බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

සුභාවිත ගී කලාව වෙනුවෙන් කැපවුණු ලස්සන දොස්තර නෝනා

by editor
මැයි 30, 2020
in වින්දන
Share on FacebookShare on Twitter

අනුෂා රණසිංහ – 

තවමත් අපි ජීවත් වෙන්නෙ කෝවිඩ් 19 වෛරස් එකත් එක්ක. මේ නිසා ඉතාම කාර්‍යබහුල ඒ වගේම දිවා රෑ නොබලා කටයුතු කරන පිරිසක් තමයි සුව විරුවන් කියන්නෙ. මේ සුව විරුවන් අතරේ කලා ලොවේ දස්කම් පාන සුව විරුවන් ඉන්නවා. ඒ ඔවුන් සතු ගායන නර්තන රංගන හෝ වාදන හැකියාවන් එක්ක. මේ ඔබට සමීප කරන්නෙත් තමන්ගේ මියුරු හඩින් ගී ගයන විශේෂ වෛද්‍යවරියක් ගැන. ඇය නමින් ඊශ්මා සමරසිංහ.
අපි කුඩා කාලෙන් කතාව පටන් ගමු…
මගේ උපන් ගම කෑගල්ල . මට ඉන්නෙ අක්කා සහ නංගි. පාසල් ගියේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා නම්   දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. මේ වෙද්දී නම් අම්මයි තාත්තා යි ජීවතුන් අතර නැහැ. ඒ වගේම මගේ අක්කත් වෛද්‍යවරියක්. නංගි ඉන්ජිනේරුවරියක්.
සංගීතය හදාරලා තියෙනවා ද? 
ඔව් මම භාත්ඛණ්ඩ විභාගය පවා සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම දක්ෂතා දැක්වුවේ වාදන අංශයට. වාදන අංශයේ වයලීන් වාදනය වෙනුවෙන් ෆස්ට් ක්ලාස් එකක් තියෙන්නේ මට.
පාසලේදී තරග වලට එහෙම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ එහෙම ලබලා  ඇති…
ඔව්, සමුහ වාදන කණ්ඩායම් අංශයෙන් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. ඒ කාලේ අපේ පාසලේ සමූහ වාදන අංශය භාරව හිටියේ ජනප්‍රිය ගායක සහ වාදක ජයන්ත දිසානායක සර්. ඒ නිසාම අපිට පිට පිටම ජයග්‍රහණ රැයක් අත් කර ගන්න පුළුවන් වුණා. ඊට අමතරව පද්‍ය ගායනා තරග වලටත් සහභාගි වෙලා තියෙනවා.
ඉගෙනීමට බාධාවක් කියලා ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද ?
නැහැ. මම පාසලේදී අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් කරන අතරතුර ඉගෙනුම් කටයුතු හොඳින් කර ගත්ත. විශේෂයෙන්ම මගේ පාසලින් තමා මම ඒ කාලය කළමනාකරණය කියන දේ හරියටම ඉගෙන ගත්තේ. ඒ ලැබූ පන්නරය අදටත් ජීවිතේ ට ලොකු පිටිවහලක් වෙලා තියෙනවා. මොකද අද මම මේ ගත කරන කාර්‍යබහුල ජීවන රටාවට මම මානසික පීඩනයකින් තොරව මුහුණ දෙන්නෙ ඒ ලැබූ පන්නරය නිසා.
විශ්ව විද්‍යාලයේ දී සංගීතය මග හැරුණ ද?
මම ඇතුලත් වුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට. ඒ නිසා පාසලේ වගේ ලොකු කාලයක් වෙන් කර ගන්න බැරි වුණා. නමුත් යම් යම් අවස්ථා වලදී කලා කටයුතු වලට දායක වුණා.
අක්කා නංගි සංගීතය ට සම්බන්ධ වුණේ නැද්ද ? 
අක්කා ගොඩක් නිහඬ චරිතයක්. හබැයි එයාට ත් පියානෝ වාදනය සහ චිත්‍ර අදින්න පුළුවන්. නංගි නම් ගොඩක් දක්ෂ නර්තනයට.
ගීත ගායනයට එන්නෙ කොයි කාලෙද 
මගේ මුල්ම ගීතය නිර්මාණය වෙන්නෙ 2017 වසරේදී. ඒ කවියක්ය ඔබ ගීතය. ඒ ගීතය ලිව්වෙ මහාචාර්ය ජනරංජන හේරත් මහතා. සංගීතවත් කළේ විද්‍යා පීඨ ආදී විද්‍යාර්ථයෙකු වූ සරත් පීරිස්.
මේ වෙද්දී ගීත කීයක් කරලා තියෙනවා ද? 
නිකුත් කරලා තියෙන්නේ ගීත 14ක් 15ක් වගේ. හැබැයි තව ගීත කිහිපයක් කරලා තියෙනවා. තවම නිකුත් නොකරපු.
ඔබට ගීත නිර්මාණය කරන්න ශක්තියක් වෙන්නෙ කවුද? 
