බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මරණය දැක දැක කුවේට් ශ්‍රී ලාංකිකයන් කියන කතාව

by editor
මැයි 30, 2020
in සමාජ
ජාති ආගම් භේදයකින් තොරව රොටියකට පෝලිමේ ඉන්න කුවේට් හි විදේශික මිනිස්සු

ජාති ආගම් භේදයකින් තොරව රොටියකට පෝලිමේ ඉන්න කුවේට් හි විදේශික මිනිස්සු

Share on FacebookShare on Twitter

ජයලාල් බමුණුආරච්චි –

“කුවේට් වල ඉන්න අය මොකට ගෙන්වනවද? ඒ අය හින්දා තමයි දැන් ලෙඩ්ඩු වැඩි වෙන්වෙන්නේ“

ප්‍රවෘත්ති බලමින් සිටිදී ගෙදර අයෙකු පැවැසුවේ ආවේගයෙනි.

“ඒ මිනිස්සු කොහෙ යන්නද?“

දුරදිග ගිය කතාව අවසාන වූයේ දේශපානඥයන්ටද බැණ වැදිමෙනි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කොහොම වුණත් කුවෙට් හි සිටින ශ්‍රිලාංකිකයන්ගේ අසරණකමට පිහිට වන්නට මේ වන විටත් කිවෙක් සෘජුව ඉදිපත් වී නැතැයි එහි වෙසෙන බොහෝ දෙනෙකු පවසන්නේ කණගාටුවෙනි.

ගෑස් පෝලිම

“අපි මේ රටට අවේ කීයක් හරි හම්බ කරගන්න. මම ලංකාවෙන් ආවේ දෙදාහා වසරේ. ඉන් පස්සේ මෙහදි හමු වු ලංකාවේ එක්කෙනෙක් සමඟ විවාහ වුණා. විවාහයෙන් පස්සේ අපි දෙන්නාම මෙහෙ පදිංචියට ආවා. නිවෙසක් කුළියට අරගෙන තමයි ජීවත් වෙන්නේ. මෙහෙ ගෙවල් කුලිය වැඩියි. අපේ ගෙදර තවත් කිහිප දෙනෙකුට කාමර දුන්නා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා . එයාලා යන්නේ මෙහෙ ඉස්කෝල වලට. අපි කිසිම කරදරයක් නැතිව ජීවත් වුණා. එත් කොරොනා වයිරසය මේ රටේ පැතිරීමත් සමඟ අපේ ජීවිත අනිත් පැත්ත හැරුණා. දැන් අපට රස්සාවල් නැහැ. ටැක්සි නතර කෙරුවා. ඒ නිසා ටැක්සි වැඩ කරපු අයට කිසිම ආදායමක් නැහැ. අපි තාමත් අතේ ඉතිරි කරගෙන හිටපු දේ වියදම් කරගෙන කාලාබීලා ඉන්නවා. ගෙවල් අයිතිකාරයා කුලිය ඉල්ලනවා. ඒක දෙන්න අපට සල්ලි නැහැ. තාම නම් ඒ අය මුකුත් කිව්වේ නැහැ. අපි ඉන්නේ ගමක වගේ. අපි මේක ඇතුලේ කොටුවෙලා ඉන්නේ. කවදාවත් මෙහෙම දෙයකත් වේවි කියලා හිතුවේ නැහැ. ලංකාවට එන්න හැදුවත් අපිට අරන් එන්න දේකුත් නැහැ. මම මේ කියන්නේ මා ගැන විතරක් නෙමෙයි. මෙහෙ ඉන්න හුඟක් දෙනාට අද වෙලා තියෙන්නේ මෙහෙමයි. අපි ලංකාවේ රජයට අපිව ගෙන්න ගන්න කියලා බල කරන්නේ නැහැ. නමුත් මෙහෙ රජයෙන් අපිට ලැබෙන සහනයකුත් නැහැ. ලංකාවේ ගොඩක් අයට දැන් කොරෝනා බෝවෙලා. ඒ ඔක්කොටම වඩා අපේ හුඟක් අය අසරණ වෙලා තියෙන්නේ වෙනත් ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න විදිහක් නැතිව. “

ජෙනට් දුරකථනය ඔස්සේ කතා කරමින් පවසා සිටියේ හැඬු කඳුළිනි.

