අගෝස්තු 19, 2023
Next Post
වන සතුන් ගැන විශේෂඥතාවයක් ඇති පශු වෛද්‍යවරයෙක් නෑ…  රිදියගම සෆාරි උද්‍යානය තවත් අනතුරක…

වන සතුන් ගැන විශේෂඥතාවයක් ඇති පශු වෛද්‍යවරයෙක් නෑ...  රිදියගම සෆාරි උද්‍යානය තවත් අනතුරක...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.