මගේ මහත්තයා තමා ගොඩක් උනන්දු වෙන්නෙ. ඒ වගේම එයාට හොඳ සංගීත රසවින්දන හැකියාවක් තියෙනවා. ඔහු තමා මට කියන්නෙ මේ ගීතය මේ කාලේ නිකුත් කරන්න වගේ දේවල් පවා. ඒ එක්කම මගේ ගීත බොහොමයක් සංගීතවත් කරන්නෙ දක්ෂ සංගීතවේදියෙකු වන අනුරාධ අබේසිංහ. අනුරාධ කියන්නෙ මගේ හස්බන්ඩ් ගෙ සමීපතම සහෝදරයෙක් වගේ මිතුරෙක්. ශශිකා නිසංසලා පලවෙනියා වුණු තුරුණු ශක්ති වේදිකාවේ තුන්වෙනි තැන හිමි වුණේ අනුරාධ අයියට. ඒ වගේම ඊට පසු අවුරුද්දේ සංගීත නිර්මාණ අංශයෙන් ප්‍රතම ස්ථානය ලබා ගත්තේ අනුරාධ අබේසිංහ අයියා. ඉතින් අනුරාධ අයියගේ උපරිම සහයෝගය මට ලැබෙනවා මේ ගීත නිර්මාණය කරද්දි පද පෙළ තෝරා ගැනීමට පවා.
ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න අදහස ක් නැද්ද? 
මම හිතන්නෙ ඒකට තව කාලය ක් සහ තව ගී නිර්මාණ කිහිපයක් එකතු වෙන්න ඕනේ කියලා. මොකද මිනිස්සු අතර මිමිනෙන ගීත කිහිපයක් කරලා ඊට පස්සෙ තමා ඒක පුද්ගල ප්‍රසංගයක් ගැන හිතන්න  වෙන්නෙ. මොකද නිර්මාණ කරද්දි අපි ගීත කරන්නම් වාලේ කරන්න බෑ. හොඳ ගුණාත්මක ගීත කරන්න ඕනේ. ඒ නිසා තව කාලය යාවි හොඳ ගීත එකතුවක් වෙන්න.
කොහොමද මේ කාලය වෘත්තීයමය වශයෙන් වෙහෙසකර කාලයක් ද? 
නැහැ මම කොහෙත්ම එහෙම හිතන්නෙ නැහැ. මොකද කාලෙන් කාලෙට එක එක රෝගාබාධ එනවා. ඒවාට අපි මුහුණ දෙන්න ඕනේ. මීට වඩා වෙහෙසුණු හුදකලා වුණු කාල තිබ්බා. ඒ නිසා මම හැමදෙයක්ම සුබවාදීව දකින කෙනෙක්. ඒ වගේම මම රැකියාවට අංක එකට තැන දීලා තියෙන්නේ. සංගීතයට කැමතියි ගායනයට කැමතියි. ඒ සියල්ල කරන්නෙ රැකියාවට බාධාවක් නොවෙන්න. ඒකට මට ලොකුම ශක්තිය මගේ හස්බන්ඩ් පද්ම රණසිංහ.
හස්බන්ඩ් මොනවාද කරන්නෙ
එයා ජලජ ජීවි අංශයේ පෞද්ගලික ව්‍යාපාරයක් කරන්නෙ. එයා කොහොමත් කෘෂි විද්‍යා පීඨයේ ඉගෙන ගත්ත කෙනෙක්.
ගායනයට යොමු වීමෙන් වාදනය මගහැරුණද?
ඇත්තටම ඔව්. වාදනය නම් යම් ආකාරයකට මග හැරිලා තියෙන්නේ. ගෙදර දී වාදනය කරන අවස්ථා තියෙනවා නමුත්  ගායනයට ප්‍රමුඛත්වය දීපු නිසා වාදනය අතපසු වීමක් වුණා. හැබැයි කැමැත්තෙන් ඉන්නව තව අලුත් වාදන භාණ්ඩයක් ඉගෙන ගන්නත්.
දැන් වෛද්‍ය වෘත්තීයේ මේ ගත වෙන්නෙ කී වෙනි අවුරුද්දද?
මේ 8 වෙනි අවුරුද්ද
දැන් සේවය කරන්නෙ රෝහල කුමක් ද?
කෑගල්ල මහ රෝහලේ විකිරණ වෛද්‍ය අංශයේ වැඩබලන විශේෂඥ වෛද්‍යවරිය ලෙස.
2018 දී තමා මම පශ්චාත් උපාධිය අවසන් කළේ. එතනින් පස්සෙ සීමාවාසික පුහුණු කාලයක් තියෙනවා අපිට ලංකාවෙ සහ විදෙස් රටක. ඒ නිසා විදෙස් ගත වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ කෝවිඩ් 19 නිසා එහි කටයුතු එහාට ගියා.
අවසාන වශයෙන් මොනවාද අනාගත බලාපොරොත්තු 
රැකියාවෙන් ඒ කියන්නෙ මේ වෛද්‍ය වෘත්තීය තුළ ළගා කර ගන්න ඉලක්ක කිහිපයක් තියෙනවා. ඊට  අමතරව ගායන පැත්තෙන් හොඳ නිර්මාණ එකතුවක් කරන්න තමා බලාපොරොත්තුව. විශේෂයෙන්ම මෙතනදී මම අනුරාධ අබේසිංහ අයියා ව මතක් කරන්න ඕනෙ. ඔහු සතු විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඒනිසා මට  හොඳ පදමාලාවන් තෝරා ගන්න සහ ඔහුගේ සංගීතය මුසුවූ හොඳ නිර්මාණ කිහිපයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share1840Tweet43
Previous Post

මරණය දැක දැක කුවේට් ශ්‍රී ලාංකිකයන් කියන කතාව

Next Post

එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.