සහනාධාර පෝලිමක් මහල් නිවාසයක ජනේලයෙන් පෙනුණ අයුරු

මුළු රටේම ඇඳිරිනීත දැම්මේ ගිය මාසේ. කුවෙට් අයගේ ගෙවල් වල වැඩ කරන අයට නම් තාම ලොකු ප්‍රශ්නයක් නැහැ. එයාලට කන්න බොන්න ලැබෙනවා. දැන් කොටසක් ලංකාවට ආවා. ඒ ආවේ මෙහෙ අකාමා නැති පාස්පෝට් තියෙන අයගෙන් කොටසක්. තාවකාලික පාස්පෝර්ට් තියෙන අයට එන්න වුණේ නැහැ.  හැමෝම අසරණයි. කඳවුරු වලත් කොටසක් ඉන්නවා. කොරෝනා එන්න කලින් ලංකාවේ අය කොහොම හරි රස්සවා කරගෙන ජීවත් වුණා. මේ මිනිස්සු ලංකාවෙන් ඇවිල්ලා මෙහෙ හම්බ කරන මුදල් ලංකාවට යැව්වා මිසක් බොහෝ අය ළඟ ඉතිරි කරපු දෙයක් නැහැ. අකාමා එක නැති අයට රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න බැහැ. ඒ නිසා බොහෝ අය බෙහෙත් ගත්තේ ප්‍රයිවෙට් තැන්වලින්. දැන් ප්‍රයිවෙට් ඩිස්පැන්සරි වහලා දාලා. මේ නිසා අර මිනිස්සුන්ට රජයේ රෝහල්වලට යන්නත් බැහැ. බෙහෙත් ගන්න විදිහකුත් නැහැ. දියවැඩියාව, ප්‍රෙෂර්, හෘද රෝග ආදිය තියෙන අය බෙහෝම අසරණ වෙලා ඉන්නේ.

අප  දන්න ලංකාවේ අක්කා කෙනෙක් ඉන්නවා පිළිකා රෝගයෙන් පෙළෙන ඇයට ලංකාවට යන්න විදිහක් නැහැ. පසුගිය දවසක ලංකාවේ කෙනෙකු ගේ නෝනා මැරුණා. ඔහු බැඳලා හිටියේ ඉන්දුනීසියානු කාන්තාවක්. දරුවොත් ඉන්නවා. දරුවෝ තුන් දෙනා සමඟ ඔහු අසරණයි . අපි දන්න අය එකතු වෙලා රුපියල් හැත්තෑ දහසක් පමණ එකතු කරලා දුන්නා.

ලංකාවේ ගොඩක් අය සැලුන් කෙරුවේ. තවත් අය ටැක්සි ඩ්‍රැයිවර්ලා හැටියට වැඩ කළේ. මේ අයට තමයි මුලින්ම රස්සාව නැති වුණේ. දැන් බොහෝ අයට ගෙවල් කුලිය ගෙවා ගන්න බැහැ. ගෙවල් කුලිය ගෙවන්නේ නැති වුණාම විදුලිය කපනවා. වතුර කපනවා. රිග්ලා කියන ගමේ ඉන්නවා පවුල් දහයකට වඩා කොරෝනා වැළඳුන අය. අපිට විතරක් නෙමෙයි කෑම හිඟයි මෙහෙ අයටත්. හිටපු ගමන් සහන දෙන්න එන්වා. මිනිස්සු සහනාධාර අරගෙන එනවා කියලා දැන ගත්තාම වරු ගණන් පෝලිමේ ඉන්නවා. එත් මුල හරියට බෙදා දුන්නාම ඉවරයි. අවසානේ ඉන්න අයට මුක්ත් නැහැ. මෙහෙ රොටියක් තියෙනවා…. බොහෝම ලාබෙට එ්ක විකුණන්නේ. ඒ රොටිය ධනපතියනුත් කනවා. දුප්පත් අයත් කනවා. මේ රටේ රජයෙන් කවදාවත් ඒකේ ගාන වැඩි කරන්නේ නහැ. නමුත් දැන් එ්ක ගන්නත් මිනිස්සුන්ට පුදුම වදයක් විදින්න වෙලා තියෙන්නේ… මීටරයේ දුරින් ඉන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වාට මේ රටේදි කෑම පෝලිම් වල එහෙම ඉන්න බැහැ.“

කුවෙට් වල කාලයක් තිස්සේ ජීවත් වන සංජීව අද තමන් ඇතුළු ලාංකිකයන්  බොහෝ දෙනා කුවෙට්වල ගතකරන ජීවිත පිළිබද පැවැසුවේ එසේය.

කුවෙට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ක්‍රියා කිරිමේ අයිතිය ඇත්තේ කුවෙට් තානාපති කාර්යාලයටය. මේ වන විට ඔවුන්ද අසරණය. ඒ කුවෙට් හි අසරණ වූ  ශ්‍රී ලාකිකයන්ට හෙට දවසේදී කුමක් කරන්නේද යන්න පිළිබඳ පැහැදිළි තිරණයක් ගැනීමට නොහැකිවය.

“ මෙහෙ කොරෝනා රෝගීන් පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙලක් තියෙන බව අපට නම් දැනෙන්නේ නැහැ. රජයෙන් දැනුම් දී තියෙන්නේ පැරසිටමෝල් බොන්න . තමන්ගේ නිවසේ රැඳි සිටින්න කියලා. කුවේට් ඉඳලා ලංකාවට ගිය අයට රෝගය බෝ වුණේ ඔවුන් එක ගොඩේ රැඳිලා හිටපු නිසා . හැමෝම ඉන්නෙ එකම ප්‍රශ්නයක.  අපි ලංකාවේ රජයට බලකරන්නේ නැහැ අපිව ගෙන්වා ගන්න කියලා. අපිට මේ රටේ රජයට බලකරන්නත් බැහැ අපි වෙනුවෙන් දෙයක් කරන්න කියලා. මොකද මේ රටේ අය වෙනුවෙන්වත් ඒ රජයට පැහැදිලි වැඩ පිළිවෙලක් නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ මෙරට දුක් විඳින අපි හම්බ කරපු හැම සතයක්ම ලංකාවට එව්වා. අපි ලංකාවේ ආර් ථිකයේ ප්‍රබල කොටස් කරුවෝ. එහෙම හිටපු අපිට රට විරුවෝ කියලයි ඒ දවස්වල කවුරුත් කිව්වේ. එත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ දැන් අපිට ඇයි මිනිස්සු මේ විදිහට ගරහන්නේ. මැද පෙරදිග රටවල ඉන්නෙත් ලංකාවේ අය. කුවෙට්වල සවුදිවල ඉන්න අය ගෙන්වන්න එපා කියලා මොරහඬ දෙන්නේ නැතිව මෙහෙ හිරවෙලා අසරණ වෙලා ඉන්න ශ්‍රීලාංකිකයෝ ගැන මානුෂික විදිහට හිතන්න කියලා තමයි මම නම් කියන්නේ.

කුවෙට් වල වැඩ කරපු ලංකාවේ  අක්කා කෙනෙක්ව ඒ ගෙදරින් එළියට දාලා. එයා දැන් පේව්මන්ට් එකේ ඉන්නවා. තව අක්කා කෙනෙක් මෙහෙ රජාට බැන්නා කියලා ඊයේ පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා.එයා අසභ්‍ය වචනයෙන් සිංහලෙන් බැනලා තියෙන්නේ. මෙහෙ අය සිංහල දන්නේ නැහැනේ. මුහුණු පොතේ ෂෙයාර් වෙච්ච විඩියෝ එක කවුරු හරි රජයේ නිලධාරියෙක්ට පෙන්නලා එක කියලා දෙන්නැති. මිනිස්සුන්ගෙ පීඩනය එහෙම පිටවෙනවා. ඒත් ඒ කිසිම දෙයක් දිහා මේ රටේ කවුරුත් උපේක්ෂාවෙන් බලන්නෙ නෑ.“

කුවෙට් හි වෙසෙන ප්‍රියන්ත අද එහි ලාංකිකයන්ට අත් වී ඇති ඉරණම ගැන පැවැසු වේ එලෙසිනි.

ලෝකයම බිය වී සිටින කොවිඩ් 19 වෛරසය ඒ ඒ රටවල හෙට දවස තීරණය කරන්නේ පුදුමාකාර ලෙසය. ආර්ථික වශයෙන් මහත් අර්බුදයකට හෙට ලෝකයටම මුහුණ දීමට සිදුවනු ඇත. එවන් වතාවරණයක් යටතේ කුවෙට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හෙට දවස කෙසේ වේවිද?.  මොවුන් වෙනුවෙන් යම් ක්‍රමවත් වැඩ පිළිවෙක් ක්‍රියාත්මක වේ නම් මේ අවස්ථාවේ අසරණ වී සිටින කුවෙට් ශ්‍රී ලාංකිකයන්ට සහනයක් වනු ඇත.

 

 

Tags: නවතම
Share76Tweet43
Previous Post

සජිත් එක්ක ගිය අයගෙන් රනිල්ට එරෙහි විශ්වාසභංගයක්..

Next Post

සුභාවිත ගී කලාව වෙනුවෙන් කැපවුණු ලස්සන දොස්තර නෝනා

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.